Wednesday, November 30, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිරමීඩ(Pyramids) 3කොටස



"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."


විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන්,පුරාණ ඊජිප්තුව,ගීසාහි මහා පිරමීඩය  ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.


යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
දිය කිදුරියන්
පුරාණ ඊජිප්තුව
ගීසාහි මහා පිරමීඩය 1 කොටස


පසුගිය ලිපියේ අපි ගිසා හී මහා පිරමීඩය එහෙමත් නැත්තම් The Great Pyramid in Giza ගැන කතා කරා.අද අපි මෙම පිරමීඩයේ සොයා ගත් නවතම කරුණු,ඉදිරි පත් වී ඇති  මත ගැන කතා කරමු.


මෙම පිරමීඩ තනා ඇත්තේ වසර 4700කට පෙර වුවත් අපිට අද තාක්ෂනයෙන් මේවාට පිලිතුරු සොයා ගන්නට ඉතා අසීරු බව ඔබට කියන්නට ඕනා.


ජ්‍යාමිතික සම්බන්ධය


මෙම ගීසාහී මහා පිරමීඩයේ ජ්‍යාමිතික සම්බන්ධය ගැන ඔබට කිව්වේ  නැත්තම් ඒක මේ ලිපියේ අඩුපාඩුවක් වෙනවා.බොහෝ දෙනාගේ අවධානය දිනූ මේ මහා පිරමීඩය සෑදීමට යොදාගත් සම්මත ඒකකය වෙන්නේ පිරමීඩ අගලයි(Pyramid inch).ඒක පාරිශුද්ධ ඝනකයෙන්(Secred cubit) විසිපහෙන් එක් කොටසක් වෙනවා.


තවද මෙය ජ්‍යාමිතික හැඩතලයක් වන වෘත්තය හා බැදී පවතින පයි(π) නම් වූ නියතය හා සමානකමක් දැක්වීම විශේෂ වෙනවා.අප දන්නා විදියට එම නියතය ගණිතයේ විස්තර කෙරෙන්නේ 22/7=3.142857 විදිහට.මහා පිරමීඩයේ දිග දෙගුනයකින් වැඩිකර උසින් බෙදූ විට මෙම අගයට ඉතා සමාන අගයක් ලැබේ.(754*2/481=3.135...)


ගණිතයේ තවත් නියතයක් වන Golden ratio සමගද මෙම ගීසා පිරමීඩය සම්බන්ධතාවයක් දක්වනවා.මෙම  අගය සාමාන්‍යෙන් 1.61803.. වෙනවා.මෙම අගය පිරමීඩයේ සදහන් වෙන්නේ 1.61950 ලෙසයි.පැත්තේන් ඇති රූපය බලන්න.




මේ අනුව අපිට පැහැදිලි වන්නේ පිරමීඩ සෑදූවන් මෙම ගනිත මිනුම් ගැන දැන සිටියා යන්නයි.තවද මෙම ගීසාහී මහා පිරමීඩය පිහිටලා තියෙන ස්ථානයෙන් මුලු ඊජිතුවම සමාන කොටස් 2කට බෙදෙනවා.


මහා පිරමීඩයේ උස වෙන්නේ අඩි 481කි.ඒ වගේම පෘතුවියේ සිට සූර්්‍යාට ඇතිදුර ආසන්න වශයෙන් බිලියන 480 පමන වෙනවා.මෙයින් සැකයක් ඇතිවෙනවා මෙම පිරමීඩ සෑදූවන් තාරකා විද්්‍යාව ගැන කොතරම් දුරට දෙන සිටියාද යන්න.


තවත් විශේෂ කරුනක් වෙන්නේ මෙම ගීසාහී මහා පිරමීඩයත් මන්කවුරි නම්  ඊට එහා ඉන් ඇති පිරමීඩයත් අතර මධ්‍ය ලක්ෂයේ හිරු බැස යාමයි.වෙනත් විදියකට කිව්වොත් මෙම පිරමීඩ දෙක ස්ථාන ගත කරලා තියෙන්නේ හිරු බැස යන ක්ෂිතිජය දෙපැත්තට වන්නටය.


මෙම ගීසාහී මහා පිරමීඩය ඇතුලු පරිවාර පිරමීඩ දෙක රාත්‍රියේ අහසේ දකින්නට ලැබෙන ඔරායන් රාශියේ ප්‍රධාන තරුතුන එක එල්ලයේ පිහිටා ඇත.මෙය පිලිබද සම්පූර්න විස්තරයක් මෙතනින් හා මෙතනින්.


අතලොස්සක් පමන දෙනා මෙම සිදුවීම් අත්වැරදීම් වලින් සිදු වූ දෙයක් ලෙස සලකනවා.නමුත් බොහොමයක් දෙනා පවසන්නේ මෙය අතීතයේ පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා ඇති බවයි.මෙයට හොදම උදාහරණය නම් ඊජිප්තුවේ Abydos දේවස්ථානයේ පිහිටා ඇති මෙම රූප පෙලයි


මෙහි තුල වර්තමානයේ පවතින
හෙලිකොප්ටරයක්, සබ්මැරීනයක්,
යුධ ටැංකියක් ඇති බව ඔබට මෙම රූපයේ පෙනෙනවා ඇති.වසර 4700කට පෙර මෙම නවීන යුධ උපකරණ ගැන මිසර වැසියෝ දැන සිටියේ කෙසේද යන්න කාටත් පිලිතුරු දීගත නොහැකි ප්‍රශ්නයකි.


ඊජිප්තුවේ කයිරෝ කෞතුකාගරයේ තිබෙන මෙම සුප්‍රසිද්ධ "Tri-Lobed Disc" නැමැති තැටිය කාගේත් කතා බහට ලක් විය.මෙය කිසියම් යන්ත්‍රයක කොටසක් යැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.මෙම තැටිය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.මෙම තැටිය එක් පිරමීඩයෙක ඇතුලත තිබී සොයාගෙන තිබෙනවා.



