Saturday, November 19, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිරමීඩ(Pyramids) 2 කොටස

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."



විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන්,පුරාණ ඊජිප්තුව ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.


යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
දිය කිදුරියන්
පුරාණ ඊජිප්තුව

පසුගිය ලිපියේ අපි පුරාණ ඊජිප්තුව ගැන කතා කරා.පොරොන්දු වූවා මෙන් මම අද කතා කරන්නේ ලෝකයේ පැරණි පුදුම 7න් අදටත් නොනැසී ඉතිරිව පවතින එකම පුදුමය ලෙස සැලකෙන ලොව අති විශිශ්ඨ නිර්මානයක් වන ගිසා හී මහා පිරමීඩය එහෙමත් නැත්තම් The Great Pyramid in Giza ගැනයි.


හැදින්වීම



පිරමීඩ යන්න මම පලමු ලිපියේ ඔයාලාට හදුන්වා දුන්නා.මෙසේ පිරමීඩ ඊජිප්තුවේ පමනක් නොව චීනයේ, පේරු රාජයේ, මෙක්සිකෝවේ, ගෝතමාලවේ සහ තවත් බොහෝ රටවල දක්නට ලැබෙනවා.කෙසේ වෙතත් එම පිරමීඩ අතරින් ලෝකයේම ප්‍රසිද්ද හා වඩාත්ම විශාලම පිරමීඩය තනා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝවේ ගීසා තැනිතලාවේය.මෙහි ඇති පිරමීඩ සද මතුපිට සිට පියවි ඇසින් බැලීමටද පුලුවන් බව සදහන් කරන්න ඕනා.

ක්හුෆු රජු
මෙම The Great Pyramid in Giza නොහොත් ගීසා හි මහා පිරමීඩය ක්හුෆු (Pyramid of Khufu), චෙඔප්ස්(Pyramid of Cheops) යන නම් වලින් හදුන්වනවා.මෙහි උස මීටර 146.5ක් (අඩි 481) වන අතර පතුලේ විශාලත්වය මීටර 230.4(අඩි756)ක් වෙනවා.මේ ගීසාහී මහා පිරමීඩය තැනීමට භාවිතා කර ඇති භූමියේ ප්‍රමාණය පහල පින්තූරයේ දක්වා ඇති විදියට පා පන්දු පිටි 6ක් තරම් විශාල වෙනවා.මෙය සාදන ලද්දේ ක්‍රිස්තුපූර්ව 2540 යැයි ඉතිහාසයේ සදහන් වේ.මෙය සාදා නිම කරන ලද්දේ ක්‍රිස්තුපූර්ව 2560 දීය.එනම් අවුරුදු 20ක කාලයක් තුලය.මහා පිරමීඩය අවුරුදු 20ක කාලයක් තුල දොඹකර හා යන්ත්‍රෝපකරන නොමැතිව කොහොම නිර්මාණය කලාද යන්න අදටත් සොයාගන්න බැරි වෙලා තියෙනවා.මෙය හතරවන පාරාවෝ රජකෙනෙකු වන ක්හුෆු රජුගේ සොහොන බවට පුරාවිද්යාඥයන් විශ්වාස කරනවා.



මෙම පිරමීඩය මෙතෙක් මිනිසා ඉදිකල උසින් වැඩිම ගොඩනැගිල්ල බවටද වාර්තා පොත් වල සදහන් වෙනවා.එම වාර්ථාව දැන් වන තුරුම පැවතීම විශේෂත්වයකි.නමුත් කනගා‍ටුවට කරුනක් වන්නේ වර්තමානයේ මෙම ගීසා හි මහා පිරමීඩයේ දක්නට ලැබෙන්නේ කැඩී බිදී ගිය බිත්තිය.මෙම පිරමීඩය වටා තිබූ දිලිසෙන ලෙස ඔප දමා තිබූ ගල් කුට්ටි කොටසක් විනාශ වී ගොස් ඇති අතර ඉන් සමහරක් මෙම පිරමීඩය අවට විසිර ඇත.මෙහි ඇති සෑම දෙයක්ම අභිරහසක් වන අතර මෙය සෑදූ ආකාරය පිලිබද නිවැරදි දත්තයන් අදටත් සොයා ගැනීමට නොහැක.

යොදා ගත් අමුද්‍රව්‍ය


භාවිතා කර ඇති ගල් කුට්ටියක්
පලමුව මෙම පිරමීඩය තැනීමට පෙර එම භූමිය සමාන මට්ටමකට ‍රැගෙනවිත් තිබෙනවා.මෙම ගීසාහී පිරමීඩයට අත්තිවාරම ලෙස දමා ඇත්තේ කාරයක් තරම් බර ගල් කුට්ටිය.පුදුමය වන්නේ ඔවුන් එම ගල් කුට්ටි ‍රැගෙන විත් තිබෙන්නේ නයිල් ගංගාවේ නැගෙනහිර ඉවුරෙන්.එම එක ගලක් ටොන් 12ත් 17ත් අතර බරකින් යුක්ත වේ.එවැනි ගල් කුට්ටි 210ක් පමණ යොදාගෙන ඇතැයි බවට විශ්වාස කරනවා.මෙහි විශාලතම ගල් කුට්ටියක් ටොන් 80ක් පමණ වන බව සදහන් වෙනවා.


