Monday, December 19, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිටසක්වල ජීවීන්(Aliens) 3



"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."


විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන්,පුරාණ ඊජිප්තුව,ගීසාහි මහා පිරමීඩය,පිටසක්වල සමග පැවති අතීත සම්බන්ධතා,පිටසක්වල,ආගම හා විශ්වය ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.


යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
දිය කිදුරියන්
පුරාණ ඊජිප්තුව
ගීසාහි මහා පිරමීඩය 1 කොටස
ගීසාහි මහා පිරමීඩය 2 කොටස
පිටසක්වල ජීවීන් සහ අතීතය
පිටසක්වල,ආගම හා විශ්වය

මෙම පිටසක්වල ජීවීන් යටතේ අවසාන වශයෙන් මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම පිටසක්වල ජීවීන් දු‍ටු අවස්ථා,පිටසක්වල ජීවීන් පැමිනෙනවා යැයි කියැවෙන පියාබන පීරිසි දු‍ටු අවස්ථා ගැනයි.


පියාබන පීරිසි හෙවත් හදුනා නොගත් පියාබන වස්තූන් (UFO)


 Unidentified Flying Object  හෙවත් පියබන පීරිසි පිලිබද කතාව මුල්ම වරට ඉදිරිපත් වන්නේ 1947 ජූනි 24 වැනි දින කෙනත් ආනෝල්ඩ්(Kenneth Arnold) නැමැති පුද්ගලයෙකු විසිනි.ධනවත් ව්‍යාපාරිකයෙකු වූ කෙනත් තම පෞද්ගලික ගුවන් යානයෙන් සියැටෙල් නගරයේ සිට අඩානෝ වෙත ගමන් කරමින් සිටි අතරතුර රේනර් කදුවැටිය අසලදී එකවරම ඉතා දීප්තිමත් ආලෝකයක් පැතිර යන අයුරු දු‍ටුවේය.


කෙනත් ආනෝල්ඩ්
ඔහු ඒ දෙස බැලූ විට ඔහුගේ ඇස් නිලංකාර විය.එක වරම රේනර් කදුවැටිය අසලින් රවුම් හැඩයේ යානා 9ක් V අකුර හැඩයට ගමන් කරමින් තිබූ බව ඔහු දු‍ටුවේය.මෙම යානා සැතපුම් 5ක ප්‍රදේශයක් පුරා විහිදී තිබූ අතර තම යානය හා එම යානා අතර පරතරය සැතපුම් 20ක් හෝ 25ක් බවට ඔහු ප්‍රකාශ කර ඇත.




කෙනත් ආනෝල්ඩ් තමා දු‍ටු දෙය
කොලයක සටහන් කර තිබූ අයුරු


මෙම යානා කිසිම ශබ්දයක් හෝ දුමක් පිට නොකල බවට හෙතම පවසයි.ඒ වගේම සිතාගැනීමට නොහැකි වේගයෙන් ඒවා ගමන් කර ඇත.තම දැනීම අනුව එම යානා පැයට කිලෝමීටර 2500කට වඩා වේගයෙන් ගමන් කරන්නට ඇතැයි විශ්වාස කරයි.ඒවා ඉතා ඉක්මනින් අතුරුදහන් වී ඇත.ඔහු මෙම තමාගේ අමුතු අත්දැකීම පුවත් පත් වලට විස්තර කල පසු පියාබන පීරීසි ලෙස එම මාධ්‍යවේදීන් හදුන්වන ලදී.මෙලෙස පියාබන පීරීසි ලෙස ප්‍රසිද්ධ වූ මේ යානා පිලිබද බෝහෝ පරීක්ෂන මෙතැන් සිට ඇරබුනි.


එම වාර්තාව පිලිබද වැඩි විස්තර මෙතනින්.


ඇමරිකාවේ රෝස්වෙල්(Roswell)


1947 යනු පියාබන පීරීසි පිලිබද අභිරහස් ‍රැසක් සිදු වූ වර්ශයයි.1947 දී කෙනත් පියාබන පීරිසි 9ක් දැකීමෙන් අනතුරුව ලෝකයා මවිත කල සිදු වීමක් මෙක්සිකෝවේ රෝස්වෙල් හී සිදුවිය.රොස්වෙල් නගරයේ අමුතුම ආකාරයේ දේශගුනයක් හා පරිසරයක් පවතී.බෝහෝ දැනා රොස්වෙල් හදුන්වන්නේ පිටසක්වල ජීවීන් තම නිවාඩුව ගතකිරීම සදහා පැමිනෙන ප්‍රදේශයක් නිසයි.


1947 ජූලි 8වෙනි දින විශාල පිපිරීමක් සමග ඉතා දීප්තිමත් යානයක් මෙම ප්‍රදේශයේ කාන්තාරයට කඩා වැ‍ටුනි.ගම්වාසීන් මෙය පරීක්ෂා කල පසු දක්නට ලැබුනේඑම කාන්තාර ප්‍රදේශය පුරාම විසිරී ගිය ලෝහ කැබලි හා සුන්බුන් රාශියකි.


මෙම ප්‍රදේශය බාර ශෙරිෆ් වරයා මෙම සිද්ධිය ගුවන් හමුදා කදවුරට දැනුම් දීමෙන් පසු එම කදවුරෙන් කණ්ඩායමක් මෙම ප්‍රදේශය වෙත පිටත් විය.මෙසේ එම ප්‍රදේශයට ගිය ගුවන් හමුදාවේ නිලධාරියෙකු විසින් මෙම ප්‍රදේශය පුරා විරිසී තුබූ ලෝහ කැබලි විශාල ප්‍රමානයක් සොයා ගන්නා ලදී.මෙම ලෝහ කැබලි ඊයම් කොලයක් මෙන් සියුම් වූ අතර ඉතා සැහැල්ලු හා ශක්තිමත් විය.එම ලෝහ කැබලි කැඩීමට පවා අපහසු වී ඇත.


එම නිලධාරීන් තවත් විශ්මය දනවන දෙයක් සොයා ගන්න ලදී.ඒ කාන්තාරයේ නිම්නයක ගිලී තිබූ පිරිසියක හැඩය ගත් යානාවක් හා මෙතෙක් පෘතුවියේ දක්නට නොලැබූ අමුතුම ආකාරයේ ජීවීන් 4දෙනෙකුගේ මල සිරුරුය.
රොස්වෙල් සිදුවීම පුවත්පත් වාර්ථා කර තිබූ අයුරු
මෙය ලෝකයාගෙන් වසන් කිරීමට හමුදා නිලදාරීන් එම ප්‍රදේශය තහනම් කලාපයක් බවට පත් කරදැඩි ආරක්ෂාවක් යෙදවීය.පසුදින යන මාධයවේදීන්ට දැක ගැනීමට හැකිවූයේ එම ප්‍රදේශය පුරා විසිරී තිබූ ලෝහ කැබලි ඉවත් කර විශාල කාලගුන බැලූනයක සුන්බුන්ය.එමෙන්ම  පසුදින පුවත් පත්වල මෙය ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස සදහන් කර තිබුනේ එම ප්‍රදේශයට කඩා වැ‍ටුනේ විශාල කාලගුන බැලූනයක් බවය.


මාරු කරන ලදයි කියන බැලූනයේ
කොටස් පරීක්ෂා කරන අයුරු
මෙම රොස්වෙල් ප්‍රදේශයට කඩාවැ‍ටුනු සුන්බුන් ප්‍රථම වරට පරීක්ෂන කල මේජර් ජෙසී මාෂල් ප්‍රකාශකර සිටියේ තමා හමුදාවට භාරදුන් ලෝහ කැබලි කවුරුන්හෝ මාරු කර කාලගුන බැලූනයක කොටස් මාධ්‍ය වේදීන්ට පෙන්වා ඇති බවයි.එමෙන්ම කාන්තාරයේ වැටී තිබූ අනෙක් යානාව හා එම ජීවීන්ගේ මල සිරුරුද අතුරුදහන් වී තිබුනි.විශාල හිසක් හා ඉතා කෙට්‍ටු සිරුරක් තිබූ මෙම ජීවීන්ට සිදු වූ දෙය අදටත් අභිරහසකි.ඇමෙරිකානු ගුවන් හමුදාව මෙම යානාව හා සිරුරු ඉතා රහසිගතව ඉවත් කර ඒ පිලිබද සලකුනු වසන් කර ඇතැයි බොහෝ දෙනා පවසති.