තවද Colonel Vyse නැමැති පුද්ගලයා 1836දී මෙම ගීසා පිරමීඩයේ රජුගේ කුටියේ දකුනු පසින් වාතය ගෙන එන කව්ලුවේ අගල් 12ක් දිග,අගල් 4 පලල තුනී තහඩු කැබැල්ලක් සොයා ගන්න ලදී.මෙය පසුව එක්කල කැබැල්ලක් නොව මෙම පිරමීඩය ගොඩ නැගීමේදී තිබූ දෙයක් බව විද්‍යඥාඥයින් පවසා සිටියා.මෙය පිලිබද පරීක්ශන කල Sir Flinders Petrie(1881) කියා සිටියේ මෙය උසස් තත්වයෙන් යුතු යකඩයක් බවයි.මෙය පිලිබද විස්තර මෙතනින්.





ඉහත දක්වා ඇති රූපද මෙම පුරාන මිසර වැසියන් විසින් ඇද තිබෙන බිතු සිතුවම්.මෙය තුල අමුතු ජීවීන් ඉන්නා බව ඔබට අමුතුවෙන් කිවයුතු නෑ.

මෙම පිරමීඩ හා බැදුනු රහස් කොතෙකුත් ඇතත් ඒවාට අද නවීන තාක්ශණයෙන් දැනුමෙන් පිලිතුරුදීමට නොහැකිවී තිබෙනවා.මේ ලිපිය අවසන් කරීමට පෙර ඔයාලාට මම මෙන්න මේක දෙන්න හිතුවා.


මේකෙ මේ අවුරුදේ ආපු එකක්.ඔයාලාට මේ පිරමීඩය හැදුවේ කොහොමද,ඒ ඇයි,මොකටද කියන ගොඩාක් ප්‍රශ්න වලට මේකෙන් උත්තර හොයා ගන්න පුලුවන්.ගොඩක් හොද Documentary එකක්.700MB විතර වෙන්නේ.කොටස් වලට ඩිරෙක්ට් තමා බාන්න වෙන්නේ පස්සේ ඒවා එකතු කර ගන්න.ඕනා කට්ටිය ඉන්නවනම්


සත් සමුදුර ලියන දිනේෂ් දීපාල් සහෝදරයා මේ ගැන හා මමි ගැන ලිපි පෙලක් ලියලා තියෙනවා.මෙන්න ඒ ලිපි.වටින ලිපි පෙලක්.



එම ලිපි වලින් ඔයාලට හොද දැනුමක් ලැබෙයි කියලා මම හිතනවා.මම හිතනවා ඔයාලා යමක් මෙයින් දැන ගත්තා කියලා.අපැහැදිලි දෙයක් තිබේ නම් ඒක කොමෙන්‍ටුවකින් දාන්න.අපි ඊලග ලිපියේ පිටසක්වල ජීවීන් හා පිටසක්වල යානා ගැන කතා කරමු.

Saturday, November 19, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිරමීඩ(Pyramids) 2 කොටස

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."



විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන්,පුරාණ ඊජිප්තුව ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.


යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
දිය කිදුරියන්
පුරාණ ඊජිප්තුව

පසුගිය ලිපියේ අපි පුරාණ ඊජිප්තුව ගැන කතා කරා.පොරොන්දු වූවා මෙන් මම අද කතා කරන්නේ ලෝකයේ පැරණි පුදුම 7න් අදටත් නොනැසී ඉතිරිව පවතින එකම පුදුමය ලෙස සැලකෙන ලොව අති විශිශ්ඨ නිර්මානයක් වන ගිසා හී මහා පිරමීඩය එහෙමත් නැත්තම් The Great Pyramid in Giza ගැනයි.


හැදින්වීම



පිරමීඩ යන්න මම පලමු ලිපියේ ඔයාලාට හදුන්වා දුන්නා.මෙසේ පිරමීඩ ඊජිප්තුවේ පමනක් නොව චීනයේ, පේරු රාජයේ, මෙක්සිකෝවේ, ගෝතමාලවේ සහ තවත් බොහෝ රටවල දක්නට ලැබෙනවා.කෙසේ වෙතත් එම පිරමීඩ අතරින් ලෝකයේම ප්‍රසිද්ද හා වඩාත්ම විශාලම පිරමීඩය තනා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝවේ ගීසා තැනිතලාවේය.මෙහි ඇති පිරමීඩ සද මතුපිට සිට පියවි ඇසින් බැලීමටද පුලුවන් බව සදහන් කරන්න ඕනා.

ක්හුෆු රජු
මෙම The Great Pyramid in Giza නොහොත් ගීසා හි මහා පිරමීඩය ක්හුෆු (Pyramid of Khufu), චෙඔප්ස්(Pyramid of Cheops) යන නම් වලින් හදුන්වනවා.මෙහි උස මීටර 146.5ක් (අඩි 481) වන අතර පතුලේ විශාලත්වය මීටර 230.4(අඩි756)ක් වෙනවා.මේ ගීසාහී මහා පිරමීඩය තැනීමට භාවිතා කර ඇති භූමියේ ප්‍රමාණය පහල පින්තූරයේ දක්වා ඇති විදියට පා පන්දු පිටි 6ක් තරම් විශාල වෙනවා.මෙය සාදන ලද්දේ ක්‍රිස්තුපූර්ව 2540 යැයි ඉතිහාසයේ සදහන් වේ.මෙය සාදා නිම කරන ලද්දේ ක්‍රිස්තුපූර්ව 2560 දීය.එනම් අවුරුදු 20ක කාලයක් තුලය.මහා පිරමීඩය අවුරුදු 20ක කාලයක් තුල දොඹකර හා යන්ත්‍රෝපකරන නොමැතිව කොහොම නිර්මාණය කලාද යන්න අදටත් සොයාගන්න බැරි වෙලා තියෙනවා.මෙය හතරවන පාරාවෝ රජකෙනෙකු වන ක්හුෆු රජුගේ සොහොන බවට පුරාවිද්යාඥයන් විශ්වාස කරනවා.



