Saturday, July 30, 2011

දොස්තර හොද හිත


ඔන්න යාලුවනේ මම අදත් ඔයාලා පුංචි කාලේ ගොඩාක් ආස කරපු ආදරේ කරපු දෙයක් අරන් ආවා.බලන්න මතකද කියලා.මේකේ තේමා ගීතය බාගැනීමට සබැදියක් මම දීලා ඇති හොදේ..මේක මට ටොරන්ට් වල බාන්න ෆයිල් එකක් හම්බුනේ නැහැ.යූ ටියුබ් එකේ නම් සමහර කෑලි තියෙනවා.ඔන්න මම එකෙත් වීඩියෝ එකක් දාලා ඇති.මම මේකේ ආසම චව් චව් ට.මිනිහ නම් පුදුම ආතල් පොරක්.රකුස් එක්ක යන යන තැන නානවනේ මිනිහා.


මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.

සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු.
පිරිසක් පිරිහේවි ලූ...//

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.

අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ.
මෛත්‍රියෙන් ජය ලැබේ....//

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි...///

ගී පද : ප්‍රේම කීර්ති ද අල්විස්
ගී තනු : සෝමපාල රත්නායක 


ආදර ඉල්ලුම් පත්‍රය




බුවා1 : පිවිතුරු ප්‍රේමය...
බුවා2 : ඒ මොකක්ද බං ඒ??
බුවා1 : මම දන්නෙත් නැහැ බං...ඒත් මම කෙල්ලෙක්ට ලව් බං..
බුවා2 : කෙල්ල මොකද කිව්වේ??
බුවා1 : ඇප්ලිකේෂන් එකක් දුන්නා බං..
බුවා2 : මොකක්??
බුවා1 : මේ තියෙන්නේ....
ආදර ඉල්ලුම් පත්‍රය

නම : (ඕනෙමත් නෑ ඉතින්)


ලිපිනය : (ටවුන් එක ලගින්නම් හොදයි)


වයස : (බොරු ඒවා බෑ හරිද)


සුදුසුකම් : (ආදායම් වාර්තාවක් මේ සමග ඇමිනිය යුතුයි)


වෙනත් සුදුසුකම් :

  • මද්‍යසාර හා දුම්වැට භාවිත නොකල යුතුයි.(භාවිතා කලත් මට පේන්න තියන්න එපා)
  • යාලුවෝ 5ට වඩා නොසිටිය යුතුයි.
  • මගේ ඊමේල් එකේ හා ෆේස්බුක් එකේ පාස්වර්ඩ් ඉල්ලීම සපුරා තහනම්.

         දිනය                                        අත්සන


බුවා2 : අප්පා....මාර ඇප්ලිකේෂන් එකක් නේ බං.
බුවා1 : මොනවා කරන්නද බං,පුරවලා දානවා.
බුවා2 : හ්ම්..ඔව්...බයවෙන්න එපා මචන් අව්ලක් වෙන එකක් නැහැ.
බුවා1 : තැන්කිව් මචන්.
බුවා2 : ගුඩ් ලක් මචන්.


ප.ලි:-මේක දැම්මා කියලා ගැහනු පාර්ශවේ තරහ වෙයිද දන්නේ නැහැ.සමාවෙන්ට ඕනා.මෙක ඔක්කොටම අදාල වෙන්නේ නැහැ හොදේ.....

Friday, July 29, 2011

පොල් පැලේ .....


සුභ පැතුම් මැද
ඉත සිතින් මම
වත්තෙ පහලම
සිටුවා පැල කල
මමත් එක්කම
ලොකු වෙතැයි සිතුවට
මට කලින් නුඹ
උස වෙනා හැටි දැක
හේතු කිම දැයි
විමසු කල

" බට් කරලාලු
ඉක්මනට හැදෙන්න"



