Thursday, September 29, 2011

පොඩි කාලේ කියවපු පොත් සෙට් එකක්.....

ඔන්න සාහිත්‍ය මාසයත් ඉවර වේගන යන නිසා පිස්සු පූසට හිතුනා ඉස්සර ඒ කියන්නේ අපි පුංචි කාලේ කියවපු පොත් සෙට් එකක් ගැන ලියන්න.මේකට අදහස ආවේ මුහුදු කොල්ලකාරයාගේ දිනපොතේ මෙන්න මේ ලිපිය දැකලා.පරණ මතකයන් එලියට ඇද්ද ඒ සහෝදරයාට මගේ ස්තූතිය.


මම මුලින්ම කියවන්න කතා පොතක් ගෙනත් දුන්නේ අපේ අම්මා.ඒ පොතේ නම නම් මතක නැහැ.තිබ්බේ අලි පොල්ගෙඩි සයිස් අකුරුවලින් ලියපු චිත්‍ර තියෙන ලස්සන පොතක්.මට මතක විදියට ඒ 3 වසරේද කොහෙද.


මම වැඩියෙන්ම පොත් කියවන්න ගත්තේ 4 වසරේ විතර.ඒ කියවපු පොත් ඔක්කොම වගේ මට මතක නැහැ.ඒත් සමහර ඒවා මතකයි.
මම ඉස්සර ටී.බී.ඉලංගරත්න ගතුවරයාගේ අඹ යාලුවෝ පොතට මාර ආසයි.මම හිතන්නේ නැහැ මේ පොත කියවපු නැති කෙනෙක් ඇති කියලා.ඒක මම කී සැරයක් පට්ට ගැහුවද කියලා මතකයක් නැහැ.ඒක ඒතරමටම පට්ට ගැහුවා.සුදු අප්පෝ(සුනිල්) නිමල්ට අඹයක් බෙදා ගන්න ගිහින් ගහගෙන පස්සේ යාලුවෝ වෙන හැටි මට දැනුත් මැවිලා පේනවා.තිලක,තිලක හා තිලකා පොතුත් මම පොඩි කාලේ ආසාවෙන් කියෙව්වා.


ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල්දූව.මට මේකේ හිටපු චරිත වලින් මතක උපාලි,ජින්නා විතරයි.මම මේකේ ආසම කෑල්ල අර මේ යාලුවෝ සෙට් එක කජු කඩන්න ගිහින් වත්තේ අයිති කාරයට මාට්‍ටු වෙන එක.
ඒ වගේම අපේ ගම පොතත් මම පට්ට ගැහුවා.ඒ පොතේ ගැමි ජීවිතය ගැන නියමෙට විස්තර කෙරෙනවා.ඒ පොත කියවන කොට අපිත් මාර්ටින් වික්‍රමසිංහසූරීන්ගේ ගමේ ඉන්නවා වගේ. ගම්පෙරලිය ඔයාලා කාටත් මතක ඇති.මේ පොතත් මම පට්ට ගැහුවා.තව මාටින් වික්‍රමසිංහයන්ගේ බද්දෙගම,පව්කාරයාට ගල් ගැසීම,උපන්දා සිට පොතුත් මම පොඩි කාලේ ආසාවෙන් කියෙව්වා.
මට අද වගේ මතකයි හත්පන කතා පොත.මේ කුමාරතුංග මුනිදාසයන්ගේ අතින් ලියවුනු ලස්සන පොතක්.කිරිහාමි තමා මේකේ ප්‍රධාන චරිතය.ඒ වගේම එම ශූරීන්ගේ හීන් සැරය.මේකේ කතාව නම් මතක නැහැ.
අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා බස්තියන්ගේ සොහොන.මේ කතාවේ මට මතක විදියට බස්තියන්ව මරලා සොහොනක කෙලින් අතට හිටවලා සොහොන් කොතක් හදලා තියෙන්නේ.ඒක මෙයාලා හොයා ගන්නේ ඒ සොහොන ඉස්කුරුප්පු නියනකින් හිල් කරලා එන කුනු ගදෙන්.(වැරදි නම් හරි ගස්සන්න යාලුවනේ)
තව මං ආසාවෙන් කියවපු පොතක් තමයි පාලු දූපත.ලමයි පැහැරගෙන කරවල වාඩි වලට ගෙනත් ඒ දූපතක් පොලීසියෙන් වටලද්දී ලමයි දෙන්නෙක් විතරක් ඉතුරු වෙනවා.මෙයාලා ඒ දූපතෙන් බේරිලා යනකන් වෙන දේවල් තමා කතාවේ තියෙන්නේ.
දොන් පීටර් පියතුමාගේ වනගත ලමෝ මම ආසාවෙන් කියවපු පොතක්.තව සෝමපුර වීරයෝ,කලන්දූවේ මුතු කොල්ලය,තුන් යහලු වික්‍රමය,නෙල්ලිකැලේ වීරයෝ,ගැට කපන ලමයා....ඊ.ටී.සී.මේවා ඔක්කොම මම කියවලා තියෙනවා.මේවගෙන් සමහරක් මම ගාව තිබ්බා ඒත් ඒවා දැන් කොහෙද කියලා මතකයක් නැහැ.


අපි ඊලගට පරිවර්තන වලට එමු.මම ආසාවෙන් කියවපු පොතක් තමා එච්.රයිඩර් හැගාර්ඩ් ගේ ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකා.මේකේ පොත් දෙකක් ආවා කියලා මට මතකයි.මම ඒ පොත් දෙකම කියෙව්වා.තව සොලමන් රජුගේ දියමන්ති ආකර කියන පොතත් මම පට්ට ගැහුවා.
ඊලගට මම ආසම කරන සර් ආතර් කොනල් ඩොයිල් මහත්මයාගේ ෂර්ලොක් හෝම්ස්.මේකේ සර් ආතර් කොනල් ඩොයිල් මහත්මයා ලියපු ෂර්ලොක් හෝම්ස් පරීක්ෂන කතා 60ම(කෙටි කතා 56,දිග කතා 4) මම අති විශිෂ්ට විදියට ලියලා තියෙනවා.දැන් චන්දන මෙන්ඩිස් ලියන ඒවත් ඒතරම්ම වරදක් නැහැ.මම මේවා අදටත් පිස්සුවෙන් වගේ කියවනවා.මේවයින් පොත් ටිකක් මම එකතු කරගෙන තියෙනවා.ඒ වගේම පරන ටීවි සීරිස් ටිකත්(ෂර්ලොක් හෝම්ස්) මම ගාව තියෙනවා.මේ මම ගාව තියෙන පොත් ටික.
අදටත් කියවන්න පොඩි වෙලාවක් හම්බුනත් කියවන්නේ ෂර්ලොක් හෝම්ස් පොත් තමා.තව පරිවර්තන වලින් මම කියවපු ලෝකය වටේ අසූ දවසකින්,සැගවුනු ලොවේ සවාරියක්,ජුරාසික් දඩයම,සුදු ගෝණා,සුදු වැද්දා,ටාර්සන්...ඊ.ටී.සී.ආදර නවකතා වලින් මම කියෙව්වේ චාතූර්යා 1 හා 2 විතරයි.මට ඒවා අල්ලලා ගියේ නැහැ.අනේ මන්දා ඒ මොකද කියලා.ඒවා මහ බොලදයි වගේ හිතුනු නිසාද දන්නේ නැහැ.තව රුසියානු සාහිත්‍ය පොඩ්ඩක් විතර අතගාලා තියෙනවා.ඒත් ඒ මොනවද කියලා නම් මතකෙට එන්නේ නැහැ.