මෙම පිරමීඩය මෙතෙක් මිනිසා ඉදිකල උසින් වැඩිම ගොඩනැගිල්ල බවටද වාර්තා පොත් වල සදහන් වෙනවා.එම වාර්ථාව දැන් වන තුරුම පැවතීම විශේෂත්වයකි.නමුත් කනගා‍ටුවට කරුනක් වන්නේ වර්තමානයේ මෙම ගීසා හි මහා පිරමීඩයේ දක්නට ලැබෙන්නේ කැඩී බිදී ගිය බිත්තිය.මෙම පිරමීඩය වටා තිබූ දිලිසෙන ලෙස ඔප දමා තිබූ ගල් කුට්ටි කොටසක් විනාශ වී ගොස් ඇති අතර ඉන් සමහරක් මෙම පිරමීඩය අවට විසිර ඇත.මෙහි ඇති සෑම දෙයක්ම අභිරහසක් වන අතර මෙය සෑදූ ආකාරය පිලිබද නිවැරදි දත්තයන් අදටත් සොයා ගැනීමට නොහැක.

යොදා ගත් අමුද්‍රව්‍ය


භාවිතා කර ඇති ගල් කුට්ටියක්
පලමුව මෙම පිරමීඩය තැනීමට පෙර එම භූමිය සමාන මට්ටමකට ‍රැගෙනවිත් තිබෙනවා.මෙම ගීසාහී පිරමීඩයට අත්තිවාරම ලෙස දමා ඇත්තේ කාරයක් තරම් බර ගල් කුට්ටිය.පුදුමය වන්නේ ඔවුන් එම ගල් කුට්ටි ‍රැගෙන විත් තිබෙන්නේ නයිල් ගංගාවේ නැගෙනහිර ඉවුරෙන්.එම එක ගලක් ටොන් 12ත් 17ත් අතර බරකින් යුක්ත වේ.එවැනි ගල් කුට්ටි 210ක් පමණ යොදාගෙන ඇතැයි බවට විශ්වාස කරනවා.මෙහි විශාලතම ගල් කුට්ටියක් ටොන් 80ක් පමණ වන බව සදහන් වෙනවා.


මෙම ගල් කුට්ටි ‍රැගෙන විත් තිබෙන්නේ අස්වාන් වල සිටය.ගීසා හී මහා පිරමීඩයේ සිට අස්වාන් දක්වා දුර සැතපුම් 500ක් පමණ වෙනවා.නැව් උපයෝගී කර ගනිමින් මෙම ගල් ප්‍රවාහනය කල බව විස්වාස කරනවා.ඔබට කිවයුතු එක් දෙයක් වන්නේ මෙවැනි නිර්මාණයක් කිරීම අද දවසේ පවා අමාරු කාර්යයක් බවයි.මෙම පිරමීඩය සෑදීමට ගල් කුට්ටි මිලියන 2.3ක් පමණ භාවිතා කර ඇති අතර එම හැම ගලක්ම වෙනස් හැඩවලින් හා වෙනස් බරකින් සමන්විත වෙනවා.


පිරමීඩ තැනීමට භාවිතා කල උපකරණ

මෙසේ මෙම ගල් කුටිටි කපා ඇත්තේ පින්තූරයේ දැක්වෙන පරිදි ගල් ක‍ටුව හා ගලක් භාවිතයෙනි.කපා නිම නොකල ගල්කුට්ටි අස්වාන් හී තවමත් ඉතිරිව ඇත.
නිම නොකල ගල් කුට්ටියක්

අස්වාන් හී ඉතිරිව ඇති ගල් කුට්ටි අතරින් පින්තූරයේ පෙනෙන ගල් කුට්ටිය අඩි 126ක් පමණ දිග ටොන් 1300ක් පමණ වෙනවා.මෙවැනිදෑ ගල් ක‍ටුවක ආධාරයෙන් කැපුවේ කෙසේ දැයි අදටත් හොයා ගන්න බැරි වෙලා තියෙනවා.
වර්ථමානයේ නවීන යන්ත්‍රෝපකරණ
වර්ථමානයේ මෙවැනි දෑ අපි කරන්නේ නවීන යන්ත්‍රෝපකරන භාවිතයෙනි.මීට අවුරුදු 3600කට පෙර මේ වගේ ගල් කපන යන්ත්‍ර නොමැතිව කොහොම ගල් කුට්ටි කපා වෙන්කරාද යන්න කාටවත් හොයා ගන්න බැරි වෙලා තියෙනවා.



ඉදිකිරීම

මෙසේ අස්වාන් වල සිට ‍රැගෙන ආ ගල් කුට්ටි සේවකයන් විසින් කඹ,ලී පෝරු හා ලීවර ආධාරයෙන් පිරමීඩය අසලට ‍රැගෙනවිත් තියෙනවා.මෙහි සේවකයන් 25,000ක් හා 30,000ක් අතර පිරිසක් එක වරකට යොදාගෙන ඇති බවට විශ්වාස කරනවා.