මෙම ගල් කුට්ටි ‍රැගෙන විත් තිබෙන්නේ අස්වාන් වල සිටය.ගීසා හී මහා පිරමීඩයේ සිට අස්වාන් දක්වා දුර සැතපුම් 500ක් පමණ වෙනවා.නැව් උපයෝගී කර ගනිමින් මෙම ගල් ප්‍රවාහනය කල බව විස්වාස කරනවා.ඔබට කිවයුතු එක් දෙයක් වන්නේ මෙවැනි නිර්මාණයක් කිරීම අද දවසේ පවා අමාරු කාර්යයක් බවයි.මෙම පිරමීඩය සෑදීමට ගල් කුට්ටි මිලියන 2.3ක් පමණ භාවිතා කර ඇති අතර එම හැම ගලක්ම වෙනස් හැඩවලින් හා වෙනස් බරකින් සමන්විත වෙනවා.


පිරමීඩ තැනීමට භාවිතා කල උපකරණ

මෙසේ මෙම ගල් කුටිටි කපා ඇත්තේ පින්තූරයේ දැක්වෙන පරිදි ගල් ක‍ටුව හා ගලක් භාවිතයෙනි.කපා නිම නොකල ගල්කුට්ටි අස්වාන් හී තවමත් ඉතිරිව ඇත.
නිම නොකල ගල් කුට්ටියක්

අස්වාන් හී ඉතිරිව ඇති ගල් කුට්ටි අතරින් පින්තූරයේ පෙනෙන ගල් කුට්ටිය අඩි 126ක් පමණ දිග ටොන් 1300ක් පමණ වෙනවා.මෙවැනිදෑ ගල් ක‍ටුවක ආධාරයෙන් කැපුවේ කෙසේ දැයි අදටත් හොයා ගන්න බැරි වෙලා තියෙනවා.
වර්ථමානයේ නවීන යන්ත්‍රෝපකරණ
වර්ථමානයේ මෙවැනි දෑ අපි කරන්නේ නවීන යන්ත්‍රෝපකරන භාවිතයෙනි.මීට අවුරුදු 3600කට පෙර මේ වගේ ගල් කපන යන්ත්‍ර නොමැතිව කොහොම ගල් කුට්ටි කපා වෙන්කරාද යන්න කාටවත් හොයා ගන්න බැරි වෙලා තියෙනවා.



ඉදිකිරීම

මෙසේ අස්වාන් වල සිට ‍රැගෙන ආ ගල් කුට්ටි සේවකයන් විසින් කඹ,ලී පෝරු හා ලීවර ආධාරයෙන් පිරමීඩය අසලට ‍රැගෙනවිත් තියෙනවා.මෙහි සේවකයන් 25,000ක් හා 30,000ක් අතර පිරිසක් එක වරකට යොදාගෙන ඇති බවට විශ්වාස කරනවා.


ඊට අමතරව මෙම භූමියේ මස් වෙලදුන්,බීර හල්,බේකරි කරුවන්, වඩුවන්, පෙදරේරුවන්,  වෛද්‍යවරුන් මෙම පිරමීඩය ඉදි කරන සේවකයන්ට පහසුකම් සැපයීමට වාසය කර ඇතැයි සදහන් වෙනවා.තවත් කරුණක් වන්නේ මෙහි ගැහැණු හා පිරිමි දෙපාර්ශවයම මෙයට දායකත්වය දී ඇති බවයි.පිරමීඩය ඉහලට අවශ්‍ය කරන ගල් ඉහලට එසවූයේ කෙසේ දැයි අදටත් සොයා ගත නොහැකි කරුණකි.නමුත් සදහන් වෙන්නේ මෙය සෝපාවක් මගින් ඉහලට ගැන ගියාය යන්නයි.තවත් ඉදිරිපත් ව ඇති මතයක් නම් මේවා පිරමීඩයේ බෑවුම දිගේ මෙම ගල් කුට්ටි ‍රැගෙන ගිය බවයි.

තාක්ෂණය


මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම ගීසාහී මහා ඕනෑම භූමි කම්පාවකට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය කර තිබීමයි.මෙම පිරමීඩය ඇතුලේ සෑම දෙයක්ම නියමිත පරිමාණයෙන් නිපදවීම හා නියමිත ස්ථාන වල පැවතීම මෙයට හේතුවයි.