තව පට්ට ගහපු පොත් නම් ගොඩක් ඇති මම.ඒත් ඒවා මතකෙට එන්නේ නැහැ.මම 8 වසරේ දී අපේ ඉස්කෝලේ පුස්තකාලේ වසරේ පාඨකයා සම්මානය දිනා ගත්තා.ඒ මම ඒ අවුරුද්දේ පොත් 380කට වඩා කියවලා තිබුනු නිසා.ඒ කාලේ නම් පුදුම පිස්සුවක් තිබ්බේ පොත් කියවන්න.යාලුවොත් එක්ක බෙදා හදා ගෙන තමා ගොඩක් පොත් කියෙව්වේ.ඒ කාලේ පොත් ගන්න වත්කමක් නැහැනේ.උපන්දිනේට අම්ම පොතක් අනිවාර්යෙන් ගෙනත් දෙනවා.හිතුවට වඩා පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා.මම මෙතනින් නවතින්නම්.ඔයාලා කියවලා තියෙන පොත් තියෙනවනම් කියන්න.

Saturday, September 24, 2011

මම වෙනස් කෙනෙක්.....




මම වෙනස් කෙනෙක්.....
අඳින විදියෙන්.....
කන බොන විදියෙන්.....
ඉන්න විදියෙන්....
ඔව්...මම වෙනස් උබට වඩා....
ඒත්...
ඇත්තටම අපි වෙනස්ද...?
මොනව කෑවත්....
දිරවන්නෙ එකම විදියට නම්...
මොනව ඇන්ඳත්....
වහගන්නෙ එකම දෙය නම්...
මොන විදියට හිටියත්....
වෙලාව ආවම හැම දේම අතෑරල යන්න වෙනවනම්.....
කල හොඳ නරක විතරක් අරගෙන...
අපි වෙනස් වෙන්නෙ මොනවයින්ද...?
හිතන විදියෙන් නේද...?

ඔහේ ඉන්නවා...



කාලෙකින් පරණ යාලුවෙක්...
මචං ඉතින් කොහොමද ජීවිතේ..??
ඔහේ ඉන්නවා..මගේ උත්තරේ..


කල්පනා කරා...කල්පනා කරා
මට මොකද වෙලා තියෙන්නේ..??
ජීවිතේ ගැන වගකීමක් නැතුවද??
ඉලක්කයක් නැතුවද..??
ඇහුවා මගෙන්ම..
හිතේ නම් තියෙනවා..ඒත්...
අනේ මන්දා..හිතත් හරි අපැහැදිලියි...
හෙටත් කවුරු හරි....අහවි මගෙන්....


ඉතින් කොහොමද ජිවිතේ..??
ඔහේ ඉන්නවා ඒකමද උත්තරේ....

Friday, September 23, 2011

අපි නොදන්න කුරුදු



මේ සිද්දිය උනේ මම ඕ ලෙවල් කරන කාලේ.මම ගනන් විද්‍යාවට ක්ලාස් ගිය ආයතනයෙන් ට්‍රිප් එකක් යන්න ලෑස්ති උනා.ට්‍රිප් එක ගියේ මඩොල් දූව,මාටින් විකමසිංහ කෞතුකාගරය,ගාලු කො‍ටුව,හික්කඩුව,මාදු ගග කියන තැන් බලන්න.


ඉතින් ට්‍රිප් එකේ මුලින්ම අපි ගියේ මඩොල් දූව බලන්න.මඩොල් දූව කියන්නේ පොඩි දූපතක්.ඉතින් ඔය දූපතට ගිහින් එකේ පොඩ්ඩක් ඇවිදලා ආපහු එන අතරේ මාත් එක්ක ඉන්න එකෙක් මටයි අපි සෙට් එකටයි කුරුදු ගහක් පෙන්නලා කියනවා


"අඩෝ උබලා දන්නවද මේ තියෙන්නේ කුරුදු ගහක්.මේවා තමයි කෑම රහ වෙන්න දාන්නේ."


බුවා කොහොමත් ලොකු පම්පෝරි කාරයෙක්.කට විතරයි වැඩ නැහැ.බුවා කරපු වැඩ ගැන නම් පොතක් උනත් ලියන්න පුලුවන්.ඉතින් අපේ සෙට් එකේ උන් මීට කලින් කුරුදු ගහක් දැකලා නැති නිසා
"අඩෝ ඇත්තද බන් ඉතින් කොහොමද බන් මේවා අර තැබිලි පාටට එන්න හදන්නේ..?"


මූ වැඩර් වගේ කියනවා"මේවගේ පොතු ඇරලා වේලලා තමා ගන්නේ.මේවගේ පොතුත් හරි රහයි.නිකන් උනත් කන්න පුලුවන්.තව ඉස්සර කාලේ මිනිස්සු බුරුසු වලින් නෙමේ දත් මැද්දේ මෙන්න මේ කුරුදු ඉති වලින් හදා ගත්තු බුරුසු වලින්.දත් වල කහට යවන්න මරු භාන්ඩේ"

මූ කුරුදු ගහේ ඉත්තක් කඩලා මගේ පැත්තට දික්කරලා "කාලා බලපන්කෝ කොහොමද රහ කියලා"කිව්වා.


මාත් ඉතින් කුරුදු ගැන දැන ගත්තත් මූත් එක්ක කතා කරලා වැඩක් නැති නිසා ඉත්ත අරන් කෑවා.මොකද මූ එතන කෙල්ලෝ ඉස්සරහ වීරයෙක් වගේ මාදු ගග ගැන එහෙම විස්තර කියනවා,කුරුදු ගැන කියනවා.එක විකාරයයි.


කොහොම හරි අපි ඔය ඔක්කෝම තැන් බලලා ආයේ කොලබ එන්න ගාල්ලෙන් පිටත් වෙනකොට වෙලාව 6.30ට විතර ඇති.මම ආයතනයේ ලොකු සර්ට කියලා තිබ්බේ යන ගමන් අපේ ගෙදරත් ගිහින් තේ බීලා එහෙම යමු කියලා.සරුත් හා කිව්වා.අපේ පැත්තට ඇවිත් තේ උගුරක් වත් බීලා සලකලා යැව්වේ නැත්තම් ඒක හරි නැහැ නේ.


හොදම සීන් එක කියන්නේ ඒ කාලේ අපේ වත්තේ කුරුදු තලන කාලේ.අපේ ගෙදර තමා වත්තෙන් කපලා ගේන කුරුදු ටික පොතු ඇරලා,වේලලා මිටි බදින්නේ.මම ඉතින් පොඩි කාලේ ඉදන් දන්න දෙයක් තමා කුරුදු තැලීම.පොඩි කාලේ තාත්තා අපේ කුරුදු වත්තට එක්කන් යනවා මට තාම මතකයි.මටයි මල්ලිටයි එක පුදුම අත්දැකීමක්.මොකද කුරුදු ඉඩමේ ඇවිදිනකොට නිකන් කැලයක ඇවිදිනවා වගේ.ඒ තරමට වත්ත ලොකුයි.


