අපිට ලෝක කුසලානය අහිමි විය.එහෙත් අපි කව්ද කියා ලෝකයාට පෙන්නවීමට හැකි වීම මම ආඩම්බරයෙන් කියමි.
ක්‍රිකට් ලෝක කුසලාන තරගය අවසන් වූයේ පෙරේදාය.මට ඊයේ පෝස්ට් එකක් දාන්නට බැරි වුනේ මම අපේ ජාතික වීරයන් හට උපහාර පිදීමට කොළඹ නිදහස් චතුරශ්‍රයට ගිය නිසාය.
අපේ රටේ ජනප්‍රියම ක්‍රිඩාව මෙයය.
"1996 බිහි වු අරවින්දලා,අර්ජුනලා,ගුරුසින්හලා නැවතත් බිහි වෙන්නෙ නැහැ...අපිට අයෙමත් ආත්මෙකට කප් එක ගන්න බැහැ"යනුවෙන් කෙනෙකුගේ කොමෙන්ටුවක් මම දැක්කෙමි.යම් තාක් දුරට මෙහි සත්්‍ය්ක් ඇති මුත් අපිට අයෙත් කප් එකක් ගන්න බැහැ කීම මම පිලිගන්නේ නැත.
අපේ මෙ පුංචි රට ගැන සුද්දන් දැන ගන්නේ මෙ සෙල්ලම හරහාය..ඔවුන් අපි සෙල්ලම් කරන්නට පිටියට පිවිසෙද්දි සෙල්ලම් කරන්නේ යම් කිසි චකිතයකිනි.
මුරලි අද ක්‍රිඩවෙන් සමුගෙන ඇත.ඔහුගෙන් සිදු වු සේවය මිල කල නොහැක්කක් වන්නේ ඔහුගේ අඩුපාඩුව පිරවීමට කෙනෙකු මෙ රටේ බිහිවීම සැක සහිත නිසාය.ඔහු අපිට රජෙකි.
අපේ කොල්ලන් හොදට වැඩ පෙන්නුවා කීවොත් නිවැරදි යැයි මට සිතේ.අපි පරාජය වූවද අපේ කොල්ලො අපිට විරුවන්ය.පොජ්ජේ,බුවා,Bhagya Sanuka ගේ ලිපි මෙයට හොද උදාහරනය.
0 ක් අදහස් දක්වන ලදී:
Post a Comment