Friday, April 22, 2011

එදා එහෙම උනා නම්.......මම අද ඉන්න තැන......(කබරයා කතාව අංක 1)

සිද්දිය උනේ අප්‍රියෙල් 2 ඒ කියන්නෙ වර්ල්ඩ් කප් එක දවසෙ.....


බෝඩිමේ එදා කට්ටිය මැච් එක බලන්න සෙට් වෙලා පොඩි බෝතල් පාටියක් ලෑස්ති කරගෙන ඔන්න මැච් එක බලනවා....එක බුවෙක් එදා බෝඩිමට ඇවිල්ල තිබ්බා.ඌ වැඩිය බොන එකෙක් නෙමේ..බිව්වත් බොන්නේ බියර්....බුවා ගෙ නම සුගතපාල කියල කියමු(බලදාරියා විසින් නම් ප්‍රසිද්ද කිරීම තහනම කර ඇත).


ලංකාව පලමු ඉනිමට ලකුනු 274  ගහපු වෙලාවෙ සෙට් එකම හයියෙන් හුරේ එක දැම්මෝය...සුගතපාල ඒ වෙලාව වෙනකොට බියර් බෝතලයක්ම ගහලයි හිටියෙ...බුවට ආපු ෆෝම් එකට ගත්තා ගෙදරට කෝල් එකක්...


සුගතපාල : අම්මේ බලන්න අම්මල එදා මට බැට් එකයි බෝලෙයි අරන් දුන්න නම් මම අද මේ මැච් එක      ගහනවනෙ...බලන්න කාටද ආඩම්බර.... බලන්න එදා එහෙම උනා නම් මම අද ඉන්න තැන....


අනෙක් පැත්තෙන් කිව්ව දේ කට්ටියට ඇසී නැත.....


ඔන්න මැච් එක පරදින කොට බුවාට එපා වෙලා නිදා ගන්න ගියා.ටික වෙලාවකින් කාමරේ සද්දයක් ඇහිල බලනකොට බුවා ඇදන් ඉන්න ටී ශර්ට් එක ගලවලා ඒකට කබරය දානවා...සෙට් එකම ඉතින් මූට බැන බැන කබරය සුද්ද කරනවා.......ඔක්කොම ඉවර උනාට පස්සෙ සෙට් එකම නිදියන්න ගියා....ටික වෙලාවකින් අයෙත් අරු කබරයා දානවා...කාමරේ ලයිට් එක දාල බලනකොට මෙන්න මු කලිසම ගලවලා ඒකට වමනෙ දානවා....හික් හික්......


ටික වේලාවකින් මු අහපි :"මචන් මට කබරයා යන්න එනවා...මෙතන දැම්මට අව්ලක් නැහැ නේ...."


ඒ වෙලාවට ඉතින් ******************************************************

0 ක් අදහස් දක්වන ලදී:

Post a Comment