Tuesday, November 15, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries ඊජිප්තුවේ පිරමීඩ(pyramids)

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."



ලෝකයේ අරුම පුදුම දේවල් සහ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ අපි දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන් ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.


යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
දිය කිදුරියන්


අද ලිපියේ ලෝකයම විශ්මයට පත්,රහස් වලින් පිරුනු ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වන පුරාණ ඊජිප්තුවේ ඉතිහාසය ගැනත් පිරමීඩ ගැන කතා කරමු.


පුරාණ ඊජිප්තුව

පුරාණ ඊජිප්තුවේ සිතියමක්
මෙම පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරය උතුරු අප්‍රිකාවේ නැගෙනහිරට වන්නට නයිල් ගඟ ආශ්‍රිතව පැවති ලොව විශිෂ්ඨ ශිෂ්ටාචාර වලින් එකක් විදියට හදුන්වන්න පුලුවන්.මේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ අරම්භය ක්‍රි.ව 3150 දී පළමුවන පාරාවෝ රජතුමා විසින් උතුරු හා දකුණු ඊජිප්තුව එක්සේසත් කිරීමත් සමඟ ආරම්භවෙලා තියෙනවා.ඊජිප්තු ශිෂ්ටාචාරය මුල් කාලවලදී දේශපාලනික වශයෙන් අස්ථාවර වෙලා තියෙනවා.නයිල් ගඟ ආශ්‍රිතව පැවති ඊජිප්තුව එකල වාරිකර්මාන්තය හා කෘෂිකාර්මික වශයෙන් දියුණු රටක් බවට ඉතිහාසයේ සදහන් වෙලා තියෙනවා.


ඊජිප්තුව ස්වභාවික සම්පත් වලින් පිරිණු රටකි.නයිල් නිම්න මිටියාවත් වගේම කාන්තාර ප්‍රදේශයන් පුරාවට පැතිර තිබු වටිනා ඛනිජ නිධිද ඊජිප්තුව පෝෂනය කරලා තියෙනවා.දියුණු කෘෂිකාර්මික ව්‍යාපෘති හා ශක්තිමත් වෙළෙඳ සම්බන්ධතා ඇති කර ගත් ඊජිප්තුව පාරාවෝවරු විසින් පත්කරන ලද ආගමික නායකයින් විසින් හා වෙනත් උගතුන් විසින් පාලනය කරලා තියෙනවා.පාරාවෝ රජ පෙළපතේ අවසානයත් සමඟම  ක්‍රි.ව 31 පමණ වන විට ඊජිප්තුව රෝම අධිරාජ්‍යයට යටත් වෙලා තිබෙන බව ඉතිහාස පොත් වල සදහන් වෙනවා.


පුරාණ ඊජිප්තුවේ පාලනය සහ වෙළඳාම

ඊජීප්තුවේ අධිපති වූයේ පාරාවෝය.ඔවුන් භූමිය සහ සම්පත් සම්පූර්ණයෙන්ම පාලනය කරලා තියෙනවා.රජු සැමවිටම හමුදා අණදෙන්නා විදිහට කටයුතු කරලා තියෙනවා.මිනින්දෝරුවන්,භාණ්ඩාගාර,ගොඩනැගිලි සාදන ව්‍යාපෘති සදහා නියෝජිතයන් ලෙස අමාත්‍යවරු පත් කල බව සදහන් වෙනවා.ඒ සැමදෙනාම ක්‍රියා කරලා තියෙන්නේ රජුගේ අණට යටත්වය.දේශීය මට්ටමේදී රට කොටස් 42 කට බෙදලා තියෙනවා.ඒවා නොමෙස් නමින් හදුන්වා තිබෙනවා.


පුරාණයේ ඊජිප්තුව බෙදා තිබූ අයුරු
ඒ සැම කොටසකටම පාලකයෙක් ඉදලා තියෙනවා.ඔහුට එම කොටසේ අධිකරණ බලය පිළිබඳ වගකීම පැවරී ඇති බව සදහන්.ආර්ථිකයේ ප්‍රධාන දෙයක් ලෙස පන්සල හදුන්වා තිබෙනවා.ඒවා ආගමික ස්ථාන ලෙස පුද පූජා පවත්වන්න පමනක් නොව රටට එන සම්පත් එකතු කිරීමට සහ ගබඩා කිරීමටද වගකීමක් තිබිලා තියෙනවා.මහජනයාට ධාන්‍ය සහ භාණ්ඩ බෙදාහැරීමට නියෝජිතයන් පත් කරලා තිබූ බවද ඉතිහාසයේ සදහන් වෙනවා.