හරි ආයෙත් කතාවට.අපේ ගෙදරට බස් එක එනකොට වෙලාව 7.30ට ඇති.මම අර කලින් කිව්ව බුවා කෙල්ලෝ ඉන්න නිසා වීරයා වගේ මේ පැත්ත විස්තර කර කර ඉන්නවා.ඉතින් මාත් එක්ක අපේ යාලුවෝ අපේ ගෙදර වත්ත පල්ලෙහාට ආවා.එතකොට එක බුවෙක්


"අඩෝ අර කුරුදු නේද බන් මිටි ගහලා තියෙන්නේ..??"


අරුත් හෙමීට ඉස්සිලා බැලුවා.මම අරූ දිහා බලාගෙන"ඔව් බන් මේ කුරුදු තමා.මේවා කපලා ගෙනල්ලා පොතු ඇරලා වේලෙන්න දාන්නේ මෙහෙමයි"කියලා මම අපේ උන්ට පෙන්නුවා.


ඊට පස්සේ අරූ කොහේ අතුරුදහන් උනාද මන්දා.අපි කොලඹ එන අතරේ බුවා මට වැඩිය මූන දුන්නෙත් නැහැ..

Thursday, September 22, 2011

අහිංසක දර කපන්නා



මේක ඔයාල සමහර විට අහලත් ඇති.මේක මට මේල් එකකින් ආපු එකක්.අතීත කතාව රීමික්ස් කරලා ගත්තු එකක් මේක.


අතීත කතාව


දර කපන්නෙක් කැලයට යන අතරතුර පාලමක් හම්බ උනාලු.ඉතින් මේ දර කපන්නා මේ පාලම පහුකරනකොට තමන්ගේ පොරව ගගට වැ‍ටුනා.දර කපන්නා ගග අයිනට වී අඩ අඩ ඉන්නකොට ඒ අසලින් මතු උන රුක් දෙවියෙක් මේ දර කපන්නගේ දුක දැක පොරව සොයා දෙන්නම් යැයි පවසා මුලින්ම රන් පොරවක් පෙන්නවා මෙය  ඔබේ දැයි අව්සූ විට එය තම පොරව නොවේ යැයි කියූ පසු දෙවියන් තවත් රිදී පොරවක් පෙන්නවීය.එයද නොවේ යැයි දර කපන්නා පැවසූ විට දෙවියන් යකඩ පොරවක් දර කපන්නා වෙත පෙන්වන ලදී.මෙවිට එය තමාගේ යැයි කියා ලබා ගත් දර කපන්නා ගැන පැහැදුන දෙවියන් දර කපන්නාට පොරෝ තුනම තෑගි කොට යන්නට ගියේය.



නූතන කතාව


කාලෙකට පසුව දර කපන්නා නැවතත් තම බිරිද සමග පෙර කී ගංගාවම තරනය කරනකොට සිය බිරිද ගගට වැ‍ටුනේය.පෙර පරිදිම ගග අයිනට වූ දර කපන්නා තම බිරිද සොයා දෙන ලෙස කියමින් අඩන්නට විය.පෙර ලෙසම රුක් දෙවියා මතු වී දර කපන්නා හට තම බිරිද සොයා දෙන්නට ඉදිරිපත් විය.මෙවරද පලවෙනි පාරට ලෝකයේ ලස්සනම කාන්තාව ‍රැගෙන පැමිනි රුක් දෙවියා දර කපන්නගෙන් මෙසේ ඇසුවේය.


"මෙයාද වයිෆ්..??"


මෙවර වහා ඉදිරියට පැමිනි දර කපන්නා "ඔව් ඔව්" කියා පිලිතුරු දෙමින් ලස්සන කාන්තාව ලබා ගැනීමට ඉදිරිපත් විය.දර කපන්නනේ මෙම ක්‍රියාවෙන් මහත් කලකිරුනු රුක් දෙවියා මහත් සේ පසු තැවෙමින් මෙසේ ඇසීය


"දැන් ඔයත් හැමෝම වගේ බොරු කියන්න පටන් අරන්..ඇයි එහෙම බොරුවක් කිව්වේ..??"


"අනේ රුක් දෙවියනි මට සමාවන්න..මම අහිතක් හිතලා එහෙම කිව්වා නෙමෙයි...ඔබ වහන්සේ ගිය පාර මම ඇත්ත කියපු නිසා පොරෝ 3නක්ම දුන්න මතකද..??මම බය උනේ ගිය පාර පොරෝ වගේ මේ පාර ගෑනු 3න් දෙනෙක්ම කර ගහ ගන්න වෙයි කියලා..අනේ දෙයියනේ මේ එක ගෑනිව මැනේජ් කර ගන්න බැරිව ඉන්න මම එහෙම සාධාරණ බොරුවක් කියන එක වැරදිද..??"


පලි :මේක අපි පොඩි කාලේ ආදර්ශමත් කතාවක් විදියට අහලා තිබුනේ.මම මේක දැම්මේ එයට අගෞරව කිරීමට නොව හිනා වෙන්න විතරයි.(අපහාසයට නොව උපහාසයට පමනි)

ළමා කාලය



මට අද උදේ සදරුවාගේ සරුංගලේ පෝස්ට් එකෙන් මට පුංචි කාලය ගැන මතක් උනා.ඉතින් මම හිතුවා ඒ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න.සුන්දර දකුණු පලාතේ අහුංගල්ල කියන ගම තමා මගේ ගම(අර සත්තු වත්තක් එහෙම තිබ්බේ.).ඉතින් මම පොඩි කාලේ ඒ කියන්නේ ශිෂ්‍යත්වය පාස් වෙලා කොලඹට එන්න කලින් ගමේ අම්මා තාත්තා මල්ලිලා දෙන්නා එක්ක තමයි හිටියේ.මම ඉස්කෝලේ ගියේ කලුතර අම්මත් එක්ක.අම්ම එතකොට වැඩ කරේ නාගොඩ.උදේ පාන්දර නැගිටලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා අම්මත් එක්ක මම කෝච්චියේ තමයි කලුතරට එන්නේ.


හැම දාම අපි නගින්නේ සමුද්‍රදේවි එකේ 11 වෙනි පෙට්ටියට.ඒකේ තමා අපේ අම්මගේ ඔ‍ෆිස් එකේ යාලුවෝ ඉන්නේ.ඒ කාලේ එක එක කෝච්චි පෙට්ටි එක එක අය වෙන් කර ගෙන හිටියේ.ඒ කියන්නේ අපිත් එක්ක හැම දාම යන අංකල්ලා ඇන්ටිලා හැමදාමත් නැග්ගේ 11වෙනි පෙට්ටියට.ගොඩාක් අය ගාල්ලෙන්ම නගින නිසා ඒ පෙට්ටිය හැමදාමත් අපිටම වෙන් වෙලා තිබ්බා.



ඉතින් උදේ 7.45 වෙනකොට(ඒ කාලේ ඉස්කොලේ පටන් ගත්තේ 8ට නේ)මම ඉස්කෝලෙට යනවා.ඉතින් ඉස්කෝලේ යාලුවොත් එක්ක පිස්සු නටලා ඉස්කෝලේ ඇරිලා යන්නේ නැන්දලාගේ ගෙදර.නැන්දලා ඉන්නේ අපේ ඉස්කෝලේ පේන දුර වගේ.ඉතින් මට අම්මා ඔ‍ෆිස් ඇරෙනකන් එහෙ තමා ඉන්න වෙන්නේ.කලුතර නැන්දා හදන කරවල බැදුම තරම් රස එකක් මම අද වෙනතුරුත් කාලා නැහැ.ඒ රස මට අදටත් මතකයි.දවල්ට මම නැන්දලාගේ ගෙදරින් කාලා හවස අම්මා එනකන් බලාගෙන ඉන්නවා ගෙදර යන්න.


