Friday, April 22, 2011

එදා එහෙම උනා නම්.......මම අද ඉන්න තැන......(කබරයා කතාව අංක 1)

සිද්දිය උනේ අප්‍රියෙල් 2 ඒ කියන්නෙ වර්ල්ඩ් කප් එක දවසෙ.....


බෝඩිමේ එදා කට්ටිය මැච් එක බලන්න සෙට් වෙලා පොඩි බෝතල් පාටියක් ලෑස්ති කරගෙන ඔන්න මැච් එක බලනවා....එක බුවෙක් එදා බෝඩිමට ඇවිල්ල තිබ්බා.ඌ වැඩිය බොන එකෙක් නෙමේ..බිව්වත් බොන්නේ බියර්....බුවා ගෙ නම සුගතපාල කියල කියමු(බලදාරියා විසින් නම් ප්‍රසිද්ද කිරීම තහනම කර ඇත).


ලංකාව පලමු ඉනිමට ලකුනු 274  ගහපු වෙලාවෙ සෙට් එකම හයියෙන් හුරේ එක දැම්මෝය...සුගතපාල ඒ වෙලාව වෙනකොට බියර් බෝතලයක්ම ගහලයි හිටියෙ...බුවට ආපු ෆෝම් එකට ගත්තා ගෙදරට කෝල් එකක්...


සුගතපාල : අම්මේ බලන්න අම්මල එදා මට බැට් එකයි බෝලෙයි අරන් දුන්න නම් මම අද මේ මැච් එක      ගහනවනෙ...බලන්න කාටද ආඩම්බර.... බලන්න එදා එහෙම උනා නම් මම අද ඉන්න තැන....


අනෙක් පැත්තෙන් කිව්ව දේ කට්ටියට ඇසී නැත.....


ඔන්න මැච් එක පරදින කොට බුවාට එපා වෙලා නිදා ගන්න ගියා.ටික වෙලාවකින් කාමරේ සද්දයක් ඇහිල බලනකොට බුවා ඇදන් ඉන්න ටී ශර්ට් එක ගලවලා ඒකට කබරය දානවා...සෙට් එකම ඉතින් මූට බැන බැන කබරය සුද්ද කරනවා.......ඔක්කොම ඉවර උනාට පස්සෙ සෙට් එකම නිදියන්න ගියා....ටික වෙලාවකින් අයෙත් අරු කබරයා දානවා...කාමරේ ලයිට් එක දාල බලනකොට මෙන්න මු කලිසම ගලවලා ඒකට වමනෙ දානවා....හික් හික්......


ටික වේලාවකින් මු අහපි :"මචන් මට කබරයා යන්න එනවා...මෙතන දැම්මට අව්ලක් නැහැ නේ...."


ඒ වෙලාවට ඉතින් ******************************************************

Monday, April 4, 2011

ෆයිනල් එ‍ක්සෑම් ලං වෙනකොට කොල්ලො කියන කතා.....!!!!!







මචන් අද ඉදන් වත් පාඩම් කරමු...!!


ලබන සමෙස්ටර් එකේ වත් ලෙක්චස් කට් කරන්නේ නැතුව යමු බන්. 


අපරාදෙ..... semester එකේ මුල ඉදලා වැඩ කරානම් කර ගන්න පුලුවන් බන්.
කොහෙද ඉතින් HELLO පාරක් ගහල අනිත් පැත්ත බලනකොට දවස ඉවරයිනෙ...

අම්මටහුඩු..!!!! FINAL අනිද්ද නේ...දැන් නම් ඉතින් කුප්පියක පිහිට තමයි.....

තව දවස් දෙකයි නේ බන් තියෙන්නෙ???කුප්පි මදි වෙයි බන්...මොකද කරන්නේ...????

අපරාදෙ බන් තව දවස් 3නක් වත් තිබුන නම්...


මෙඩිකල් එකක් දැම්මොත් MID එකේ ලකුනු එකතු වෙනවද මචන්






දැන් වෙන කුමක් කරන්නද....!!!!!


අයියෝ MID TERM එකට තව ලකුනු 5හක් වැඩිපුර ගත්තානම්..


අපරාදෙ ...දැන් මොනවා කරන්නද..මෙච්චර සල්ලි REPEAT වලට කොහොමද හොයා ගන්නෙ ඔයි....


ඔන්න ඔහොමයි අපිට හිතෙන්නේ...එක්සෑම් ලං උනාම...මම සිරාවට කියන්නේ අපිට එක්සෑම් ලග එනවෝ බේර ගනියෝ.21 එක්සෑම් කියලා නොටිස් එකක් දාල තිබ්බා කියලා ලාවට මතකයි හික් හික් ලොල්.....


