Monday, August 29, 2011

දින තිහක ආදර චාරිකාව



මේ කතාවේ චරිත දෙක වෙන්නේ ඩැනියෙල් හා ජෙස්මින් කියන දෙදෙනා. ඔන්න එක දිනක් රෑ මේ දෙන්නා උද්‍යානයක ගසක් යට වාඩිවෙලා ඉන්නකොට ඩැනියෙල් මෙහෙම කියනවා.

ඩැනියෙල් : අපි දෙන්නා නම් කිසිම වැඩකට නැති දෙන්නෙක්.
ජෙස්මින් : මමත් හිතන්නේ. අපි දෙන්නට ඇරෙන්න අනිත් හැමෝටම තමන්ගේ ජීවිතේ බෙදාගන්න කවුරුහරි ඉන්නවා.
ඩැනියෙල් : අනේ මන්දා. මටත් තේරෙන්නේ නෑ.
ජෙස්මින් : මම නම් දන්නවා කරන්න ඕන දේ. අපි සෙල්ලමක් කරමුද?
ඩැනියෙල් : මොන විදිහේ සෙල්ලමක්ද?
ජෙස්මින් : මම දවස් 30කට මම ඔයාගේ පෙම්වතිය වෙන්නම්, ඔයා මගේ පෙම්වතා වෙන්න.
ඩැනියෙල් : හොඳ අදහස. මටත් ලබන මාසෙම වගේ වැඩි වැඩක් නෑ.

ඔන්න ඔහොම කතා වෙලා මේ දෙන්නා එදා එකිනෙකාගෙන් සමු ගත්තා.

1 වන දිනය
එයාලා මුල්ම වතාවට එකතු වෙලා ආදරය තේමා උන චිත්‍රපටයක් රස වින්දා.

4 වන දිනය
මුහුදු වෙරළට චාරිකාවක් ගියා. දවසම මුහුදු වෙරලේ සතුටින් ගත කලා.

12 වන දිනය
සර්කස් සංදර්ශනයක් බලන්න යන්න ඩැනියෙල් ජෙස්මින්ට ආරාධනා කලා. එහි තිබුණු හොල්මන් ගුහාවකදී බය උනු ජෙස්මින් වැරදීමකින් ඩැනියෙල් කියා සිතා වෙනත් අයෙකුගේ අත අල්ලා තිබුනා. මේ සිදුවීම මතක් කරමින් මේ දෙන්නා ඇති තරම් විනෝද වුනා.

15 වන දිනය
මේ දෙන්නා පාරේ සාස්තර කියමින් යන කෙනෙක් හමු උනා. මෙයාලත් නිකමට වගේ සාස්තරයක් ඇහුවා. “දරුවනි, ඔයාලගේ වටිනා කාලය නාස්ති කරන්න එපා. දෙන්නා එකතු වෙලා පුලුවන් තරම් සතුටින් ඉන්න බලන්න.” සාස්තර කරු කීවේ නොදැනීම ඔහුගේ ඇසට කඳුලක් නංවමින්.

20 වන දිනය
කඳුකර පෙදෙසක සවාරියක් යාමට ජෙස්මින් ඩැනියෙල්ට ආරාධනා කලා. ඒ ගමනේදී කඩා වැටෙන තරුවක් ජෙස්මින්ට දකින්න ලැබුනා. ඈ ඒ දෙස බලාගෙන තමාටම යමක් මුමුනා ගත්තා.

28 වන දිනය
මේ දෙන්නා කැඩුණු පාරක බස් රථයකින් ගමන් කරමින් හිටියා. එකවරම හදිසි ගැස්සීමක් නිසා අත්වැරදීමකින් ජෙස්මින් ඩැනියෙල්ට මුල්ම හාදුව දුන්නා.

29 වන දිනය
වේලාව පස්වරු 11.37
දැන් මේ දෙන්නා මේ ආදර සෙල්ලම පටන් ගත්ත උද්‍යානයේ ගසක් යට වාඩිවෙලා ඉන්නවා.
ඩැනියෙල් : මට හරිම මහන්සියි ජෙස්මින්. මං පාරට ගිහින් ඔයාටත් එක්ක බොන්න මොනවා හරි ගේන්නද?
ජෙස්මින් : හා. මට ඇපල් ජූස් එකක් තිබුනාම හොඳටම ඇති.
ඩැනියෙල් : හරි. මං එනකම් ඔහොම ඉන්නකෝ.

(විනාඩි 20කට පසුව) අමුත්තෙක් ජෙස්මින් ළඟට එනවා.
අමුත්තා : ඔයා ඩැනියෙල්ගේ යාලුවෙක්ද?
ජෙස්මින් : ඔව්. ඇයි?
අමුත්තා : බීපු මිනිහෙක් ඩැනියෙල්ව හප්පගෙන ගිහින්. දැන් එයා ඉස්පිරිතාලේ.

වේලාව පස්වරු 11.57
හදිසි අනතුරු අංශයේ සිට එලියට පැමිණි දොස්තර “අපිට ඩැනියෙල්ගේ සාක්කුවේ තිබිලා මේක හම්බුණා.” කියලා ජෙස්මින් වෙත ඇපල් ජූස් බෝතලයක් හා ලියුමක් දුන්නා. 

ජෙස්මින් ලියුම කියවන්න ගත්තා. ඒකෙ තිබුනේ මෙහෙමයි.

“ජෙස්මින්, පසුගිය කාලේ මට තේරුණා ඔයා මොන තරම් සුන්දර කෙල්ලෙක්ද කියලා සහ මම ඔයාට කැමතියි කියලා. මේ සෙල්ලම කරද්දී මම දැකපු ඔයාගේ හුරතල් හිනාව වගේම හැම දේකටම මම කැමතියි. මේ සෙල්ලම ඉවර වෙන්න කලින් ඔයා ජීවිත කාලයටම මගේ පෙම්වතී වෙනවා නම් මම කැමතියි.
මම ඔයාට ගොඩක් ආදරෙයි ජෙස්මින්…!”

ජෙස්මින් ඒ ලියුම ගුලි කරලා මෙහෙම කෑගැහුවා.
“අනේ ඩැනියෙල් මට ඔයාව නැති කරගන්න බෑ. මමත් ඔයාට ආදරෙයි. ඔයාට මතකද අපි උල්කාපාතයක් දැකපු රෑ මම දෙයක් මිමිනුවා… මං ඒ මිමිනුවේ මේ සෙල්ලම කවදාවත් ඉවර නොවී හැමදාටම තියෙන්න කියලයි. අනේ මාව දාලා යන්න එපා… මං ඔයාට ආදරෙයි. මේ පාර ඔයාට බෑ මට එහෙම දෙයක් කරන්න…”

ඒ වෙද්දිම හරියට රෑ 12 උනා. එහෙමම ඩැනියෙල්ගේ හද ගැස්මත් නැවතුනා…

පලි :මේක මට ඊයකින් ආපු එකක්.සිරා ස්ටෝරියක් නිසා මට දාන්න හිතුනා.

Saturday, August 27, 2011

ජීවිතය යනු




ජීවිතය යනු මොකක්දැයි....
සොයා යන්නට සිතුනි මට....
කොහොම කොතැනින් ...
පටන් ගනිමිද?.....
සිතා ගත නොහැකිව.....
අතරමං වීද මා.....
ම්ම්ම්ම්ම්..............
ජීවිතය යනු...
ආදරයද..
හමුවීම්ද? වෙන්වීම්ද?
නැතිනම්.......
සොයයාම් ද?
නැති නම්... 
සොයා එන දේට....
මුහුණ දීම්ද?
ම්ම්ම්ම්ම්ම්.....
මේ සියලු දේ...
නේද ජීවිතය .....
කියන්නේ.....