මේ අද මම මේ දාන 3 වෙනි පෝස්ට් එක.අද උදේ වරුවම මම නිකන් නේ ගෙදරට වෙලා හිටියේ.හවස නම් ලැබ් එකක් තිබ්බා.හෙට ලෙක්චර්ස්.අප්පා ඒ ගැන හිතුවම සසර කල කිරෙනවා .ඇයි උදේ 8.30ට පටන් ගත්තම රෑ 8ට නේ ඉවර වෙන්නේ.ෆුල් හින්දුස්තාන් තමා.උදෙන්ම ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ඩේටබේස් මැනේජ්මන්ට් සිස්ටම්.ඊ ලගට ඩේටා ස්ටක්ච්‍රස් ඇන්ඩ් ඇල්ගොරිදම්.අපෝ........මතක් කරාමත් ඔලුව රිදෙනවා.ලොල්.මිඩ් එකත් ලග එනවාලු.මෙලෝ දෙයක් පාඩම් කරලාත් නෑලු.ලියන්නේ මොනවද දන්නේත් නෑලු.කම්මැලි වෙලා බෑ.කොහොම හරි කර ගන්න එපැයි.නැත්තම් ලොස්ම තමා.ලොල්.හෙට පෝස්ට් එකක් දාන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ.මොකද ගෙදර එනකොට එන්නේ නිදියන්න බලාගෙනනේ.ඇද දැක්කම ඒ වෙලේට නිවන් දැක්කා වගේ

පිස්සු පූසා


මම මේක හිත හිත හිටියේ දානවා කියලා ඒත් අමතක උනා.ඔන්න අද මතක් උන නිසා දැම්මා.හික් හික්.මේකේ පිස්සු පූසට හඩ කැවීම් කලේ පරක්‍රම පෙරේරා මාමා.මේකේ ඉංග්‍රිසි කාටූන් එකේ නම තමා Top Cat.ඒක සිංහල එක තරම් ගතියක් නැහැ කියලයි මට හිතෙන්නේ.මගේ ආසම චරිතේ පිස්සු පූසා.අප්පා ඒ කාලේ පුදුම පිස්සුවක් තිබ්බේ මේක බලන්න.මෙන්න මෙයාලා ඔයාලට මතකද???


පිස්සු පූසා එහෙමත් නැත්තම් පූස් ලොක්කා(මේ මම)
ඤාව්වා
උපාසක

මාලු කට්ටා
මී කතුරා
පුරු පුරු
සාජන්ට් මහත්තයා


සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මේ
ඤාව්
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ

තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා
ඤාව්
හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩින් බෙල්ල දමා
බොරු බේගල් ඇද දමලා සහචරයින් කරයි මුලා
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ
ඤාව්

අන් කුසගිනි නිවන නියා කට බලියන් ඉන්න එකා
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා
බිම පෙරලෙයි වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ//
ඤාව්

හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා
කොන්ද නවා දුන්න ලෙසා පහුරු ගායි පූසා
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ
පිස්සා මේ පිස්සා මේ පිස්සු පූසා මේ//
ඤාව් ඤාව් ඤාව්





ගී තනු :සෝමසිරි ඉලේසිංහ

නිපැයුම : අතුල රන්සිරිලාල්


මෙතනින් බා ගන්න....

උපදේශයට පන්සීයයි!



හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ.
"ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.." එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය.
"ඒ කොහොමද?"
"මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා."
"ඊට පස්‌සෙ මොකද වුණේ?"
"මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්

වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."
"ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"

"ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."
ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය.

Thursday, July 28, 2011

ත්‍රීවීල්,ලොරි සහ බස් අයියලාගේ කතා



මම අන්තිමට දාපු ඉස්සර බලපු ටීවි සිරිස් සහ කාටූන් පෝස්ට් එකට තමා දැනට වැඩිම හිට්ස් ගානකුත් වැඩිම කමෙන්ට් ගානකුත් තියෙන්නේ.බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න.පෝස්ට් එක බලලා කමෙන්ට් කරපු,නොකරපු ඔයාලා හැමෝටම මම ගොඩාක් ස්තූති කරන්න ඕනා.එයින් මට හම්බුන සතුට කියලා නිම කරන්න බෑ.ගොඩාක් ස්තූතියි ඔයාලට.


අද මම දාන්නේ ටිකක් වෙනස් විදියක පොස්ට් එකක් මේවා මම යන එනකොට දැකපු දේවල්.ඔයාලත් මේවා දැකලා ඇති.ඔයාලා දැකලා ඇතිනේ ඔය ත්‍රීවීල් වලයි බස්  වලයි පිටිපස්සෙ එක එක දේවල් ලියලා තියෙනවා.අන්න ඒවා ටිකක් මට දාන්න හිතුනා.හික් හික් සමහර ඒවා ඉතින් ලොලේ ලොල්.හිකිස්