එමෙන්ම එම සිරුරු රොස්වෙල් හී රහසිගත ඉතා නවීන පරීක්ෂනාගාරයක් තුල පරීක්ෂනයට ලක්වී ඇති බව බොහෝ ඇමෙරිකානුවෝ විශ්වාස කරති.මෙම හදුනා නොගත් පියාබන වස්තූන් පිලිබද ප්‍රසිද්ධ කෞතුකාගාරයක් ද රොස්වෙල් හී පිහිටා ඇත.


රොස්වෙල් සිදුවීම පිලිබද සම්පූර්ණ විස්තරය මෙතනින්.


කෙසේ වෙතත් මෙම සිදුවීම යලිත් කතාබහට ලක් වූයේ 1995දී මෙම රොස්වෙල් ප්‍රදේශයට කඩාවැ‍ටුනු පියාබන පීරිසියේ සිටි ජීවීන්ව විද්්‍යාඥාඥයන් විසින් පරීක්ෂා කරන ලබන වීඩියෝ පටයක් නිසාය.ඒ 1947 වසරේ ජැක්බාන්ට් නම් යුධ හමුදා කැමරා ශිල්පියා විසින් මෙම අභිරහස් ජීවියෙකුගේ මල සිරුරු කපන අයුරු රූපගත කල තිබූ වීඩියෝ පටයයි.



මෙම රූපගත කල වීඩියෝ පටය ඔහු වොශින්ටනයේ හමුදා මූලස්ථානයට යැවූ අතර ඒ වීඩියෝවේ පිටපතක් ඔහු ලග තිබුනි.හමුදා සේවයේ සිටි ඔහු එම පිටපත ඉතා රහසිගතව තබා ගන්න ලදී.කාලය ගතවී ඔහුට එප අමතක විය.


නමුත් වෘත්තීය චිත්‍රපටි නිෂ්පාදකයෙකු වන රේ ස්ටැන්ලිට මෙම වීඩියෝව අහම්බෙන් හමු වූයේ බානට් විශ්‍රාමික යුධ හමුදා කැමරා ශිල්පියාගේ ලග තිබියදීය.ඔහු එය නැරඹීමෙන් පුදුමයට පත් වූ අතර එය 1995දී මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.




මෙම වීඩියෝවේ දක්නට ලැබුනේ කුමක්ද..??

අත්වැසුම් හා හිස් ආවරණ දමාගත් ශරීරය ආවරණය කර ගත් වෛද්‍යවරුන් 3දෙනෙක් මලසිරුරක් පරීක්ෂාකරමින් සිටි අතර මලසිරුර අමුතුම ජීවියෙකුගේ එකක් විය.


මලසිරුරේ හිස විශාල වූ අතර ශරීරයේ රෝම කිසිවක් දක්නට නොලැබිනි.අඩි හතරක් පමන උස මෙම ජීවියාගේ ඇස් ඉතා විශාල වූ අතර නාසය ඉතා කුඩා එකක් විය.මිනිසෙකුගේ මෙන් ඇස් කන් නාසය ඒ තැන්වලම පිහිටා තිබිනි.පාදයේ හා අතෙහි ඇගිලි 6 බැගින් විය.අතෙහි වැලමිටින් ඉහල කොටසට වඩා පහල කොටස දික් විය.


මලසිරුරේ විශාල ඇස් හා කටද විවෘතව තිබූ අතර කලවයේ විශාල ගැඹුරු තුවාලයක්ද විය.මෙය වෛද්‍ය වරුන් ඉතා පරිසමින් කොටසින් කොටස පරීක්ෂා කරන අයුරු වීඩියෝවේ දිස් විය.



සමහරෙකු මෙය ව්‍යාජ වීඩියෝවක් ලෙස තර්ක කර ඇති අතර ඔප්පු කිරීමට සාධක නොමැති විය.ඒ
  1. මේ විඩියෝව සත්්‍ය ලෙසම 1947 වීඩියෝ ගත කල එකක් බවට ඔප්පු වීම.
  2. මෙම පරීක්ෂන කුටියේ ඇති සියලුම උපකරණ(ඔරලෝසුව පවා) 1947දී තුබූ ඒවා වීම
  3. සුප්‍රසිද්ධ ජුරාසික් පාක් හී ඩයිනෝසරයන් සෑදූ ස්ටෑන් වින්සන් මහතාද මෙම ජීවියාගේ සිරුර නිර්මාණය කල එකක් බවට පිලි නොගැනීම.
මෙවැනි දෙයක් සිදුවිය හැකිද..??මෙය විශ්වාස කල හැකිද යන්න ඔබට දැන් සිතෙනවා ඇති.මෙහි සත්‍ය තාව දන්නේ ජැක් බානට් හා රේ ස්ටැන්ලිම පමණි.


මෙම ජීවියා ජාන විකෘති වූවෙකුගේ සිරුරක් යැයු තව සමහරු පවසයි.නමුත් මෙහි සිදුවූ දෙය දන්නේ කලින් පැවසූ කැමරා ශිල්පියා හා මලසිරුර කපා පරීක්ෂනයට ලක් කල වෛද්‍ය වරුන් පමනි.


තවද පියාබන පිරිසි දු‍ටු බවට ගගනගාමින්ද පවසා ඇත.


ගෝඩන් කූපර්
ගෝඩන් කූපර්(Gordon Cooper) නැමැති පලපුරුදු ගගන ගාමියා තම යානය අසලදී අභිරහස් යානයක් දු‍ටු බවට වාර්ථා කලෙය.එම යානාව තමන්ට සිතා ගැනීමටත් බැරි වේගයකින් ඉහලට ගමන් කල බව ඔහු පවසා සිටියේය.එය මෙලොව පවතින යානාවක් නොවන බව දැඩි සේ ඔහු කීය.තවද ඔහු ගුවන් හමුදා කදවුර ව්‍යාපෘතියකට සහභාගීව සිටියදී එම කදවුර අසලට පැමිනි අභිරහස් යානයක් ඡායාරූප ගත කර ගන්නා ලදී.


මෙම අභිරහස් යානා දු‍ටු අය ගැන කෙටි සටහනක් මෙතනින්.

පියාබන පීරිසි දු‍ටු බව සැලකෙන වාර්ථා....


මෙක්සිකෝව


මෙක්සිකෝව ලෝකයේ වැඩිම පියාබන පීරිසි දු‍ටු බවට වාර්තා වී ඇති ප්‍රදේශයයි.විශේෂයෙන් මෙම ප්‍රදේශය වැදගත් වන්නේ ඓතිහාසික වටිනාකම නිසාය.එපැරනි මායා ශිෂ්ථාචාරයද පැවති භූමිය වන්නේ මෙක්සිකෝවයි.මෙම ශිෂ්ථාචාර හා අභයවකාශය අතර ඉතා පුදුමාකාර සම්බන්ධයක් පැවතුනි.සූර්යා හා සද වෙනුවෙන් ඔවුන් විශාල පිරමීඩ තැනූ අතර  ඉහල අහස නිරික්ෂනය කිරීමට ගොඩනැගිලි සෑදූහ.


මෙම අභයවකාශ නිරීක්ෂනාගර වල තිබුනේ කුමන තාක්ශනයක් දැයි අදටත් සොයාගත නොහැවී තිබේ.මෙම පියාබන පීරිසි වැඩි වශයෙන් දක්න ලැබෙන්නේ මායා ශිෂ්ථාචාර නටබුන් ඇති ප්‍රදේශ වලයි.මෙක්සිකානු වැසියන් පවසන්නේ ඉපැරනි මායා වරුන් හා පිටසක්වල ජීවීන් අතර සම්බන්ධතා  පැවැත්වූ බවත් මෙසේ වර්තමානයේ ඔවුන් පැමිනෙන්නේ එම සම්බන්ධතාවය නිසා බවත්ය.


තවද මෙවැනිම සිදුවීම් රුසියාවේන්,ඕස්ට්‍රේලියාවෙන් හා ශ්‍රී ලංකාවෙන්ද වාර්ථා වීඇත.ශ්‍රී ලංකාවේ පොලොන්නරුව, පූනෑව,කහටගස්දිගිලිය, බණ්ඩාරවෙල, දියතලාව, අවිස්සාවේල්ල, යන ප්‍රදේශ වලින් වාර්ථා වී ඇත.