Friday, August 26, 2011

ස්ලිට් එකේ අපේ ජිවිතේ...


ස්ලිට් එකේ අපි ගත කරන ජිවිතෙන් බිදක්...
අලුත් සමෙස්ටර් එකක්ම ආවම

අපි

---------------------------------------
පලවෙනි සතියෙන් පස්සේ,

---------------------------------------
දෙවෙනි සතියෙන් පස්සේ,

---------------------------------------
mid-term test එකට කලින්

---------------------------------------
mid-term test එක අතරේ

---------------------------------------
mid-term test ඒකෙන පස්සේ

---------------------------------------
final exam එකට කලින්

---------------------------------------
final exam schedule එක දැනගත්ත ගමන්

---------------------------------------
final exam එකට දවස් 7 කට කලින්

---------------------------------------
final exam එකට දවස් 6 කට කලින්

---------------------------------------
final exam එකට දවස් 5 කට කලින්

---------------------------------------
final exam එකට දවස් 4 කට කලින්

---------------------------------------
final exam එකට දවස් 3 කට කලින්

---------------------------------------
final exam එකට දවස් 2 කට කලින්

---------------------------------------
final exam එකට දවස් 1 කට කලින්

---------------------------------------
exam එකට කලින් දවසේ රැ

---------------------------------------
exam එක වෙලාවේ

---------------------------------------
exam hall ඒකෙන එලියට ආවම

---------------------------------------
final exam එකට පස්සේ නිවාඩුවේදී


කොහොමද අපේ ජිවිතේ 

Thursday, August 25, 2011

කුප්පි දාද්දී යාලුවන්ට එලි කිරීම...


ඔන්න මම මේ කියන්න හදන්නේ අපිට පාඩම් කරන කොට එහෙමත් නැත්තම් කුප්පි දානකොට පොඩි චේන්ජ් එකටත් එක්ක ටික වෙලාවකට හිනා වෙන්න පුලුවන් වැඩක්.මේකෙන් රෑට නිදි මරනකොට නිදිමතත් නැති වෙනවා.


මේක අපි දැන් 3න් දෙනෙක්ටම අත්හදා බලලා තියෙන්නේ.ඒකෙන් 2න්නෙක්ම ලනුව කෑවා.අපි ඒ කියන්නේ අපේ සෙට් එක මිඩ් එකටයි ෆයිනල් එකටයි කුප්පි දාන්නේ අපේ යාලුවෙක්ගේ බෝඩිමක.අපි ඉතින් අඩුම තරමින් 10ක් 12ක් වත් සෙට් වෙනවා.බෝඩිමේ අයියාගෙනුත් කිසි අව්ලක් නැහැ කෑ ගහන එකට මොකද බොඩිම තියෙන්නේ උඩම තට්‍ටුවේ.ඒක නිසා අපේ කට හඩවල් වල සද්දේ යටට ඇහෙන්නේ නෑ.දන්නවනේ කොල්ලො 10ක් 12ක් සෙට් උනාම කොහොමද කියලා.

ඉතින් අපි ඔහොම පාඩම් කරනකොට එකෙක් දෙන්නෙක් බුදියනවා හොරෙන්.ඉතින් ඒ වගේ උන්ට තමා මේක හරියන්නේ.හරි හරි අ‍ටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බහිමු.

මේක අපි මුලින්ම අත්හදා බැලුවේ ෆයිනල් එක්සෑම් දවස් වල.ඒ කියන්නේ එක්සෑම් පටන් ගන්නේ උදේ 9ට.එදා කොහොම හරි අපිට තව බලන්න පාඩම් 4ක් විතර ඉතුරු වෙලා තිබ්බා.එක බුවෙක් වාඩි වෙලා හිටපු ඇදේම ඇල වෙලා නිදි.

ඉතින් අපි සෙට් එකම උගේ ෆෝන් එකෙයි ඔන් කරලා තියෙන කොම්පියුටරෙයි තව ෆෝන් 2ක 3නක වෙලාව 5.30ට දාලා සෙට් එකම කිසි සද්දයක් නැතුව නිදා ගත්තා.ඒත් එකෙක් එක ෆොන් එකක විනාඩි 2කකට ඒ කියනේ 5.32ට එලාම් එක තියනවා.ඉතින් අපි නිදි වගේ බොරුවට රගපානවා.

එලාම් එක වැදුනට පස්සෙ එකෙක් නැගිටලා ලයිට් දාලා කට්ටියට ගගහා නැගිට්ටනවා.අඩෝ නැගිටපන් වෙලාව 5.30යි බන් කිය කිය.අර නින්ද ගිය බුවාටත් ඕක කියලා අපි ඇහැරවනවා.කොහොම හරි සැක නොහිතන විදියට වැඩේ කරන්න ඕනා.ඌ නැගිටිනකන් අපි බොරුවට නිදි වගේ රගපානවා.ඔයාලට කියන්න අපි මේක මූට කරනකොට ඇත්ත වෙලාව 10ට විතර ඇති.

බුවා නැගිටලා මුලින් උගේ ෆෝන් එකේ වෙලාව බලනවා.ඊට පස්සේ තමා පොරට තරු විසික් වෙන්නේ..ඊට පස්සේ ඌත් අනිත් උන්ව ඇහැරවනවා.ලොල් තමා ඉතින්.බොහොම අමාරුවෙන් හිනාව තද කරන් අපි ඉන්නේ ඒ වෙලාවට.ඉතින් මූ බයවෙලා.


"අඩෝ තව පැය කීයද බන් තියෙන්නේ.පාඩම් කරපුවත් ආයෙ බලන්න විදියක් නැහැ.තව ලෙක්චර්ස් 4ක් එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙනවනේ.බලපන් තොපි නිදාගත්තනේ පාඩම් කරන්නේ නැතුව."ඔන්න ඔහොම තමා බුවාගේ ප්‍රතිචාරය.


හිකිස් අපි බුවාට කිව්වා හරි හරි දැන් මූන හෝදගෙන ලෑස්ති වෙලා වරෙන් කියලා.මූ දත් මැදලා වොශ් එකක් එහෙම දාගෙන එනකොට අපි ගානට ටයිම් සෙට් කරලා ඉන්නවා.


මු ආවම අපි ඇත්ත සීන් එක කිව්වම &^%$#*&^^%*******.


පලි:මේක මෝඩ ආතල් එකක් වෙන්න පුලුවන්.ඒත් කුප්පි දානකොට කරලා බලන්න බඩ පැලෙනකන් හිනා වෙන්න පුලුවන්.

Wednesday, August 24, 2011

අතීතය....




ආයෙ කවදාවත්ම එන්නෙත් නැති
ආපහු කවදාවත් යන්නත් බැරි
එත් මතක්වෙද්දි ආස හිතෙන
සමහර වෙලාවට කඳුලු පිරෙන....
දේදුන්නේ පාට හතෙන්ම
පාට පාට කොලවල ඇඳපු
අපැහැදිලි සිතුවම් වගේ
සිත පුරාම විසිරුණු
සුන්දර අසුන්දර
මතකයන් ගොන්නක්....

