Thursday, September 22, 2011

ළමා කාලය



මට අද උදේ සදරුවාගේ සරුංගලේ පෝස්ට් එකෙන් මට පුංචි කාලය ගැන මතක් උනා.ඉතින් මම හිතුවා ඒ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න.සුන්දර දකුණු පලාතේ අහුංගල්ල කියන ගම තමා මගේ ගම(අර සත්තු වත්තක් එහෙම තිබ්බේ.).ඉතින් මම පොඩි කාලේ ඒ කියන්නේ ශිෂ්‍යත්වය පාස් වෙලා කොලඹට එන්න කලින් ගමේ අම්මා තාත්තා මල්ලිලා දෙන්නා එක්ක තමයි හිටියේ.මම ඉස්කෝලේ ගියේ කලුතර අම්මත් එක්ක.අම්ම එතකොට වැඩ කරේ නාගොඩ.උදේ පාන්දර නැගිටලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා අම්මත් එක්ක මම කෝච්චියේ තමයි කලුතරට එන්නේ.


හැම දාම අපි නගින්නේ සමුද්‍රදේවි එකේ 11 වෙනි පෙට්ටියට.ඒකේ තමා අපේ අම්මගේ ඔ‍ෆිස් එකේ යාලුවෝ ඉන්නේ.ඒ කාලේ එක එක කෝච්චි පෙට්ටි එක එක අය වෙන් කර ගෙන හිටියේ.ඒ කියන්නේ අපිත් එක්ක හැම දාම යන අංකල්ලා ඇන්ටිලා හැමදාමත් නැග්ගේ 11වෙනි පෙට්ටියට.ගොඩාක් අය ගාල්ලෙන්ම නගින නිසා ඒ පෙට්ටිය හැමදාමත් අපිටම වෙන් වෙලා තිබ්බා.



ඉතින් උදේ 7.45 වෙනකොට(ඒ කාලේ ඉස්කොලේ පටන් ගත්තේ 8ට නේ)මම ඉස්කෝලෙට යනවා.ඉතින් ඉස්කෝලේ යාලුවොත් එක්ක පිස්සු නටලා ඉස්කෝලේ ඇරිලා යන්නේ නැන්දලාගේ ගෙදර.නැන්දලා ඉන්නේ අපේ ඉස්කෝලේ පේන දුර වගේ.ඉතින් මට අම්මා ඔ‍ෆිස් ඇරෙනකන් එහෙ තමා ඉන්න වෙන්නේ.කලුතර නැන්දා හදන කරවල බැදුම තරම් රස එකක් මම අද වෙනතුරුත් කාලා නැහැ.ඒ රස මට අදටත් මතකයි.දවල්ට මම නැන්දලාගේ ගෙදරින් කාලා හවස අම්මා එනකන් බලාගෙන ඉන්නවා ගෙදර යන්න.


ඒ දවස් වල මෙලෝ රහක් නැහැ.මොකද මම සරනාගතයෙක් වගේ නේ.මොකාද එකාවගේ නැන්දලෑ ගෙදරට වෙලා පාරේ වාහන ගනන් කර කර ඉන්නවා අම්ම එනකන්.ඉතින් අම්ම හවස වැඩ ඉවර වෙලා එන්නේ 5ට.ඉතින් මම ආයෙත් ගෙදර යන්න ලෑස්ති වෙලා අම්මත් එක්ක ආයෙත් කලුතර ස්ටේසමට යනවා 5.45ට තියෙන සමුද්‍රදේවී එක අල්ල ගන්න.ඉතින් හැමදාම ගෙදර යනකොට 7 විතර වෙනවා.මොනවා කරන්නද හොදට කාලා නිදා ගන්නවා ගෙදර වැඩ වත් නොකර.ඒ කාලේ මට කෝච්චි තියෙන වෙලාවල්,කලුතර ඉදන් අහුංගල්ලට තියන ස්ටේසන් වල නම් ඇස් වහගෙන උනත් කියන්න පුලුවන්.ඒ මම අවුරුදු 6ක්ම කෝච්චියේ එහාටයි මෙහාටයි ගිය නිසා.සතියේ දවස් 5 ඔන්න ඔහොම තමයි ගෙවෙන්නේ.