සැමදා ඔබ අපේ විරුවන්ය..........!!!!!!


අපිට ලෝක කුසලානය අහිමි විය.එහෙත් අපි කව්ද කියා ලෝකයාට පෙන්නවීමට හැකි වීම මම ආඩම්බරයෙන් කියමි.


ක්‍රිකට් ලෝක කුසලාන තරගය අවසන් වූයේ පෙරේදාය.මට ඊයේ පෝස්ට් එකක් දාන්නට බැරි වුනේ මම අපේ ජාතික වීරයන් හට උපහාර පිදීමට කොළඹ නිදහස් චතුරශ්‍රයට ගිය නිසාය.


අපේ රටේ ජනප්‍රියම ක්‍රිඩාව මෙයය.


"1996 බිහි වු අරවින්දලා,අර්ජුනලා,ගුරුසින්හලා නැවතත් බිහි වෙන්නෙ නැහැ...අපිට අයෙමත් ආත්මෙකට කප් එක ගන්න බැහැ"යනුවෙන් කෙනෙකුගේ කොමෙන්ටුවක් මම දැක්කෙමි.යම් තාක් දුරට මෙහි සත්්‍ය්ක් ඇති මුත් අපිට අයෙත් කප් එකක් ගන්න බැහැ කීම මම පිලිගන්නේ නැත.


අපේ මෙ පුංචි රට ගැන සුද්දන්    දැන ගන්නේ මෙ සෙල්ලම හරහාය..ඔවුන් අපි සෙල්ලම් කරන්නට පිටියට පිවිසෙද්දි සෙල්ලම් කරන්නේ යම් කිසි චකිතයකිනි.


මුරලි අද ක්‍රිඩවෙන් සමුගෙන ඇත.ඔහුගෙන් සිදු වු සේවය මිල කල නොහැක්කක් වන්නේ ඔහුගේ අඩුපාඩුව පිරවීමට කෙනෙකු මෙ රටේ බිහිවීම සැක සහිත නිසාය.ඔහු අපිට රජෙකි.


අපේ කොල්ලන් හොදට වැඩ පෙන්නුවා කීවොත් නිවැරදි යැයි මට සිතේ.අපි පරාජය වූවද අපේ කොල්ලො අපිට විරුවන්ය.පොජ්ජේ,බුවා,Bhagya Sanuka ගේ ලිපි මෙයට හොද උදාහරනය.

Sunday, April 3, 2011

ෆොටො ගැහිල්ල ගිය දුර...!!!


ඔන්න මම දැන් කියන්න යන්නෙ අපි කරපු වීර ක්‍රියාවක් ගැන..අපි කිව්වෙ කැම්පස් එකේ අපේ සෙට් එක.අපි තමා ඉතින් තිතට මත තිබ්බ කට්ටිය හික් හික් ලොල්.


මේ කතාවටත් මතට සම්බන්දයි තමා..


ඔන්න ගිය අවුරුද්දෙ දෙවැනි සමෙස්ටර් එකේ ෆ්යිනල් ඉවර උන දවසෙ අපෙ සෙට් එකට සෙට් වෙන්න ඔනා උනා.අපි දවස් ගානක් මැරීගෙන පාඩම් කරල එපා වෙලා හිටියෙ.ඕකට මුල් වෙලා සන්විදානය කලේ බඩයි අසෝක අයියයි පොඩ්ඩයි.මමත් පැත්තකින් හිටියා ඕන්.කට්ටිය ගැන පස්සෙ පොස්ට් එකක් දාන්නම්.


ඔන්න ෆ්යිනල් එකෙ අන්තිම දවසෙ සෙට් වෙන්න තිරනය උනේ අසොක අයියයි පොඩ්ඩයි කලින් සෙට් උන දෙහිවල පොට් එකක්.එතන කලින් උන සීන් එක මම පස්සෙ කියන්නම්.කට්ටියගෙන් 500 ගනෙ එකතු කරන් බොතල් ගන්න ගියා ෆුඩ් සිටි එකට බොන්න 12ක් හිටියා අපෙ.බොතල් 5ක් අරගත්තා.ඔක්කොම කරේ බඩා තමා.ඌ තම අපෙ සෙට් එකේ ෆන් ම පොර.