Tuesday, August 23, 2011

ලංකාවේ අපේ තරු සෙට් එක




ඔයා කතා කරන කොට SINGING STAR, 
ඔයා හිනා උනොත් COMEDY STAR,
ඇවිදිනකොට DANCING STAR,
ලගට ආවොත් LOVING STAR,
මම නිදා ගන්නකොට ඔයා මගේ DREAM STAR,
ඔයාව ලබාගන්න ට්‍රයි කරන මම TALENT STAR,
ඔයා ලැබුණාම මම SUPER STAR,
බැන්දම ඔයා මගේ MEGA STAR,,
දස මාසෙන් LITTLE STAR....!!

Monday, August 22, 2011

හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් & හෙලවුඩ්


මේක මට ඊයකින් ආපු එකක්.බලන්නකෝ හොදද කියලා...

දුෂ්ඨයා කෙල්ලව පැහැර ගෙන යාම සහ කොල්ලාගෙ ප්‍රතිචාරය තමයි දර්ශනය (චිත්‍රපටියේ අවසාන ජවනිකාව ).
හොලිවුඩ් , බොලිවුඩ්, කොලිවුඩ් , සහ හෙලඋඩ්(ලංකාවේ සිනමාව ) කියන සිනමා වන් වලදි මේක නිරූපනය වෙන්නේ කොහොමද කියන එකයි කතන්දරේ.

හොලිවුඩ්



කොල්ලා ඇඟපත හොඳට හැදුණු දඩාර පොරක් , කෙල්ල සෙක්සි ලුක් එකක් තියන කෙට්ටු පොරියක් .ඔන්න දැන් දුෂ්ටයාගෙ සෙට් එක කෙල්ලව හෙලිකොප්ටරයකින් පැහැර ගෙන යන්නයි සුදානම .

කොල්ලගෙ උර හිසට වෙඩි වැදිලා බිම . දුෂ්ට ගැන්සියෙ ලොක්ක ගෝලය තුන් හතර දෙනාට උපදෙස් දෙමින් ඉන්නවා කෙල්ලවත් අල්ලගෙනම.කෙල්ලත් බිම වැටිලා ඉන්න කොල්ල දිහා බල බල අරුගේ අතින් ගැලවෙන්න හදනව ඌට බැන බැන(සමහර වෙලාවට භාග කුණුහරුපෙනුත්).

ඔන්න දැන් උපදෙස් දීල ඉවරයි දුෂ්ට බොසා කෙල්ල ඇදගෙන හෙලිකොප්ටරේ ගාවට යනව(මේ වෙලාවෙදි කෙල්ලගෙ ගවුම හෙලිකොප්ටරේ හුලඟ නිසා සැහෙන උඩ යන්න එහෙම පුලුවන්).ඔය අතරදි බිම වැටිල ඉන්න කොල්ලා ටිකක් එහාහින් තියන තුවක්කුවක්(ඔව් මැශින් ගන් එකක් තමයි)දකිනව,හෙලිකොප්ටරේ ඉහල නගිනවාත් එක්කම කොල්ලා හෙනගේමක් දීල තුවක්කුව ගන්නව.

හාන්සි වෙලා ඉඳගෙනම දුෂ්ටයින්ගේ ගෝලයින්ට වෙඩි තියාගෙන යනව.ඒක දැකපු හෙලිකොප්ටරේ ඉන්න දුෂ්ට බොසා කොල්ලට වෙඩි තියනව.කොල්ලත් ප්‍රතිචාර දෙනව.අහෝ ඛේදයකි.කොල්ලගෙ වෙඩි පාර වදින්නේ හෙලි කොප්ටරේ පිටිපස්සෙ තියන පෙතිටිකට,හෙලිය එතනම දොයි(ඒත් එක්කම මහා පිපුරුමක්).කොල්ලයි කෙල්ලයි දෙන්නම ආදරේ නාමෙන් ගෝටු හෙවන් කිව්වලු.

බොලිවුඩ්



කොල්ල උස කෙට්ටු පැත්තට බර ඒත් කඩවසම් සිරුරක් තියන සුදු පොරක්,කෙල්ලත් හින්දැරි සුදු ලස්සන කෙල්ලෙක්,කෙල්ල ඇඳල ඉන්නේ පාටි එකක්ට යන්න වගෙ ඇඳුමක්,ඒතරමටම මේකප් තොගයකුත් දාල ඉන්නේ.

ඔන්න දැන් දුෂ්ට නායකය කලින් වගේම කෙල්ලව අරන් පනින්න තමයි සූදානම,පොරට ගෝලයන් 10 ක් 12ක් ඉන්නව.උන් සෙට් එක කොල්ලට ඇඩා නැති වෙන්න නෙලලා ඉන්නේ මේ වෙනකොට.කොල්ලගේ ශර්ට් එක ඉරිල,ඔලුව පැලිලා, නහයෙන් කටෙන් ලේ ඇවිල්ලා හරහා වැටිලා ඉන්නේ හරියට සැන්ඩි නැතුවම ගල් බෝතලයක් ගහපු එකෙක් වගෙ.

ඔන්න දුශ්ට බොසා හෙලිකොප්ටරයට යනව කෙල්ලවත් ඇදගෙන යන ගමන් කෙල්ල දුක හිතෙන විදිහට අඩනව අරුත් බැන බැන ඇදගෙන යනව.ඔන්න හෙලියට නගින්න ඔන්න මෙන්න.කෙල්ල කොල්ලගෙ නම් කියල කැගහනව (රාජ් හෝ රාහුල් තමයි ගොඩක් වෙලාවට) රා.................ජ්(මේක දෙතුන් පාරක් එකෝ වෙන්නත් ඕනි).

කෙල්ලගෙ මේ කැගිල්ල ඇහුණාම තමයි අර මාස 6ක් ඇක්සිඩන්ඩ් වෝඩ් හිටියත් ගොඩ යන්න බැරි තරමට ගුටිකාල හිටපු කොල්ලට ගට එන්නේ පොර කැගහගෙන,ඔරෝගෙන දත්කිටි කාගෙන නැගිටිනව.

දුෂ්ටයයි කෙල්ලයි දැන හෙලියට නැඟල හෙලිය ස්ටාර්ට් කරලත් ඉවරයි . කොල්ල දැන් හුසේන් බොල්ට් ගානට දුවනව,දුෂ්ටයගෙ ගෝලයො මැද්දට ආවත් උන් එක්කෙනාට දෙන්නෙ එක පාරයි බිම වැටෙනව කෙසෙල් ගස් වගේ,සමහර වෙලාවට කොල්ල පිනුමක් දෙකකුත් ගහගෙනමයි එන්නේ කොල්ල ලඟට එනකොටම ඕං හෙලිය උඩ යන්න පටන් ගන්නව.

කොල්ල සැහෙන ගේම ක් දිල තනි අතින් හෙලියේ එල්ලෙනව.දැන් හෙලිය යඩ යනව කොල්ල හෙලියට නගින්න හදනව දුෂ්ටය ඒක වලක්වන්න හදනව,සමහර වෙලාවට කොල්ල වැටෙන්නත් යනව (කෙල්ල එතකොට කැගහනව).

ටික වෙලාවක් ට්‍රයි කරල අන්තිමේදි කොල්ලා හෙලිය්ට ගොඩ වෙනව. දුෂ්ටයටයි පයිලට් ටයි දෙන්නටම නෙලල බිමට දානව

අයි ලවු යු සන්ජනා..අයි ලවු යූ රාජ්

කියල දෙන්නා බදාගන්නව(පයිලට් නැතත් හෙලිය යනව)ඔන්න හෙලිය වැටෙන්න වගෙ යන්නෙ කොල්ල දඩි බිඩි ගාල නියමු ආසනයට පනිනවා.