ඉපැරණි ඊජීප්තුවන් මුල් කාලයේ කාසි වර්ග භාවිතා නොකල බවට සාක්ෂි හම්බවෙලා තියෙනවා.ඒත් ඔවුන්ගේ ගනුදෙනු සඳහා වෙනත් වර්ගයක මුදල් හෙවත් සම්මත ධාන්‍ය  වර්ග හා ඩෙබෙන් ගොඩවල් භාවිතා කරලා තියෙනවා(ඩෙබෙන් යනු බර මනින මිම්මකි).සේවකයන්ට ධාන්‍ය වලින් ගෙවීම් කර ඇති අතර සුළු සේවකයින් මසකට ධාන්‍ය කිලෝග්‍රෑම් 200 පමණ උපයන බව සදහන් වේ.රට තුළ භාණ්ඩ සඳහා නියමිත මිලක් නියම කරලා තිබූ බවටත් සදහන් වෙනවා.තවද වෙළඳාම් කිරීමට පහසු වීමට  භාණ්ඩ වල මිලක් නියම කරලා තියෙනවා.


ඩෙබෙන් 
උදාහරණයක් විදියට කමිසයක මිල තඹ ඩෙබෙන් 5 ක් වෙලා තියෙනවා.එළදෙනෙකුගේ මිල ඩෙබෙන් 140 ක් වෙලා තියෙනවා. පැරණි ඊජිප්තු වෙලද පොලවල් වල නිශ්චිත මිල ලැයිස්තුවට අනුව ධාන්‍ය වෙනත් භාණ්ඩ සමග හුවමාරු කිරීමට හැකියාව තිබිලා තියෙනවා.බු.ව.5 වන සියවස තුළ විදේශ වලින් ඊජීප්තුවට කාසි මුදල් හඳුන්වා දීලා තියෙනවා.මුලදී සත්‍ය මුදල් වලට වඩා ලෝහ කැබලි පිලිගත් නමුත් පසු සියවස් තුළ ජාත්‍යන්තර වෙළඳුන් කාසි මත වැඩි විශ්වාසය ඇති වූ බව සදහන් වෙනවා.



නීති පද්ධතිය


ඊජිප්තු නීති පද්ධතියේ ප්‍රධානියා වෙලා තියෙන්නේ පාරවෝවරුය.ඔවුන් හට  නිතීය සම්පාදනය කිරීමේ, යුක්තිය ඉ‍ටුකිරීම් හා නීතී ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබිලා තියෙනවා.මෙය ඊජිප්තු වැසියන් Maat(මාට්) ලෙස හඳුන්වා තිබෙනවා. 


kenbet 
පැරණි ඊජිප්තුවේ නීතී සංග්‍රහයක් නොපැවතුණු අතර සාමාන්‍ය බුද්ධිය අනුව නීතී කටයුතු සිදු කෙරුණු බවට අධිකරණ වාර්තා පෙන්නුම් කරනවා.ප්‍රශ්න නිරාකරණයේදි බොහොදුරට අවබෝධාත්මක ගිවිසුම්වලට එළඹුනු බවක් පෙනෙන්නට තියෙනවා.ප්‍රාදේශිය අධිකරණවල බලධාරියා වෙලා තියෙන්නේ kenbet නමින් හැඳින්වු පුද්ගලයෙක්.ඔහු සුළු පැමිණිලි සුළු ආරවුල් විභාග කොට විසදලා තිබෙනවා. බරපතල ගැටළු(මිණිමැරුම්, ඉඩම් ගණුදෙනු, මංකොල්ලකෑම්)විසඳලා තියෙන්නේ පාරාවොගේ අනුදැනුම ඇතිව great kenbet විසින්.මෙහි ඇති නීතිය නම් අවසානයේ විත්තිකරුවන් හා පැමිණිලිකරුවන් තමන්ට නිවැරදි තීන්දුව ලැබුණු බවට දිවුරා දිවුරුම් ප්‍රකාශනයක් ඉදිරිපත් කළ යුතුය.සමහර අවස්ථාවලදී පැමිණිලිකරු මෙන්ම විනිශ්චයකරුද එකම පුද්ගලයෙක් වු අතර කරුණු දක්වමින් කුමන්ත්‍රණකරුව හදුනා ගෙන තිබුනු බව ශදහන් වෙනවා.විභාග කෙරූ නඩුව වැදගත් හො නොවැදගත් වුවද අධිකරන ලේකම්වරයා විසින් පැමිණිල්ල,සාක්කිය,තීන්දුව සටහන් කරලා තියෙනවා.