ඒ දවස් වල මෙලෝ රහක් නැහැ.මොකද මම සරනාගතයෙක් වගේ නේ.මොකාද එකාවගේ නැන්දලෑ ගෙදරට වෙලා පාරේ වාහන ගනන් කර කර ඉන්නවා අම්ම එනකන්.ඉතින් අම්ම හවස වැඩ ඉවර වෙලා එන්නේ 5ට.ඉතින් මම ආයෙත් ගෙදර යන්න ලෑස්ති වෙලා අම්මත් එක්ක ආයෙත් කලුතර ස්ටේසමට යනවා 5.45ට තියෙන සමුද්‍රදේවී එක අල්ල ගන්න.ඉතින් හැමදාම ගෙදර යනකොට 7 විතර වෙනවා.මොනවා කරන්නද හොදට කාලා නිදා ගන්නවා ගෙදර වැඩ වත් නොකර.ඒ කාලේ මට කෝච්චි තියෙන වෙලාවල්,කලුතර ඉදන් අහුංගල්ලට තියන ස්ටේසන් වල නම් ඇස් වහගෙන උනත් කියන්න පුලුවන්.ඒ මම අවුරුදු 6ක්ම කෝච්චියේ එහාටයි මෙහාටයි ගිය නිසා.සතියේ දවස් 5 ඔන්න ඔහොම තමයි ගෙවෙන්නේ.


මම හැමදාම සිකුරාදාට ගෙදර එන්නේ හරිම සතුටින්.ඒ දවස් දෙක විතරනේ මට නිදහසේ සෙල්ලම් කරන්න තියෙන්නේ.ඒ දවස් දෙක මම උපරිමෙන්ම ගෙවනවා.ගෙදරින් උදේට කාලා ගියාට පස්සේ කොල්ලොත් එක්ක අපේ වත්තේ බෝල් ගහන්න,මාදු ගගේ නාන්න,මුහුදේ නාන්න,සම්බෝල කඩන්න ඔය වගේ සෙල්ලම් වලට තමා කාලය ගත කරන්නේ.


ඒ දවස් වල අපේ ගෙදරට තමා යාලුවෝ බෝල් ගහන්න එන්නේ.අපේ වත්තේ ටිකක් ඉඩ තියෙනවා.ඒ කාලේ ඉතින් පොඩියිනේ.හැමදාම සෙල්ලම් කරනකොට වලි.රන් අවුට් වලට තමා ගොඩක් වලි යන්නේ.හිකිස්.අපේ වත්තේ අපි සෙලම් කරන තැන දෙපැත්තේම තියෙන්නේ පොල් ගස්.ඉතින් මේ දවස් දෙකට අඩුම ගානේ බෝල්4ක් වත් පොල් ගස් වල හිර වෙනවා.ආයෙත් ඒවා ගන්න හම්බෙන්නේ වත්තේ පොල් මුරේ දවසට තමා.එදාට ඉතින් ටෙනිස් බෝල් කොම්පැනිය වගේ අපේ ගෙදර.


ඉතින් මම ශිෂ්‍යත්වය පාස් වෙලා කොලඹ ආවට පස්සේ ගමේ යන්න හම්බුනේ නිවාඩුවකට විතරයි.ඒ උනත් ඒ නිවාඩු කාලෙත් උපරිමෙන්ම ගෙවනවා.අගෝස්තු නිවාඩුවට ගමට ආවම ඒ මාසෙම කරන්නේ සරුංගල් අරින එකයි.අපි සරුංගල් අරින්න යන්නේ මුහුදට.කිසි අමාරුවක් නැතුව සරුංගලේට අතේ තියන් නූල් දෙන්න පුලුවන්.ඉතින් සරුන්ගලේ ඩොට් වෙන්න ඇරලා පන්දුව වැල්ලේ වලක් හාරලා වලලලා අපි සෙට් එක කරන්නේ මුහුදේ නාන එකයි.


පොඩි උනත් අපි මුහුදේ නාන පොට් එකට ගමේ කට්ටිය කියන්නේ තො‍ටුපල කියලා.එතන ගල් වලින් වට වෙච්ච පොඩි පූල් එකක් වගේ නිසා.එතන බාල මහලු වැඩිහිටි ඕනම කෙනෙක්ට බය නැතුව නාන්න පුලුවන්.මුලු මාසෙම ඔහොම සරුංගල් ඇරලා නිවාඩුව ඉවර වෙලා ආපහු කොලඹ යන්නේ මාරම දුකකින්.ඒ ආයෙත් එන්න හම්බෙන්නේ දෙසැම්බර් නිවාඩුවට නිසා.


ආයෙත් දෙසැම්බර් නිවාඩුවට ගමට ආවම අපි සෙට් එක එකතු වෙලා බෝල් ගහනවා,ජිල් ගහනවා.ඒ මාසේ වැඩි හරියක්ම කරන්නේ මාදු ගග පැත්තේ යන එකයි.ඒ කාලෙට කිරල ගස්වල කිරල පිරිලා ඉතිරිලා තියෙනවා.අප්‍රියෙල් කාලෙටත් එහෙමයි.ඒ කාලෙට කජු පුහුලන් කන එකයි කජු එකතු කරලා පුච්චන් කන එකයි තමා කරන්නේ.අපේ ගමේ හැම අප්‍රියෙල් මාසෙකම විවාහක අවිවාහක ක්‍රිකට් මැච් එකක් දැනට අවුරුදු 20ක විතර ඉදන් ගහගෙන එනවා.ඉතින් ඉස්සර පොඩි එකා නිසා සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ.තාත්තා සෙල්ලම් කරන හැටි බලන් ඉන්නවා.මම මුලින්ම ඒ මැච් එකට සෙලම් කරේ 10 වසරෙදී.ඒ අවුරුද්දේ හොදම පන්දු රකින්නා උනේ මම.


වෙසක් මාසෙට ගෙදර ගියාම අපි බයිසිකල් වල නැගලා දන්සැල් වන්දනාවේ යනවා.අහුංගල්ලේ ඉදලා අම්බලන්ගොඩටත් අම්බලන්ගොඩ ඉදලා ආයෙත් අහුංගල්ලටත් මග දිගට තියෙන  දන්සැල් ඔක්කොම දෙයියනේ කියලා වදිනවා.බත් දන්සැල් වලට යන්නේ අඩුවෙන්.හැබැයි බීම දන්සැල් වලින් බීම බෝතල් වලත් දාගෙන ගෙදර අරන් එනවා.




ඔන්න ඔහොම මගේ පොඩි කාලේ ගෙවිලා ගියා.ආයෙත් ඒ කාලේට යන්න තිබ්බනම් කියලා මට හිතෙනවා.අද වෙනකොට පොඩි කාලේ කරපු වැඩ කරන්න තියා ගමේ යන්නවත් වෙලාවක් නෑ.අපි කොලඹ ගෙයක් අරන් පදිංචි උන නිසා එහේ ගෙදර යැවෙන්නේ අවුරුද්දකට 2පාරක් වගේ තමා.ඒ ගිහිනුත් දවස් දෙක තුනක් වත් ඉන්නේ නැහැ.


දැනුත් මාදු ගගේ,මුහුදේ නාන්න.වත්තේ කොල්ලොත් එක්ක බෝල් ගහන්න ආසයි.ඒත් කාලය විසින් හැමදේම වෙනස් කරලා තියෙන නිසා අපිට ඒ මතකේ හිතේ තියාගෙන ජීවත් වෙලා තියෙනවා.