ඊට අමතරව මෙම භූමියේ මස් වෙලදුන්,බීර හල්,බේකරි කරුවන්, වඩුවන්, පෙදරේරුවන්,  වෛද්‍යවරුන් මෙම පිරමීඩය ඉදි කරන සේවකයන්ට පහසුකම් සැපයීමට වාසය කර ඇතැයි සදහන් වෙනවා.තවත් කරුණක් වන්නේ මෙහි ගැහැණු හා පිරිමි දෙපාර්ශවයම මෙයට දායකත්වය දී ඇති බවයි.පිරමීඩය ඉහලට අවශ්‍ය කරන ගල් ඉහලට එසවූයේ කෙසේ දැයි අදටත් සොයා ගත නොහැකි කරුණකි.නමුත් සදහන් වෙන්නේ මෙය සෝපාවක් මගින් ඉහලට ගැන ගියාය යන්නයි.තවත් ඉදිරිපත් ව ඇති මතයක් නම් මේවා පිරමීඩයේ බෑවුම දිගේ මෙම ගල් කුට්ටි ‍රැගෙන ගිය බවයි.

තාක්ෂණය


මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙම ගීසාහී මහා ඕනෑම භූමි කම්පාවකට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය කර තිබීමයි.මෙම පිරමීඩය ඇතුලේ සෑම දෙයක්ම නියමිත පරිමාණයෙන් නිපදවීම හා නියමිත ස්ථාන වල පැවතීම මෙයට හේතුවයි.

තවද මෙම පිරමීඩයේ පිහිටීම උතුරට අංශක 0.05 දකුණට වන්නට වීමද විශේෂත්වයකි.17වන ශතවර්ශයේ නිපද වූ නිර්මාන වලට පවා ඊට අවුරුදු 1000කට පෙර නිපදවූ පිරමීඩ වල මෙම අංශක ගණනට ලං වීමට වත් නොහැකි වී තියෙනවා.ප්‍රශ්ණය නම් අද නියමිත අංශක ගනනට ගොඩ නැගිලි නිපද වන්නේ මාලිමාව ආධාරයෙනි.නමුත් එදා කෙසේ නිපද වූවාද යන්නයි.

පිරමීඩයේ ඇතුලත
පිරමීඩයේ ඇතුලත

මෙම පිරමීඩයට ඇතුල් වන දොර‍ටුව පිහිටා තියෙන්නේ මීටර 17ක්(අඩි 56) උඩින් වීම විශේෂත්වයකි.එතරම් උඩින් මෙම දොර‍ටුව සාදා ඇත්තේ මෙයට නැවත ඇතුල් වීම වැලැක්වීමටයි.මිසර වැසියෝ තම පාලකයාගේ මරණින් පසු ජීවිතයට බාධා නොකරන්නට මෙවැනි උසකින් දොර‍ටුව සාදා ඇතැයි විශ්වස කරති.මෙම පිරමීඩය ඇතුලේ කුටි ගනනාවක් ඇති අතර එයට යාමට කොරිඩෝවන් විශාල ගනනක් ඇත.මෙම ගීසාහී මාහා පිරමීඩයේ ඇතුලත ප්‍රධාන ලෙස කුටි 3කින් සමන්විත වෙනවා.



පහලට යන කොරිඩෝව
මෙසේ මෙම දොර‍ටුවෙන් ඇතුලු වූවාට පසු පහලට දිව යන කොරිඩෝවක් ඇති අතර එය Descending Passage යනුවෙන් හදුන්වනු ලැබේ.මෙය අඩි 3.4 ක් පලල හා අඩි 3.1 උස ලෙස සදහන් වේ.මෙම කොරිඩෝව දිගේ අඩි 345ක් පමණ ගිය විට මෙම පහලට බෑවුම් වන කොරිඩෝව පොලවට සමාන්තර වන බව සදහන් වේ.තවත් අඩි 29ක් ගිය විට තවමත් වැඩ නිම නොකල කුටියක් දක්නට ලැබේ.


‍රැජිනගේ කුටිය
ඇතුලුවන දොර‍ටුවේ සිට අඩි 93ක් හිය විට තවත් ඉහලට යාමට කොරිඩෝවක් හමුවේ.එය Ascending Passage ලෙස හදුන්වයි.මෙහි දිග පලල Descending Passageයට සමාන වේ.මෙය පලමු වරට සොයා ගන්නා විට අවහිර කරනු ලැබූ මාර්ගයකි.කෙසේ නමුත් මෙම ඉහලට දිව යන කොරිඩෝව දිගේ අඩි 130ක් පමණ ගිය විට ‍රැජිනගේ කුටිය ලෙස හදුන්වන කුටිය හමුවේ.මෙහි බිත්ති සම්පූර්ණයෙන්ම නිමවා නැත.


‍රැජිනගේ කුටියෙන් හමු වූ දොර අගුල

මෙම ‍රැජිනගේ කුටියේ දකුණු අතට වන්නට තඹ් ලෝහයෙන් තැනූ  දොර අගුලක් ඇත.සෑම කෙනෙකුගේම අදහස වූයේ මෙය තවත් රහස් කුටියකට ඇති දොරක් බවයි.මෙය සොයා ගනු ලැබුවේ ජර්මන් ජාතික ඉංජිනේරුවෙකු වන Rudolf Gantenbrink විසිනි.ඒ ඔහුගේම නිර්මාණයක් වන බඩගා යන රොබෝ කෙනෙකුගේ ආධාරයෙනි.එය Upuaut 2 ලෙස හදුන්වයි.පසුව National Geographic Society ය විසින් ඊට සමාන රොබෝ කෙනෙකු සාදා එම බිත්තිය හිල් කර එම කුඩා සිදුරෙන් එම රොබෝව යවන ලදී.නමුත් පුදුමය වන්නේ මෙම අභිරහස් දොරට පි‍ටුපස තවත් බිත්තියක් ඇති බව එම රොබෝගේ ඇති කැමරාවේ සටහන් වීමයි.


