Thursday, July 14, 2011

වැඩේ කරන නියම විදිය...

ඇමරිකාවේ නාසා ආයතනයෙන් අභ්‍යවකාශ ශටලයක් යැවීමට සූදානම් කරා යුරේනස් ග්‍රහලෝකයට..
සම්පූර්නයෙන්ම පරිඝනක ගත මේ ශටලයේ ගමන් කරන්නේ එක් මිනිසෙක් පමනයි.හැබැයි මේ ශටලය කවදාවත් මේ ග්‍රහලෝකයට එන්නේ නැහැ.


නාසා ආයතනයෙන් මේ සියලු විස්තර පල කලා.මෙම ගමනට ඉදිරිපත් වන පුද්ගලයාට අවශ්්‍ය මුදලක් ලබා දීමට එකග වී තිබුනා.


සම්මුඛ පරීක්ෂණ දිනය එලබිනි.


ඉස්සෙල්ලම අවේ රුසියානු වෛද්‍ය වරයෙක්


"ඔබට කොපමන මුදලක් අවශ්‍යද?ඔබ ඒ මුදලට කරන්නේ මොනවාද??"


"මට ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක් අවශ්්‍යයි.මම ඒක රුසියාවේ ජාන විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් පරීක්ෂන කරන ආයතන වලට දෙනවා."වෛද්‍ය වරයා පිලිතුරු දුන්නා.


දෙවැනුවට ආවේ ඇමෙරිකාවේ ව්ශ්‍රාම ගත් හමුදා නිලදාරියෙක්.


"ඇමෙරිකානු ඩොලර් මිලියන 2000ක් අවශ්‍යයි.මම ඒක ඇමෙරිකානු හමුදා සෙබලුන්ගේ සුබසාදනයට මම එය වැය කරනවා".නිලදාරියා පිලිතුරු දුන්නා.


තෙවැනුව ගියේ ලංකාවේ හිටපු අගමැති වරයෙක්


"මට ඇමෙරිකානු ඩොලර් මිලියන 3000ක් අවශ්්‍යයි


"මොනවා එච්චර මුදලක් මොකටද??"සම්මුඛ පරීක්ෂනය මෙහෙය වන්නා ඇසුවා.


"මම මේකෙන් කරන්නේ මේකයි.... මිලියන 1000ක් ඔයාට" 
නිලදාරිය පුදුම වෙලා බලන් ඉන්නවා.


"මිලියන 1000ක් මම ගන්නවා."


"එතකොට ඉතුරු මිලියන 1000"නිලදාරියා ප්‍රශ්න කලා.


"අපි ඒ මිලියන 1000 දීලා රුසියන් කාරයව වැඩේට යවමු"හිටපු ඇමැති වරයා ඇගට නොදැනී උත්තර දුන්නා

2 ක් අදහස් දක්වන ලදී:

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

කථාව කලින් අහලා තිබුනත් එළ තමයි ඈ..

Anonymous said...

කාටද ආඩම්බර?

Post a Comment