මගේ සුන්දර දකුණු පලාත මතකයෙන් නොමැකී යන තරම් අත්දැකීම් බහුලය.....

Wednesday, September 21, 2011

පුංචි ආදර කතාවක්


ඉස්කෝලේ යන කාලේ අපේ හිත් හරිම අහිංසකයි.ඒ කාලේදී ආදරේ කරන එක වැ‍රැද්දක්ද??මට නම් ඒක තේරෙන්නේ නැහැ.මම දන්නේ එකම දෙයයි.ජීවිත කාලේ පුරාවටම හිත කුළුදුලේම පෙම් කරපු පාසැල් ජීවිතේ ආදරේ,කිසිදාක අමතක කරන්න බෑ.ඒ ඒ ලෝකේ ඒතරම්ම සුන්දරයි,අහිංසකයි,බොලදයි..,රත්තරං හීනයක් වගේ හැමදාමත් හිත ඇතුලේ හැංගිලා සුවද දෙනවා.අපේ හිත් වල කුහක කම් නෑ.හිත පිරෙන්නේ ආදරෙන් විතරයි.ඒ මුල්ම ආදරේ හින්දා.ඒ කුළුදුල් ආදරේ අමතක කරගන්න බැරිව,මුලු ජීවිත කාලේ පුරාම තනිවන,දුක් විදින,හිතේ කදුලු පුරවාගත්තු කී දෙනෙක් නම් ඉන්නවද???මට මෙන්න මෙහෙම පුංචි කතාවක් හම්බුනා.මේක ඇත්තද බොරුද දන්නේ නැහැ.ඒත් මේකෙන් ගන්න දෙයක් තියෙන නිසා ඔයාලට දෙන්න මම හිතුවා.හරි එහෙනම් මෙන්න ඒ කතාව.


කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක් දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....


සංජය :"කුසුම් මම ඔයට මේක ගොඩක් කාලෙක ඉදන් කියන්න හිටියේ.මම ඔයට ආදරෙයි කුසුම්....."


කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
කොල්ලගෙ යාලුවෙක් අහනවා


"මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද...?උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද..?" කියලා.


කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."


"ඒ ඇයි මචන්...?"


කොල්ලා කියනවා"මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
"ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා...."


පලි :මෙන්න මෙහෙමයි අපි ඉන්න ඕනා.මොකද ලැබෙන්නේ නැති ආදරයක් වෙනුවෙන් හඩා වැලපෙන එක බොරු දෙයක් කියලයි මට හිතෙන්නේ.මුහුදෙ ඉන්නෙ එක මාලුව උනාට,මුහුදු යන්නේ මම විතරක් නෙමේ උනාට ඉස්සරහ ගැන හිතලා අපි හොදට අපේ වැඩ කර ගත්තොත් අනාගතයේ අපේ ජීවිතේ සාර්තක වේවි.....

Tuesday, September 20, 2011

සමහර පිරිමි කසාද බදින්නේ නැතුව බල්ලෝ හදන්නේ ඇයි??මෙන්න ඒකට හේතු....




මේක මට මේල් එකකින් ආපු එකක්.බලන්නකෝ හොදද කියලා


1.මිනිහා පරක්කු වෙන තරමට ඒක දකින්න ආසාවෙන් ඉන්නේ බල්ලා වීම.
2.ඔබේ බල්ලාට වෙන බල්ලෙකුගේ නමින් කතා කරාට ඌට නෝටිස් නොවීම.
3.ඔබේ බඩු බාහිරාදිය බිම විසුරුවා දමා යන තරමට බල්ලාට ආතල් වීම.
4.බල්ලාගේ දෙමාපියන් කිසි දිනෙක බල්ලා සොයා නො ඒම.
5.ඔබ හයියෙන් කෑගහන තරමට බල්ලාට ෆුල් ෆන් වීම.
6.ඕනෑම වෙලාවක ඕනෑම මගුලකට රෙඩි පිට සිටීම.
7.මිනිහා බීලා ඉන්න විට බල්ලාට ඒක ඉන්ට්‍රස්ටින් වීම.
8.මිනිහා මර රෑ නින්දෙන් ඇහරවා"මම මැරුනොත් ඔයා වෙන බල්ලෙක් හදාගන්නවාද?"වැනි ගොන් ප්‍රශ්න නෑසීම.
9.බල්ලා/බැල්ලිට පැටවුන් ලැබුන විට පත්තරේ ඇඩ් එකක් දමා විකිනිය හැකි වීම.
10.මිනිහාගේ ලගින් තව බල්ලෙකුගේ සුවදක් ආවොත් බල්ලාට එය හෙන ඉන්ට්‍රස්ටින් වීම.
11.බල්ලා ගෙදරින් යනවිට ගෙදර තියෙන බඩු වලින් බාගයක් ඔතාගෙන නොයාම.


පලි :ඔන්න මේක කියවලා මට ගැහැනු පාර්ශවෙන් විරොධතා එල්ල කරන්න එහෙම එපා.පොඩ්ඩක් හිනා වෙන්න මේක දැම්මේ හොදේ..ලොල්

Monday, September 19, 2011

පුතාගේ වැඩ



මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි උන නිසා මේ පැත්තේ එන්නත් බැරි උනා.අප්පේ මේකේ තියෙන මකුලු දැල් තොගේ.කඩලා දාන්න ඕනා.යාලුවන්ගේ පෝස්ට් වලටත් පුලුවන් තරමින් කොමෙන්ට් කරා.මට අද පොඩි කතාවක් මතක් උනා.ඒකත් දාලාම යනවා කියලා හිතුනා.


මේක අපේ අයියා කෙනෙක්ට වෙච්ච සීන් එකක්.දවසක් බුවාට අම්මා දවල්ට උයන්න කඩෙන් ගේන්න බඩු ලිස්ට් එකක් දීලා.බුවා ඉතින් කඩේට ගිහින් බඩු ගන්න අතරේ පොරගේ යාලුවෙක් හම්බ වෙලා.කොහොම හරි ඌත් එක්ක කතා කරන ගමන් කඩෙන් බඩු ටිකත් අරගෙන.ඒ ගමන් සිගරට් දෙකකුත් අරගෙන මීටර් නැතුව ඒක බඩු ගෙනාව බෑග් එකේ දාගෙන.


ඔන්න ඉතින් පොර යාලුවත් එක්ක කතා කර කර ගෙදරටම ආවලු.අම්මට බඩු ටික දීලා පොර ටීවි එක ඉස්සරහ වාඩි උනා විතරලු අම්ම කියනවා


"පුතේ මේ සිගරට් 2ක මට දවල්ට කාලා බොන්නද කියලා"


පොරට පොලව පලාගෙන යන්න හිතුනලු....


පලි :මේක කියවලා කිචි කවාගෙන වත් හිනා යන්නේ නැති වෙයි.

Saturday, September 17, 2011

වැරදි බස් එක



ඔන්න පානදුර පිටකොටුව බස් එකක මගී ජනතාව සෙට් එකක් වාඩිවෙලා ඉන්නවලු….. කට්ටියක් පවන් ගහගන්නව. කට්ටියක් රටකජු කනව. තව සමහරු මල් කඩනව. මේ අතරෙ කොන්දොස්තර මහතා බසයට ගොඩවෙලා ටිකට් කැඩීම ඇරඹුවා. ඔන්න පලවෙනි එක්කෙනා ගාවට ගිහින්

“මල්ලි කොහෙද?”.