තවද මෙම පිරමීඩයේ පිහිටීම උතුරට අංශක 0.05 දකුණට වන්නට වීමද විශේෂත්වයකි.17වන ශතවර්ශයේ නිපද වූ නිර්මාන වලට පවා ඊට අවුරුදු 1000කට පෙර නිපදවූ පිරමීඩ වල මෙම අංශක ගණනට ලං වීමට වත් නොහැකි වී තියෙනවා.ප්‍රශ්ණය නම් අද නියමිත අංශක ගනනට ගොඩ නැගිලි නිපද වන්නේ මාලිමාව ආධාරයෙනි.නමුත් එදා කෙසේ නිපද වූවාද යන්නයි.

පිරමීඩයේ ඇතුලත
පිරමීඩයේ ඇතුලත

මෙම පිරමීඩයට ඇතුල් වන දොර‍ටුව පිහිටා තියෙන්නේ මීටර 17ක්(අඩි 56) උඩින් වීම විශේෂත්වයකි.එතරම් උඩින් මෙම දොර‍ටුව සාදා ඇත්තේ මෙයට නැවත ඇතුල් වීම වැලැක්වීමටයි.මිසර වැසියෝ තම පාලකයාගේ මරණින් පසු ජීවිතයට බාධා නොකරන්නට මෙවැනි උසකින් දොර‍ටුව සාදා ඇතැයි විශ්වස කරති.මෙම පිරමීඩය ඇතුලේ කුටි ගනනාවක් ඇති අතර එයට යාමට කොරිඩෝවන් විශාල ගනනක් ඇත.මෙම ගීසාහී මාහා පිරමීඩයේ ඇතුලත ප්‍රධාන ලෙස කුටි 3කින් සමන්විත වෙනවා.



පහලට යන කොරිඩෝව
මෙසේ මෙම දොර‍ටුවෙන් ඇතුලු වූවාට පසු පහලට දිව යන කොරිඩෝවක් ඇති අතර එය Descending Passage යනුවෙන් හදුන්වනු ලැබේ.මෙය අඩි 3.4 ක් පලල හා අඩි 3.1 උස ලෙස සදහන් වේ.මෙම කොරිඩෝව දිගේ අඩි 345ක් පමණ ගිය විට මෙම පහලට බෑවුම් වන කොරිඩෝව පොලවට සමාන්තර වන බව සදහන් වේ.තවත් අඩි 29ක් ගිය විට තවමත් වැඩ නිම නොකල කුටියක් දක්නට ලැබේ.


‍රැජිනගේ කුටිය
ඇතුලුවන දොර‍ටුවේ සිට අඩි 93ක් හිය විට තවත් ඉහලට යාමට කොරිඩෝවක් හමුවේ.එය Ascending Passage ලෙස හදුන්වයි.මෙහි දිග පලල Descending Passageයට සමාන වේ.මෙය පලමු වරට සොයා ගන්නා විට අවහිර කරනු ලැබූ මාර්ගයකි.කෙසේ නමුත් මෙම ඉහලට දිව යන කොරිඩෝව දිගේ අඩි 130ක් පමණ ගිය විට ‍රැජිනගේ කුටිය ලෙස හදුන්වන කුටිය හමුවේ.මෙහි බිත්ති සම්පූර්ණයෙන්ම නිමවා නැත.


‍රැජිනගේ කුටියෙන් හමු වූ දොර අගුල

මෙම ‍රැජිනගේ කුටියේ දකුණු අතට වන්නට තඹ් ලෝහයෙන් තැනූ  දොර අගුලක් ඇත.සෑම කෙනෙකුගේම අදහස වූයේ මෙය තවත් රහස් කුටියකට ඇති දොරක් බවයි.මෙය සොයා ගනු ලැබුවේ ජර්මන් ජාතික ඉංජිනේරුවෙකු වන Rudolf Gantenbrink විසිනි.ඒ ඔහුගේම නිර්මාණයක් වන බඩගා යන රොබෝ කෙනෙකුගේ ආධාරයෙනි.එය Upuaut 2 ලෙස හදුන්වයි.පසුව National Geographic Society ය විසින් ඊට සමාන රොබෝ කෙනෙකු සාදා එම බිත්තිය හිල් කර එම කුඩා සිදුරෙන් එම රොබෝව යවන ලදී.නමුත් පුදුමය වන්නේ මෙම අභිරහස් දොරට පි‍ටුපස තවත් බිත්තියක් ඇති බව එම රොබෝගේ ඇති කැමරාවේ සටහන් වීමයි.