මෙසේ ඡායාරූප ගත කරන ලද පියාබන පීරීසි පිලිබද ඡායා රූප විශාල ප්‍රමාණයක් මේ වනකොට ඇත.මෙවා විස්වාස කිරීමට ඇතෙමෙක් පෙලඹී සිටින අතර අනෙක් අය සදහන් කරන්නේ මේවා ව්‍යාජ ඒවා යන්නයි.


තවද එම රූප අහසේ ඇති වූ මිරිගු,උල්කාපාත වැටීම්,රොකට් වලින් ඇති වූ දුම්,අකුණු මගින් ඇති වූ ගිනි ගුලි,විශාල කුරුලු රංචු වැනි හේතු නිසා පියාබන පීරිසි යනුවෙන්  වැරදි ලෙස වටහා ගත් ඒවා බවට තව සමහරෙක් ප්‍රකාශ කරයි.තව සමහරෙකු මෙම Lenticular cloud නැමැති වලාකුලු වර්ගය පියාබන පීරිසි ලෙස ‍රැවටී ඇති බවද කියයි.


ඒරියා 51 ප්‍රදේශයේ සිදුවන්නේ කුමක්ද...??



මෙය ඔබත් මටත් මෙන්ම ඇමෙරිකානු වැසියන්ටද අභිරහසකි. මෙම ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර සිට කිලෝමීටර 200ක් පමණ වයඹ දෙසට ගමන් කලවිට හමුවන නොවාඩා(Nevada) කාන්තාර ප්‍රදේශය තුලයි.මෙම ප්‍රදේශය අනවසරයෙන් කිසිවෙකුටත් ඇතුල් විය නොහැක.එසේ ඇතුලු වුවහොත්  එම පුද්ගලයාට සිදුවන්නේ සිර දඩුවම් හා දඩ වලට යටත් වීමයි.මෙසේ දැඩි ආරක්ෂක ‍රැකවල් යොදා මේ ප්‍රදේශයේ සිදුකරන්නේ කුමක්දැයි සෙවීමට බොහෝ දෙනා උත්සහ දරයි.


මෙම ප්‍රදේශය පිටසක්වල හා සම්බන්ධතා පවත්වන බවට සලකන්නේ හිටි හැටියේ මේ ප්‍රදේශයට පැමිනෙන  රවුම් හැඩැති විශේෂ යානා විදුලි වේගයෙන් පහත් වී එම වේගයෙන්ම ඉහල අහසට ඇදී යන නිසාය.තවද මේ ප්‍රදේශයේ පිහිටා ඇති පරීක්ෂනාගර තුල පිරිසි හැඩැති ගුවන් යානා නිපදවන බවත් ඒවා සෑදීමට පිටසක්වල සහය ලබා ගන්නා බවත් විශ්වාස කරයි.



මෙම ප්‍රදේශයේ සිදුවන දේ වසන් කිරීමට හැකි වුවද එහි සේවය කල විද්්‍යාඥයෙකු වන Bob Lazar විසින් මාධ්‍යට හෙලිකිරීම මගින් මෙම ඒරියා 51 ගැන කතා බහ උනුසුම් විය.



ඔහු 1988 විශේෂ කොන්ත්‍රාත්තුවක් අනුව මෙම ප්‍රදේශයේ පර්යේෂණාගාරයක් තුල වැඩ කිරීමට සිදු විය.මෙම පර්යේෂණාගාරය නොවාඩා කාන්තාරය මැද තිබූ විශාල විල වන Groom Lake අසල පිහිටා තිබූ අති සූක්ෂම අයුරින් ගොඩනැගූ වක් විය.මෙම පරීක්ෂණාගරය කන්දක් හාරා ඉහලට නොපෙනෙන පරිදි ගොඩනගා තිබූ බවට ඔහු සදහන් කරයි.



ලසාර් සේවය කලේ එම පරීක්ෂණාගරයේ පොලව යට තනා තිබූ කොටසකයි.ඔහු එම පරීක්ෂනාගරයට ගිය පලමුවරට දු‍ටුවේ එහි අති නවීන යන්ත්‍රෝපකරණ වලින් සමන්විත වී තිබූ බවයි.ඒවා ඔහු මෙතෙක් දැක නොතිබූ ඒවා විය.


කෙසේවෙතත් එක් දිනක ඔහුට විශේෂිත යානාවක් පරීක්ශා කිරීමට සිදුවිය.එය දු‍ටු ඔහු පුදුමයට පත් වූ අතර එය පීරිසියක හැඩය ගත් විශේෂ යානාවක් විය.එය ඉතා සිනිදු ශක්තිමත් ලෝහයකින් තනා තිබූ අතර එය තනි නිපදවීමක් විය.කොටස් බද්ධ කිරීමක් හෝ ඇන ගැසීමක් දක්නට නොවීය.


යානය මැද කුඩා ආසන දෙකක් දක්නට ලැබුනු අතර එහි ඇති අනෙකුත් උපකරණ ඔහු මෙතෙක් දැක නොතිබූ ඒවා විය.මෙම යානා පිලිබද පරීක්ශණ කිරීමේදී මෙම තාක්ෂනය මෙලෝව බිහි වූ එකක් නොවන බව පැහැදිලිවිය.


තවත් දිනකදී ඔහුට අහම්බෙන් හමුවූ ලිපි ගොනුවක තිබූ දෑ කියවීමෙන් ඔහු පුදුමයට පත් විය.එහි තිබුනේ මෙම තාක්ෂනයට හිමි කරුවන් වන්නේ පිටසක්වල ජීවීන් යනුවෙනි.තවද එම ජීවීන්ගේ ඡායාරූපද එහි තිබිනි.එම ජීවීන් මෙලොවට පැමින ඇත්තේ 1979දී බවත් අපගේ සෞරග්‍රහ මන්ඩලයට ආලෝක වර්ශ දහස් ගනනකින් ඈත සිට මෙම ජීවීන් පැමිනි බවත් එහි සදහන් වූ බව ඔහු කියයි.


කෙසේ වෙතත් ඔහු සේවය නිමවී පැමිණ ජනමාධ්‍ය වෙත හෙලි කලේය.මුලදී මෙය පිලිබද ඇමෙරිකානු රජය කිසිවක් නොකී අතර මොහු සමග පැවැත්වූ  මාධ්‍ය සාකඡ්ඡා වලට බධා කිරීම නිසා මහජන සැකය තවත් වැඩි විය.කෙසේ වෙතත්මොහුව අන්තිමේදී ඇමෙරිකානු රජය විසින් අත්තඩංගුවට ගන්නා ලදී


මේවා වල සත්්‍ය අසත්්‍ය තාව කුමක් වුවත් අතහැර දැමිය නොහැකි තරම් දෑ මේ අභිරහස් ජීවීන් පිලිබද කරුණු ඇති බව ඔබට දැන් වැටහෙනවා ඇත.



හදුනා නොගත් පියාබන වස්තුවක් ඔබ දු‍ටුවහොත් හඳුනා නොගත් පියාසර වස්තු පරීක්ෂකයන්ගේ සංගමයෙන් හඳුන්වා දුන් පිරවීම් පත්‍රිකාවක් ඇත.එය මෙතනින් ලබා ගන්න..



එම අවස්ථාවේදී ඔබ 


1)ඔබ දුටු දේ තහවුරු කර ගැනීමට තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සොයාගන්න.
2)හැකි නම් ඡායාරූපයක් ගැනීමට හෝ වීඩියෝ ගත කිරීමට උත්සාහ ගන්න.
3)ඔබ විසින් නිරීක්ෂණය කරන ලද වස්තුව හා අවට පරිසරය සංසංදනය කර එහි විශාලත්වය,වේගය ආදිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න.
4)හැකිනම් එම මොහොතේම දුටු දේ ලියා එහි ගමන් මාර්ගය ආදී දේ පිළිබඳව සිතියමක් අඳින්න.
5)හැකි ඉක්මනින් පොලීසියට,ගුවන් හමුදාවට හෝ හඳුනා නොගත් පියාසර වස්තු පරීක්ෂකයන්ට සිද්ධිය ගැන දැනුම් දෙන්න.


මම හිතනවා ඔබට මේ ලිපියෙන් යන් දැනුමක් එකතු වෙන්න ඇතියි කියා.මෙය පිලිබද උනන්දුවක් දක්වන්නන් හට ජේ.ආර්. සමන් මංජුල මහතාගේ 'පිටසක්වල ජීවය' නැමැති පොත උදව් වේයැයි මම සිතමි.