1 මගියා – කෙසෙල්වත්ත

කොන්ද – මේක කෙසෙල්වත්තේ යන්නේ නෑනේ

1 මගියා බැස ගියා

කොන්ද – ඔය නෝනා කොහෙටද?

2 මගියා – වලාන

කොන්ද – මේක කොහෙද වලානේ යන්නේ? බෝඩ් එක බලල නගින්නකො.

2 මගියා බැස යයි.

කොන්ද – ඔය මහත්තය සල්ලි ගන්න. කොහෙටද?

3 මගියා – කොටුව

කොන්ද – මේක කොටුවේ යන්නේ නෑනේ. බෝඩ් එක බලල නෙමෙයිද නැග්ගේ.

3 මගියා බැස යයි.

කොන්ද – ඔය මල්ලි කොහෙටද?

4 මගියා – කොටුව

කොන්ද – මේ අනිත් එක්කෙනා. මේක කොටුව යන්නේ නෑ හලෝ.

4 මගියා – එහෙනං කොහෙද යන්නේ?

කොන්දා වට පිට බලයි.

” හුටා මං වැරදි බස් එකට නැගල තියෙන්නේ”

කොන්දා ඔලුව නමාගෙන බසයෙන් බැස දුවයි

..........................................................................................

සතාගෙ හැටි!
තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් සුනිල් පියල්ට පහර දුන්නේය.
බරපතල ලෙස තුවාල ලැබූ පියල් සුනිල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.
"තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා සුනිල්ගෙන් විමසුවේය.
ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..
තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?
දැනට අවුරුද්දකට විතර ඉස්සර
"ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?"
"ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" සුනිල් කියාගෙන ගියේය.

Thursday, September 15, 2011

හොඳ ටික...


මනාලියක්‌ බැලීමට යැමට සූදානම් වෙමින් සිටි තරුණයෙකු එම ගමන සඳහා සිය මිතුරෙකුද එකතු කර ගැනීමට සිතුවේය."මචං මම ලබන ඉරිදා මනමාලියක්‌ බලන්න යනවා. උඹත් මා එක්‌ක යන්න එන්න ඕනෑ. උඹ මට පොඩි උදව්වකුත් කරන්න ඕනෑ.... ඔහු සිය මිතුරාට කීවේය.මොකද්ද මගෙන් බලාපොරොත්තු වන උදව්ව මිතුරා විමසීය.


"මම මනමාලිගෙ ගෙදරට ගියහම එයාගෙ තාත්තා මගෙන් අසාවි" මනමාල මහත්තයට පොල් ඉඩම් එහෙමත් ඇති නේද කියල... එතකොට මම කියන්නම්."ඔය ටිකක්‌ තියෙනවා" කියල ඒ එක්‌කම උඹ මෙන්න මෙහෙම කියන්න ඕනෑ.
"හොඳ ටික පොල් අක්‌කර අසූවක්‌ තියෙනවා" කියල.


මිතුරා ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට පොරොන්දු විය.


නියමිත දින තරුණයා සිය දෙමාපියන් සහ මිතුරාද සමඟ මනාලියගේ නිවසට ගියහ.ඔවුන් සාදරයෙන් පිළිගත් මනාලියගේ දෙමාපියෝ ඔවුන් සමග සුහද පිළිසඳරක යෙදුනාහ.


මනමාල මහත්තයට කුඹුරු ඉඩම් එහෙම ඇති නේද? මනාලියගේ පියා තරුණයාගෙන් ඇසුවේය."ඔය ටිකක්‌ තියෙනවා" තරුණයා ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.


"හොඳ ටික කුඹුරු අක්‌කර විස්‌සක්‌ තියෙනවා" මිතුරා උස්‌ හඬින් පැවසීය.


"මනමාල මහත්තයට පොල් ඉඩම් එහෙමත් ඇති නේද? මනාලියගේ පියා යලිත් ඇසුවේය."ඔය ටිකක්‌ තියෙනවා"


"හොඳ ටික පොල් අක්‌කර අසූවක්‌ තියෙනවා" මිතුරා කියාගෙන ගියේය.


මේ අතර තරුණයාට කැස්‌සක්‌ ඇති විය.


"මනමාල මහත්තයට කැස්‌සත් ටිකක්‌ තියෙනවා වාගෙයි" මනාලියගේ පියා කීවේය.


එවිට වහා පිළිතුරු දෙමින් මිතුරා මෙසේ කීවේය."හොඳ ටික ක්‍ෂය රෝගෙත් තියෙනවා.මගුල එතෙකින්ම නිමාවට පත්විය.
....................................................................................................
බුවෙක් දවසක් දුම්රිය මුරකරු ‍රැකියාවට අයදුම් කර ඉන්ටෙව් එකකට ගියාලු 


ඉන්ටෙර්වීවෙර් : පළමු ප්‍රශ්නය ,කෝච්චිය එනවිට රේල් පීල්ලක් කැඩි ඇති අවස්ථාවක ඔබ මොකද කරන්නේ?
බුවා: එතකොට මම රතු පාට කොඩිය අරගෙන කෝච්චිය එන පැත්තට දු...වලා ගිහින් කෝච්චිය නතර කරගන්නවා. 


ඉන්ටෙර්වීවෙර් : දෙවනි ප්‍රශ්නය, කෝච්චිය එනවිට රේල් පාර මැද වාහනයක් කැඩුණවිට ඔබ මොකද කරන්නේ?
බුවා: එතකොට මම රතු පාට කොඩිය අරගෙන කෝච්චිය එන පැත්තට දු...වලා ගිහින් කෝච්චිය නතර කරගන්නවා. 


ඉන්ටෙර්වීවෙර් : එකම රේල් පාරේ කෝච්චි දෙකක් දෙපැත්තෙන් එනවිට ඔබ මොකද කරන්නේ ?
බුවා: එතකොටනම් මං දූ...වලා ගෙදර ගිහින් මගේ පොඩිවුන් දෙන්නා අරගෙන එනවා මොකද උන්දෙන්නා තාම කෝච්චි දෙකක් එකට හැප්පෙනවා දැකලා නෑ ......
...................................................................................................
මත්පැන් පානය කර වෙරි වූ පුද්ගලයෙක්‌ මත්පැන් බෝතලය සිය මිතුරන්ට පෙන්වමින් මෙසේ පැවැසුවේය.


"අපිත් මේ බෝතලය වගෙයි"


"ඒ කොහොමද? මිතුරෝ ඇසූහ.


"මේ බෝතලේට පුංචි බෙල්ලක්‌ තියෙනවා. ලොකු බඩක්‌ තියෙනවා. ඒත් ඔළුවක්‌ නැහැ.


පලි :මට මේක ඊයකින් ආවේ.පොඩියට විතර ෆන් එකක් තියෙන නිසා දැම්මේ.කට්ටියට කිචි කවාගෙනවත් හිනා වෙන්න වෙයි.හික් හික් ;)

Wednesday, September 14, 2011

කොහොම හරි අල්ලගෙන....


ඔයාලා කවුරුත් බලලා ඇති නේ Looney Tunes කාටූන්.මේ ඒවල පින්තූර ටිකක්.බලලා හොදනම් කියන්නකෝ.