මෙවැනිම ආකාරයේ දොරක් ‍රැජිනගේ කුටියේ උතුරු පසට වන්නට ඇති අතර නවතම සොයා ගැනීම් අනුව එම දොර‍ටුව පි‍ටුපස තවත් කුටියක් ඇති අතර එම බිත්ති වල රතු පාටින් Hieroglyphs(විවිද චිත්‍ර) ලියා ඇති බවද සදහන් වෙනවා.


රජුගේ මමිය බහා තිබූ ගල් පෙට්ටිය
තවත් ඉහලට ගිය විට රජුගේ කුටිය හමුවේ.මෙය ඉතා අලංකාර ලෙස නිමවා තිබූ බවට සදහන් වේ.රජුගේ මමිය තැන්පත් කරන ලද ගල් වලින් නිම කරන ලද පෙට්ටියක් ඇති අතර මෙම කුටිය තනි රතු ග්‍රැනයිට් වලින් නිමවා ඇත.



මෙම රජුගේ කුටියට ඉහලින් තවත් කුටි ගනනාවක්ම ඇති අතර ඒවා සාදා ඇත්තේ රජුගේ කුටියට එන බර අඩු කිරීමටයි.
රජුගේ කුටියේ දල සැලැස්ම

1.රජුගේ කුටිය.
2.ප්‍රවේශ වීමට ඇති කුටිය.
3.රජුගේ ගල් මිනී පෙට්ටිය.
4.වාතය ඇතුලට ‍රැගෙන ඒමට තැනුවකි.
5.පොලවට සමාන්තර වූ ග්‍රැනයිට් බාල්කය.
6.ආධාරක ලෙස තැනූ හුණු ගල් බාල්ක.
7.වහලය.
8.පිරමීඩයේ ගල් වලින් එන බර නිදහස් කිරීමට තැනූ කුටි.
9.රජුගේ කුටියට යාමට තැනූ කොරිඩෝව.


ප්‍රධාන කුටි තුන

මම හිතනවා ඔයලා මේ ලිපියෙන් මෙම මහා පිරමීඩය ගැන දැනගත්තා කියලා.වැඩි විස්තර මෙතනින් ගන්න පුලුවන්.මෙම පිරමීඩය ගැන සොයා ගැනීම්,විවිධ මත අපි ඊලග ලිපියෙන් කතා කරමු.

Tuesday, November 15, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries ඊජිප්තුවේ පිරමීඩ(pyramids)

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."



ලෝකයේ අරුම පුදුම දේවල් සහ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ අපි දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන් ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.


යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
දිය කිදුරියන්


අද ලිපියේ ලෝකයම විශ්මයට පත්,රහස් වලින් පිරුනු ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන පුරාණ ඊජිප්තුවේ ඉතිහාසය ගැනත් පිරමීඩ ගැන කතා කරමු.


පුරාණ ඊජිප්තුව

පුරාණ ඊජිප්තුවේ සිතියමක්
මෙම පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය උතුරු අප්‍රිකාවේ නැගෙනහිරට වන්නට නයිල් ගඟ ආශ්‍රිතව පැවති ලොව විශිෂ්ඨ ශිෂ්ටාචාර වලින් එකක් විදියට හදුන්වන්න පුලුවන්.මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ අරම්භය ක්‍රි.ව 3150 දී පළමුවන පාරාවෝ රජතුමා විසින් උතුරු හා දකුණු ඊජිප්තුව එක්සේසත් කිරීමත් සමඟ ආරම්භවෙලා තියෙනවා.ඊජිප්තු ශිෂ්ටාචාරය මුල් කාලවලදී දේශපාලනික වශයෙන් අස්ථාවර වෙලා තියෙනවා.නයිල් ගඟ ආශ්‍රිතව පැවති ඊජිප්තුව එකල වාරිකර්මාන්තය හා කෘෂිකාර්මික වශයෙන් දියුණු රටක් බවට ඉතිහාසයේ සදහන් වෙලා තියෙනවා.


ඊජිප්තුව ස්වභාවික සම්පත් වලින් පිරිණු රටකි.නයිල් නිම්න මිටියාවත් වගේම කාන්තාර ප්‍රදේශයන් පුරාවට පැතිර තිබු වටිනා ඛනිජ නිධිද ඊජිප්තුව පෝෂනය කරලා තියෙනවා.දියුණු කෘෂිකාර්මික ව්‍යාපෘති හා ශක්තිමත් වෙළෙඳ සම්බන්ධතා ඇති කර ගත් ඊජිප්තුව පාරාවෝවරු විසින් පත්කරන ලද ආගමික නායකයින් විසින් හා වෙනත් උගතුන් විසින් පාලනය කරලා තියෙනවා.පාරාවෝ රජ පෙළපතේ අවසානයත් සමඟම  ක්‍රි.ව 31 පමණ වන විට ඊජිප්තුව රෝම අධිරාජ්‍යයට යටත් වෙලා තිබෙන බව ඉතිහාස පොත් වල සදහන් වෙනවා.


පුරාණ ඊජිප්තුවේ පාලනය සහ වෙළඳාම

ඊජීප්තුවේ අධිපති වූයේ පාරාවෝය.ඔවුන් භූමිය සහ සම්පත් සම්පූර්ණයෙන්ම පාලනය කරලා තියෙනවා.රජු සැමවිටම හමුදා අණදෙන්නා විදිහට කටයුතු කරලා තියෙනවා.මිනින්දෝරුවන්,භාණ්ඩාගාර,ගොඩනැගිලි සාදන ව්‍යාපෘති සදහා නියෝජිතයන් ලෙස අමාත්‍යවරු පත් කල බව සදහන් වෙනවා.ඒ සැමදෙනාම ක්‍රියා කරලා තියෙන්නේ රජුගේ අණට යටත්වය.දේශීය මට්ටමේදී රට කොටස් 42 කට බෙදලා තියෙනවා.ඒවා නොමෙස් නමින් හදුන්වා තිබෙනවා.