සුළු වැරදිවලට දඬුවම් ලෙස දඩගැසීම, පහරදිම, මුහුණු විකෘති කිරිම හො පිටුවහල් කිරිම ආදිය ලබා දීලා තියෙනවා,බරපතල වැරදි සඳහා ජීවිතක්ෂයට පත් කිරිම,උලතැබීම,ජලයේ ගිල්වීම ආදී දඬුවම් දීලා තියෙනවා.සමහර විට දඬුවම් අපරාධකරුගේ පවුලේ අයටද බලපා තියෙනව බන සදහන් වෙනවා.අලුත් රාජධානිය ආරම්භ කිරිමෙන් අනතුරුව නීතී පද්ධතියෙ ප්‍රධානියා හැටියට Oracle(ඔරුකල්) නමින් තනතුරක් ඇතිකරන කරලා තියෙනවා.මෙහිදි නීතීය ක්‍රියාත්මක කිරීම සඳහා මිනිසුන්ට දෙවියන්ගේ ආශිර්වාදයද ඕනෑ වෙලා තිබෙන බව සදහන් වෙනවා.



පුරාණ ඊජිප්තු ලේඛන
ඊජිප්තු හෝඩිය

ඊජිප්තුවේ චිත්‍ර ලිපි ලේඛන කලාව ක්‍රි.පු. 3200 කාලවකවානුවට වෙලා තිබූ අතරම ඊට සලකුණු 800 ක් පමණ යොදා ගෙන තිබෙන බව දැනට සොයාගෙන තියෙනවා.මේවා පුරාවිද්‍යාත්මක විදියට හදුන්වන්නේ "Hieroglyphs",එහෙමත් නැත්නම් Pyramid Texts විදියටත්,එහෙමත් නැත්නම් දෙවියන්ගේ භාෂාව හෙවත් “language of the gods” ලෙසයි.Hieroglyphs කියන වචනය ග්‍රීක භාෂාවෙන් ආ වචනකි.එහි අදහස නම් "පූජනීය කැටයම්"වේ.


මේ එක් සළකුණකින් වචනයක්, පණිවිඩයක් නිරූපණය කරන්න පුලුවන්.තවද එකම සලකුණකට විවිධ අවස්ථා වල විවිධ අරමුණු වෙනුවෙන් භාවිතා කරලා තියෙනවා.මෙම චිත්‍ර ලිපි බොහෝමයක් තියෙන්නේ සිහිවටන ගල් වල සහ සොහොන් ගෙවල් වලය.ඒවායින් නිරූපණය වෙන්නේ තොරතුරුය.


මෙම සෙල් ලිපි වල යොදා ගෙන තිබුණේ ලේසියෙන් හා ඉක්මනින් ලිවිය හැකි Hieratic(හයරටික්) නම් වු වැල් අකුරුය.මේවා පේලි හෝ තීරු වශයෙන් කියවිය හැකි ලෙස දකුණේ සිට වමට ලියා තිබුණු අතර,Hieratic(හයරටික්) නිතරම ලියා තිබුණේ දකුණේ සිට වමට සමාන්තර පේලී විදිහටයි.අළුතෙන් පැමිණි ලේඛන කලාවක් වු Demotic(ඩෙමොටික්) ක්‍රමය පසුව පිළිගත් ලේඛන ශෛලියක් බවට පත් වෙලා තියෙනවා.රොසෙටා පාෂාණයේ(Rosetta Stone) ග්‍රීක වදනින් තිබෙන්නේ ඒ ලෙසමය.



රොසෙටා පාෂාණය
ක්‍රි.ව. 1 වැනි ශතවර්ශයේදී පමණ සාම්ප්‍රදායික Demotic(ඩෙමොටික්)  අත් අකුරු වෙනුවට නවීකරණය වු ග්‍රීක හෝඩිය වු Coptic(කොප්ටික්) අක්ෂර මාලාව පැතිරී තියෙනවා.ක්‍රි.ව. 4 වන ශතවර්ශය දක්වා විධිමත් චිත්‍ර ලිපි භාවිතා වුවද ඒවා කියවීමේ හැකියාව තිබිලා තියෙන්නේ පුජකවරු අතළොස්සකට විතරයි.සාම්ප්‍රදායික ආගමික ක්‍රම වේදයන් විසුරුවා හරින ලද නිසා,චිත්‍ර ලිපි ලේඛනය පිළිබද දැනුම බොහෝ දුරට අඩු වී ගොස් තියෙනවා.