මුලින්ම Sylvester and Tweety.ඔයාලට මතක ඇතිනේ Sylvester Tweety ව අල්ලන්න දෙන ගේම.ඔන්න අන්තිමට මෙයා Tweety ව කොහොම හරි අල්ලගෙන.

ඊලගට ටොම් ඇන්ඩ් ජෙරී




රෝඩ් රනර් මතකද. Wile E. Coyote Road Runner ව අල්ලන කරන දේවල්.මෙන්න මෙයා අන්තිමට කොහොම හරි Road Runner ව අල්ලගෙන.


ඊලගට Daffy Duck And Bugs Bunny.දෙන්නා කොහොම හරි දෙන්නවම අල්ලගෙන.




Tuesday, September 13, 2011

මෙන්න අපේ වැඩ...




හුග කලෙකින් කොටන්න හම්බුනේ නැහැනේ.ඔන්න දැන් තමා වෙලාවක් හම්බුනේ.ටැලන් ශෝ එකේ ඩාන්ස් එකට ප්‍රැක්ටිස් කරලා කැදත් නැතුව හිටියේ.හරියටම ටැලන්ට් ශෝ එක තිබ්බේ ගිය 2 වෙනිදා.ඉතින් සතියක් එක දිගට ප්‍රැක්ටිස් කලා.අප්පා අපේ උන් මැටි පාගනවා වගේ ඩාන්ස් කරේ.මොන හිපොප්ද.මුන් හොදයි කුඹුරු කොටන්න.ඔය කිව්වට මාත් එහෙම තමා.හික් හික්.ඕකට අපිට පුරුදු කරේ ඉශාර කියලා බුවෙක්.මිනිහානම් පට්ට ප්‍රොෆෙශනල් ඩාන්සර් කෙනෙක්.ඉතින් බුවා හෙන ගේමක් දීලා අපිට පුරුදු කරා.ChammA's බ්ලොග් එකේ නම් කියලා තිබ්බේ අපි ලෙසටම ඩාන්ස් කරා කියලා.චම්මා අයියාට මාගේ ප්‍රනාමය.


ඔන්න ඉතින් ඩාන්ස් කරා කියමුකෝ.ටැලන්ට් ශෝ එක තිබ්බේ සිකුරාදා දවසක.ඊලග දවසේ අපේ සමෙස්ටර් එකේ ප්‍රොජෙක්ට් එකේ SRS (Software Requirements Specification) එක.අප්පා මෙලෝ දෙයක් කරලා තිබ්බේ නැහැ ඒකේ.ටැලන්ට් ශෝ එක ඉවර වෙලා මොන SRS ද.මම නම් රෑට කාලා කන පැලෙන්න බුදිය ගත්තා.ඊලග දවසේ උදේ තමා අපේ ටීම් එකේ උන්ට රත් උනේ.මාත් රත් වෙලා හිටියේ.මොකද මම ටීම් ලීඩර් නිසා.කොහොම හරි එදා ලෙක්චර්ස් වලට යන්න බැරි උනා.මොකද SRS Document එක පි‍ටු 25ට වැඩි පි‍ටු 50ට අඩු Document එකක්.ඕකේ අපේ සොෆ්ට්වෙයාර් එකේ ඉන්ටර්ෆේස් ටිකයි,යූස් කේස් ටිකයි ඒවල සිනාරියෝ ටිකයි පෙන්නන්න ඕනා.හි හි අපේ කට්ටිය කොච්චර දක්ශද කියනවනම් උදේ 11ට පටන් අරගෙන 3 වෙනකොට පි‍ටු 42 ක Document එකක් හදලා ඉවර කරා.


ඊට පස්සේ තමා ප්‍රසන්ටේශන් එක හැදුවේ.ඒක හදලා ඉවර වෙනකොට 4.30 යි.අපිට 5.15ද කොහෙද ප්‍රසන්ට් කරන්න තිබ්බේ.මේ පාර මට ප්‍රසන්ට් කරන්න නැති නිසා මම නම් ෆුල් ආතල් එකේ හිටියා.මේ පාර මට ප්‍රසන්ට් කරන්න නැත්තේ මම ගියපාර ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක තනියම ප්‍රසන්ට් කරපු නිසා.ඔන්න ඉතින් අපි ලෙසටම ප්‍රසන්ට් කරලා සර් අහපු ප්‍රශ්නවලට එලකිරි වගේ උත්තරත් දීලා ගෙදර ආවා.අප්පටසිරි ඒපාර තව එකක්.අලි මදිවට කොටි කිව්වලු.DAA (Design & Analysis of Algorithms) වල ජාවා ඇප්ලිකේශන්(Simulator) එකක් හදන්න දීලා සෝටින් ඇල්ගොරිදම්ස්(Sorting Algorithms) වලින් 2කක් අරගෙන.


ගෙදර ඇවිත් ඇද දැක්කා විතරයි මට නිවන් ගියා වගේ දැනුනා.ඇයි දෙයියනේ ඒ සතියෙම මැරුනනේ ටැලන්ට් ශෝ එකට.ඒ මදිවට SRS එකටත් පොඩි හෙල්ප් එකක් දීලා අම්බානෙක මහන්සි පිට හිටියේ.කාලා බුදියගෙන ඊලග දවසේ ලෙක්චර්ස් ගියා.එදා නම් කට් කරේ නැහැ.අපිට ඉරිදා 4 ඉදන් 5 වෙනකන් පොඩි ‍ෆ්‍රී ටයිම් එකක් තියෙනවා.ඕකේ තමා එසයිමන්ට් එක කරන්න හිතන් හිටියේ.5.30 කලින් අප්ලෝඩ් කරන්න තිබ්බ නිසා බය නැතුව හිටියේ.ඔන්න ඉතින් 4ට පටන් අරන් 5 වෙනකොට එසයිමන්ට් එක කරලා අප්ලෝඩ් කරලත් ඉවරයි.


හි හි කොහොමද අපේ වැඩ.මම විතරක් නෙමේ ගොඩක් උන් එදා තමා එසයිමට් එක කරේ.සමහර උන් නම් තව එකෙක්ගේ එකක් වෙනස් කරලා අප්ලෝඩ් කරා.මම එහෙම කරේ නැත්තේ එහෙම කරාම වයිවා එකේදී මාට්‍ටු වෙනවා තමන් කරපු එකක් නෙමේ කියලා.වයිවා එකෙන් බේරෙන්න තමන්ම කරලා අයිඩියා එකක් තියෙන්න ඕනා.නැත්තම් ඇදගෙන නෑමක් තමා.මොකටද නිකන් ඇදගෙන නාන්නේ.හික් හික් ;)


ගිය සතියේ නම් පොඩ්ඩක් ස්ටඩී පාරක් දැම්මා ඔන්ලයින් එක්සෑම් වගයක් ලග එන නිසා.ඒවට එදාට ලෑස්ති වෙන්න බෑනේ.ඒ උනත් අපේ උන්ට නම් ඒ හැකියාවත් තියෙනවා දෙවියන්ගේ පිහිටෙන්.


ඔන්න ඔහොමයි පහුගිය ටිකේ දවස ගෙවුනේ.අහ් ලගදී යකඩ කල්ලියේ දෙතුන් දෙනෙක් සෙට් උනානේ.අප්පා එතන උනු කතා මේකේ දැම්මොත් මේක මෙගා පෝස්ට් එකක් කරන්න වෙයි.ලගදිම ඒ ටිකත් කොටලා දාන්නම් කෝ.....

