Wednesday, July 13, 2011

මේ ‍ෆිල්ම් එක ඔබට තේරුම් ගැනීමට පුලුවන්ද?

අද උදේ මම නැගිට්ටේ 10ට විතර.හික් හික් හොදට නිදාගත්තා අද නම්.ලෙක්චර්ස් යන්නෙ weekend නිසා ගානක් නැහැ.හැමදාම මම නැගිටින්නේ 9ට විතර විශේෂ වැඩක් නැත්තම්.නැගිට්ට ගමන් හිතුනා ඇවටාර් ‍ෆිල්ම් එක අයෙත් බලන්න ඕනා කියලා.මටනම් ඒක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.‍ෆිල්ම් එකෙ ෆයිල් සයිස් එක 11GB.කට්ටියට හිතාගන්න පුලුවන්නේ කොලිටි එක.අප්පා කියල වැඩක් නැහැ.සුපිරි.ඒකයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නැත්තෙ.


මේ තියෙන්නෙ ඒක


අප්පා මොනවද මේ මම කියන්නේ.කියන්න ආපු දේ නෙමෙයි නේ.


ඉතින් මම දවසක් දැක්කා බයිස්කෝප් සිංහලෙන් සයිට් එකේ ඇවටාර් එකෙ සිංහල සබ්ටයිටල් එක තියෙනවා.බයිස්කෝප් එක ගැන කට්ටියට කියන්න ඕනා නැහනෙ.කට්ටියම දන්නවනෙ.මම ගොඩාක් වෙලාවට ‍ෆිල්ම් වලට සබ්ටයිටල් බාන්නෙ එතනින්.‍ෆිල්ම් එහෙමත් බානවා.දන්නෙ නැති කට්ටියට ඔන්න ලින්ක් එක.ඉතින් මම ඒකට ගිහින් එක බාන අතරෙ සිංහල සබ්ටයිටල් කියන කැටගරි එක යටතේ Memento(2000) කියල ‍ෆිල්ම් එකක් තියෙනව.මම එකෙ විස්තර ටිකක් එක කිලික් කරල බැලුවා.බැලින්නම් ඒක Christopher Nolan ගේ ‍ෆිල්ම් එකක්.ඔයාල එයා ගැන දන්නවත් ඇති.එයා තමා Inception, The Prestige වගේ පැටලැවෙන ‍ෆිල්ම් කරේ.




මමත් ඉතින් ඔහේ ඒක බාන්න දැම්මා.සිංහල සබ්ටයිටල් එකත් එහෙම්ම බාගත්තා.


ඔන්න හවස 4ට විතර ‍ෆිල්ම් එක බාල ඉවර උනා.හරි දැන් බලන්න ගත්තා.බලලා ඉවර වෙනකොට මටත් ගජිනි ‍ෆිල්ම් එකේ වගෙ ශොර්ට් term memory ලොස් එකක් උනා.හිතා ගන්න බැ මොකක්ද ‍ෆිල්ම් එකේ උනේ කියල.ඔයාලත් මේක බාගෙන බලන්න.බලපු අයත් ඇතිනෙ.මේක එක පාරින් බලලා තේරිච්ච කෙනෙක් ඉන්නවනම් කියන්න.එහෙම කෙනෙක් ඉන්නවනම් ඔහු ඉතාමත් සූක්ශම විදියට බලන කෙනෙක් වෙන්න ඕනා.බලලා තෙරෙන්නේ නැති කෙනෙක්ට මෙතනින් අදහසක් ගන්න පුලුවන් ‍ෆිල්ම් එක ගැන.


ඇත්තම කියනවනම් මේ ‍ෆිල්ම් එක කොටස් කොටස් වශයෙන් තමා යන්නෙ.මුල ඉදන් අගට බැලුවොත් තමා තේරෙන්නේ.මම ඒක දැනගත්තෙ කොමෙන්ට් වලින්.කට්ටියට මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද???‍ෆිල්ම් එකක් අග ඉදන් මුලට බලන ක්‍රමයක් මට කියනවද??සොෆ්ට්වෙයාර් කෑල්ලක් එහෙම.එක මට කරන ලොකු උදව්වක්.මොකද මම දැන් මේක දෙවැනි පාරටත් බැලුවා.තාම තෙරුනේ නැහැ :(

4 ක් අදහස් දක්වන ලදී:

Unknown said...

හිකි මමනම් එක පාරයි බැලුවේ........තේරුනා වගේ..
රස්සාවට වගේ ෆිල්ම් බලන හන්දා තේරෙන්න ඇත්තෙ...
මම කියන්නද වැඩෙ නව්ත්ත නවත්ත ආපහු ඇද් ඇද් බලන්න :D

පිස්සු පුසා said...

හික් හික් මගෙත් රස්සව එක උනාට මට තෙරුනේ නැහැනෙ සහෝ :(

ෂා ගුඩ් අයිඩියා සහෝ :P

බොහෝම ස්තූතියි කොමෙන්‍ටුවට :)

Anonymous said...

Aluthen molayak hai kara ganain ethakota therey. Thiyena eken nam kochchara baluwath wadak ne.

පිස්සු පුසා said...

ඒක තමා බන් මාත් මේ කල්පනා කොලේ..හොද වෙලාවට උබ කිව්වෙ :P

Post a Comment