තවද හිස්ට්‍රි නාලිකාවේ පෙන්වන Ancient Aliens යනු මේ පිලිබද නිපදවෙන කතා මාලාවකි.(දැනට සීසන් 3 යමින් පවතී.සීසන් 1,2,3 Complete ටොරන්ට් ෆයිල් එකක් මෙතනින් (12GB))

ක්සැන්ඩර්ගේ කෝලමේද මේ පිලිබද අපූරු ලිපි  ඇත.එම ලිපිපෙලට මෙතනින්.

මෙම පියාබන පීරිසි පිලිබද වැඩි විස්තර මෙතනින්.

පියාබන පීරිසි පිලිබද රූප එකතුවක් මෙතනින්.

පලි : මෙහි ඇති කරුනු ජේ.ආර්. සමන් මංජුල මහතාගේ 'පිටසක්වල ජීවය' නැමැති පොතෙනි.අපි ඊලග ලිපියේ ස්ටෝන්හෙන්ජ් ගැන කතා කරමු.

Friday, December 9, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිටසක්වල ජීවීන්(Aliens) 2


"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."


විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන්,පුරාණ ඊජිප්තුව,ගීසාහි මහා පිරමීඩය,පිටසක්වල සමග පැවති අතීත සම්බන්ධතා  ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.


යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
දිය කිදුරියන්
පුරාණ ඊජිප්තුව
ගීසාහි මහා පිරමීඩය 1 කොටස
ගීසාහි මහා පිරමීඩය 2 කොටස
පිටසක්වල ජීවීන් සහ අතීතය

අපි පසුගිය ලිපියේ පිටසක්වල ජීවීන් හා බැදුනු අතීතය ගැන කතා කලා.අතීතයේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන් ඒ රූප සටහන් සිතුවිල්ලකට අනුව නිර්මාණය කලා කියලා කියන්න බෑ.මොකද ඒ සිතුවම් එක් තැනකින් විතරක් නෙමේ ලෝකේ හැම තැනින්ම මේවා හම්බවෙලා තියෙන නිසා.

අපි අදහන ආගම් වලත් මේ පිටසක්වල හා සම්බන්ද දේවල් තියෙනවා.අපි මේ දේවල් එතරම් තැකීමකින් සොයා බලන්නේ නැති නිසා අපිට ඒ ආගම් වල සදහන් වන දේවල් මග හැරෙනවා.


ලෝකය මැව්වේ කවුද..??




බෞද්ධයන් හට නම් මෙම පිටසක්වල ගැන අලුත් දෙයක් නොවේ.එසේ වන්නේ බණ කතා වලදී බ්‍රහ්මලෝක,දිව්‍ය ලෝක ගැන හා දෙවියන්,බඹුන්,භූතයන් ගැනත් කියවෙන නිසාය.බෞද්ධ ඉගැන්වීම් වලට අනුව පෘතුවියට ජීවය ආවේ වෙනත් ග්‍රහලෝකයන ඉදන් කියලා අග්ගඤ්‌ඤ සූත්‍රයේ සදහන් වෙනවා.


එමෙන්ම අප ගෞතම බුදුරජානන් වහන්සේ විශ්වය පිලිබද වගේම විශ්වයේ තිබෙන ලෝක පිලිබදව දේශනා කර ඇත.එසේ බුදු දහමට අනුව කරුණු දක්වා තියෙන මූලාශ්‍ර කිහිපයක්
  • අංගුත්තර නිකායේ තිකනිපාතයේ ආනන්දවග්ගයේ චූලනිකා සූත්‍රය
  • දීඝ නිකායේ අග්ගඤ්‌ඤ සූත්‍රය
  • අංගුත්තර නිකාය සප්ත සූර්යෝද්ගමන සූත්‍රය...
  • සංයුක්ත නිකායේ අරුණවතී සූත්‍රය
  • වෙනත් ලෝකවල ජීවීන්(භූතයන්) සමග සන්නිවේදනයක් සිදුවූ රත්න සූත්‍රය,කරණීය මෙත්ත සූත්‍රය
මේවායේ දැක්වෙන අදහස් නවීන විද්‍යාවෙන් ඔබට ගිය ඒවා බවට සදහන් කල යුතුමය.

බුදුදහමේ විතරක් නොව ක්‍රිස්තියානි ආගමේද පිටසක්වල ගැන විස්තර වෙනවා.ලෝකය හා මිනිසා මැවූ දෙවියන් පිලිබදවත් ස්වර්ගය හා සාතන් පිලිබදවත් දැක්වෙන තොරතුරු පිටසක්වල හා සම්බන්ධ වී පවතින අයුරු දැක්විය හැකිය.


එසේම හින්දු ආගමේද දැක්වෙන විවිධ වූ දේව කතා වල හා දෙවියන් ඇති වූ ආකාරය දැක්වෙන කතාවලත් පිටසක්වල හා සම්බන්ධවේ.මුස්ලිම් ආගමට අනුව විශ්වය හා මිනිසා මවා ඇත්තේ අල්ලාහ් දෙවියන් විසිනි.


මූලාශ්‍රය ජේ.ආර්. සමන් මංජුල මහතගේ පිටසක්වල ජීවය නැමැති පොත


(මෙම තොරතුරු මා දැක්වූයේ ආගම් වලට අගෞරව කිරීමට නොව,එම ආගම් වලත් මෙවැනි දෑ ඔබට පෙන්වා දැනුමට යමක් එකතු කිරීමටය.මෙම තොරතුරු වැරදි නම් සමාව අයැද සිටින අතර එය නිවැරදි කිරීමට උදව් වන ලෙසත් ඉල්ලා සිටිමි.)

විශ්වයේ ග්‍රහලෝක



මේ අවකාශයේ කෙරවලක්,ප්‍රමාණයක් දැක්වීමට නවීන විද්‍යාවටත් නොහැකි වී තිබෙනවා.මෙම අනන්ත වූ අවකාශයේ පෘතුවිය ඇතුලු සෞරග්‍රහ මන්ඩලයත්,චන්ද්‍රයන්,සූර්යන්,මන්දාකිනි අනන්ත වූ ප්‍රමානයක් පිහිටා ඇත.


ග්‍රහලෝක හා තරු එකතු වීමෙන් ග්‍රහ මණ්ඩල තැනී තිබේ.එවැනි ග්‍රහ මණ්ඩල විශාල සංඛ්‍යාවක් එකතු වී මන්දාකිනි(Galaxy) තැනී ඇත.


පහත පින්තූරයෙන් ඔබට අප පෘතුවිය හා අප විශ්වයේ විශාලත්වය බැලිය හැක.(පැහැදිලි නැත්තම් පින්තූරය මත ක්ලික් කරන්න.)මේ ගැන වැඩි විස්තර මෙතනින්.




ඔයාලාට දැන් පැහැදිලි ඇති විශ්වය පිලිබද දල අදහසක්.මේ විශ්වයේ කුමන හෝ තැනක ජීවයක් පවතින්න හැකියාව ඇති බව ඔබට දැන් වැටහෙනවා ඇති.මෙසේ ජීවීන් සිටිනවා නම් ඔවුන් මෙලොවට එන්නේ නැත්තේ ඇයි යන ප්‍රශ්නය ඔබ මගෙන් ඇසිය හැක.එයට හේතු නම්


අප පෘතුවිය අසල බුද්ධිමත් ජීවීන් සිටිනා ග්‍රහලෝකයක් සොයාගෙන නොමැත.එහෙත් පෘතුවියට ආලෝක වර්ශ දහස් ගනනකට එපිට ජීවීන් සිටිනා ග්‍රහලෝකයක් තිබෙන්නට පුලුවන.ආලෝක වර්ශයක් යනු අවුරුද්දක් තුල ආලෝකය ගමන් ගන්නා දුරයි.ආලෝකය තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක වේගයෙන් ගමන් කරයි(තත්පරයකට සැතපුම් 186,000).මේ අනුව තත්පරයකට කිලෝමීටර් ලක්ෂ 3නක වේගයෙන් වසරක් පුරා ආලෝකය ගමන් ගන්නා දුර ආලෝක වර්ශයක් ලෙස හැදින්වෙනවා.