අවුරුදු 10ක එක්ස්පීරියන්ස් තියන නියමුවෙක් වගේ කෙල්ලත් එක්ක මුකුලු කර කර කොල්ල හෙලිය පැදගෙන යනව.මේක ගිහින් ගොඩ බාන්නේ කෙල්ලගෙ අම්ම තාත්ත,චිත්‍රපටිය පුරාම ජෝක් කර කර හිටපු ජෝකර්(ඌ මෙතනදි සිරියස්).මේක්ප් නාගෙන ඉන්න කෙල්ලගෙ යාලුව වගෙ සෙට් එකක් ඉන්න තැනකට.

කොලිවුඩ්


මේකෙදි කොල්ලා තල එලලු කොන්ඩෙ ක්‍රේල්,උඩු රැවුලක් වවපු හාදයෙක්.සරම ගහල බැනියම පේන්න ශර්ට් එකේ බොත්තම් සේරම ඇරල දාල තමයි ඉන්නේ.කෙල්ල සුදු ,ටිකක් විතර මහත පැත්තට බර කෙනෙක්.දුෂ්ටය ගෙ ගැන්සිය තිහ හතලිහක් ඉන්නව.

ඔන්න දැන් දුශ්ඨය කෙල්ල අරන් මාරු වෙන්නයි හදන්නේ.කොල්ලා තාම අර සෙට් එකත් එක්ක වලිය(සෙල්ලංයැ තිහ හතලිහක් එක්ක තනියම ගේම දෙනකොට)කොල්ල කොච්චර ගේමෙ හිටියත් තමන්ගේ තියන ඇක්ෂන් අමතක කරන්නෙ නැ(මුලු චිත්‍රපටිය පුරාවටම තිබුන ඇක්ෂන් ටික)

ඔන්න දැන් දුෂ්ටය කෙල්ල එක්ක හෙලිකොප්ටරේට ගොඩ වෙලා ඉවරයි.කොල්ලට ගානක් වත් නැ කොල්ල ගේමේ.හෙලිය උඩට යනකොටම වගේ හතර අතේ වැටිල ඉන්න දුශ්ට ගැන්සියෙන් උන් සේරම උන් පැනල කොල්ලව බිම දාගන්නව.දැන් තමයි ලස්සනම හරිය.

කොල්ල අර සෙට් එකම උඩ විසික් කරග්න නැගිටිනව.(ටික වේලාවක් ස්ලෝමෝශන් වලින් එක එක කෝන වලින් මේක පෙන්නනවා )ඊට පස්සෙ තමන්ට පුරුදු ඇක්ෂන් එක(කොණ්ඩය අත්ගැම වැනි)දැම්මටත් පස්සෙ තමයි අර උඩ ගිය උන් ටික එකා දෙන්නා බිම වැටෙන්නේ.

දැන් හෙලිය උඩ කොල්ලට ගානක් නැ.පොර හෙමින් සැරේ සරම කැහැපොට ගහල ආයෙමත් අර ඇක්ෂන් එක දාල එහෙම එක පාරටම පනිනව උඩ,කෙලින්ම හෙලිකොප්ටරේ ඇතුලේ.චූටි වලියකින් පස්සෙ දුෂ්ටය බිම.හැබැයි පයිලට්ව බිම දාන්නෙ නැ ,එක පාරටම ඉනෙන් පිහියක් ඇදල අරන් පයිලට්ගෙ බෙල්ලට තියන ඌව බය කරගෙන බිමට එනව.

හෙලවුඩ් (ලාංකාවෙ සිනමාව )

කොල්ල උසෙන් අඩු තල එලලු පොරක් හෝ මෙලේ හැඟීමක් දැනීමක් නැති ලාදුරු ලපයක් වගෙ උස හාදයෙක්,කෙල්ල සුදු මහත අවුරුදු 40ක විතර ඇන්ටි කෙනෙක්.දුෂ්ටය දැන් කෙල්ලව අරන් යන්න හදන්නේ. 

හෙලිකොප්ටරෙන් ??? පිස්සුද ....නැ ත්‍රිවීල් එකෙන්.කොල්ල ම්ටි හාදයෙක් නම් රැවුල වවල ඉන්න දුෂ්ටයො දෙතුන් දෙනා එක්ක කැත විදිහට ගහ ගන්නව(තමන්ගෙ මූනටත් දෙකතුනක් ගහ ගන්නව) ගහනවටත් වඩා කුණුහරුප වගේ ඒවා කිය කිය බනිනව.

කොල්ල උස එකා නම් වැනි වැනි ඔහේ ගහගන්නව.ඒ අතරේ කෙල්ල එක්ක දුෂටය වීල් එකේ පැනල යන්න හදනව,යන්න වෙන්නේ ටික දුරයි පොලිස් ජීප් එකක් ඇවිත් දඩස් ගාල නතර කරනව.දුශ්ටයව අල්ලනව.කොල්ලත් වැඩ්ඩ වගෙ අතට අහුවෙලා ඉන්න දුෂ්ටයගෙ ගෝලයෙක්ව පොලිසියට භාර දීල කෙල්ල්ව බදා ගන්නව යාන්තමට. කෙල්ලත් යාන්තමින් කොල්ලගෙ පපුවට හේත්තු වෙනව. 

පලි:-මෙය අපහාසයට නොව උපහාසයට පමනි.(හුදෙක් විනෝදය සදහා)

Monday, August 15, 2011

විභාග අස්සේ ජරමර



අප්පා මේ දවස් ටිකේ මේ පැත්තේ එන්න බැරි උනේ මේ සමෙස්ටර් එකේ තියෙන ප්‍රොජෙක්ට් එකේ ප්‍රොපෝසල් එක ඊයේ දෙන්න තිබ්බ නිසා.අලි මදිවට කොටි කියපි.සමෙස්ටර් මැද විභාගේත් 16 ඒ කියන්නේ හෙට පටන් ගන්නවා.ප්‍රොජෙක්ට් එකට මහන්සි උනා ඇරෙන්න පාඩම් කරපු දේකුත් නැහැ ඇත්තටම බැලුවොත්.


අපේ සෙට් එක කුප්පි දාන්නේ අපේ යාලුවෙක්ගේ බෝඩිමක.මම පෙරේදා මෙහෙ ආවේ නැවතිලා පාඩම් කරන්න.මෙන්න මුන් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක හදලා නැහැ කියපි.හරි ශෝයි..අපේ උන්ට මොකක් හරි දෙයක් හරියටම කරන්න පුලුවන් ඊට කලින් දවසේ තමා.මුන් එක දවසින් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක හැදුවා.අම්මපා මේක මම මාසෙක ඉදන් හැදුවේ.මුන්ට ගියේ එක දවසයි.කාට කියන්නද ඉතින්.


අනික අපි මුලු සමෙස්ටර් එකේම සිලබස් කවර් කරන්නේ එක දවසින්.පහුවදා විබාගේට ලෙසටම ලියනවා.කුප්පි දාපු ඔක්කොම කොහොම හරි විභාගේ ගොඩ දාගන්නවා.හැබැයි ඊට පස්සේ අපිට පාඩම් කරපුවා මතක නැහැ.මොකද අපි පාඩම් කරනවා කියලා මොලේට දා ගන්නේ නැහැනේ.එවෙලට මතක තියා ගන්න එකනේ කරන්නේ.ඒක හරියට ප්ලාස්ටර් අලව ගන්නවා වගේ වැඩක්.ලෙක්චර් එකේ ඉදලා එදාට තේරුනත් පස්සේ අපි ගෙදර ගිහින් නිකමටවත් පොතක් පෙරලලා බලන්නේ නැත්තේ තියෙන කම්මැලි කමට.අනේ මන්දා මේවා කවදා හැදෙයිද කියලා.