වයසට ගියත් හවසට ගෙදර..
රෝද තුනක් උඩ සිහින ලොවක්...
නිසල හද තුල කුසල මිස කසල නැත..
සල්ලි තාත්තගෙන් අතහිත බිරිදගෙන්..
ලගට එන්න එපා සුදෝ..
ලං උනේ ඇනලා යන්නද..
හප්පන්න එපා අමරුවෙන් ගත්තේ...
මා පසුකර ගිය ඔයාට සම්මා සම්බුදුසරණයි...
බුදු මල්ලියේ ඈතින් වරෙන්...
අම්මා රත්තරන් නම් තාත්තා පිත්තලද....
රුපියල් ශත නිසාද අපිට මේ දුක
සල්ලිත් නෑ සනීපත් නෑ....
අතහිත නැන්දම්මාගෙනි....
ඔබ අතලග බලාගෙනයි...
ඔබ පැමිනී ඔබම ගියා,නැවතුන තැන මම ඉන්නම්...
ඔබ පසු උනා නෙමෙයි මා ඔබ පසු කලා...
රෝද තුනේ කිරිකිරියයි අපේ දුකට හඩන්නේ...
හබල් ගාන මට නැව් ටෝක් මොකටද...
මම ඇරලා යන්න හරිම සූරයා...

ලංවෙන්නේ පැනි කන්නද...
සිතන්න අමතක උනත් අමතක කරන්න සිතන්න එපා...
දෙන්න හඩ ගන්න ඉඩ...
ඔබ එනවා ලග වැඩී...
පාඩුවේ ජීවත් වෙයන් හරිය...
අපි හරි අහිංසකයි ඈ....
වෙඩිල්ල....
අනේ මාව හෝදන්න....
පිම්බුවට බඩ ගෙම්බගේ නෑ හැඩ....
මරුවා සමග වාසය...අම්මා බුදු වේවා....
එලිය නැති දාට සෙවනැල්ලත් මග හැරී...
ආදරයෙන් පැතූ සියල්ල වේදනාවෙන් නිමා වේ....
අඩන්න හිතකුත් නෑ අඩන්න කදුලකුත් නෑ....
මටත් වඩා හදිස්සිනම් උඩින් යන්න....
පොඩි උනාට දග නෑ පැටියෝ....
අපි බොක්කෙන් ඒත් අපිට බෙලෙක්කෙන්....
වමෙන් ගියත් අපි දකුනේ කොල්ලෝ...
සීනි දිය උනාට ගෝනි දිය වෙන්නේ නෑ...
රෑ එළිවෙනකම් රාමායනය බලලා උදේට අහනවා සීතා කව්ද කියලා...

රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව...
දියුණුවේ රහස ඉර්සියාව නොව වාසනාව හා උත්සහයයි...


පෝස්ට් එක දිග වැඩි උනාද මංදා.ඔන්න තව තියේ නම් මට කියන්න හොදේ


Tuesday, July 26, 2011

ඉස්සර බලපු ටීවි සිරිස් සහ කාටූන්



යාලුවනේ ඔයාලට මතකද ඉස්සර බලපු ටීවි සිරිස් සහ කාටූන්???ඔහොම අමතක වෙන්නද නේ??එවාගේ අපේ පොඩි කාලේ සුන්දර මතකයන් පිරිලා තියෙනවා.ඒ නිසා අපිට ඒවා කවදාකවත් අමතක වෙන්නෙ නෑ.මම බොහොම අමාරුවෙන් එකතු එකගත්තු ටිකක් තියෙනවා.මම කැමතියි ඔයාලත් එක්ක ඒවා බෙදා ගන්න.


මුලින්ම ටින්ටින්(Tin Tin)


රූපවාහිනි එකේ ඉස්සර මේක ගියා.සිරසෙත් කාලයක් ගියා වගේ මට මතකයි.මම මාස 3ක් කට්ටක් කාලා මේක බාගත්තා(6.5GB).දන්නවනේ මේ වගේ පරන ඒවට සීඩ්ස් අඩුයි කියලා.කතා ඔක්කොම තියෙනවා.කොලිටියත් සුපිරි.ඕන කෙනෙක් ඉන්නවනම් මට මේල් එකක් දාන්න.එහෙම කරන්න අමරුනම් මෙන්න Rapidshare ලින්ක් එක.
මෙන්න ටොරන්ට් ලින්ක් එක


ඊලගට රොබින් හුඩ්(Robin Hood)


අප්පා මේක නම් මම ගොඩක් ආදරය කරපු එකක්.රොබින්,මැරියන්,ගිස්බන්,ටක් මේ කට්ටිය තමා ඒ කාලේ අපේ වීරයෝ.මේකත් මම ගාව තියෙනවා.බාන්න කැමති අයට මෙන්න ලින්ක් එක.