උදාහරණයක් ලෙස අපගේ සූර්්‍යා වැනි වූ අපට ආසන්නයේ ඇති තාරකාව වන්නේ ඇල්ෆා සෙන්ටොරි නම් තාරකාවයි.එය පෘතුවියට ආලෝක වර්ශ 4ක දුරින් පිහිටා ඇත.දැනට මිනිසුන් සතු රොකටයේ උපරිම වේගය පැයට සැතපුම් 25000කි.එම වේගයෙන් ගමන් කලහොත් ඇල්ෆා සෙන්ටොරි වෙත යාමට අපිට වසර 240,000ක් ගත වේ.ආලෝකයේ වේගයෙන් ගමන් කලහොත් වසර 8ක් ගතවේ.මෙසේ පැමිනීමෙදී අති විශාල ඉන්ධන ප්‍රමානයකුත්,ආහාරත් ‍රැගෙන යා යුතු වේ.එසේ කලද ජීවියෙකුගේ ආයු කාලයද ප්‍රමානවත් නොවේ.


වෙනත් ග්‍රහලෝකවල ජීවයක් පැවතිය හැකිද..??


යූරෝපා චන්ද්‍රයා
1997දී බ්‍රහස්පති ග්‍රහයායේ උප ග්‍රහයෙක් වන යූරෝපා චන්ද්‍රයා මත අයිස් තට්‍ටුවක් සොයා ගැනීමට ගැලීලියෝ යානය සමත් වී ඇත.ජලය ජීවයක් ඇති වීමට බොහො සෙයින් උපකාරී වන ද්‍රවයකි.



කැලිස්ටෝ චන්ද්‍රයා
බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත පමණක් නොව බ්‍රහස්පතිගේ දෙවන විශාලතම ග්‍රහයා වන කැලිස්ටෝ චන්ද්‍රයාගෙත් ජලය මේ වනකොට සොයාගෙන ඇත.කැලිස්ටෝ ඇතුලු චන්ද්‍රයන් 16ක් බ්‍රහස්පති ග්‍රහයාට ඇත.බ්‍රහස්පති ග්‍රහයා සූර්යාගේ සිට සැතපුම් මිලියන 484ක(කිලෝමීටර මිලියන 778) දුරින් පිහිටා ඇත.

අපගේ උප ග්‍රහයා වන චන්ද්‍රයා
ඔබට කිවයුතු තවත් විශේෂ කරුනක් වන්නේ අපගේ ග්‍රහලොවට අයත් චන්ද්‍රයා මතද ජලය තිබෙන බව ලූනා ප්‍රෝස්පෙක්ටර් යානය විසින් සොයාගෙන ඇත.එම යානය විසින් ගන්නා ලද ඡායාරූපයකින් අනාවරණය වූයේ සදේ ධ්‍රැවයන් හී ජලය සහිත අයිස් කැට තිබෙන බවය.


ග්ලීස් 581සී
තවද පෘතුවියට ආලෝක වර්ශ 20.5ක දුරින් පිහිටා ඇති පෘතුවියට සමාන ග්ලීස් 581සී නම් ග්‍රහලොවක් සොයා ගැනීමට 2007 දී විද්‍යාඥයෝ  සමත් විය.මෙය අප ලොවට සමාන ප්‍රමාණයකින් හා සමාන උශ්නත්වයකින් පිහිටා ඇත.

කෙප්ලර්22බී
මෙම මස සොයා ගන්නා ලද පෘතුවියේ නිවුන් සහෝදරයා වන කෙප්ලර්22බී(Kepler 22b) නම් ග්‍රහයාගේද ජීවීන් පැවිතිය හැකි බව අනාවරණය කරගෙන ඇත.මෙය පෘතුවියට වඩා ආලෝක වර්ශ 600ක දුරින් පිහිටා ඇත.




අගහරු ලොවේ ජීවීන් සිටිය හැකිද..??


අගහරු
බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙම අගහරු ලොවේ කුරුමිටි ජීවීන් පිරිසක් පියාබන පීරීසි වල නැග පොලවට පැමිනෙන බවය.එහෙත් වර්ථමානයේ අනාවරණය කරගෙන තිබෙන්නේ එසේ ජීවීන් පිරිසක්වත් පියාබන පීරිසි වත් අගහරු ග්‍රහයා තුල නැති බවයි.





නමුත් මීට වසර 13000කට පෙර වල්ගා තරුවක සමග හැපුනු අගහරු ග්‍රහයාගේ පස් කුට්ටියක් අපගේ වායුගෝලයට ඇතුලුවී ගිනිගෙන දැවෙමින් ඇන්ටාටිකා මහද්වීපයට වැ‍ටුනු බව විද්‍යාඥයෝ‎ විශ්වාස කරයි.එසේ වන්නේ ඒ පස් කැබැල්ල 1984දී ගවේශක කණ්ඩායමක් විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි.එය ALH 84001 ලෙස හැදින්වේ.


මෙය 1993දී වයිකින් යානය අගහරුගෙන් ගෙන ආ පස් සමග සමාන විය.මෙම පස් කුට්ටිය තුල තිබූ මිය ගිය කුඩා බැක්ටීරියා ‍රැසක් සොයා ගැනීමෙන් විද්‍යාඥයෝ අගහරු ග්‍රහයා පිලිබද වැඩි වශයෙන් පර්යේශන කරන්නට විය.

පිටසක්වළ ජීවීන් සෙවූ විවිධ ව්‍යාපෘති


දැනට මිලියන 4.5ක අතීතයක සිට පරිණාමය වූ මිනිසා වර්තමානය වන විට මිහිතලය මත දි‍ටුනු ශිෂ්ටාචාරයක් ගොඩ නගා ඇත.එය වර්තමාන පුරා විද්්‍යා ගවේශනවලට අනුව මිලියන 10කටත් වඩා එපිට බව හෙලිවෙයි.එතරම් දීර්ඝ කාලයක් තුල පෘතුවියේ මෙන් වෙනත් ග්‍රහලෝවක දියුනු ශිෂ්ටාචාරයක් ඇති වීමට බොහො සෙයින් ඉඩ කඩ තිබේ.



සෙටී ව්‍යාපෘතිය


විද්‍යාඥ ෆ්රෑන්ක් ඩ්රේක්
මෙය පිටසක්වල ජීවීන් සෙවීම පිලිබද ආරම්භ වූ පලමු ව්‍යාපෘතියයි.එය 1961 වර්ශයේ ආරම්භ විය.එවකට සිටි විද්‍යාඥයෙකු වූ ෆ්රෑන්ක් ඩ්රේක් විසින් මෙය ආරම්භ කරන ලදී.මෙය SETI(Search for Extraterrestrial Intelligence) ලෙස හැදින්වේ.මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වී ඇත්තේ පිටසක්වලකින් ලැබෙන රේඩියෝ තරංග පණිවිඩයක් ලබා ගැනීමයි.කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සැලසුම් කල සමුලුවේ මෙය ආරම්භ කල විද්‍යාඥයා  වූ ෆ්රෑන්ක් විසින් සමීකණයක් ඉදිරිපත් කරන ලදී.මෙයික් කියවෙන්නේ විශ්වයේ කොතනක හෝ ඉන්නා බුද්ධිමත් ජීවීන්ගේ සංඛයාවයි.
N =විශ්වයේ තිබෙන බුද්ධිමත් ජීවීන් සිටින ශිෂ්ටාචාර ගනණ (The Number of Civilizations in our Galaxy With Which Communication Might be Possible)


R =ජිවයක් ඇතිවීමට සුදුසු තාරකා ගනන(The Average Rate of Star Formation Per Year in Our Galaxy)


Fp = එම තාරකාවන්හි ග්‍රහලෝක පිහිටා ඇති ප්‍රමාණය (The Fraction of Thous Stars That have Planets)


Ne = එම ග්‍රහලෝකයන්හි ජීවයට සුදුසු පරිසරයක්‌ සහිත ග්‍රහලෝක ප්‍රමාණය (The Average Number of Planets That can Protentially Support Life per Star That has Plants)


Fl = ජීවය නියත වශයෙන්ම තිබෙන ග්‍රහලෝක ප්‍රමාණය (The Fraction on the above that Actually go on to Develop Life at Some Point)


Fi = එම ජීවයන් සහිත ග්‍රහලෝකයන් අතරින් බුද්ධිමත් ජීවීන් ජීවත් වන ග්‍රහලෝක ප්‍රමාණය (The Fraction of the Above that Actually go on to Develop Intelligent Life)


Fc = එම බුද්ධිමත් ජීවීන් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ග්‍රහලෝක ගනන (The Fraction of civilizations that Develop &
Technology that Releases Detectable signs of their exist tence in to Space)


L =එ වැනි ජීවීන්ගේ ආයු කාලය(The Lengh of time such civilizations Release Detectable signals in to space)



මෙය විසදීමට බොහොදෙනෙකු උත්සහ දරා ඇත.ලැබූ පිලිතුර වන්නේ10,000ය.එනම් විශ්වයේ බුද්ධිමත් ශිෂ්ටාචාර 10,000කට වඩා වැඩි විය යුතුය.නමුත් මෙය 0 වීමටද හැකිය.කොසේ වෙතත් මෙහි ඇති අඩු පාඩු පෙන්වා දීමට තවමත් කිසිවෙකුත් ඉදිරිපත් වී නැත.