මේකට ආවත් හරි හරියට හුස්මක් කටක් ගන්න හම්බුනේ නැහැ.එහෙම නැතුවත් නෙමේ ඕං.හි හි.මුලින්ම සමෙස්ටර් එක පටන් ගන්නවා.ඊට පස්සේ මාස එක හමාරකින් මිඩ් එක්සෑම් කියනවා.ඒක ලියලා තව මාස දෙකකින් ෆයිනල් කියනවා.ඔය දෙක විතරක් නම් කමක් නැහැ.ඔන්ලයින් එක්සෑම්,ප්‍රොජෙක්ට්,ප්‍රසන්ටේෂන්,එසයින්මන්ට් කිසි අඩුවක් නැතුව සමෙස්ටර් එක පුරාම තියෙනවා.


මේ අපේ එකෙක් කියපු කතාවක් "හැත්තෑ පන් දාහයි,මාස හයයි,එක දවසයි,පැය තුනයි"


පාඩම් කරන්න තියෙනවා.ඕං මම ගියා.


පලි :-මේකේ කිසි තේරුමක් නැති දේවල් ටිකක් මම ලිව්වේ කට්ටියට කියවද්දී එපා වෙයි.ඒකට සමා වෙන්න.

Sunday, August 14, 2011

ජීවිතේ....




දිනෙන් දින
මොහොතින මොහොත
අරමුණු පසුපස
හබායෑමද ජීවිතේ....
මේ 
තරග පිටියෙන්
නික්මී
ජීවිතය දෙස
බලාසිටින්නට
හැකිනම්
දැනෙයි නුබටත්
ජීවිතේ....

Friday, August 12, 2011

50යි මෙන්න හාෆ් සෙන්චරියක්


මේ ලියන්නේ මගේ 50 වෙනි පෝස්ට් එක.මම දැනට බ්ලොග් ලියන්න අරන් මාස 6ක් විතර වෙනවා.ඒත් පටන් ගත්තු මුල් කාලේ මට වැඩ වැඩි කමට වැඩිය ලියන්න හම්බුනේ නැහැ.මේ බ්ලොග් එක ලියන්න හේතු උන කෙනා  එහෙමත් නැත්තම් මගේ බ්ලොග් ගුරුතුමා කව්ද කියලා කියන්න මම මේක අවස්තාවක් කර ගන්නවා.ඒ වෙන කවරුවත් නෙමේ ඔයාලා දන්න පිස්සාගේ පලාමල්ල.


ඒක උනේ මෙහෙමයි.ඔයාලා දන්නවනේ පිස්සු පූසා පරන ටීවි සීරිස් කාටූන් පිස්සෙක් කියලා.ඉතින් මම ඔශීන් කියන නමින් ගූගල් එකේ හෙව්වම මට ආවේ මෙන්න මේ ලිපිය.ඉතින් මම ඔය බ්ලොගයේ ඔක්කොම ලිපි අගක් මුලක් නෑරම කියෙව්වා.ඉතින් මට හිතුනා මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න.


ඔන්න ඔහොමයි මම බ්ලොග් එක පටන් ගත්තේ.ඉතින් යාලුවනේ ඔයාලා මගේ පෝස්ට් වලට කොමෙන්ට් දාන කොට,හිට්ස් වැඩිවෙනකොට මට තවත් ලියන්න හිතුනා.ඒකට ඔයාලට බොහොම ස්තූතියි.නම් වශයෙන් ස්තූති කරන එක ප්‍රායෝගික නැති නිසා මම ඔයාලට පොදුවේ ස්තූති කරන්නම්.එහෙම හොදයි නේ.ඔන්න විශ්ෂ ස්තූතිය පිස්සට හොදේ..ලොල්.මේ ටික කාලෙට මට හුගාක් හොද යාලුවෝ ටිකක් අදුර ගන්න ලැබුනා.ඒකට මට ගොඩාක් සතු‍ටුයි.අපි අකුරු වලින් විතරක් දැකලා තිබ්බත් මුහුනු වලින් නොදැක්කත් හොද යාලුවෝ වගේ හැමදාම සතුටින් ඉදිත්වා..!!!


පලි :ඔන්න කේක් තියෙනවා.කෑල්ලක් කාලම යන්න හොදේ...



උදේ ඉදන් හවස් වනතුරු......
ගෙවන මේ ජීවිතයේ.....
දිය බිදක් මෙන්.....
දන්න සිංහලෙන් කියවා.....
ඇතිවන හිතේ සතුටට....
බ්ලොග් ලියනා සැමටත්.....
ඉඩලබා දෙන බ්ලොගර් [ඩොට්] කොම්ටත්...
බ්ලොග් ලියමින් කොමෙන්ට්ස් දාන සියළු දෙනාටත්....
බ්ලොග් නොලියා කොමෙන්ට්ස් දාන සියළු දෙනාටත්......
බ්ලොග් කියවා කොමෙන්ට්ස් නොදාන සැමටත්......
මගේ ආචාරය මෙයින් පුද කරමි.....
ඔබලා කරනා මහඟු සේවෙට.....
අපි ඔක්කොම එක පවුලක බොලොගර් වරු වෙමු...!!!

වින්ඩෝස් වල වචන සිංහලෙන්



ඔන්න මට හම්බුනා වින්ඩෝස් වලට ගැලපෙන සිංහල වචන ටිකක්.හොදයිද බලන්නකෝ


Tools=ආම්පන්න.
Toolbar=ආම්පන්න මල්ල.
Spreadsheet=රෙද්ද දිගාරින්ඩ.
Database=පෙට්ටගම.
Exit=මාරුවීම.
Compress=මිරිකන්ඩ.
Click=ඔබන්ඩ.
Scroll-bar =ලිස්සන බාර් එක.
Next=ඊලගට.
Previous=කලින් එක.
Recycle Bin=කුනු බක්කිය.
Click,Hold and Drag=ඔබලා,අල්ලගෙන අදින්න.
Double Click=දෙපාරක් ඔබන්ඩ.
Do you want to Delete the selected item?=‍තෝරපු කෑල්ල කුනුබක්කියට දාන්න ඕනද?
Restore=කුනුබක්කියෙන් එලියට ගන්න.
Empty recycle bin=කුනුබක්කිය හිස් කරන්න.
Do you want to move the selected item?=‍තෝරපු කෑල්ල එහෙ මෙහෙ කරන්න ඕනද?
Do you want to save changes you made?=මේක බේරගන්න ඕනද?
Abort,Retry,Ignore=නතර කරන්ඩ,නැවත කරන්ඩ,ගනන් නොගන්න.
Yes,No, Cancel =ඔව්,නෑ,බෑ.
Access Denied=කොහොමටවත් බෑ.
Unrecoverable Error=බේරන්න බැරි ලෙඩක්.
Illegal operation=නීති විරෝධී සැත්කමක්.
Explorer=රස්තියාදුකාරයා.
Windows is shutting down=ජනෙල් වහන්න යන්නේ.
There is a Virus=මලකෙලියයි යකෝ විෂබීජයක්.

Tuesday, August 9, 2011

නෑදෑයෝ....