ගෘහ නිර්මාණ ශිල්පය

එඩ්ෆුහි හෝරස් පන්සල
පුරාණ ඊජිප්තු ගෘහ නිර්මාණ ශිල්පයේ ඉදිකිරීම් අතර පිරමීඩ හා ආගමික ස්ථාන ප්‍රධාන තැනක් ගන්නවා.ආදී ඊජිප්තු ගල් වඩුවෝ මෙම නිර්මාණ සඳහා ඉතා දියණු මෙවලම් හා ආයුධ භාවිතා කරලා තිබෙන බව සදහන් වෙනවා.එකල සමාජයේ ප්‍රභූවරුන්ගේ නිවාස තැනීමට වටිනා අමුද්‍රව්‍ය යොදා ගෙන තිබෙන නමුත් මේවන විට ඒවා සියල්ලක්ම පාහේ විනාශ වී ගොස් තිබෙනවා.කෙසේ වෙතත් Malkata(මල්කාටා) හා Amarna(අමර්නා) යනුවෙන් හැදින්වෙන රජමාළිගා දෙකක නටඹුන් තවමත් වෙලා තියෙනවා.ආගමික ස්ථාන වැනි ඉදිකිරීම් කළුගලින් නිමවා ඇත්තේ ඒවායේ දිගුකාලීන පැවැත්ම උදෙසා යැයි විශ්වාස කරනවා.දැනට හමුවී ඇති ඉපැරණිතම ඉදිකිරීම් වූ ආගමික ගොඩනැගිලි ගල්කණුවලින් සමන්විත ශාලාවලින් වලින් සමන්විත වෙනවා.මීට නිදසුන් Giza(ගිසා) ප්‍රදේශයෙන් හොයාගෙන තියෙනවා.Mastaba(මස්ටාඩා) ප්‍රදේශයෙන් හමුවී ඇති සොහොන් කොතෙන් එකල පැවති සොහොන් කොත් ඉදිකිරීම් කලාව පිළිබඳව මැනවින් විදහා පායි.



පිරමිඩ 

ගිසා හී මහා පිරමීඩය


පිරමීඩ යනු ත්‍රිකෝණාකාර පැති 4 කින් යුතු ඉහළදී ශීර්ෂ එකතුවන පහළදී සමචතුරස්රාකාර පාදමකට සම්බන්ධ වන නිර්මාණයකි.ලෝකයේ ජීවත් වූ විවිධ ජනකොටස් විවිධාකාර පිරමීඩ තැනූ නමුත් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඊජිප්තු වැසියන් නිර්මාණය කළ විශාල  පිරමීඩය.ඉතිහාසඥයන් පවසන පරිදි ක්‍රි.පූ.2630 සිට ක්‍රි.පූ.1530 දක්වා කාලය තුල  ඔවුන් තැනූ පිරමීඩ ප්‍රමාණය 90 කටත් වඩා වැඩි බව සදහන් වෙනවා. මුල් කාලයේදී ගල් කුට්ටි මගින් පිරමීඩ නිර්මාණය කළ ඔවුන් පසු කාලයේදී පස් වලින් තැනූ විශාල ගඩොල් යොදා ගෙන තියෙනවා.


මොවුන් ප්‍රධාන දිශා හතරට අදාල වන ලෙස නයිල් ගංගාවේ බටහිරට වන්නට මෙම පිරමීඩ තනා තිබෙනවා.අදහස නම් ඉර බැස යන පැත්තෙන් තමා මේ පිරමීඩ හදලා තියෙන්නේ.පුරාණ මිසර වැසියෝ විශ්වාස කරල තියෙනවා සෑම දවසකම ඉර බැහැල යනකොට පිරමීඩ වල තැන්පත් කරල තියෙන තමන්ගේ පාලකයාගේ ආත්මයත් සිරුරෙන් ඉවත්වෙලා අහසට ගමන් කරන බවටත්, නැවත උදේ ඉර පායන කොට ආත්මය නැවතත් සිරුරට ඇතුළුවෙලා අළුත් වන බවටත්.(මෙම කොටස උපුටා ගැනීම සත් සමුදුර ලියන දිනේෂ් දීපාල් සහොදරයාගේ බ්ලොගයෙන්)


පිරමීඩ භාවිතය


පොදු මතය අනුව මෙම පිරමීඩ භාවිතා කර ඇත්තේ රජවරුන්ට හා රැජිණියන්ට සොහොන් ගර්භ ලෙස හා වන්දනාමාන පවත්වන ස්ථාන ලෙසය.මෙම රට වල  රජවරුන් හා රැජිණියන් මියගිය පසු එම මෘත ශරීරවල බෙහෙත් ගල්වා(අදටත් අභිරහසක්ව පවතින) එය වටා රෙදි හා සමාන දෙයකින් ඔතා මෙම පිරමීඩ ඇතුලත තැම්පත් කර තිබෙනවා.අපි මමි යනුවෙන් හදුන්වන්නේ එම මෘත ශරීරයි.