මෙම ව්‍යාපෘතිය යටතේ විවිධ රේඩියෝ සංඥ පටිගත කල නමුත් ඒවා පිටසක්වල සංඥ ලෙස ග්‍රහනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.මෙම ව්‍යාපෘතිය යටතේ ද ශාඛා කිහිපයක් ක්‍රියාත්මක වේ.ඒවා නම්



බෙටා -BETA
මෙටා -META
ෆීනික්ස් -PHEONIX
සෙරන්ඩිප් -SERENDIP වේ.


මෙම ව්‍යාපෘති ගැන වැඩි විස්තර මෙතනින්.
සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවය වැඩි දුර කරුණු මෙතනින්.


පිටසක්වල ජීවීන්ට අපෙන් පණිවිඩයක්




මිනිසා විසින් නිපදවන ලද සෞරග්‍රහ මණ්ඩලය හරහා මෙතෙක් වැඩිම දුරක් ගමන් කල යානාව වන්නේ පයිනියර් 10 නම් යානාවයි.මෙය 1972 මාර්තු මස 3 වන දින ගමන් ආරම්භ කරන ලදී.බ්‍රහස්පති වෙත ගොස් එහි ඡායා රුපයක් පලමුව එවූ යානාවද වන්නේ මෙයයි.


පයිනියර් 10 නම් යානාව
මේ වනවිට මෙම යානාව පෘතුවිය සමග සම්බන්ධය නැතී වී තිබේ.ඒ යානාවේ පිරිහී ගොස් තිබෙන විදුලි බලය නිසාය.නමුත් මෙයතුල පෘතුවියෙන් පිටසක්වල ජීවීන් පිරිසකට යවන පණිවිඩයක්ද ඇතුලත් වේ.එය අගල් 9ක් දිග හා අගල් 6ක් පලල රන් ආලේපිත ඇලුමීනියම් තහඩුවකි.එය මෙම යානයේ සවි කොට ඇත.


පයිනියර් 10 යානාවේ ඇති පණිවිඩය
එය විනාශ නොවී යම්කිසි බුද්ධිමත් ජීවීන් පිරිසකට හමු වුවහොත් මෙම යානාව පැමිනියේ සෞරග්‍රහ මණ්ඩලයේ කුමන ග්‍රහලෝකයක සිට දැයි දැක්වෙන අතර මිනිසා හදුනා ගැනීමට පිරිමියෙකුගේ සහ කාන්තාවකගේ රූපද මෙයට ඇතුලත් කර ඇත.මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ තාරකා විද්‍යාඥයෙකු වූ කාල් සේගන් මහතා විසිනි.




නවීන තාක්ශනය කොතරම් දියුණු වූවත් අපිට තවම මිනිසෙකු යැවිය හැකි වී තිබෙන්නේද අප චන්ද්‍රයාට පමණි.අගහරු වෙත මිනිසුන් යැවීමේ ව්‍යාපෘතිය තවමත් සකස් වෙමින් පවතී.කෙසේ වෙතත් මිනිසා නොදියුනු ජීවියෙකු යැයි සැලකීමට නොහැක.මන්ද අපගේ තාක්ෂණය තවමත් දියුණු වෙමි පවතින නිසාය.


ආලෝක වර්ශ කෝටි ගනනක එපිට ග්‍රහලොවක සිටින ජීවීන් අප මෙන් දියුණු වූවත් මෙම අති විශාල දුර ඔවුනටද බලපෑ යුතුය.කෙසේ වෙතත් අප නොදන්නා විශ්වයේ විවිධ ආකාරයේ වූ දියුණු නොදියුණු ජීවීන් සිටිය හැක.ඔවුන් දැකීමට නම් මිනිසා විශ්වයේ දුර හා එහි තරනය කිරීම යන ප්‍රශ්න විසදා ගත යුතුය.



මෙම ලිපිය දීර්ඝ වන්නේ ඔබට මෙය පහදා දීමට තිබෙන කරුනු අති විශාල ප්‍රමාණයක් ඇති නිසාය.කෙසේ නමුත් ඊලග ලිපියෙන් මෙය අවසන් කිරීමට මම සිතාගෙන සිටිමි.කෙසේ වෙතත් දැන් ඔබට විශ්වයේ ජීවයක් පිලිබද පොඩි බලාපොරොත්තුවක් ඇති කර ගත හැක.මේ කරුණු එයට ප්‍රමානවත් වේ යැයි සිතන නිසා මෙය අවසන් කරමි.


ඊලග ලිපියේ පියාබන පීරීසි දැක තිබෙන අවස්ථා හා එම පිටසක්වල ජීවීන් පිලිබද දක්වන අදහස් ගැන කතා කරමු.


(මෙහි ඇති කරුණු වලට මුලාශ්‍ර වූයේ ජේ.ආර්. සමන් මංජුල මහතගේ පිටසක්වල ජීවය නැමැති පොතයි).


Monday, December 5, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිටසක්වල ජීවීන්(Aliens)


"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."


විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන්,පුරාණ ඊජිප්තුව,ගීසාහි මහා පිරමීඩය  ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.


යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
දිය කිදුරියන්
පුරාණ ඊජිප්තුව
ගීසාහි මහා පිරමීඩය 1 කොටස
ගීසාහි මහා පිරමීඩය 2 කොටස


අපි අද කතා කරන්න යන්නේ ඔයාලා කවුරුත් කැමතිම මාතෘකාවක් වන පිටසක්වල ජීවීන් හා පිටසක්වල යානා ගැනයි.


මොනවද මේ පිටසක්වල,පිටසක්වල ජීවීන්,පිටසක්වල යානා...අපි කවුරුත් අහන්න උනන්දු වෙන කවුරුත් කතා කරන්න කැමති කුතුහලය දන්වන මාතෘකාවක්.ඔයාලා වගේම මාත් කැමතිම මාතෘකාවක්.මේ පිටසක්වල ගැන අපිට අදහස ආවේ අද ඊයේ නෙවේ.ඉතා ඈත අතීතයේ ඉදලා පැවත එන්නක්.මෙසේ වෙනත් ලෝකවලින් පෘතුවියට ජීවීන් ආපු කතාන්දර පුරානයේ තිබෙන බව අප කවුරුත් දන්නා කරුනකි.මෙම පිටසක්වල ජීවීන් මෙලොවට පැමින මිනිසුන්ගේ වෙස් වලා ගෙන සිටීමක් ගැනද කතාන්දර වල පවතී.කෙසේ නමුත් මේ පිටසක්වල එහෙමත් නැත්තම් පිටසක්වල ජීවීන්,යානා පිලිබද විශාල ලෙස පරීක්ෂණ කල මුත් තොරතුරු වල ඇති අපැහැදිලි තාව නිසා තවමත් මෙය අභිරහසකි.


මේ පිටසක්වල ජීවීන් කියන්නේ කවුද..??


ජීවය පවතින්නේ පෘතුවියේ පමනක් නම් මෙසේ පිටසක්වල ජීවීන් මනකල්පිතයක් ලෙස හැදින්විය හැක.නමුත් එය එසේ නොවේ නම් නිමක් නොවන විශ්වයේ කුමන හෝ තැනක ඉන්නා ජීවීන් අපිට පිටසක්වල ජීවීන් ලෙස හදුන්වන්න පුලුවන්.නමුත් මෙය මනකල්පිතයක් ලෙස හැදින්වීමට නොහැකි වන්නේ මෙම ජීවීන් පිලිබද සාක්ෂි තවමත් ඉතිරිව තිබෙන නිසාවෙනි.මිනිසා කවර කලකදී ඇතිවූවක්ද යන්නට පිලිතුරක් සොයා යාමේදී ඊට කලින් මෙලොව ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බවට සාධක හමුවීමෙන් එම ප්‍රශ්නයට පිලිතුරු සැපයීම ඉතාමත් අපහසු වී තිබෙනවා.