උතුරු කොණේ නෑදෑයෝ
දකුණු කොණේ නෑදෑයෝ
පුංචි රටේ විසිරුණාට
අපි හැමෝම නෑදෑයෝ


සිංහල දෙමළ හින්දු ඉස්ලාම්
අපි හැමෝම නෑදෑයෝ
ගහ ගත්තත් බැන ගත්තත්
අපි හැමෝම නෑදෑයෝ


පුංචි කාලේ සමඟිවෙලා
‍ලොකු වෙන කොට රණ්ඩු වෙලා
එන්න එන්න වයස ගියත්
ඒ ඔක්කොම නෑදෑයෝ

ජීවිතේ හරි ලස්සනයි..



හැපෙනවා..
වැටෙනවා..
අයෙම නැඟිටිනවා..
හිනා වෙනව..
අඬනවා..
ආදරෙත් කරනවා..
හමු වෙනව..
වෙන් වෙනව..
තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා..
ඒ මොන කරදර තිබුනත්
වෙලාවකට
ජීවිතේ හරි ලස්සනයි..

Monday, August 8, 2011

සයුරේ(රොබින්සන් අන්දරය)




යාලුවනේ ඔයාලට මතකද අන්ස්ට්,එමලි,ක්‍රිස්ටිනා,බෙන්,ජුවනා,බිලි.පලිගන්න හදන පර්සන්ස්.කොහොම අමතක වෙන්නද නේ....අපි කවුරුත් ආසා කරන The Adventures of Swiss Family Robinson එහෙමත් නැත්තම් රොබින්සන් අන්දරය.මේක මම ගොඩාක් කල් ඉදන් හෙව්ව එකක්.මේක ජංජාලේ කොච්චර හෙව්වත් හොයා ගන්න බැරි උනා.මම මේක ගන්න රූපවාහිනී එකටත් ගියා.ඒකේ රූ එන්ටටේට්මට් එකේ වත් තියේද බලන්න.ඒකෙත් නැහැ.අන්තිමට මම ඉස්සර බලපු ටීවි සිරිස් සහ කාටූන් කියලා පෝස්ට් එකක් දැම්මා.

ඒක බලපු එක යාලුවෙක් මේල් එකක් දාලා තිබ්බා.(නම කියන්න බෑ මොකද එයා ඒකට කැමතිද දන්නේ නැති නිසා).එයා ගාව රොබින්සන් අන්දරය තියෙනවා කියලා.ඒකෙන් මගේ බලාපොරොත්තු තවත් වැඩි උනා.මම එයාට මගේ ඇඩ්‍රස් එක දුන්නා පෝස්ට් කරන්න කියලා.එයා මට ඒක පෝස්ට් කරලා තිබ්බා.අද තමයි ඒක ආවේ.මට හරිම සතු‍ටුයි.ඒ යාලුවට මම ගොඩාක් ස්තූති වන්ත වෙන්න ඕනා.යාලුවා ඔයා කල උදව්ව වචනයෙන් කියලා නිම කරන්න බෑ.ඔයාට පිං යාලුවා.මම ගාව තියෙන සීනා ටිවි සීරිස් එක එයා ඉල්ලලා තිබ්බා.මම එක ඔයට අදම පෝස්ට් කරන්නම්.ඔන්න යාලුවනේ මම ගාව දැන් රොබින්සන් අන්දරය තියෙනවා.

සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පන නල පාගා.....

වෙරලේ පියමං පැවසූයේ
රල කදුරේ සුවදයි මේ....
සෙනෙහේ අසරන වූ දා පමනයි දෝ
නොවෙනස් වෙයි කුරුලූ ගී
දැන් පන නල සබෑ වුනේ

සුලගේ රහසක් කීවා
පියමං වෙරලේ
සුලගයි මැකුවේ රල නෑ
සැගවූයේ ඇයි
ඈත යයි රූ

ඇල දොල කදු මැලි වී
ගිනි පොකුරත් සුවයක් වූදා
සදෙහිත් සිසිලක් නෑ
ජීවිතේ ආදරෙයි.....
සයුරේ සයුරේ.....

ගායනය :ශශිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
ගී පද :අතුල රංසිරිලාල්






Sunday, August 7, 2011

මගහැරුනු දැනුම..


"ඔයාට මම ආදරය කරන බව ඔයාට දැනෙන්න ගොඩක් කල් යන බව මට දැනුනා.මට ඒ ගැන ඔක්කොම හරියට කියන්න තරම් දැනුමක් නැහැ"


ඔහුට හෝ ඇයට මගහැරුනු දැනුම කුමක්ද??එසේ නම්,තමන්ට කිසියම් මගහැරුනු දැනුමක් ඇති බව,දැන ගන්නට බාවිතා කල දැනුමක්,දැන් ඔහුට හෝ ඇයට ඇත.එසේ නම් එය කුමක්ද??


මෙය කියවන ඔයාලට පෙනෙන තරමට එය සැබෑ අභියෝගයක් ලෙස නොපෙනෙනු ඇත.එම නිසාම මෙයට සරල පිලිතුරක්ද ඇත.මම ඔබෙන් අසන්නේ මෙයයි"ඔබේ පිලිතුර කුමක්ද???"..


මට මේක බුකියෙන් හම්බුනේ.පුලුවන් නම් ඔයාලත් කියවලා හිතලා බලලා උත්තරයක් දෙන්න කෝ ඕං...

Saturday, August 6, 2011

21 වැනි සියවසේ ප්‍රස්ථා පිරුලු


යාහූ නැති තැනට ගූගල් පණ්ඩිතයාලු...
අවුට්ලුක් ලෙඩේට ඉයුඩෝරා වලට සෙටිංග්ස් දානවා වගේ...
අයි.බී.එම් දීලා ඇපල් ගත්තා වගේ...
බිල් ගේට්ස් යුනිටි ප්ලාසා ගියා වගේ...
ඔරකල්ගේ අම්මගෙන් පේන අහනවා වගේ...
නොකෙරෙන ප්‍රොජෙක්ට් එකට කෝඩින් ගිගාබයිට් හතකුත් තව බයිට් දෙක තුනකුත් ඕනලු...
වර්ඩ් දන්න මිනිහට නෝට් පෑඩ් කඩා පානවා වගේ..


මේවා සමහර විට ඔයාලා අහලා ඇති.මට මේක ඊයකින් ආවේ.දාන්න හිතුනු නිසා දැම්මා ලොල්..

සිංහ ලෝකය...


නදී ගංගා තරණයේ
සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්රඛිලයක් සේ...

නොසැලී මායන මාවතේ
සිංහ ලෝකයේ....
සුළන් රැල්ලේ දැවටිලා
මන්ද මාරුතයේ
සොයා යන්නෙමි....
ගලා එන මණ්දාකිණී
හමා යමි හමු වෙන තුරා
ජීවිතේඋතුම් පැතුමන් හා
නිරතුරුව අභිමානයෙන්....

මංමුලා නොවේ කිසිදා
ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි
ගලා යන දහසක් නදී
බලාසිටි මා එනතුරා
නිරතුරුව අභිමානයෙන්....