මම හැමදාම සිකුරාදාට ගෙදර එන්නේ හරිම සතුටින්.ඒ දවස් දෙක විතරනේ මට නිදහසේ සෙල්ලම් කරන්න තියෙන්නේ.ඒ දවස් දෙක මම උපරිමෙන්ම ගෙවනවා.ගෙදරින් උදේට කාලා ගියාට පස්සේ කොල්ලොත් එක්ක අපේ වත්තේ බෝල් ගහන්න,මාදු ගගේ නාන්න,මුහුදේ නාන්න,සම්බෝල කඩන්න ඔය වගේ සෙල්ලම් වලට තමා කාලය ගත කරන්නේ.


ඒ දවස් වල අපේ ගෙදරට තමා යාලුවෝ බෝල් ගහන්න එන්නේ.අපේ වත්තේ ටිකක් ඉඩ තියෙනවා.ඒ කාලේ ඉතින් පොඩියිනේ.හැමදාම සෙල්ලම් කරනකොට වලි.රන් අවුට් වලට තමා ගොඩක් වලි යන්නේ.හිකිස්.අපේ වත්තේ අපි සෙලම් කරන තැන දෙපැත්තේම තියෙන්නේ පොල් ගස්.ඉතින් මේ දවස් දෙකට අඩුම ගානේ බෝල්4ක් වත් පොල් ගස් වල හිර වෙනවා.ආයෙත් ඒවා ගන්න හම්බෙන්නේ වත්තේ පොල් මුරේ දවසට තමා.එදාට ඉතින් ටෙනිස් බෝල් කොම්පැනිය වගේ අපේ ගෙදර.


ඉතින් මම ශිෂ්‍යත්වය පාස් වෙලා කොලඹ ආවට පස්සේ ගමේ යන්න හම්බුනේ නිවාඩුවකට විතරයි.ඒ උනත් ඒ නිවාඩු කාලෙත් උපරිමෙන්ම ගෙවනවා.අගෝස්තු නිවාඩුවට ගමට ආවම ඒ මාසෙම කරන්නේ සරුංගල් අරින එකයි.අපි සරුංගල් අරින්න යන්නේ මුහුදට.කිසි අමාරුවක් නැතුව සරුංගලේට අතේ තියන් නූල් දෙන්න පුලුවන්.ඉතින් සරුන්ගලේ ඩොට් වෙන්න ඇරලා පන්දුව වැල්ලේ වලක් හාරලා වලලලා අපි සෙට් එක කරන්නේ මුහුදේ නාන එකයි.


පොඩි උනත් අපි මුහුදේ නාන පොට් එකට ගමේ කට්ටිය කියන්නේ තො‍ටුපල කියලා.එතන ගල් වලින් වට වෙච්ච පොඩි පූල් එකක් වගේ නිසා.එතන බාල මහලු වැඩිහිටි ඕනම කෙනෙක්ට බය නැතුව නාන්න පුලුවන්.මුලු මාසෙම ඔහොම සරුංගල් ඇරලා නිවාඩුව ඉවර වෙලා ආපහු කොලඹ යන්නේ මාරම දුකකින්.ඒ ආයෙත් එන්න හම්බෙන්නේ දෙසැම්බර් නිවාඩුවට නිසා.


ආයෙත් දෙසැම්බර් නිවාඩුවට ගමට ආවම අපි සෙට් එක එකතු වෙලා බෝල් ගහනවා,ජිල් ගහනවා.ඒ මාසේ වැඩි හරියක්ම කරන්නේ මාදු ගග පැත්තේ යන එකයි.ඒ කාලෙට කිරල ගස්වල කිරල පිරිලා ඉතිරිලා තියෙනවා.අප්‍රියෙල් කාලෙටත් එහෙමයි.ඒ කාලෙට කජු පුහුලන් කන එකයි කජු එකතු කරලා පුච්චන් කන එකයි තමා කරන්නේ.අපේ ගමේ හැම අප්‍රියෙල් මාසෙකම විවාහක අවිවාහක ක්‍රිකට් මැච් එකක් දැනට අවුරුදු 20ක විතර ඉදන් ගහගෙන එනවා.ඉතින් ඉස්සර පොඩි එකා නිසා සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ.තාත්තා සෙල්ලම් කරන හැටි බලන් ඉන්නවා.මම මුලින්ම ඒ මැච් එකට සෙලම් කරේ 10 වසරෙදී.ඒ අවුරුද්දේ හොදම පන්දු රකින්නා උනේ මම.


