Friday, August 5, 2011

සුන්දර හික්කඩුව


ඔන්න පිස්සු පූසා ට්‍රිප් එකක් ගියා කිව්වනේ.දැන් කියන්න යන්නේ ඒකේ ව්ස්තරේ තමා ඕං.ට්‍රිප් එක යන්න සෙට් උනේ රූමස්සල,හික්කඩුව.මම නම් ඔය දෙකටම ඉහේ කෙස් ගානට ගිහින් තියෙනවා.මොකද පිස්සු පූසගේ ගම බලපිටි අහුන්ගල්ල නිසා.ගමේ ඉදන් විනාඩි 25කින් හික්කඩුවට යන්න පුලුවන්.ඒවගේම විනාඩි 45න් ගාල්ල රූමස්සලට යන්න පුලුවන්.

කොහොම උනත් පිස්සු පූසා හික්කඩුවේ නාන්න තියෙන පෙරේත කමට ගමන යන්න සෙට් උනා.කලින් දවසේ අයියා කෙනෙක්ගේ පාටියට ගියපු නිසා පිස්සු පූසට නිදා ගන්නත් බැරි උනා.ඒ පාටිය ඉවර උනේ 4ට නිසා.මොනවා කරන්නද 4ට රෑට කාලා 5ට එහෙන් ආවා.කොට්ටාවට එනකොට 5.10.ඔන්න අපි කට්ටිය එකතු කර ගන්න කොල්ලුපිටියට යන්න ඕනා නිසා කොල්ලුපිටියට ගියා.කට්ටිය එකතු කරගෙන කොල්ලුපිටියෙන් යද්දී 6.30යි.එදා සතියේ දවසක් නිසා පට්ට ට්‍රැ‍ෆික් එකක් තිබ්බේ.සිංදු කියනකොට වාදනය කරන්න එක එක සංගීත භාන්ඩ කට්ටිය ගෙනත් තිබුනා.ඉතින් ඒවට ගගහා කට්ටිය සිංදු කිය කිය ආවා.බුදු අම්මෝ තිබ්බ සද්දේ.එහෙම තම ඕං ට්‍රිප් ගියාම.කොහොම හරි රූමස්සලට යනකොට වෙලාව 10 විතර උනා.

රූමස්සල ගැන කට්ටිය දන්නවා ඇතිනේ.මේක රාම සීතා කතාවට සම්බන්ධ තැනක්.මේක වටේ තියෙන්නේ අභය භූමියක්.මාර ලස්සනයි අවට දර්ශන ඉතින්.කන්දක් උඩ නේ.ඔන්න මම ෆොටෝ එකකුත් දැම්මා.මේකේ තියෙන චීන පන්සල කටිය වැදලා කට්ටිය පහලට ඇවිදින්න සෙට් උනා.අම්මෝ මම නම් ගියේ නැහැ ඕං අව්වේ.මගේ ටාගට් එක හික්කා නිසා මම ගියේ නැහැ.අනික කැලේ ඉන්න කපල් වලට ඩිස්ටර්බ් කරන්නත් හොද නෑනේ හික් හික්.මම ඕක දන්න නිසා කෙලින්ම ගියේ බස් එකට.කට්ටිය ඇවිදලා ඇවිත් කූල් වතුර කඩ වලින් අරන් බොනවා බොනවා ඉවරයක් නැහැ.කඩ වලට මාර බිස්නස් එක.

හරි දැන් තමා නියම පාට් එක.....හික්කඩුව.හික්කඩු මුහුද ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනා නැහැ නේ.මම දැකලා තියෙන ලස්සනම මුහුදු වලින් එකක්.අනික මම යන්න ආස තැනක්.මම පිංතූර ටිකක් දැම්මා.කට්ටිය බලන්නකෝ.ඉතින් රූමස්සලින් අපි පිටත් උනේ 12ට විතර.හික්කඩුවට යනකොට 1ක උනා.මගදී පොලිසියෙන් ඇල්ලුවත් අපේ බුවෙක් තාත්තගේ නම කියලා බේරුනා.ඇල්ලුවේ ෆුට් බෝඩ් ගියපු නිසා.ගන්න කපා ගන්න හැදුවේ.අනේ අපි නොදන්න චෙස් පුහ්.හික්කඩුවේ අපේ ගැහැනු පාර්ශවයට ඇදුම් එහෙම මාරු කරන්න අපි හොටෙල් එකක රූම්ස් 2කක් බුක් කරලයි තිබ්බේ.ඒ හොටලෙන්මයි කෑමත්.ඉතින් එතනින් කන කට්ටියට කන්නයි බොන කට්ටියට බොන්නයි නාන කට්ටියට නාන්නයි අවසර ලැබුනා සංවිදායක තුමන්ලාගෙන්.