මායා බන්ධන එහෙමත් නැත්තම්...Spell Binder




රියානා(හරිම ලස්සන කෙල්ල :D),පෝල්,දුශ්ට ආශ්කා.මේ කට්ටිය මතකද???තව ඒකේ 2වැනි සීරිස් එකේ ඉන්න සන්(කොන්ඩේ ඉස්සරහ තියලා ඉන්න චීන කොල්ලා).හික් හික්.මට මතක විදියට ඒක ගියේ සෙනසුරදා 6ට.ඒ කාලේ ඉතින් ඕක බලන්න මාර පිස්සුව.කොටින්ම කියනවනම් සමහර දවස් වලට අපේ පැත්තට ලයිට් යනවා.ඉතින් කොහොම හරි හන්දියට දුවලා හන්දියෙ ඉන්න යාලුවෙක්ගේ ගෙදරින් කොහොම හරි ඕක බලනවා(හන්දියට වෙනම ලයින් එකයි අපෙ ගෙවල් පැත්තට වෙනම ලයින් එකයි තිබ්බේ)ඔන්න ඕකේ සීරිස් දෙකම මම ගාව තියෙනවා.බාන කට්ටියට මෙන්න 

සීසන් 1
සීසන් 2


ඕශන් ගර්ල්(Ocean girl)




මේක නම් මේ ලගදිත් ගියා වගේ මතකයි ස්වර්නවාහිණි එකේ.මම ගාව මේකේ සීසන් 4ම තියෙනවා.තල්මහ එක්ක ඉන්න ලස්සන කෙල්ලයි,සබ්මැරීන් එකක් ඇතුලෙ ඉන්න කොල්ලෝ දෙන්නයි තමා මේකේ කතා නායකයන්.

මල්ගුඩි දවස්(Malgudi Days)


ආර් කේ නාරායන්ගේ අති විශිෂ්ට නිර්මානයක්.මේකත් රූපවහිනි එකේ ගියපු ලස්සන කතා ටිකක්.මේකත් මම බෑවා.අන්තිමට මම බැලුවේ දැනට අවුරුදු 2කකට කලින් උදේ පාන්දර 6ට නැගිටලා.හික් හික්.මගේ හිතට අල්ලපු දේවල් මම කොහොම හරි අමාරුවෙන් බලනවා ඒකයි.ලොල්

ද ලොස්ට් වර්ල්ඩ්(The Lost word)




හි හි කට්ටියට මම හිතන්නෙ මේක අමතක වෙලා කියලා.මේකේ සීරිස් 3ක් ආව.ඒ 3ම මම ගාව තියෙනවා.මහාචාර්ය චැලෙන්ජර්,රොක්ට්සන් සාමි,මැලෝන් ඇතුලු කට්ටිය ඩයිනෝසරයන් ගේ ලෝකයට ගිහින් වෙන දේවල් තමා තියෙන්නෙ.මේක ගියෙ රූපවාහිනි එකේ


කෝනෑන්(Conan)




මේක ස්වර්ණවාහිනී එකේ ගියේ මට මතක විදියට.මෙකත් තියෙනවා.ලින්ක් එකක් නම් හොයා ගන්න බැරි උනා.තඩි කඩුවක් ගත්ත බොඩි බිල්ඩර් කෙනෙක් ගේ කතාවක් මේක.සමහර අය මේක බලලා නැතුව ඇති මම හිතන්නේ


එක්ස් ෆයිල්ස්(X-files)




මේක නම් මම ගොඩාක් කාලයක් බලපු එකක්.මෝල්ඩර් කොලුවයි,ස්කලීයි සොයා ගන්නා අත්භූත පිටසක්වල දේවල්.හික් හික්.මම ගාව මේකේ සීරිස් 9 වෙනකම් තියෙනවා.මම හිතන්නේ දැනටත් මේක රූපවාහිනි චැනල් අයි එකේ මේක යනවා.


සීනා(Zena)



හික් හික් මේක නම් පොඩ්ඩක් හොරෙන් වගේ බලපු එකක් මම ඉස්සර.මොකද මේ සීනා කියන කෙල්ල හරියට අදුමක් වත් ඇදගෙන නැහැ නේ.හික් හික් ඒ මදිවට සමහර කෑලි වලට කො‍ටුත් දානවනේ.මේකේ සීසන් 6ම මම ගාව තියෙනවා


පන් පසිදු පන්(The Famous Five)




මට මතක විදියට මේක ගියේ මේ නමින් රූපවාහිනි එකේ.හරි නම තමා The Famous Five.මෙකේ කතා ඔක්කොම මම ගාව තියෙනවා.මේකේ පොත නම් හුග දෙනෙක් කියවලා ඇති.