අපි දෙහිවල පොට් එකට ගියපු ගමන් බ්යිට් වලට 4000ක් ඉල්ලපි.අම්මට හුඩු ****ගනන් නෙ මුන්ගෙ.වැඩේ හරියන්නෙ නැහැ කියල කට්ටියට තේරුන නිසා අපි එතනින් මාරු උනා.වෙලාව රෑ 7 විතර ඇති.ඒ මදිවට චුරු චුරු වස්සකුත් වැහැපි.සෙට් එකට එපා වෙලා.අපේ උන් පාරේ පිස්සු කෙලිනව.ලොලේ ලොල්.ඊට පස්සෙ මහරගම පොට් එකක් තියෙනව කියල බඩා කියපු ගමන් අපෙ සෙට් එක නැවතත් ෆුල් ෆෝම් එකට ආවා.


119 බස් එකක නැගල මහරගමට යන්න ප්ලෑන් කරන් දෙහිවල හන්දියට ඇවිටත් බස් එකේ නැග්ගා.ඔන්න වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ බස් එකේ හිටපු අක්ක කෙනෙක් අසෝක අයියට කතා කරා.අපි දෙන්න හිටියෙ ඉස්සරහ.මම හිතුවෙ අපේ සෙට් එක මොකක් හරි ජරමරයක් දානගෙන තමා කියල.එ අක්ක ගාව වාඩි වෙලා හිටපු අවුරුදු 35ක විතර චාටර් පෙනුමක් තිබ්බ පොරක් ඉස්සරහට අවිත් වාඩි උනා.අසෝක අයියා එක්ක ගාවට ගිහින් ආයෙත් අර පොර ගාවට ගිහින්


"තමුසෙ අර ගෑනු කෙනාගෙ ෆොටො ගහුවද"  කියලා ඇහුව.
මූ ගත් කටටම "නෑ" කියලා කිව්වා.


මම ඌ නෑ කියපු විදිය වැඩිය ඇල්ලුවෙ නැහැ.


මම අසෝක අයියගෙ ලගට ගියා සීන් එක අහ ගන්න.අර අක්කා අසෝක අයියගෙ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක්.මූ ඒ අක්කාගෙ ෆොටො ගහලා.හරි නැහැ නේ සීන් එක එ අක්කට.අපි ආයෙත් ගිහින් උගෙන් ඇහුවා.ඌ නෑම කිව්වා.අපේ සෙට් එකේ ඉන්නවා බොක්කා කියලා ඩයල් එකක්.ඩබල් ගේම්  ආතල් පොරක්.


බොක්කා ඇවිත් ඌගේ ෆොන් එක අරන් බැලුවා.මෙන්න ගහපු ෆොටෝ තියෙනවා.සෙට් එකම අරුට වට කරන් ගහුවා.බස් එක ඇතුලෙ ෆුල් හොල්මන්.නරක වචන එහෙම අපි කිව්වෙ නැහැ ඕන්.හික් හික්.මුව කොහොම හරි අපි බස් එකෙන් බැස්සුවා.ඊට පස්සෙටත් ගුටි කෙලිය.මම හිතන්නෙ ඌ අම්බානෙක කැවා.


මූ ගුටි කන ගමන් පොලිසියට යමු කිව්වා.හික් හික් අපි මුව පොලිසියට අරන් ගියා.අපෙ උන්ට මීටර් නැහැ බොතල් බෑග් වල කියලා.කෙලින්ම පොලිසියෙ අතුලෙ.මාට්ටු උනා නම් අපි ටම පොලිසියෙ.OIC ට සීන් එක කිව්වා.
දැන් තම මරුම සීන් එක.OIC මුගෙන් ඇහුවා ෆොටො ගහුවද කියල.මූ මෙතනත් නෑ කියපි.OIC ටත් දැඩි මල.


"තෝ දැන් ෆොටෝ ගැහුවෙ නැත්තම් මේ මොනවද තියෙන්නේ???"


"ස...සර් මගේ අතින් වැරදිලා වැදුනා...ම.....මම ෆොටෝ ගහන්න දන්නෙ නැහැ" බුවා කිව්වා.


"හරි තෝ දැන් ෆොටො ගහන්න දන්නෙ නැහැ කිව්වනෙ.ෆොටො වැදුන වෙලාවෙ තෝ ෆොන් එක කොහොමද තියාගෙන හිටියෙ???"


මූ උගෙ පැත්තට කැමරාව හරවගෙන  "මෙහෙම ස...සර්"කිව්වා.


හික් හික්.OIC කිව්වා"හරි දැන් ගහපිය ෆෝටො එකක්".


මූ ෆෝටො එකක් ගහුවා.


"මට කියපිය ඔය ෆොටො එකෙ කව්ද ඉන්නෙ කියල?"

මූ අහින්සක පාට් එකෙන් "මම සර්" කිව්වා.

OIC මූට කනේ පාරක් ගහල කූඩුවට දැම්මා.