පුරාණයේ ඊජිප්තුව බෙදා තිබූ අයුරු
ඒ සැම කොටසකටම පාලකයෙක් ඉදලා තියෙනවා.ඔහුට එම කොටසේ අධිකරණ බලය පිළිබඳ වගකීම පැවරී ඇති බව සදහන්.ආර්ථිකයේ ප්‍රධාන දෙයක් ලෙස පන්සල හදුන්වා තිබෙනවා.ඒවා ආගමික ස්ථාන ලෙස පුද පූජා පවත්වන්න පමනක් නොව රටට එන සම්පත් එකතු කිරීමට සහ ගබඩා කිරීමටද වගකීමක් තිබිලා තියෙනවා.මහජනයාට ධාන්‍ය සහ භාණ්ඩ බෙදාහැරීමට නියෝජිතයන් පත් කරලා තිබූ බවද ඉතිහාසයේ සදහන් වෙනවා.


ඉපැරණි ඊජීප්තුවන් මුල් කාලයේ කාසි වර්ග භාවිතා නොකල බවට සාක්ෂි හම්බවෙලා තියෙනවා.ඒත් ඔවුන්ගේ ගනුදෙනු සඳහා වෙනත් වර්ගයක මුදල් හෙවත් සම්මත ධාන්‍ය  වර්ග හා ඩෙබෙන් ගොඩවල් භාවිතා කරලා තියෙනවා(ඩෙබෙන් යනු බර මනින මිම්මකි).සේවකයන්ට ධාන්‍ය වලින් ගෙවීම් කර ඇති අතර සුළු සේවකයින් මසකට ධාන්‍ය කිලෝග්‍රෑම් 200 පමණ උපයන බව සදහන් වේ.රට තුළ භාණ්ඩ සඳහා නියමිත මිලක් නියම කරලා තිබූ බවටත් සදහන් වෙනවා.තවද වෙළඳාම් කිරීමට පහසු වීමට  භාණ්ඩ වල මිලක් නියම කරලා තියෙනවා.


ඩෙබෙන් 
උදාහරණයක් විදියට කමිසයක මිල තඹ ඩෙබෙන් 5 ක් වෙලා තියෙනවා.එළදෙනෙකුගේ මිල ඩෙබෙන් 140 ක් වෙලා තියෙනවා. පැරණි ඊජිප්තු වෙලද පොලවල් වල නිශ්චිත මිල ලැයිස්තුවට අනුව ධාන්‍ය වෙනත් භාණ්ඩ සමග හුවමාරු කිරීමට හැකියාව තිබිලා තියෙනවා.බු.ව.5 වන සියවස තුළ විදේශ වලින් ඊජීප්තුවට කාසි මුදල් හඳුන්වා දීලා තියෙනවා.මුලදී සත්‍ය මුදල් වලට වඩා ලෝහ කැබලි පිලිගත් නමුත් පසු සියවස් තුළ ජාත්‍යන්තර වෙළඳුන් කාසි මත වැඩි විශ්වාසය ඇති වූ බව සදහන් වෙනවා.



නීති පද්ධතිය


ඊජිප්තු නීති පද්ධතියේ ප්‍රධානියා වෙලා තියෙන්නේ පාරවෝවරුය.ඔවුන් හට  නිතීය සම්පාදනය කිරීමේ, යුක්තිය ඉ‍ටුකිරීම් හා නීතී ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබිලා තියෙනවා.මෙය ඊජිප්තු වැසියන් Maat(මාට්) ලෙස හඳුන්වා තිබෙනවා. 


kenbet 
පැරණි ඊජිප්තුවේ නීතී සංග්‍රහයක් නොපැවතුණු අතර සාමාන්‍ය බුද්ධිය අනුව නීතී කටයුතු සිදු කෙරුණු බවට අධිකරණ වාර්තා පෙන්නුම් කරනවා.ප්‍රශ්න නිරාකරණයේදි බොහොදුරට අවබෝධාත්මක ගිවිසුම්වලට එළඹුනු බවක් පෙනෙන්නට තියෙනවා.ප්‍රාදේශිය අධිකරණවල බලධාරියා වෙලා තියෙන්නේ kenbet නමින් හැඳින්වු පුද්ගලයෙක්.ඔහු සුළු පැමිණිලි සුළු ආරවුල් විභාග කොට විසදලා තිබෙනවා. බරපතල ගැටළු(මිණිමැරුම්, ඉඩම් ගණුදෙනු, මංකොල්ලකෑම්)විසඳලා තියෙන්නේ පාරාවොගේ අනුදැනුම ඇතිව great kenbet විසින්.මෙහි ඇති නීතිය නම් අවසානයේ විත්තිකරුවන් හා පැමිණිලිකරුවන් තමන්ට නිවැරදි තීන්දුව ලැබුණු බවට දිවුරා දිවුරුම් ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතුය.සමහර අවස්ථාවලදී පැමිණිලිකරු මෙන්ම විනිශ්චයකරුද එකම පුද්ගලයෙක් වු අතර කරුණු දක්වමින් කුමන්ත්‍රණකරුව හදුනා ගෙන තිබුනු බව ශදහන් වෙනවා.විභාග කෙරූ නඩුව වැදගත් හො නොවැදගත් වුවද අධිකරන ලේකම්වරයා විසින් පැමිණිල්ල,සාක්කිය,තීන්දුව සටහන් කරලා තියෙනවා.