ඔන්න ඕවා තමා මම ගාව තියෙන සීරිස් ටික.ඒ කිව්වේ පරන දේවල්.මේවා මම ගොඩක් ආදරෙන් තියාගෙන ඉන්නේ.පොඩි එකෙක් වෙන්න හදනවා නෙමේ ඕං හික් හික්.ඕනා කෙනෙක් මට මේල් එකක් දාන්න(sanchithadesilva@yahoo.com).අලුත් ඒවනම් ගොඩාරියක් තියෙනවා.නම් වශයෙන් කිව්වොත්.


The Simpson(1 to 20)
The Lost
prison break
Heroes
Jimmy Neutron
Sponge Bob
How I Met Your Mother
Spartacus

තව මට එකතු කරන්න තියෙන ලිස්ට් එකකුත් තියෙනවා.මෙවා ඔයාලා ගාව තියේනම් මට කියන්න.අහ් තව මට මග හැරුනු දේවලුත් තියේ නම් මට මතක් කරන්න


පිස්සු පූසා(මගේ එකක් උනත් මේක මම ගාව නැහැ ලොල්)
දොස්තර හොද හිත
ගලිවර්
නයිට් රයිඩර්
ටාසන්
හා හා හරි හාවා
ටෙක්සාස් රේන්ජර්
වයිපර්
බේ වොච්(හික් හික් මේක නම් අපේ අය බලන්න ඇතිනේ ආසාවෙන්)

විශේෂයෙන් රොබින්සන් අන්දරය.මේක හොයා ගන්න මම දගලපු හැටි මමයි දන්නේ.ඒත් තාම හොයා ගන්න බැරි උනා.රූපවහිනී රූ එන්ටර්ටේට්මන්ට් එකටත් ගියා.ඒකේ ඒක විකුනන්නෙ නැහැලු.දන්න දන්න හැමෝටම කිව්වා.ඒ කා ගාවවත් නැහැ.අනෙ ඔයාලා ගාව තියේනම් මට දෙන්න සල්ලි වලට හරි කමක් නැහැ.

ඒකේ තේමා ගීතය මට නම් කවදාවත්ම අමතක වෙන එකක් නැහැ.සයුරේ ජීවිත නැව පෙරලී.....මුතු සොයනා අය කොහේදෝ......

හිතුවට වඩා පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා.මම මෙතනින් නවතින්නම්.කියවලා බලලා කොමෙන්‍ටුවක් දාලා යන්න අමතක කරන්න එප ඕං.හික් හික්

ප.ලි:-මේ ලිපිය මම ලියන්න හිතුවේ පිස්සාගෙ පලාමල්ලේ මේ ලිපිය නිසා.

Monday, July 25, 2011

මෙන්න නියම ඩව්න්ලෝඩ් ස්පීඩ්


මේ මගේ යාලුවෙක් මුහුනු පොතේ අප්ලෝඩ් කරලා තිබ්බ ෆොටෝ එකක්.බුවා රට ඉන්නේ මිඩ්ල් ඊස්ට් වල.බුවා යූ ටොරන්ට් වල බාපු ෆයිල් එකක ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් තමා තියෙන්නෙ මේ.ෆයිල් සයිස් එක නම් 18GB.දවස් දෙකෙන් මිනිහා ඒක බාලා.ඒකෙන් තව 10GBත් අප්ලෝඩ් කරල.පිස්සු හැදෙනවා.බලන්න පිංතූරය උඩ කොටලා කොහොමද කියලා.අපිට කොහෙන්ද බූල් බල්ලො නෙ????






Saturday, July 23, 2011

කතන්දරේ (මට අමතක උනා බන්)


යහළුවෝ තිදෙනෙකි. මොවුන් තිදෙනා ඉන්නේ ගොඩනැගිල්ලක 75 වැනි තට්ටුවේය. දිනක් එළියට ගොස් ආපසු ආ මොවුන් තිදෙනා දුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලි සෝපාන ක්‍රියා විරහිත බව දන්වා ඇති දැන්වීමකි.

තිදෙනාම 75 වැනි තට්ටුවට නැගිය යුතුව ඇත.
පළමුවැන්නා - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදු කියනවා"
දෙවැන්නා - "මම 25 වැනි තට්ටුවේ ඉඳන් 50 වැනි තට්ටුවට යනකම් හිනා යන කථා කියනවා"
තෙවැන්නා - "මම 50 ඉඳන් කාමරේට යනකම් කථාන්දර කියනවා "

හරි! එහෙනම් නගින්න පටන් ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණය කරති. පළමුවැන්නා 25 වැනි තට්ටුව හමාරවනතෙක් සිංදු කීය. දෙවැන්නා 50 වැනි තට්ටුව දක්වා විහිළු කථා කීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනි තට්ටුවේය.