මෙවැනිම ආකාරයේ දොරක් ‍රැජිනගේ කුටියේ උතුරු පසට වන්නට ඇති අතර නවතම සොයා ගැනීම් අනුව එම දොර‍ටුව පි‍ටුපස තවත් කුටියක් ඇති අතර එම බිත්ති වල රතු පාටින් Hieroglyphs(විවිද චිත්‍ර) ලියා ඇති බවද සදහන් වෙනවා.


රජුගේ මමිය බහා තිබූ ගල් පෙට්ටිය
තවත් ඉහලට ගිය විට රජුගේ කුටිය හමුවේ.මෙය ඉතා අලංකාර ලෙස නිමවා තිබූ බවට සදහන් වේ.රජුගේ මමිය තැන්පත් කරන ලද ගල් වලින් නිම කරන ලද පෙට්ටියක් ඇති අතර මෙම කුටිය තනි රතු ග්‍රැනයිට් වලින් නිමවා ඇත.



මෙම රජුගේ කුටියට ඉහලින් තවත් කුටි ගනනාවක්ම ඇති අතර ඒවා සාදා ඇත්තේ රජුගේ කුටියට එන බර අඩු කිරීමටයි.
රජුගේ කුටියේ දල සැලැස්ම

1.රජුගේ කුටිය.
2.ප්‍රවේශ වීමට ඇති කුටිය.
3.රජුගේ ගල් මිනී පෙට්ටිය.
4.වාතය ඇතුලට ‍රැගෙන ඒමට තැනුවකි.
5.පොලවට සමාන්තර වූ ග්‍රැනයිට් බාල්කය.
6.ආධාරක ලෙස තැනූ හුණු ගල් බාල්ක.
7.වහලය.
8.පිරමීඩයේ ගල් වලින් එන බර නිදහස් කිරීමට තැනූ කුටි.
9.රජුගේ කුටියට යාමට තැනූ කොරිඩෝව.


ප්‍රධාන කුටි තුන

මම හිතනවා ඔයලා මේ ලිපියෙන් මෙම මහා පිරමීඩය ගැන දැනගත්තා කියලා.වැඩි විස්තර මෙතනින් ගන්න පුලුවන්.මෙම පිරමීඩය ගැන සොයා ගැනීම්,විවිධ මත අපි ඊලග ලිපියෙන් කතා කරමු.

11 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

"අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."

සහතික ඇත්ත. හැබැයි මේ විදියෙ වචන පාවිච්චිය ටිකක් ප්රවේසමෙන්. මොකද තව කාලයකින් සමහරවිට අවුරුදු කීපයකින් වගේ තියන තාක්ෂණය අද තියන තාක්ශණය නොවන නිසා. අපි අද අත්භූත කියල හිතන් ඉන්න දේවල් වලින් කොටසක් එදාට මොන්ටිසෝරි ළමයිනුත් දන්න දේවල් වෙන්න පුලුවන්.

ඔබේ ලිපිය නම් වටිනවා.

හිස් අහස said...

බොහොම වටින ලිපියක් මිත්‍රයා . වැඩිදුර අදහස් දෙන්නම මට දැන් වේලාවක් නෑ ඒත් මම ඔබේ මේ ලිපි පෙළම ආසාවෙන් කියෙවුවා .

Gihan said...

ලිපි පෙළම ආසාවෙන් කියෙවුවා.

උදාර said...

දිගටම ලියමු.

Ishara said...

ස්තුතියි ලිපියට. විස්තර ගොඩක් දැනගත්තා.

Anonymous said...

වටිනා ලිපියක් බොහෝ දේවල් දැනගත්තා. මේ පිරමිඩ තුල රජුගේ සහ රැජිනගේ මළසිරුරු තිබුනේ නැතිද

හරී - පිණිපළස said...

බොහොම වටිනා ලිපියක් මල්ලී,, ආයෙම වතාවක් කියවන්න ඕනෙ,,

Dinesh said...

ඔතන තවත් අහිරහසක් තියෙනවා.. ඒ තමයි ඔය කුටි ඇතුලට ආලෝකය ලබා ගත්තේ කොහොමද කියන එක.. මං හිස්ට්‍රි චැනල් එකේ වැඩ සටහනක දැක්කා ඔවුන් අපි දැන් පාවිච්චි කරන විදුලි බුබුලු වලට සමාන ආලෝක උපදවන ක්‍රමයක් භාවිතා කලා කියලා...

සුපර් මාරියෝ said...

මමමත් කැමැත්තෙන්ම කියවපු ලිපි සෙට් එකක්.. එල...

නදීර සඳරුවන් ලියනගේ said...

පිරමීඩ නේද?රසවත් ටොපික් එකක් වැඩි විස්තර හොයල බලන්න ඕන

ක්සැන්ඩර් | Xander said...

මමත් නොදැන හිටි දේවල් ටිකක් දැනගත්ත මේ ලිපි සෙට් එක ඇසුරෙන්. ඔහොම යං සහෝ.. නියමයි..

Post a Comment