සුළු වැරදිවලට දඬුවම් ලෙස දඩගැසීම, පහරදිම, මුහුණු විකෘති කිරිම හො පිටුවහල් කිරිම ආදිය ලබා දීලා තියෙනවා,බරපතල වැරදි සඳහා ජීවිතක්ෂයට පත් කිරිම,උලතැබීම,ජලයේ ගිල්වීම ආදී දඬුවම් දීලා තියෙනවා.සමහර විට දඬුවම් අපරාධකරුගේ පවුලේ අයටද බලපා තියෙනව බන සදහන් වෙනවා.අලුත් රාජධානිය ආරම්භ කිරිමෙන් අනතුරුව නීතී පද්ධතියෙ ප්‍රධානියා හැටියට Oracle(ඔරුකල්) නමින් තනතුරක් ඇතිකරන කරලා තියෙනවා.මෙහිදි නීතීය ක්‍රියාත්මක කිරීම සඳහා මිනිසුන්ට දෙවියන්ගේ ආශිර්වාදයද ඕනෑ වෙලා තිබෙන බව සදහන් වෙනවා.



පුරාණ ඊජිප්තු ලේඛන
ඊජිප්තු හෝඩිය

ඊජිප්තුවේ චිත්‍ර ලිපි ලේඛන කලාව ක්‍රි.පු. 3200 කාලවකවානුවට වෙලා තිබූ අතරම ඊට සලකුණු 800 ක් පමණ යොදා ගෙන තිබෙන බව දැනට සොයාගෙන තියෙනවා.මේවා පුරාවිද්‍යාත්මක විදියට හදුන්වන්නේ "Hieroglyphs",එහෙමත් නැත්නම් Pyramid Texts විදියටත්,එහෙමත් නැත්නම් දෙවියන්ගේ භාෂාව හෙවත් “language of the gods” ලෙසයි.Hieroglyphs කියන වචනය ග්‍රීක භාෂාවෙන් ආ වචනකි.එහි අදහස නම් "පූජනීය කැටයම්"වේ.


මේ එක් සළකුණකින් වචනයක්, පණිවිඩයක් නිරූපණය කරන්න පුලුවන්.තවද එකම සලකුණකට විවිධ අවස්ථා වල විවිධ අරමුණු වෙනුවෙන් භාවිතා කරලා තියෙනවා.මෙම චිත්‍ර ලිපි බොහෝමයක් තියෙන්නේ සිහිවටන ගල් වල සහ සොහොන් ගෙවල් වලය.ඒවායින් නිරූපණය වෙන්නේ තොරතුරුය.


මෙම සෙල් ලිපි වල යොදා ගෙන තිබුණේ ලේසියෙන් හා ඉක්මනින් ලිවිය හැකි Hieratic(හයරටික්) නම් වු වැල් අකුරුය.මේවා පේලි හෝ තීරු වශයෙන් කියවිය හැකි ලෙස දකුණේ සිට වමට ලියා තිබුණු අතර,Hieratic(හයරටික්) නිතරම ලියා තිබුණේ දකුණේ සිට වමට සමාන්තර පේලී විදිහටයි.අළුතෙන් පැමිණි ලේඛන කලාවක් වු Demotic(ඩෙමොටික්) ක්‍රමය පසුව පිළිගත් ලේඛන ශෛලියක් බවට පත් වෙලා තියෙනවා.රොසෙටා පාෂාණයේ(Rosetta Stone) ග්‍රීක වදනින් තිබෙන්නේ ඒ ලෙසමය.



රොසෙටා පාෂාණය
ක්‍රි.ව. 1 වැනි ශතවර්ශයේදී පමණ සාම්ප්‍රදායික Demotic(ඩෙමොටික්)  අත් අකුරු වෙනුවට නවීකරණය වු ග්‍රීක හෝඩිය වු Coptic(කොප්ටික්) අක්ෂර මාලාව පැතිරී තියෙනවා.ක්‍රි.ව. 4 වන ශතවර්ශය දක්වා විධිමත් චිත්‍ර ලිපි භාවිතා වුවද ඒවා කියවීමේ හැකියාව තිබිලා තියෙන්නේ පුජකවරු අතළොස්සකට විතරයි.සාම්ප්‍රදායික ආගමික ක්‍රම වේදයන් විසුරුවා හරින ලද නිසා,චිත්‍ර ලිපි ලේඛනය පිළිබද දැනුම බොහෝ දුරට අඩු වී ගොස් තියෙනවා.


ගෘහ නිර්මාණ ශිල්පය

එඩ්ෆුහි හෝරස් පන්සල
පුරාණ ඊජිප්තු ගෘහ නිර්මාණ ශිල්පයේ ඉදිකිරීම් අතර පිරමීඩ හා ආගමික ස්ථාන ප්‍රධාන තැනක් ගන්නවා.ආදී ඊජිප්තු ගල් වඩුවෝ මෙම නිර්මාණ සඳහා ඉතා දියණු මෙවලම් හා ආයුධ භාවිතා කරලා තිබෙන බව සදහන් වෙනවා.එකල සමාජයේ ප්‍රභූවරුන්ගේ නිවාස තැනීමට වටිනා අමුද්‍රව්‍ය යොදා ගෙන තිබෙන නමුත් මේවන විට ඒවා සියල්ලක්ම පාහේ විනාශ වී ගොස් තිබෙනවා.කෙසේ වෙතත් Malkata(මල්කාටා) හා Amarna(අමර්නා) යනුවෙන් හැදින්වෙන රජමාළිගා දෙකක නටඹුන් තවමත් වෙලා තියෙනවා.ආගමික ස්ථාන වැනි ඉදිකිරීම් කළුගලින් නිමවා ඇත්තේ ඒවායේ දිගුකාලීන පැවැත්ම උදෙසා යැයි විශ්වාස කරනවා.දැනට හමුවී ඇති ඉපැරණිතම ඉදිකිරීම් වූ ආගමික ගොඩනැගිලි ගල්කණුවලින් සමන්විත ශාලාවලින් වලින් සමන්විත වෙනවා.මීට නිදසුන් Giza(ගිසා) ප්‍රදේශයෙන් හොයාගෙන තියෙනවා.Mastaba(මස්ටාඩා) ප්‍රදේශයෙන් හමුවී ඇති සොහොන් කොතෙන් එකල පැවති සොහොන් කොත් ඉදිකිරීම් කලාව පිළිබඳව මැනවින් විදහා පායි.