පුරාණ ඊජිප්තු වැසියන් මෙසේ පිරමීඩ තනා එම මමි තැන්පත් කර ඇත්තේ ඒ මගින් තමගේ මියගිය පාලකයා හට මරණින් පසු ජීවිතයට පහසුකම් සැපයීම යන විශ්වාසය මතය.එම පිරමීඩ තුල විවිධ භාණ්ඩ රත්‍රන් ආබරන තබා ඇත්තේද එම මිය ගිය පාලකයාගේ මරණින් පසු පාවිච්චිය සදහා වැයි විස්වාස කරනවා.එකල පූජකයෝ විවිධ පූජාවන්  මගින් මිය ගිය පුද්ගලයාගේ ආත්මය ශරීරයෙන් ඉවත් වීම වළක්වා එය සමඟම රඳවා තැබීමට උත්සාහ ගෙන තියෙනවා.



වර්තමාන සොයා ගැනීම් වලට අනුව මෙම පිරමීඩ භාවිතා කර ඇත්තේ රජවරුන්ට හා රැජිණියන්ට සොහොන් ගර්භ ලෙස හා වන්දනාමාන පවත්වන ස්ථාන ලෙස පමනක් නොව බව සදහන් කරන්න පුලුවන්.මෙම සොයාගැනීම ඉතිහාසය වෙනස් කරවන සුලුය.එය දැන ගැනීමට මේ ලිපි පෙල සමග ‍රැදී සිටින්න.



මම හිතනවා ඊජිප්තුව ගැන මෙම ලිපියෙන් ඔයාලට හොද අවබෝධයක් ලබෙන්න අති කියලා.මෙම ලිපිය දිග වැඩි උන නිසා කොටස් කිහිපයකට කඩන්න මම තීරණය කලා.ඊලග ලිපියේ ප්‍රධාන වශයෙන් ගිසා හී මහා පිරමීඩය එහෙමත් නැත්තම් The Great Pyramid in Giza ගැන කතා කිරීමට බලපොරොත්තු වෙනවා.


පලි:මෙම පුරාණ ඊජිප්තුව ගැන වැඩි විස්තර මෙතනින්.

11 ක් අදහස් දක්වන ලදී:

dream boy said...

වැදගත් ලිපියක් .. අනිත් කොටසත් ලියන්න ..

Anonymous said...

එළ එළ! මමත් හරි අාසයි පිරමීඩ වලට! :) මං ලඟත් ඔය පොත් වගයක් එහෙම තිබ්බ! :D

උදාර said...

මහන්සියට තුති. දිගටම මේ වැඩේ කරමු.

Dinesh said...

ඔය පිරමීඩත් එක්ක පිටසක්වල සම්බන්දයක් තියෙනවා කියලා කතාවක් තියෙනවා.. ඒත් ඉතින් ඒක කවුරුවත් ඔප්පු කරලා නෑ..

සංකල්ප said...

මේ සීරීස් එකේ ලිපි ටික නම් මරු !!!
මම් මාරම ආසාවකින් කියවනවා. නියමයි.

‌netnews said...

නියමයි..ගොඩක් ඩෙවල් දැනගත්තා.

Unknown said...

මේ පොස්ට් සෙට් එක නම පට්ට

පුඤ්ඤරතන හිමි said...

(ක්‍රි.ව 3150) මෙතන විතරක් පොඩි ගැටළුවක් තියෙනවා.ක්‍රි.පූ 31 සියවස හෝ 3150 වසර කියල ආවොත් වඩාත් නිවැරැදියි.ගොඩාක් හොදයි.තවත් දේ හොයන්න තවත් දේ ලියන්න.තෙරැවන් සරණයි.

පිස්සා පලාමල්ල said...

පිරමීඩ... ඊජිප්තු ඉතිහාසය එහෙම මම කැමතිම විශයක්... ලඟදි තුතන්කාමන් ගේ සොහොනෙන් සොයා ගත්තු දේවල් ප්‍රදර්ශනයක් තිබුන මෙහේ... ඒත් ෆොටෝ ගන්න දුන්නෙ නෑ...

පිටසක්වල සම්බන්දයක් මම නම් විශ්වාස කරනවා....

ස්ටාර් ගේට් බලල මද මන්ද හික් හික්

Anonymous said...

Fine Dear Go Ahead

Anonymous said...

වටිනා තොරතුරු රැසක්. ස්තූතියි ! දිගටම ලියන්න

Post a Comment