Friday, July 29, 2011

පිස්සු පූසා


මම මේක හිත හිත හිටියේ දානවා කියලා ඒත් අමතක උනා.ඔන්න අද මතක් උන නිසා දැම්මා.හික් හික්.මේකේ පිස්සු පූසට හඩ කැවීම් කලේ පරක්‍රම පෙරේරා මාමා.මේකේ ඉංග්‍රිසි කාටූන් එකේ නම තමා Top Cat.ඒක සිංහල එක තරම් ගතියක් නැහැ කියලයි මට හිතෙන්නේ.මගේ ආසම චරිතේ පිස්සු පූසා.අප්පා ඒ කාලේ පුදුම පිස්සුවක් තිබ්බේ මේක බලන්න.මෙන්න මෙයාලා ඔයාලට මතකද???


පිස්සු පූසා එහෙමත් නැත්තම් පූස් ලොක්කා(මේ මම)
ඤාව්වා
උපාසක

මාලු කට්ටා
මී කතුරා
පුරු පුරු
සාජන්ට් මහත්තයා


සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මේ
ඤාව්
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ

තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා
ඤාව්
හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩින් බෙල්ල දමා
බොරු බේගල් ඇද දමලා සහචරයින් කරයි මුලා
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ
ඤාව්

අන් කුසගිනි නිවන නියා කට බලියන් ඉන්න එකා
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා
බිම පෙරලෙයි වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ//
ඤාව්

හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා
කොන්ද නවා දුන්න ලෙසා පහුරු ගායි පූසා
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ//
ඤාව් ඤාව් ඤාව්





ගී තනු :සෝමසිරි ඉලේසිංහ

නිපැයුම : අතුල රන්සිරිලාල්


මෙතනින් බා ගන්න....

11 ක් අදහස් දක්වන ලදී:

සංකල්ප said...

මම් ආසම කාටූන් වලින් එකක්. නියම කාටුන් එකක්.
බොරු විහිලු නෑ. ඇත්තටම බලලා හිනාවෙන්න පුලුවන්.

Anonymous said...

ආ පිස්සුව සනුවරේ අදුන්වලා තියන්නේ...
මන් අසාම ,
"පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ" කැමතිනම් තොප්පිය ඔයාට...හික්ස්

පිස්සු පුසා said...

@මධුරංග:අද කාලේ මේ වගේ කාටූන් නැති තරම්.අපි ඒ අතින් ගොඩක් වාසනා වන්තයි.දැන් යන්නේ මෝඩ විහිලු තියෙන ඒවනේ..

@අසනි:හිකිස්..නැතුව නැතුව.ගැන්සිය එක අදුන්වලා දෙන්න එපැයි.තැන්කිව් වේවා තොප්පියට....හික් හික් ලොල් ;) :D

සාතන් said...

මේ සෙට් එකගෙ ස්ටිකර් වලින් පොත් පිරිල තිබුන මතකයි... :)

Anonymous said...

මේ කාටූන් එක බාගන්න තැනක් නැද්ද?

පිස්සු පුසා said...

@සාතන් :ඔව් මාත් ඉස්සර ස්ටිකර් එකතු කලා කාටූන් වල

@නදීර :තියෙනවා මචන්.මට මේල් ඇඩ්‍රස් එක එවන්න.ටොරන්ට් ෆයිල් ටික මම එවන්නම්(sanchithadesilva@yahoo.com)

උදාර said...

ඇත්තටම අපේ පොඩි කාලේ බලන්න තිබුණ දේවල් දැන් ළමයින්ටත් බලන්න තිබුණ නම් කොච්චර වටිනවද...මේ ලිපිය බලද්දි මට නම් හිතෙන්නේ එහෙමයි..

සොඳුරු ආගන්තුකයා said...

පොඩි කාලෙ මමත් ආසාවෙන් බලපු කාටුන් එකක්.. ඒ කාලෙ ඉතිං දැං වගේ හවස 3 ඉදන් 6 විතර වෙනකල් බලන්න කාටුන් තිබ්බෙත් නෑ නෙ! මේ වගෙ සතියකට වතාවක් යන එකක් විතරයි තිබ්බෙ. මම නම් ආසම මේ පටන් ගනිද්දි යන සින්දුවට...........

චතුර.... said...

සුපිරියි.. කියන්න දෙයක් නෑ මේක ගැනනම්..

පිස්සු පුසා said...

@උදාර : ඇත්ත යාලුවා.ඒත් අවාසනාවකට මේවා දැන් පෙන්නන්නේ නැහැ නේ

@ආගන්තුකයා :ඒකනේ...සතියක පාරක් ගියත් ඉස්සර අපි මේවා කොච්චර ආසාවෙන් බැලුවද.ඒත් දැන්.....

@චතුර :ස්තූතියි සහෝ

Anonymous said...

lionchanu@gmail.com anee matath dapankooo machan ela ++rep ahhh

Post a Comment