පිරමිඩ 

ගිසා හී මහා පිරමීඩය


පිරමීඩ යනු ත්‍රිකෝණාකාර පැති 4 කින් යුතු ඉහළදී ශීර්ෂ එකතුවන පහළදී සමචතුරස්රාකාර පාදමකට සම්බන්ධ වන නිර්මාණයකි.ලෝකයේ ජීවත් වූ විවිධ ජනකොටස් විවිධාකාර පිරමීඩ තැනූ නමුත් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඊජිප්තු වැසියන් නිර්මාණය කළ විශාල  පිරමීඩය.ඉතිහාසඥයන් පවසන පරිදි ක්‍රි.පූ.2630 සිට ක්‍රි.පූ.1530 දක්වා කාලය තුල  ඔවුන් තැනූ පිරමීඩ ප්‍රමාණය 90 කටත් වඩා වැඩි බව සදහන් වෙනවා. මුල් කාලයේදී ගල් කුට්ටි මගින් පිරමීඩ නිර්මාණය කළ ඔවුන් පසු කාලයේදී පස් වලින් තැනූ විශාල ගඩොල් යොදා ගෙන තියෙනවා.


මොවුන් ප්‍රධාන දිශා හතරට අදාල වන ලෙස නයිල් ගංගාවේ බටහිරට වන්නට මෙම පිරමීඩ තනා තිබෙනවා.අදහස නම් ඉර බැස යන පැත්තෙන් තමා මේ පිරමීඩ හදලා තියෙන්නේ.පුරාණ මිසර වැසියෝ විශ්වාස කරල තියෙනවා සෑම දවසකම ඉර බැහැල යනකොට පිරමීඩ වල තැන්පත් කරල තියෙන තමන්ගේ පාලකයාගේ ආත්මයත් සිරුරෙන් ඉවත්වෙලා අහසට ගමන් කරන බවටත්, නැවත උදේ ඉර පායන කොට ආත්මය නැවතත් සිරුරට ඇතුළුවෙලා අළුත් වන බවටත්.(මෙම කොටස උපුටා ගැනීම සත් සමුදුර ලියන දිනේෂ් දීපාල් සහොදරයාගේ බ්ලොගයෙන්)


පිරමීඩ භාවිතය


පොදු මතය අනුව මෙම පිරමීඩ භාවිතා කර ඇත්තේ රජවරුන්ට හා රැජිණියන්ට සොහොන් ගර්භ ලෙස හා වන්දනාමාන පවත්වන ස්ථාන ලෙසය.මෙම රට වල  රජවරුන් හා රැජිණියන් මියගිය පසු එම මෘත ශරීරවල බෙහෙත් ගල්වා(අදටත් අභිරහසක්ව පවතින) එය වටා රෙදි හා සමාන දෙයකින් ඔතා මෙම පිරමීඩ ඇතුලත තැම්පත් කර තිබෙනවා.අපි මමි යනුවෙන් හදුන්වන්නේ එම මෘත ශරීරයි.


පුරාණ ඊජිප්තු වැසියන් මෙසේ පිරමීඩ තනා එම මමි තැන්පත් කර ඇත්තේ ඒ මගින් තමගේ මියගිය පාලකයා හට මරණින් පසු ජීවිතයට පහසුකම් සැපයීම යන විශ්වාසය මතය.එම පිරමීඩ තුල විවිධ භාණ්ඩ රත්‍රන් ආබරන තබා ඇත්තේද එම මිය ගිය පාලකයාගේ මරණින් පසු පාවිච්චිය සදහා වැයි විස්වාස කරනවා.එකල පූජකයෝ විවිධ පූජාවන්  මගින් මිය ගිය පුද්ගලයාගේ ආත්මය ශරීරයෙන් ඉවත් වීම වළක්වා එය සමඟම රඳවා තැබීමට උත්සාහ ගෙන තියෙනවා.



වර්තමාන සොයා ගැනීම් වලට අනුව මෙම පිරමීඩ භාවිතා කර ඇත්තේ රජවරුන්ට හා රැජිණියන්ට සොහොන් ගර්භ ලෙස හා වන්දනාමාන පවත්වන ස්ථාන ලෙස පමනක් නොව බව සදහන් කරන්න පුලුවන්.මෙම සොයාගැනීම ඉතිහාසය වෙනස් කරවන සුලුය.එය දැන ගැනීමට මේ ලිපි පෙල සමග ‍රැදී සිටින්න.



මම හිතනවා ඊජිප්තුව ගැන මෙම ලිපියෙන් ඔයාලට හොද අවබෝධයක් ලබෙන්න අති කියලා.මෙම ලිපිය දිග වැඩි උන නිසා කොටස් කිහිපයකට කඩන්න මම තීරණය කලා.ඊලග ලිපියේ ප්‍රධාන වශයෙන් ගිසා හී මහා පිරමීඩය එහෙමත් නැත්තම් The Great Pyramid in Giza ගැන කතා කිරීමට බලපොරොත්තු වෙනවා.


පලි:මෙම පුරාණ ඊජිප්තුව ගැන වැඩි විස්තර මෙතනින්.