Sunday, September 11, 2011

සිංහයා



ඔන් එක චණ්ඩියෙක් වගේ ඩයල් එකක් නැග්ගලු බස් එකකට. නැගලා පොර කියනවලු "සිංහයෙක් බස් එකට නැග්ගෙ ඈ ..........." කියලා. 
ඉතිං දැන් පොරට ඉස්සරහට යන්න විදියක් නැහැලු සෙනගලු මිනිහා ඒ ගමන කියනවලු. "දැන් සිංහයට ඉස්සරහට යන්න මේ බස් එකේ ඉඩ නෑ එතකොට ......."


ඉතින් මිනිහ පච්චයක් එහෙම ගහලා සුදු යකඩ චේන් දෙක තුනක් එහෙම දාලා හෙන මැර ටයිප් එකකට හිටිය නිසා මිනිස්සුත් බය වෙලා ඉඩ දුන්නලු.


ඊ ලඟට පොර ඉස්සරහට ගියාලු වාඩි වෙන්න සීට් නෑලු. ඉතිං පොර සීට් එකක් ලඟට ගිහිං කියනවලු "එතකොට සිංහයට වාඩි වෙන්න සීට් නෑ එහෙනම් ............" කියලා.


 අනේ ඉතිං ඒ සීට් එකේ මෙහා පැත්තෙ හිටියෙ වයසක අන්කල් කෙනෙක්ලු. පොර ඉතිං මොකටද ඉතිං නැති ප්‍රශ්න හදා ගන්නෙ කියලා දුන්නලු සීට් එක. වීදුරුව අයිනෙ හිටියෙ හත අට වසරෙ විතර පොඩි දරුවෙක්ලු. දැන් ඉතිං පොඩි එකත් බය වෙලා අයිනට ගුලි වුනාලු.


ටික දුරක් යනකොට පොරට ඕන උනාලු වීදුරුව අයින ඒ ගමන පොර කියනවලු "එතකොට සිංහයට වීදුරුව ලඟ යන්න ඉඩ නෑ එහෙනම් ......" කියලා. 


ඔන්න ඉතිං අර පොඩි කොල්ලා බය වෙලා අයිනත් දුන්නලු. දැන් පොඩි එකාට ඉන්න බැරිලු ප්‍රශ්නයක් එනවලු අහන්නම අර හාදයගෙන්. "අන්කල් මම ප්‍රශ්නයක් අහන්නද" කියලා ඇහුවලු.


පොර කියනවලු "සිංහයන්ට මොන ප්‍රශ්නද  බොල අහපං බලන්න කියලා ......" කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා.


ආයිත් ටික වෙලාවකින් කොල්ලට ඉන්නම බැරුව අහනවලු "අන්කල් ප්‍රශ්නයක් තියනවා අහන්නද කියලා" ආයිත් පොර කියනවලු "අහපං කොල්ලො සිංහයන්ට මොන ප්‍රශ්නද කියලා ....." ආයිත් කොල්ලා කියනවලු "එක්කො ඕන නැහැ" කියලා.


දැන් ඉතිං අර මැර හාදයත් වට පිට බල බල යනවලු කොල්ලත් බයෙන් වගේ ගුලි වෙලා යනවලු. ඉතිං කොල්ල බහින හෝල්ට් එකට කිට්ටු වෙලා නැගිටින්න හදන කොට අර මැර හාදයට මතක් වුනාලු මූ  ප්‍රශ්නයක් අහනවා කිව්වට ඇහුවෙ නෑනෙ කියලා.


පොර කියනවලු "මොකක්ද කොල්ලො උඹ අර සිංහයගෙන් අහන්න තිබුනයි කිව්වෙ.දැන් අහපං දැන් අහපං.. කියලා. ඉතිං කොල්ලත් ආයිත් අහනවලු "කමක් නැද්ද අන්කල් ඇහුවට" කියලා. "අහපං අහපං සිංහයන්ට විසඳන්න බැරි ප්‍රශ්නයක් නැහැ ....." කියලා පොර කිව්වලු. 


කොල්ලා ටිකක් ඉස්සරහට එහෙම ගිහිං අහනවලු "අන්කල්ගෙ අම්මා කැලේට ගියාද නැත්නම් සිංහයෙක් ගෙදරට ආවද කියලා." පොරට තරු වීසි වුනාලු.

Friday, September 9, 2011

පුසාට වඩා බල්ලා හොදයි කියන්නේ ඇයි....




  1. ඔබ කතා කරන සෑම වචනයක්ම බල්ලා කන් හරවා හරවා ඇහුන්කම් දීමට උත්සහ කරන අතර පූසා කිසිවක් ගණන් නොගෙන නිදා ගැනීම ගැන සිතයි..
  2. ඔබ හවසට ගෙදර එන විට බල්ලට එය ඉතා සතුටු අවස්ථාවක් වේ, මුණ සිප ගැනීමටද උත්සහ කරන අතර පූසා ඔබ ගෙදරින් යන විට සිටි තැනම නිදාගෙන සිටි...
  3. බල්ලන් මිය යන දවස දක්වාම තම ස්වාමියට අපරමිත ආදරයක් දක්වයි.පුසාන් ඔබ කුඩා කල සිට ආදරයෙන් ආරක්ෂා කල භාණ්ඩ කඩා දමයි...
  4. ඔබ දුකෙන් ඉන විට බල්ලන් හට එය හැගෙයි .එවිට ඔබගේ ලගට වී ඉන්න උත්සහ කරන අතර, පුසන්ට ඔබගේ හැගීම් කිසිවක් ගන්නට නොගනී ...
  5. බල්ලන් ඔබගේ සෙරෙප්පු ලගට ගෙනත් දෙන අතර පුසන් මී කුණ ඔබගේ සෙරෙප්පුව උඩ ගෙනවිත් දමයි ...
  6. බල්ලන් ඔබත් සමග මුළු දවසම වුනත් සෙල්ලම් කල හැකි අතර, පුසන්ට මුළු දවසම ඔබගේ ඇදෙ නිදා ගත හැක...
  7. ඔබගේ ගෙදර මහා රෑ ගින්නක් ඇති වුවහොත් බල්ලා විගස නැගිට බුරන්නට පටන් ගන්න අතර,පූසා පිටි පස්ස දොරින් පැන දුවයි...
පලි:මේක මට ඊයකින් ආපු එකක්.
ඔන්න ඔහොමයි අපි ගැන හිතන් ඉන්නේ.
මීට පූසා :D

Thursday, September 8, 2011

කාලය.......




ගෙවුනු පාසැල් දිවිය ......
සුන්දරද මට කෙතරම්.......
සැහැල්ලුයි... ලෙන්ගතුයි....
සමනලුන් මෙන්...... 
පියඹිය අහස්කුස.....
විටෙක අප නැවතෙමින්.....
තව විටෙක දුව පනිමින්.....
ගෙවූ ඒ සොදුරු වූ කාලය...
කොහෙදෝ සැග උනේ...

පලි:මේ ටිකේ වැඩ පොඩ්ඩක් වැඩිවෙලා මේ පැත්තේ එන්නත් බැරි උනා.බුදු අම්මෝ කියවන්න තියෙන පෝස්ට් ටික.කොනක ඉදන් කියවන්න ගන්න ඕනා දැන්.ඊයේ මගේ ඉස්කෝලේ යාලුවෝ ටිකක් සෙට් උනා.ඒකයි මෙහෙම කවියක් දාන්න හිතුවේ.කතා ගොඩක් තිබේ.ටික ටික දාන්නම් ඉතින් ඕං...