හමුවී ඇති පුරාණ සාධක..


ලෝකයේ තිබූ ඉපැරණි ශිෂ්ටාචාර ගතහොත් ඒ කාලයේ තිබිය හැකියැයි පවා විශ්වාස කල නොහැකි සාධක හමූ වීඇත.මේවා අදටත් විශාල අභිරහසක් වී තිබේ.



දැනට හදුනාගෙන ඇති පෘතුවියේ තිබූ ශිෂ්ටාචාර කිහිපයක්


1)මිසර ශිෂ්ටාචාරය
2)අත්ලාන්තික් ශිෂ්ටාචාරය
3)මොහොන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරය
4)ජෙරිකෝ ශිෂ්ටාචාරය
5)හෙලදිව ශිෂ්ටාචාරය
6)මායා නවාජෝ ශිෂ්ටාචාරය
7)ඉන්කා ශිෂ්ටාචාරය
8)නස්කා ශිෂ්ටාචාරය
9)මායාන් ශිෂ්ටාචාරය
10)ඇස්ටෙක් ශිෂ්ටාචාරය
11)ග්‍රීක ශිෂ්ටාචාරය
12)රෝම ශිෂ්ටාචාරය
13)ලංකාවේ අනුරාධපුර පොලොන්නරුවේ පැවති ශිෂ්ටාචාර


මේවාට වඩා පැරණි ශිෂ්ටාචාර තිබූ බවට පුරාවිද්්‍යා කැනීම් වලදී සොයාගෙන ඇති බවට දැනගන්නට ලැබේ.මෙම පැරණි ශිෂ්ටාචාර වලින් හමුවූ නොයෙකුත් නිර්මාණ,බිතු සිතුවම් වලින් අතීතයේ එම ශිෂ්ටාචාර වල දියුනුව කියා පායි.තවද එම කාලයේ තිබුනා දැයි සිතීමට නොහැකි පුදුම දෑද හමු වී ඇත.බිතුසිතුවම් වල අභිරහස් යානා වල හා ජීවීන්ගේ ඇති රූප වලින් ඇතිවන සැකය වන්නේ අතීතයේ අප පිටසක්වල ජීවීන් සමග කිසියම් සම්බන්ධතාවයක් පැවතුනාද යන්නයි.



මුලින්ම අපි පුරාණ කොලොම්බියාවෙන් සොයාගන්නා ලද රනින් නිම වූ අහස් යානාවක් යැයි සැලකෙන ආකෘතිය ගමු.මේ පින්තූර වලින් ඔබට පෙනෙන්නේ එම සොයා ගත් ආකෘතියන්ය.







හොදින් බැලූවිට එය වර්තමාන ජෙට් යානාවකට සමාන අංග එහි ඇති බව පෙනේ.මෙය ක්‍රිස්තු වර්ශ 800දී සෑදූවක් බව පිලි ගැනේ.එම කාලයේ මෙසේ ජෙට් යානාවකට සමාන ආකෘතියක් සෑදීමට මිනිසුන් පෙලබුනේ කෙසේද යන්න තවමත් සොයාගත් නොහැකී වී තිබෙන කරණකි.


මෙය සුප්‍රසිද්ධ මායා ශිෂ්ටාචාරයට අයත් ගල් කැටයමක්.1952 වර්ශයේ සොයාගත් මෙම ගල් කැටයම "K'inich Janaab' Pakal" නමින් හැදින්වේ.මෙයින් නිරූපණය වෙන්නේ අභ්‍යවකාශ යානාවක් හා එය පදවන ගගනගාමියෙක් ලෙසයි සැලකෙන්නේ.නූතන අභයකාශ යානයක කොටස් මෙහි නිරූපනය වෙනවා.පහත රූපය බලන්න..




 මෙහි ඉන්නා මිනිසාගේ නාසයට අසලින් හුස්මගැනීමට ඔක්සිජන් ලබා ගන්නා ආකාරයත්,ඔහුගේ පාදයෙන් පැඩලයක් වැනි යමක් පාගන බවත්,ඔහුට පි‍ටු පසින් එම යානාවේ එන්ජිමත්,යානයෙන් පිටවන දුමත්,ඔහුගේ අතින් යම් යම් උපකරණ පාලනය කරන බවත් මෙහි දක්වා ඇති බව ඔබට පෙනෙනවා.(රවුම් සලකුනු කර ඇති තැන් බලන්න)පහතින් දක්වා ඇත්තේ එම ගල්කැටයමේ සැබෑ රූපයයි.




තවද ගගනගාමීන්ගේ අනුරූද අතීතයේ නිමවා ඇත.මෙසේ නූතන ගගනගාමීන් පලදින ඇදුමට හා හිස්වැස්මට සමාන ලෙස නිරූපණය කිරීමට පෙලබුනේ කෙසේද යන්න තවත් අභිරහසකි.පහත රූප වලින් එසේ සොයා ගත් ගගනගාමීන්ගේ අනුරූ  ඔබට දැකිය හැක.





මෙය ග්වාතමාලවෙන් සොයා ගන්න ලද අභ්‍යවකාශ ගගනගාමියෙකුගේ අනුරුවකි.ඔලුව වටා ගගනගාමීන් භාවිතා කරන හිස්වැසුමකුත් හුස්ම ගැනීම සදහා නාසයට සමීපව යම් උපකරනයකුත් මෙහි දක්නට ඇත.මෙය ගල් කැටයමක් වන අතර මෙය නිර්මාණය කිරීමට හේතුව තවමත් නොවිසදී ඇති අභිරහසකි.

Antikythera machine නමින් හදුන්වන මෙම වසර 2000ක් පමන පැරණි පරිඝනකයක් ලෙස හදුන්වනවා.මෙය තාරකාවිද්‍යත්මක ස්ථාන සොයාගැනීම සදහා නිපදවූ දෙයක් ලෙස පිලිගනී.මෙය ක්‍රියා කර තිබෙන්නේ නූතන ඔරලෝසුවක් මෙනි.මෙම තාක්ශණය කවරෙකුගෙන් ලැබුනාදැයි කිසිවෙකුටත් පිලිතුරු දීමට නොහැකි ප්‍රශ්නයකි.



මෙය The Istambul Rocket ලෙස හදුන්වයි.මෙය හමූවී තිබෙන්නේ තුර්කියේ ඇති පුරාවිද්්‍යා කෞතුකාගරයෙනි.මෙහි ඇති ආකෘතියට සමාන අයුරින් පහල චිත්‍රයකින් ඔබට දක්වා ඇත.ඒන් ඔබට මෙය වර්තමාන රොකට්‍ටුවක් යන සිතුවිල්ල ඇතිවනවා නිසැකය.නූතන රොකටයට සමාන මෙය හිතට ආ අදහසකින් නිර්මානය කල දෙයක් නොව බව විශ්වාසයෙන් කිවයුතුය.



ඉහත දේවල් එකල මිනිසුන් සිතුවිල්ලකට නිර්මණය කලදේවල්ද එසේත් නැත්තම් මේවා එකල මිනිසුන් හැබැහින් දු‍ටු බවට ඉතිරිව තිබෙන සාධකද..??එසේත් නැත්තම් පිටසක්වලින් අපිට ලැබුනු සාධකද..?මෙයට පිලිතුරක් සෙවීම අද තාක්ශණය සමග අභිරහසක් බවට පත් වී තිබේ.

මෙවැනිම ආකාරයෙන් විවිධ සිතුවම්ද ඇත.

මෙය ඔස්ට්‍රේලියාවේ ගුහාවක තිබී හමූ වූ සිතුවමකි.මෙම සිතුවමේ ඉන්නේ අමුතුම ආකාරයේ ජීවීන් වැයි ඔබට පෙනේ.මොවුන්ගේ ඇස් හා නාසයන් අමුතුම ආකාරයෙන් පිහිටා ඇත.

තවද හොදින් බැලූ විට මෙම ජීවීන්ගේ ඔලුව වටා යම් ආවරනයක් ඇති බව පෙනේ.මේවා අදින ලද පුද්ගලයන් සිතා මතා මෙය ඇන්දාද එසේත් නැත්තම හැබැහින් දු‍ටුදේ සිතුවමට නැගුවාද යන්න පිලිතුරක් නැති ප්‍රශ්නයකි.