Friday, August 5, 2011

සුන්දර හික්කඩුව


ඔන්න පිස්සු පූසා ට්‍රිප් එකක් ගියා කිව්වනේ.දැන් කියන්න යන්නේ ඒකේ ව්ස්තරේ තමා ඕං.ට්‍රිප් එක යන්න සෙට් උනේ රූමස්සල,හික්කඩුව.මම නම් ඔය දෙකටම ඉහේ කෙස් ගානට ගිහින් තියෙනවා.මොකද පිස්සු පූසගේ ගම බලපිටි අහුන්ගල්ල නිසා.ගමේ ඉදන් විනාඩි 25කින් හික්කඩුවට යන්න පුලුවන්.ඒවගේම විනාඩි 45න් ගාල්ල රූමස්සලට යන්න පුලුවන්.

කොහොම උනත් පිස්සු පූසා හික්කඩුවේ නාන්න තියෙන පෙරේත කමට ගමන යන්න සෙට් උනා.කලින් දවසේ අයියා කෙනෙක්ගේ පාටියට ගියපු නිසා පිස්සු පූසට නිදා ගන්නත් බැරි උනා.ඒ පාටිය ඉවර උනේ 4ට නිසා.මොනවා කරන්නද 4ට රෑට කාලා 5ට එහෙන් ආවා.කොට්ටාවට එනකොට 5.10.ඔන්න අපි කට්ටිය එකතු කර ගන්න කොල්ලුපිටියට යන්න ඕනා නිසා කොල්ලුපිටියට ගියා.කට්ටිය එකතු කරගෙන කොල්ලුපිටියෙන් යද්දී 6.30යි.එදා සතියේ දවසක් නිසා පට්ට ට්‍රැ‍ෆික් එකක් තිබ්බේ.සිංදු කියනකොට වාදනය කරන්න එක එක සංගීත භාන්ඩ කට්ටිය ගෙනත් තිබුනා.ඉතින් ඒවට ගගහා කට්ටිය සිංදු කිය කිය ආවා.බුදු අම්මෝ තිබ්බ සද්දේ.එහෙම තම ඕං ට්‍රිප් ගියාම.කොහොම හරි රූමස්සලට යනකොට වෙලාව 10 විතර උනා.

රූමස්සල ගැන කට්ටිය දන්නවා ඇතිනේ.මේක රාම සීතා කතාවට සම්බන්ධ තැනක්.මේක වටේ තියෙන්නේ අභය භූමියක්.මාර ලස්සනයි අවට දර්ශන ඉතින්.කන්දක් උඩ නේ.ඔන්න මම ෆොටෝ එකකුත් දැම්මා.මේකේ තියෙන චීන පන්සල කටිය වැදලා කට්ටිය පහලට ඇවිදින්න සෙට් උනා.අම්මෝ මම නම් ගියේ නැහැ ඕං අව්වේ.මගේ ටාගට් එක හික්කා නිසා මම ගියේ නැහැ.අනික කැලේ ඉන්න කපල් වලට ඩිස්ටර්බ් කරන්නත් හොද නෑනේ හික් හික්.මම ඕක දන්න නිසා කෙලින්ම ගියේ බස් එකට.කට්ටිය ඇවිදලා ඇවිත් කූල් වතුර කඩ වලින් අරන් බොනවා බොනවා ඉවරයක් නැහැ.කඩ වලට මාර බිස්නස් එක.

හරි දැන් තමා නියම පාට් එක.....හික්කඩුව.හික්කඩු මුහුද ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනා නැහැ නේ.මම දැකලා තියෙන ලස්සනම මුහුදු වලින් එකක්.අනික මම යන්න ආස තැනක්.මම පිංතූර ටිකක් දැම්මා.කට්ටිය බලන්නකෝ.ඉතින් රූමස්සලින් අපි පිටත් උනේ 12ට විතර.හික්කඩුවට යනකොට 1ක උනා.මගදී පොලිසියෙන් ඇල්ලුවත් අපේ බුවෙක් තාත්තගේ නම කියලා බේරුනා.ඇල්ලුවේ ෆුට් බෝඩ් ගියපු නිසා.ගන්න කපා ගන්න හැදුවේ.අනේ අපි නොදන්න චෙස් පුහ්.හික්කඩුවේ අපේ ගැහැනු පාර්ශවයට ඇදුම් එහෙම මාරු කරන්න අපි හොටෙල් එකක රූම්ස් 2කක් බුක් කරලයි තිබ්බේ.ඒ හොටලෙන්මයි කෑමත්.ඉතින් එතනින් කන කට්ටියට කන්නයි බොන කට්ටියට බොන්නයි නාන කට්ටියට නාන්නයි අවසර ලැබුනා සංවිදායක තුමන්ලාගෙන්.



පිස්සු පූසා කලේ මුලින්ම නාන්න ලෑස්ති උන එකයි.අපේ උන් බොන්න ගෙනත් තිබ්බේ රතු ලේබල.අප්පා බෝතල් තුනක්ම ගෙනත් ලීටර් 1 ඒවා.බෝතල් වලට වග කියන්න කොච්චර පුලුවන් කම තිබ්බත් වතුර එක්ක සෙල්ලම් නැති නිසා හිස් බඩේම ශොට් 2කකුත් දාගෙන මුහුදට බැස්සා.අනික පාටි එකේදී බෝතල් 5කටම වග කියලයි මම හිටියේ.හික් හික්.ඒත් මට ලොකු වගකීමක් තිබ්බා ඒ නාන උන් ටික බලා ගන්න.මොකද මේකේ පුරුදු කාරයින්ට හිටියේ ටික දෙනෙක් නිසා.සමහර කොල්ලො මුහුදේ නාලා තියෙන්නේ එදාමයි.මම පස්සේ එක දැන ගත්තේ.

අලි මදිවට කොටි කිව්වලු මෙන්න බොලේ කෙල්ලොත් නාන්න ලෑස්ති වෙලා එනවා.මම හිතුවෙ හරි මට බඩුම තමා කියලා.මොකද මුන් ඔක්කොම ආන්බාන් කරනවට වඩා ලේසියි හරක් පට්ටියක් ආන් බාන් කරන එක.එක දෙයක් උනොත් ඔක්කොම අමාරුවේ නිසා මම හොද කල්පනාවෙන් හිටියා.පන්ඩිත කමට කියනවා නෙමේ.මට හොදට අත්දැකීම් තියෙනවා මුහුදේ නාලා වෙච්ච දේවල් වලින්.ඒකයි.
කොහොම කොහොම හරි පිස්සු පූසා 1 ඉදන් හවස 5 වෙනකන්ම මුහුදේ.අපේ උන් බෝතල් 3නම ඉවර කරලා ආතල් එකේ සිංදු කිය කිය ඉන්නවා හට් එකට වෙලා.සමහර උන් නෑවා.මම ටිකක් මුහුද පැත්තට වෙලා කට්ටිය බලාගෙන හිටියා.
යන්න වෙලාව හරි කියලා දැනුන ගමන් මම කට්ටියව ගොඩට දැම්ම.කට්ටිය කියන දේ අහපු එකට මට ගොඩක් සතු‍ටුයි.මොකද හවස් වෙද්දී වතුර වැඩි වෙනවානේ.මට ඒක දැනුන ගමන් කට්ටිය ගොඩට දැම්මා.