දෙවැන්නා - "හරි ! දැන් උඹේ වාරේ. කථාන්දර කියන්න පටන් ගනිං"
තෙවැන්නා - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි."
පළමුවැන්නා - "කියපං බං"
තෙවැන්නා - "කාමරේ යතුර අරගෙන එන්න අමතකඋනා බං, ඒක කාර් එක ඇතුලේ"

Friday, July 22, 2011

පුංචි කාලේ ක්‍රිකට්

අපේ පුංචි කාලේ හරිම සුන්දරයි නේද??ආයෙත් ඒ කාලෙට යන්න තියෙනවනම් කියල මට හිතුනු වාර අනන්තයි.මට විතරක් නෙමේ ඔයාලටත් එහෙම හිතෙන්න ඇති කියල මම හිතනවා.අපි පුංචි කාලෙ කරපු සෙල්ලම් අපිට දැන් කරන්න වෙලාවක් නැහැ.ඒ ගැන මතක් වෙද්දිත් හරිම දුකයි නේද???ඔන්න අපි පොඩි කාලේ ක්‍රිකට් සෙල්ලම් කරද්දි වෙන දේවල් ටිකක් දානවා.මේක මට මුහුනු පොතෙන් හම්බුන එකක්.මට ඒකෙන් පොඩි කාලේ මතක් උනා.මම හිතනවා ඔයාලටත් එහෙම වෙයි කියලා


ආ…හරි… හරි… ඉල්ලපන්

සිංහ ද ? පොල්ල ද ?

පොල්ල… පොල්ල…

ඔන්න දැම්මා පොල්ල නේ එහෙනං… ඔව් බං ඔව්…

සිංහ…! හරි අපි ගහමු… ගහන්න ?

යකෝ උඹ ඉල්ලුවේ පොල්ල නේ ?

එත කොට අපි ඉල්ලුවේ පොල්ල ද ?

!^&**(!#*( එනව මෙතන මගුලක් කතා කරන්න

පොල්ල ඉල්ලල සිංහ වැටුනම ගහන්න…

උඹ නං තාමත් ඒදවස් වල වගේමයි…

ඒයි අඩෝ… උඹ අපේ පැත්තේ නේද ?

ඇවිත් අහුලපිය… හිමිහිට ගහන පැත්තට මාරු නොවී…

පලයන් අර පැත්තට… අනේ #^&*#$)@ එතන අව්වයි නේ…

මට එතනට යන්න බෑ…

මොකක් …පලයන් %)()@(#)@ නොදි….

අව්වේ හිටපු නැති උන්… උඹ ඉස්සර කී දවසක් අව්වේ හිටියද

ඉස්කොලේ දුන්න ගෙදර වැඩ නොකර

හරි… දාපන්…

ඒයි ඔය ෆොන් එක සාක්කුවේ දාගෙන අහුලපන්…

මල් කඩපන් පස්සේ…

හරි හරි දාපන්…

උඹට මතකනේ තැන… එතනට දාපන්…

අම්මට හුඩු ගැහැව්වා නේද ?