ඉතාලියේ Val Camonica නම් නගරයේ ගලක තිබී සොයා ගන්නා ලද මෙම සිතුවමේද ඔලුව වටා හිස්වැස්මක් පැලදගෙන සිටින ජීවීන් දෙදෙනෙක් සිටී.මොවුන් කවුද..??මෙසේ සිතුවමට නැගුවේ ඇයි..??යන ප්‍රශ්න වලට පිලිතුරු සෙවීමට නොහැකිව ඇත.

14 වන ශතවර්ශයේ අදින ලද ක්‍රිස්තූන් වහන්සේ කුරුසයේ සිටිනා දැක්වෙන බිතු සිතුවමේ අහසින් යානාවක නැග ගමන් කරන මිනිසෙකු සිතුවමට නගා ඇත.රූපයට යටින් දක්වා ඇත්තේ එම රූපයේ දකුනු පසින් හා වම් පසින් දැක්වෙන යානා දෙකයි.මේ කාලයේ අහස්යානා ගැන අදහස මොවුන්ට ඇති වූයේ කෙසේද..??

මෙම රූපයෙන් දැක්වෙන්නේ නස්කා කාන්තාරයේ ඇති රූපයකි.මෙහි ඇති රූපයේ සිටින්නේ අමුතුම ආඅකාරයේ ජීවියෙකි.ඉදිරියේදී මෙම නස්කා ලයින්ස් ගැන මම ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටිනවා.නමුත් මම  දක්වා ඇති රූපය මෙන්ම විවිධ රූප විශාල ප්‍රමානයක් මෙම නස්කා ප්‍රදේශයේ සලකුනු කර තිබෙනවා.මෙම සලකුනු දැකිය හැකි වන්නේ ඉහල අහසේ ගමන් ගන්නා විටයි.එකල මේවා ඇන්දේ කවුරුන් සදහාද..?

ඇල්ජීරියාවෙන් ගල්ගුහාවක මීටර 6ක් පමණ උස ජීවියෙක් සිතුවමට නගා තිබී හමුවිය.මෙහි සිටින ජීවියාගේ හිස විශාල වන අතර එය කිසියම් සැරසිල්ලකින් සිතුවම් කර ඇත.තවද ශරීරයද විශාල වේ.බෙල්ල අසල කිසියම් ‍රැලි වැ‍ටුනු ස්භාවයක් ඇත.මෙයින් ගගනගාමියෙකු නිරූපණය වන බව පැවසෙයි.
නේපාලයෙන් හමු වූ මෙම පීරිසි තැටියේ පුරාන නේපාල වැසියන් මෙම අභිරහස් පිටසක්වල ජීවීන් සිතුවමට නගා ඇති බව පෙනේ.පීරිසියක සිතුවමට නැගුවේ මොවුන් පියාබන පීරිසි වල නැගී මෙලොවට පැමින සිටි නිසාද..??එසේත් නැත්තම් එම ජීවීන් දැක තිබෙන නිසාද..එසේත් නැත්තම් හිතට ආ සිතුවිල්ලක් නිසාද..??

මෙය අවුරුදු 29000ක් පමන වන Tanzania වේ ගුහාවකින් හමු වූ සිතුවමකි.මෙහි කිසියම් පැතලි යානාවක් මෙන් වස්තුවක් සිතුවමට නගා ඇත.(කො‍ටු කර ඇති තැන් බලන්න)


තවද මෙසේ සිතුවම් රාශියක් ඇත.මේවා ගැන කෙටි විස්තරයක් මම රූපය යටින් දක්වන්නම්.
ප්‍රංශයෙන් සොයා ගන්න ලද වසර 17000 පමණ පැරනි සිතුවමක්.
ප්‍රංශයෙන් සොයා ගන්න ලද වසර 17000 පමණ පැරනි සිතුවමක්.
ඉහත ඇති රූපයේ රූපයේ කො‍ටු කල පෙදෙස පහත රූපය ලෙස විශාල කර බැලූවිට පියාබන පීරීසි මෙන් වස්තූන් දැකිය හැක.


පේරු රාජයෙන් සොයා ගන්නා ලද වසර 14000ක්
පමන
වන ගල් කැටයමක්
පේරු රාජයෙන් සොයා ගන්නා ලද වසර 14000ක්
පමන වන ගල් කැටයමක්
Kiev වලින් සොයා ගන්න ලද ගගනගාමී
අනුරුවක්
මෙක්සිකෝවෙන් සොයා ගන්න ලද සිතුවමක්.
මිනිසුන් 4 දෙනෙක් අහසේ තිබෙන වස්තුවක්
දෙස දෑත් දුගු කරගෙන සිටින ලෙස
සිතුවමන නගා ඇත.
ඉක්වදෝර්යෙන් සොයා ගන්න ලද
 නූතන ගගනගාමියෙක් ලෙස පිලිබිඹු
වන ගලින් නෙලූ නිර්මාණයක්
ඉක්වදෝර්යෙන් සොයා ගන්න ලද
ගලින් නෙලූ නූතන ගගනගාමීන්ට
සමාන ගල් ප්‍රතිමා.
ඉක්වදෝර්යෙන් සොයා ගන්න ලද
ගලින් නෙලූ නූතන ගගනගාමීන්ට
සමාන ගල් ප්‍රතිමා.
බටහිර ඕස්ට්‍රේලියාවේ ගුහා සිතුවමක්
බටහිර ඕස්ට්‍රේලියාවේ ගුහා සිතුවමක්
බටහිර ඕස්ට්‍රේලියාවේ ගුහා සිතුවමක්
බටහිර ඕස්ට්‍රේලියාවේ ගුහා සිතුවමක්
බටහිර ඕස්ට්‍රේලියාවේ ගුහා සිතුවමක්
Sego Canyon, Utah  ප්‍රදේශයෙන් හමුවූ සිතුවම්
ඉරාකයෙන් හමු වූ ප්‍රතිමා
ලන්දේසි නැව් දෙකක සිතුවමක්.මෙහි ඉහල අහසේ කිසියම් වස්තු දෙකක් ගමන් කරන බව අදහස් වේ.
Jacques Legrand ගේ සිතුවමක්
15 වන ශතවර්ශයේ අදින ලද මෙරිය තුමියගේ සිතුවමක්.
දකුනු පස උඩින් පැතලි පියාබන පීරිසියක් වැනි වස්තුවක් ඇත
15 වන ශතවර්ශයේ අදින ලද මරිය තුමියගේ සිතුවමක්.
වම් පස උඩින් පැතලි පියාබන පීරිසියක් වැනි වස්තුවක් ඇත


842දී ප්‍රංශයේ සිතුවමක්.මෙහි අහසේ කිසියම් වස්තූන් දිස්වේ.


"The Madonna with Saint Giovannino"නම් සිතුවම.
මෙහි රවුම් කර ඇති පෙදෙස බලන්න
මෝසස් කිසියම් දෙයක් අහසින් ලබා ගන්න බව දැක්වෙන සිතුවමක්
රෝමයේ ඉතිහාස පොතක තිබූ සිතුවමක්

Samuel Coccius විසින් අදින ලද Basel, Switzerland in 1566.
'Large black Globes'  නම් චිත්‍රය.
කලු පාට වස්තූන් අහසේ දිස් වේ.




Carlo Crivelli (1430-1495) විසින් අදින ලද සිතුවමක්.
මෙහි උඩ පැතලි පීරිසියක් මෙන් වස්තුවක්
දක්නට ලැබේ.



ඉහත පින්තූර පිලිබද වැඩි විස්තර මෙතනින්.

ඉහත සිතුවම් වලින් අපිට කිසියම් දෙයක් තේරුම් ගත හැකිය.ඒ ආදී මිනිසා මෙම පිටසක්වල ජීවීන් හා යානා පිලිබද දැන ගෙන සිටි බවයි.මෙම සිතුවම් හිතට ආ සිතුවිල්ලකින් අදින ලද ඒවා යැයි කිව නොහැක.අතීතයේ පිටසක්වල සමග සම්බන්ධයක් තිබුනාද..??යන ප්‍රශ්නය ඔබට දැන් ඇති වන්නට ඇති.මෙය අපිට මනකල්පිතයක් ලෙස බැහැර කිරීමට නොහැක.

මේ ලිපිය තවත් දීර්ඝ උවහොත් ඔබට නීරස වන නිසා කොටස් කිහිපයකට දෙන්න බලාපොරොත්තු වෙනවා.මීලග ලිපියේ අපි තවත් මෙම පිටසක්වල ජීවීන් ගැන කතා කරමු.