ඔන්න ඉතින් ට්‍රිප් එකේ නිමාව දකින්නයි යන්නේ.කට්ටිය ලෑස්ති වෙලා එහෙන් පිටත් උනා.වෙලාව 6.30යි.අප්පා ට්‍රිප් එකක ආතල්ම කෑල්ල අන්තිම ටිකනේ.ඉතින් අපේ උන් වෙරි හිදෙනකන්ම බස් එක ඇතුලේ හයියෙන් සිංදු කිය කිය නැ‍ටුවා.පට්ට ආතල්.
කට්ටියව අදාල තැන් වලින් බස්සලා අපි ගෙදට යන්න පිටත් උනා.අපි කිව්වේ මමත් 138 රූට් එකේ ඉන්න කිහිපදෙනකුත්.ඔන්න මම කොට්ටාවෙන් බහිනකොට රෑ 10යි.ගෙදර යනකොට 10.30 විතර උනා.අප්පා පට්ට මහන්සියි.ඇයි දවස් 2කේම නිදා ගෙනත් නැහැ නේ.ගියපු ගමන් වොශ් එකක් දාගත්තා.කෑව.නිදා ගත්තා...

පලි-සුන්දර හික්කඩු භූමියේ මතකය මැකී නොයන තරම් අත්දැකීම් බහුලය..

මේක වැඩිය රසවත් නොවෙන්න පුලුවන්.ඒත් මම පුලුවන් උපරිමයෙන් කෙටි කරලා ලිව්වා.මොකද හරියට ලිව්ව නම් මේක කොටස් 5 කින් වත් ඉවර කරන්න බැරි වෙනවා.සොරි වෙන්න ඕනා යාලුවනේ එකට.

Thursday, August 4, 2011

අසීමිත ආදරය


එක කෙල්ලෙක් හිටියා.ඒත් එයාට ඇස් පේන්නේ නැහැ.එයාට පෙම්වතෙක් හිටියා.ඒ කොල්ලව කවුරුවත් ගනන් ගන්නේ නැහැ.ඒත් ඒ කොල්ලා තමන්ගේ පෙම්වතියට අසීමිතව ආදරය කරා.


ඒ ගෑනු ලමයා හැම වෙලේම තමන්ගේ පෙම්වතාට කිව්වේ"මම ඔයාව දැක්කොත් අනිවාර්යෙන්ම ඔයාව බදිනවා....."කියලා.


එක දවසක් කව්ද ඒ ගෑනු ලමයට ඇස් දෙකක් පරිත්‍යාග කරලා තිබ්බා.ඊට පස්සේ ගෑනු ලමයගේ සැත්කම සාර්තක වෙලා ලෝකය දකින්න වාසනාව හම්බුනා.ඉන්පසු ඒ ගෑනු ලමයා එයාගේ පෙම්වතා හම්බුනා.


ඒ ගෑනු ලමයා පුදුම උනා.මොකද තමන්ගේ පෙම්වතාත් අන්ධ නිසා.ඊට පස්සේ පෙම්වතා ඇහුවා "මාව ඔයා බදිනවද කියලා...."


ඒ ගෑනු ලමයා පහත් විදියට ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරා.


පෙම්වතා හිනාවෙලා ගෑනු ලමයට මුකුත් නොකියා ලියුමක් දීලා ගියා
ඒකේ තිබ්බේ....


"සොදුරිය මගේ ඇස් දෙක හොදට පරිස්සම් කරන්න"


පලි:-උපුටා ගැනීමකි.මම හිතන්නේ හවුස් ෆුල් කතාව මේක...

කට්ටියට කලින් පෝස්ට් එකේ අහපු ප්‍රශ්නවලට මට උත්තර දෙන්න මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා.
අසනිගේ 2&3 උත්තර හරි.ලකුනු 40..හි හි..
නදීරගේ 5 විතරයි හරි ලකිනු 20...
ChammA ගේ 2&3 හරි..ලකුනු 40යි හිකිස්...
අනිත් උන්ට ලකුනු නැත.ලොල්..


මේ තරගයෙන් ජයක්ග්‍රහනය කරන්නේ ChammA සහ අසනී..දෙන්න අත්පොලසන් නාදයක් දෙන්නටම.
පොඩි ජෝක් එකක් කලේ හොදේ ගනන් ගන්න එපා.
මෙන්න උත්තර
1)පොල් ගෙඩියේ වතුර හෙලවෙන්නේ අපි හොලවන නිසා.නැතුව පොල්ගෙඩිය නිකන් හෙල වෙන්නේ නැහැ නේ..
2)කොකා තනි කකුලෙන් ඉන්නේ අනිත් කකුල උස්සන් ඉන්න නිසා..
3)ඔවර් එකකට තියෙන්නේ එක බෝලයයි.හැබැයි බෝලය මාරු කරන්න උනොත් මේ තියරිය වෙනස් වෙනවා..ලොල්...
4)ජිරාෆ් ගේ බෙල්ල දිග ඔලුවයි කදයි යා වෙන්න ඕනා නිසා.නැතුව කද වෙනමයි ඔලුව වෙනමයි තියෙන්නේ නැහැ නේ..
5)නිදි මත උනාම අපි ඇද ලගට යන්නේ අපි ලගට ඇද එන්නේ නැති නිසා..
උත්තර දුන් සැමට මාගේ ප්‍රනාමය.

පාටියේ ප්‍රශ්න




ඔන්න පිස්සු පූසා දවස් දෙකක්ම එලියේ හිටියේ.එලියේ කිව්වේ පිට හොදේ.ඒ අගහරුවාදා රෑ අපේ අයියා කෙනෙක් ගේ බර්ත් ඩේ පාටියකුයි බදාදා ඒ කියන්නේ ඊයේ ට්‍රිප් එකකුයි ගිය නිසා.ට්‍රිප් එක ගියේ රූමස්සල,හික්කඩුව.ඉහේ කෙස් ගානට ගිහින් තියෙනවා උනත් සෙට් එකත් එක්ක යන නිසා ගියා.පට්ටම පට්ට ට්‍රිප් එක.බස් එකක ගියේ.60ක් විතර ගියා.මම ඒක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.අනික පාටි එකේ සීන් කියන්න ගියොත් මේක පොතක් වෙන නිසා මම ඒ සෙට් උන වෙලාවේ අහපු දේවල් ටිකක් කියන්නම්.අහපු දේවල් කියන්නේ පොඩි ප්‍රශ්න දෙක තුනක්.මේක ටිකක් ගොන් පාට් එකක් වගේ තිබ්බට ඇත්තටම පොඩ්ඩක් හරි හිනා යනවා.


පාටි එකට ඇවිත් හිටිය බුවෙක් ප්‍රශ්න වැලක් අහුවා.සිරා ඩයල් එක.පස්සෙ උත්තරත් කිව්වා.ඒ උත්තර ටික මම පස්සෙ දාන්නම්.මෙන්න ප්‍රශ්න ටික..


1)පොල් ගෙඩියේ වතුර හෙලවෙන්නේ ඇයි??
2)කොකා තනි කකුලෙන් හිටන් ඉන්නේ ඇයි??
3)ඔවර් එකකට බෝල කීයද??
4)ජිරාෆ් ගේ බෙල්ල දිග ඇයි??
5)නිදිමත උනාම අපි ඇද ලගට යන්නේ ඇයි??


ඔන්න ප්‍රශ්න ඇසීමේ වටය ඉවරයි.කට්ටිය උත්තර දෙන්න බලන්න පුලුවන් නම් ඕං..



පලි :දිගට පෝස්ට් එකක් දාන්න තිබ්බත් ඇගට අමාරු නිසා ලියන්න කම්මැලියි.පස්සේ ලියන්නම්.මේවා ගොන් ප්‍රශ්න වෙන්න ඇති.ඒත් පොඩි ආතල් එකක් තියෙන නිසා දැම්මේ.
පලි2 :ඔන්න පිස්සු පූසට බොනවා කියලා ලේබල් අලවන්න එප ඕං.මංම කියන්නම් පස්සේ.