පිස්සු පූසා කලේ මුලින්ම නාන්න ලෑස්ති උන එකයි.අපේ උන් බොන්න ගෙනත් තිබ්බේ රතු ලේබල.අප්පා බෝතල් තුනක්ම ගෙනත් ලීටර් 1 ඒවා.බෝතල් වලට වග කියන්න කොච්චර පුලුවන් කම තිබ්බත් වතුර එක්ක සෙල්ලම් නැති නිසා හිස් බඩේම ශොට් 2කකුත් දාගෙන මුහුදට බැස්සා.අනික පාටි එකේදී බෝතල් 5කටම වග කියලයි මම හිටියේ.හික් හික්.ඒත් මට ලොකු වගකීමක් තිබ්බා ඒ නාන උන් ටික බලා ගන්න.මොකද මේකේ පුරුදු කාරයින්ට හිටියේ ටික දෙනෙක් නිසා.සමහර කොල්ලො මුහුදේ නාලා තියෙන්නේ එදාමයි.මම පස්සේ එක දැන ගත්තේ.

අලි මදිවට කොටි කිව්වලු මෙන්න බොලේ කෙල්ලොත් නාන්න ලෑස්ති වෙලා එනවා.මම හිතුවෙ හරි මට බඩුම තමා කියලා.මොකද මුන් ඔක්කොම ආන්බාන් කරනවට වඩා ලේසියි හරක් පට්ටියක් ආන් බාන් කරන එක.එක දෙයක් උනොත් ඔක්කොම අමාරුවේ නිසා මම හොද කල්පනාවෙන් හිටියා.පන්ඩිත කමට කියනවා නෙමේ.මට හොදට අත්දැකීම් තියෙනවා මුහුදේ නාලා වෙච්ච දේවල් වලින්.ඒකයි.
කොහොම කොහොම හරි පිස්සු පූසා 1 ඉදන් හවස 5 වෙනකන්ම මුහුදේ.අපේ උන් බෝතල් 3නම ඉවර කරලා ආතල් එකේ සිංදු කිය කිය ඉන්නවා හට් එකට වෙලා.සමහර උන් නෑවා.මම ටිකක් මුහුද පැත්තට වෙලා කට්ටිය බලාගෙන හිටියා.
යන්න වෙලාව හරි කියලා දැනුන ගමන් මම කට්ටියව ගොඩට දැම්ම.කට්ටිය කියන දේ අහපු එකට මට ගොඩක් සතු‍ටුයි.මොකද හවස් වෙද්දී වතුර වැඩි වෙනවානේ.මට ඒක දැනුන ගමන් කට්ටිය ගොඩට දැම්මා.


ඔන්න ඉතින් ට්‍රිප් එකේ නිමාව දකින්නයි යන්නේ.කට්ටිය ලෑස්ති වෙලා එහෙන් පිටත් උනා.වෙලාව 6.30යි.අප්පා ට්‍රිප් එකක ආතල්ම කෑල්ල අන්තිම ටිකනේ.ඉතින් අපේ උන් වෙරි හිදෙනකන්ම බස් එක ඇතුලේ හයියෙන් සිංදු කිය කිය නැ‍ටුවා.පට්ට ආතල්.
කට්ටියව අදාල තැන් වලින් බස්සලා අපි ගෙදට යන්න පිටත් උනා.අපි කිව්වේ මමත් 138 රූට් එකේ ඉන්න කිහිපදෙනකුත්.ඔන්න මම කොට්ටාවෙන් බහිනකොට රෑ 10යි.ගෙදර යනකොට 10.30 විතර උනා.අප්පා පට්ට මහන්සියි.ඇයි දවස් 2කේම නිදා ගෙනත් නැහැ නේ.ගියපු ගමන් වොශ් එකක් දාගත්තා.කෑව.නිදා ගත්තා...

පලි-සුන්දර හික්කඩු භූමියේ මතකය මැකී නොයන තරම් අත්දැකීම් බහුලය..

මේක වැඩිය රසවත් නොවෙන්න පුලුවන්.ඒත් මම පුලුවන් උපරිමයෙන් කෙටි කරලා ලිව්වා.මොකද හරියට ලිව්ව නම් මේක කොටස් 5 කින් වත් ඉවර කරන්න බැරි වෙනවා.සොරි වෙන්න ඕනා යාලුවනේ එකට.

10 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

අසනිනම් වතුරට ආසයි වගේම බයයි..ලයිෆ් ගාඩ් කෙනෙක් අනිවාර්යයි..හි හි
නියම ට්‍රිප් එක..,පානය කරපු ජාතිය තමා නරක ඕන්..

සංකල්ප said...

නියම ට්‍රිප් එකක් නේ. මාත් පොඩිම කාලේ හික්කඩු ගියා කොරල් බලන්න. ඒක තමයි මගේ එකම මූදූ ගමන. පට්ට ආතල්. දැන් නම් බීච් ගියාට මූදු යන්න බෑනේ.