දාපන්… මෙන්න මුන් දුවනවා…

ඔන්න ඔන්න කඩපන්… කඩපන් …

හරි හරි ගහපන්…

හුහ් හූ… හරේ…ඒ…ඒ…

අවුට්… අවුට්… ඒයි අඩෝ…අම්පයාර්…

අවුට් එක දීපන්…

දෙන්න දෙයක් නෑ එක අවුට් තමයි…

හුහ් හූ… හරේ…ඒ…ඒ…

හුහ් හූ… ගැහුවදෝ… හුහ්… හුහ්…

අවුට් නෑ යකෝ… මම ඉරෙන් මෙහා පැත්තේ හිටියේ…

බලපන්… මෙන්න මෙතනදි කැඩුවේ…

අනේ පලයන්… අම්පයාර් අවුට් කියනව… මු නෑ කියනවා…

ඉර ඔතන නෙවෙයි… මෙන්න ඉර…

විකට් කැඩුවේ මෙතනදි…

අඩෝ බලු වැඩ කරන්න එපා ඩෝ…

මම හිතුවේ ඉර මෙතන කියලා…

ඒ.. අවුට් නෑ බං…

අඩෝ එක බෝලෙකටවත් ගහන්න බැරි උනා

මොන *(*($#)**#(@&@*!#*(!@ ක් ද ?…

යකෝ උඹ අවුට්… ඒ කියන්නේ අවුට්…

බලපන්කෝ උඹලගේ පැත්තේ උනුත් කියනව නේ…

එහෙම කරන්න එපා බං…

අවුරුදු ගානකට පස්සේ ක්‍රිකට් ගහන්න සෙට් උනේ…

මොන මඟුලක් ද මේ…

ඒ බං එකක් දාපන් ඔන්න…

හැබැයි එකයි හරිද…

ඔව්… ඔව්… එකයි…

ඊට පස්සේ පලයන්… හරිද…

ඒයි… මේකට ගහපන්…

අඩනවානේ ගෑනී මැරිච්ච මිනිහා වගේ…

හුම්… ගහපන් ඉතින් … අනේ උඹ…

ඉතින් ගහපිය ඇඩිල්ල නවත්වලා…

ඔන්න දානවා… ගහනවා නම් ගහපිය…

ෂයියෝ මොකක්ද බං මේ උනේ…

ඒ පාර පොලු තුනම ගැලවුනා නේද…?

යකෝ… මේ ඉස්කෝලෙ ටීම් එකට ගහපු කොල්ලෙක් නේද…?

හු…හූ… අඩෝ … හු කියන්න එපා… හූ… හුහ්..හ්හූ..

කලින් පාර ගියානම් ඉවරයි නේ …

නම්බු පිටින්… ඇදගෙන නේ නාන්නේ තාමත්…

පලයන්කෝ දැන්වත්…

අඩෝ හූ…හූ…ඔහොමද ගහනේ… හූ..හ්..හුහ්හ්…හූ…

කවුද &*&*^^%@#*()@ හු කියන්නේ…

ඇයි මොකද වෙලා තියන්නේ…

හූ…හ්..

තොට කිවුව නේද හු කියන්න එපා කියලා…

හිටපන් මම …

ඒයි… මේ පිස්සු කෙලින්න එපා…

අත ඇරපන් ඕකව…

යකෝ එපා…එපා ඕයි…

ඕක නවත්තපන්…

එපා… එපා…

ඕයි…ඕයි… ඕක නවත්තනවා…

^&&(*)@)()_(@#(()((_@^&^&@…

*()*(*(@*#(*@@#*&@*#@….

මම මගේම සීයා වෙලා






ඇමෙරිකා ගියපු අපේ පොරක් බාර් එකේ පොඩි ඩ්‍රින්ක් එකක් දාන ගමන් ඇමෙරිකන් කාරයෙක් එක්ක සෙට් උනා.ටික වෙලාවක් කතා කර කර හිටපු දෙන්න අතර ‍ෆිට් එකක් ඇති උනා.


අපේ එකා:-"ඔයා දන්නවද???අපේ අම්මයි තාත්තයි ගෙදරින් එලියට බැහැලා නැති...මම එකම එක දවසක් දෙකපු කෙල්ලෙක්ව බන්දලා දුන්නා.ඒකි ආදරේ තියා මෙලෝ මලදානයක් දන්නේ නැහැ.මේ මගුල මට දැන් එපා වෙලා තියෙන්නේ.."


ඇමෙරිකන් කාරයා:-"ඔහේ මගුලක් කතා කරනවා.ආදරේ කොරල කරන මගුල් ගැන.මම බැන්දේ අවුරුදු 3ක් ආස්සරේ කරලා මිනිහා මැරිච්ච ගෑනියෙක් ටික කාලෙකට පස්සේ අපේ තාත්තා මේ ගෑනිගේ දුවත් එක්ක යාලු වෙලා ඒ දෙන්නත් කසාද බැන්දා."


"දැන් තාත්තා මගේ බෑනා..මං තාත්තගේ මාමා.තාත්තා බැන්ද කෙල්ල මගේ අම්මා.මගේ ගෑනි මගේ ආච්චී."


"ප්‍රශ්නේ තවත් වැඩි උනා මටයි ගෑනිටයි  පුතෙක් ලැබුනම.මගේ පුතා මගේ තාත්තගේ මල්ලී ඒ නිසා පුතා මගේ බාප්පා."


"තත්වේ තවත් දරුණු උනේ අපෙ තාත්තගේ නෝනට දුවෙක් ලැබුනම දැන් මගේ තාත්තගේ දුව මගේ නංගී.මගෙයි නෝනගෙයි මිණිබිරී."