වෙසක් මාසෙට ගෙදර ගියාම අපි බයිසිකල් වල නැගලා දන්සැල් වන්දනාවේ යනවා.අහුංගල්ලේ ඉදලා අම්බලන්ගොඩටත් අම්බලන්ගොඩ ඉදලා ආයෙත් අහුංගල්ලටත් මග දිගට තියෙන  දන්සැල් ඔක්කොම දෙයියනේ කියලා වදිනවා.බත් දන්සැල් වලට යන්නේ අඩුවෙන්.හැබැයි බීම දන්සැල් වලින් බීම බෝතල් වලත් දාගෙන ගෙදර අරන් එනවා.




ඔන්න ඔහොම මගේ පොඩි කාලේ ගෙවිලා ගියා.ආයෙත් ඒ කාලේට යන්න තිබ්බනම් කියලා මට හිතෙනවා.අද වෙනකොට පොඩි කාලේ කරපු වැඩ කරන්න තියා ගමේ යන්නවත් වෙලාවක් නෑ.අපි කොලඹ ගෙයක් අරන් පදිංචි උන නිසා එහේ ගෙදර යැවෙන්නේ අවුරුද්දකට 2පාරක් වගේ තමා.ඒ ගිහිනුත් දවස් දෙක තුනක් වත් ඉන්නේ නැහැ.


දැනුත් මාදු ගගේ,මුහුදේ නාන්න.වත්තේ කොල්ලොත් එක්ක බෝල් ගහන්න ආසයි.ඒත් කාලය විසින් හැමදේම වෙනස් කරලා තියෙන නිසා අපිට ඒ මතකේ හිතේ තියාගෙන ජීවත් වෙලා තියෙනවා.


මගේ සුන්දර දකුණු පලාත මතකයෙන් නොමැකී යන තරම් අත්දැකීම් බහුලය.....

10 ක් අදහස් දක්වන ලදී:

මධුරංග said...

ළමා කාලය තරම් සුන්දර කාලයක් අපට තවත් නෑ. කිසිම වගකීමක් බැඳීමක් නෑ. හරිම නිදහස් ජීවිත. දැන් නම් එහෙම නෑ. වගකීම වැඩියි. ඉස්සරහට තව තවත් වැඩි වෙනවා.

නදීර සඳරුවන් ලියනගේ said...

ළමා කාලය නේද? හරිම සුන්දරයි.

ChammA said...

පුංචි කාලේ දී ඔය අනවශය ප්‍රශ්න නැහැනේ..සතුටින් ඉන්න විතරයි තියෙන්නේ...දැන් වගේ නෙවෙයි..

Dinesh said...

ළමා කාලය හරි සුන්දරයි යාළුවා... මොකද ඒ කාලේ දැන් වගේ ලොකු හීන බලාපොරොත්තු අපේ හිතේ නෑනේ...

Sabith said...

මාත් හෝලික්‍රොස් නේ බං! මාත් අවුරුදු 2ක් විතර සමුද්‍රේ තමා ඉස්කොලේ ගියේ!ශි.නායක පට්ටම හම්බුනාට පස්සෙ නම් බස් තමා! ගොහෙද ඉස්කොලේ කලුතර?

හිස් අහස said...

පුංචි කාලෙට ආයේ යන්න හැකි බේතක් නම් මම දන්නවා ...!

තනි අලියා said...

@හිස්අහස- මොකද්ද අනේ! :O

පිස්සු පුසා said...

@මධුරංග :හ්ම්..අයියට තේරුනා.... :)

@නදීර :ඔව් යාලුවා..මොන තරම් සුන්දරද..??

@ChammA :හික් හික් ලොල්..දැන් තියෙන ප්‍රශ්න මොනවද දන්නේ නැහැ නේ..???

පිස්සු පුසා said...

@Dinesh :ඔව් යාලුවා සහතික ඇත්ත..

@Sabith :මම කලුතර විද්‍යාලයට ගියේ බං.අප්පට සිරි උබ හෝලික්‍රොස් ද??

@හිස් අහස :හැක හැක මොකක්ද බං ඒ..???

@තනි අලියා : :O

Thanuja Nishanthi Ayagma said...

කියවගෙන යනකොට ළමා කාලෙට හිත ඇදිලා ගියා

Post a Comment