මල්ලි අහුංගල්ලේ කිව්වනේ. ඉස්සර ඔය හරියේ සත්තු වත්තක් තිබ්බා කියලා මතකයි. ඒක අයින් කරලා දැම්මා නේ ????

පිස්සු පුසා said...

@අසනි :හික් හික් හැමදාම නෑ නේ ඉතින්...ලොල්

@මධුරංග :දැන් ඒ ලස්සන කොරල් ගොඩාක් මැරිලා අයියේ.ඔව් එක වැහුවා සිංහයා පොඩි ලමයෙක්ගේ ඔලුව කෑවට පස්සේ.ඒත් දැන් එක ගුරුගේ පාර්ක් කරන කෙනා සල්ලි වලට අරගෙන ආයෙත් සත්තු වත්ත දාන්න යනවා.ඒත් ඉස්සර වගේ ඒකේ සත්තු අල්ලගෙන 4ටෝ ගහන්න බැරි වෙයි මගේ හිතේ.ඉස්සර නම් කිබුල්ලු,පිබුරෝ,සිංහයෝ අල්ලගෙන ෆොටෝ ගැහුවනේ..

Unknown said...

අපේ 1 අවුරුද්දේ ට්‍රිප් එකත් රූමස්සල තමා..හිකිස්‌ පට්ටම ආතල්

සාතන් said...

එතකොට උඹ ඉන්නෙ හික්කඩුවෙද?... කොට්ටාවෙද?... ගෙවල් කොට්ටාවෙනම් වැඩිපුර ඉන්නෙ මොකේද?...
1)කැසමරා
2)දේෂානි
3)පැනරාමා
4)කැසබ් etc

ප්‍රසංග said...

පූසො නම් වතුරට බය උනාට මේ පූසා නම් වතුරටම කැමති පූසෙක් වගේ...

චතුර.... said...

යකෝ ඔච්චර කල් යනකන් ජීවිතේට මූදේ නාපු නැති එවුනුත් හිටියද..?ලංකාවේ අයද දන්නේ නෑ නේද?

පිස්සු පුසා said...

@ChammA :හි හි මම දැක්කා ඒ ෆොටෝ ටික...පොඩි එකා වගේ ඔයා නම් හිකිස් ;)

@ප්‍රසංග :ඔව් ඔව් මේ පූසා වැඩිපුරම කමති වතුරෙ ඉන්න හිකිස් ;)

@චතුර :ඒකනේ කියන්නේ මාත් පුදුම උනා..උන්ව ගෙදරින් වැඩිය එලියට බස්සන්නේ නැති සීන් එකක් තියෙන්නෙ.මොනවා උනත් පව් උන්

පිස්සු පුසා said...

@සාතන් :දැන් ඉන්නේ කොට්ටවේ..හි හි වඩිපුරම ඉන්නේ පැනරාමා..ඉදලා හිටලා කැසබ්ලංකා යන්නේ ලොල්

Anonymous said...

අඩේ අපේ ගම ගැන අය්යා ලස්සනට ලියලා තීනවා.හික්කඩුව බීච් එක කියන්නෙ පුංචි කාලෙ මට පාරාදීසයක්.චූටි කාලේ වෙන ගෑනු ළමයි බෝනික්කො නලවද්දී මම තාත්තිවත් කතා කරගෙන බීච් යනව ඇතිවෙනකන් සෙල්ලම් කරනව.මල්ලියා ලොකු වුනාම අපි තුන්දෙනාම යනවා.මාවයි මල්ලියවයි වතුරට දාල තාත්ති ඈත ඉදන් බලන් ඉන්නවා.එයා කවදාවත් අපිව වතුරට බය කලේ නෑ.සමහර දවසට අම්මිත් එනව දවසෙම බීච් එකේ නටල නටල නාල කාල ගෙදර එන්නෙ.අදත් මල්ලි නිවාඩුවක් ලැබුන ගමන් තාත්ති එක්ක මුහුදට දුවනව.මම නම් කාලෙකින් ගියෙ නෑ ලගදිම යන්න ඕනි.
අය්යල නාන්න ඇත්තෙ හික්කඩුව පරණ පොලිසිය ලගින් කියල හිතනව,එතන හරිම ලස්සනයි ඒ වගේම ආරක්ෂාකාරීයි..
හික්කඩුව කියන්නෙ ගොඩක් ලස්සන තැනක් අද විවිධ හේතු නිසා වෙරළ තීරය ගොඩක් විනාස වෙලා.වෙනද අපි නාන්න හෙම යනකොට පාන් අරන් යනව මාළුන්ට කන්න දාන්න.ඒත් දැන් ඒ ලස්සන මාළු වද වෙලා ගිහින්.ඒව දකිනකොට නම් ගොඩක් දුකයි..

Post a Comment