"බලාගෙන ගියාම යකෝ මම මගේම සීයා වෙලා මගේම මුණුබුරා වෙලා..උබ මේ පවුල් ප්‍රශ්න කතා කරනවා."


එහා පැත්තෙන් දඩස් ගා ශබ්දයක් ඇසුනි.

Thursday, July 21, 2011

මගේ ආචාරය

උදේ ඉදන් හවස් වනතුරු......
ගෙවන මේ ජීවිතයේ.....
දිය බිදක් මෙන්.....
දන්න සිංහලෙන් කියවා.....
ඇතිවන හිතේ සතුටට....
බ්ලොග් ලියනා සැමටත්.....
ඉඩලබා දෙන බ්ලොගර් [ඩොට්] කොම්ටත්...
බ්ලොග් ලියමින් කොමෙන්ට්ස් දාන සියළු දෙනාටත්....
බ්ලොග් නොලියා කොමෙන්ට්ස් දාන සියළු දෙනාටත්......
බ්ලොග් කියවා කොමෙන්ට්ස් නොදාන සැමටත්......
මගේ ආචාරය මෙයින් පුද කරමි.....
ඔබලා කරනා මහඟු සේවෙට.....
අපි ඔක්කොම එක පවුලක බොලොගර් වරු වෙමු...!!!

Wednesday, July 20, 2011

එක එකාට හිතිච්ච ඒවා

මගෙ ජීවිතේ මුහුද ඔයා
ඉතිං මට සමාවෙන්න
මට සමාවෙන්න මට ඔයා එනකන් බලන් ඉන්න බෑ,
ඉතිං මට සමා වෙන්න,මම ඔයාට ගොඩක් ආදරෙයි.
අනේ සතුටින් ඉන්න.
මොකද මම ඔයාට ආදරෙයි,
ඔයා සතුටින් ඉන්න ඕනෙ.
ඔයාට මාව තේරෙනව ද?

මට පොරොන්දු වෙන්න?

ඔයා සතුටින් ඉන්නව කියල,

ඔයා හොදින් ඉන්නව කියල...


පිලිතුර


මා හිතුවෙ ඔයා හොඳින් ඉන්නව කියලඒත් ඒක වැරදියි
මං ඊයෙ නිව්ස් වලින් දැක්කා

ඔයාගෙ ඔලුවට පරමාණු බෝම්බයක් වැටෙනවා
ඔයා එතනම කලුරිය කලා
මට දුක නෑ :පී :පී තාරා

ඔයාව ඇඩ්මිට් කොලේ අංගොඩ පිස්සං කො‍ටුවේ
දැන් එහි නම වෙනස් කොර ඇත
අලුත් නම මා නොදනී
ඔබද නොදනී"
ඉතුරු ටික පස්සෙ දාන්නම්.

.........................................................................................
දැක්කෙම් අඹ පොකුරක් (තිබ්බ ගහ මතක නෑ)

ගත්තෙමි 6 දිග 4 පලළ පොල්ලක් (ඇහිඳ ගත්තෙ කොහෙන්ද කියල 


මතක නෑ)

ඇඟේ තියෙන ෆුල් ඩම් එක දමා ගැසුවෙමි අර කලින් කිව්ව අඹ 


මොකද්ද එකට

වැ‍ටුන අඹ ගෙඩි ටික එතන නිදාගෙන හිටපු බලු පැටියෙක් ගෙ ඇඟට


.......................................................................................


උදේ දහයට පමණ

කොම්පියුටරේ ෆෝර්මැට් කලෙමි

ස්කයිප් දැම්මෙමි

අවාස්ට් ඇන්ටි වයිරස් එක දැම්මෙමි

අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු


ගින්දර වගේ ස්ලෝ විය

විවිධ දේවල් මතක් විය

ගෙදර නිසා ඒවා හිතේ තබාගතිමි.
.......................................................................................


ගසන්නට සිතුවා දෙපිලට බෙදී ක්‍රිකට් තරඟයක්

පු‍ටුවක් ගත්තෙමි කඩුල්ල ලෙස

ආවා ටෙනිස් බෝලය පන්දු යවන්නාගේ අතේ සිට මාගේ බැට් එක 


දෙසට

ගැසුවා ෆුල් ඩම් එක යොදා සිතා ගන්නට ලකුණු හයක්

අහෝ ඛේදයකි

‍රැඳුනා බෝලය ගස උඩ


මම මේක ගත්තේ මෙතනින්.