"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."
පලවෙනි ලිපියේ අපි ලෝකයේ අත්භූත සතෙක් වන හිම මිනිසා ගැන කතා කරා.බැලුවේ නැති කෙනක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලලා එන්න.ඊට පස්සේ අපි බර්මියුඩා ත්‍රිකෝණය ගැන කතා කරා.ඒ ලිපිය දිග වැඩි උන නිසා මට ඒක කොටස් දෙකකට කඩන්න උනා.බර්මියුඩා ත්‍රිකෝණය ගැන පලමු ලිපිය බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනට ගිහින් බලලා එන්න.
අද ලිපියේ මේ බර්මියුඩා ත්‍රිකොණය මෙතරම් අසාමාන්‍ය වීමට හේතු,විවිධ මත ගැන කතා කරමු.
අධික චුම්භක බලය
බර්මියුඩා ත්‍රිකෝණය අසල මාලිමාවල හැසිරිම ඉතා අසාමා්‍ය වෙනවා කියලා හොයාගෙන තියෙනවා.සාමාන්්යෙන් මාලිමා කටුව දක්වන්නේ සැබෑ උතුර නොව චුම්බක උතුරය.එහෙත් පුදුමය වන්නේ බර්මියුඩා ත්‍රිකෝණය අසලදී මාලිමාව පෘතුවියේ සැබෑ උතුර පෙන්වන බව කල පරීක්ෂන වලින් හෙලි වෙලා තියෙනවා.පෘතුවියේ සැබෑ උතුර, චුම්බක උතුරින් අංශක20ක් අපවර්තනය වී ඇති අතර මේ දිශා වෙනස මාලිමා මගින් පෙන්වීම සැබවින්ම අපැහැදිලි තත්වයකි.මේ අයුරින් මාලිමා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන බවට හදුනගෙන ඇති ගොඩ පිහිටි එකම ස්ථානය වනුයේ ජපානයේ Devil Sea වේ.
මෙලෙස මාලිමා යන්ත්‍රය වෙනස් වෙන්නේ මෙම ස්ථාන වල ඇති අධික චුම්භක බලය නිසා කියලා සමහරු මත ඉදිරිපත් කරලා තියෙනවා.මාලිමාවේ වෙනස ගැන වැඩි විස්තර මෙතනට ගිහින් බලන්න. 
අධික මීතේන් වායුව(Methane)

බර්මියුඩා ත්‍රිකෝණයේ දී නාවික යාතා අතුරුදහන් වෙන්නේ එම කලාපයේ ඇතිවන ස්වාහාවික උපද්‍රව නිසා කියලා එක්තරා ඇමරිකානු ආයතනයක් හේතු ඉදිරිපත් කරලා තියෙනවා.පෘතුවිය නිර්මාණය වීමේ දී ඇති වු සිදු වීම් කිහිපයක් නිසා මෙම කලාපයේ මීතේන් අධික ලෙස විදාරණය වනවා කියලා තමයි ඒ ආයතනය කියන්නේ.මෙලෙස මීතේන් විදාරණය වීම නිසා ජලයේ ඝනත්වය වෙනස් වෙනවාලු.ජලයේ ඝනත්වය වෙනස් වීම නිසා නාවික යාත්‍රවක් ජලය මත පාවී යාමට හැකි වන සැහැල්ලු බව නැති වෙලා යනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ.එවිට සමස්ත යාතාවම ගිලෙනවා.සුන්බුන් හම්බවෙන්නේ නැත්තේ නැව කැඩී බිදී යන්නේ නැති නිසා කියලා තමයි ඒ කට්ටිය කියන්නේ.

ඕස්ටේලියාවේ මොනෑෂ් විශ්වවිද්්යාලය කෘතිමව ඒ වගේ පරිසරයක් නිර්මාණය කරලා නැවක ආකෘතියක් අතුරුදන් කිරීමට සමත් වෙලා තියෙනවා.මේ අනුව ඉහත සදහන් කරපු ඇමරිකානු ආයතනය පළ කළ පැහැදිලි කිරීම නිවැරදියි කියලා තමයි මොනෑෂ් විශ්වවිද්යලි සදහන් කරන්නේ.ඒවගේම වායුගෝලයට එකතු වන අධික මීතේන් සාන්ද්‍රණය නිසා පිස්ටන් මගින් කියා කරන යන්ත්‍රවල කියාකාරිත්වය සම්පුර්ණයෙන්ම නතර කිරීමට හැකියාව තියෙනවා කියලා දැනට හොයාගෙන තියෙනවා.මෙම මීතේන් ප්රවාහයට අසු වන ගුවන් යානා ක්‍රමයෙන් පාවී පහළට වැටෙනවාලු.එවායේ එන්ජිම කියා විරහිත වී පහළට ඇදෙන නිසා සුන්බුන් හොයාගන්න බැරි වෙනවාලු.

සුප්‍රකට භූ විද්‍යාඥයෙකු ලෙස සැලකෙන ආචාර්ය රිචඩ් මැක් අයිවර් කියන විදියට මේ කලාපය තුළ මුහුදු පතුලේ විශාල ගිනිකදු පිපිරීම් මෙන්ම භූමිකම්පා වැඩිවශයෙන් සිද්ද වෙනවලු.නිරතුරුව සිදු වන මෙම ගිනිකදු පිපිරීම් හේතුවෙන් මෙම ත්‍රිකෝණාකාර ප්‍රදේශය තුල මීතෙන් වායුව බහුල ලෙස පවතින බව එම භූ විද්ඥාඥයා කියනවා.කලින් කලට ඒ වායුව ඉතා විශාල වායු බුබුළු ලෙස සාගර පත්ලෙන් උඩට එනවා කියලත්, ගමන් කරන නාවික යාත්‍රවල සිටින්නන්ට මෙම විෂ වායුව ආඝ්‍රහණය වීමෙන් සිහිසුන් වනවා කියලත්, එයට අමතරව කලාපය හරහා ගමන් කරන යාත්‍රා වලින් උත්පාදනය වන තාපය නිසා මීතේන් වායුව ගිනි ගෙන යාත්‍රාවේ කිසිම කොටසක් හෝ ඉතිරි නොකර දැවී යන බවත් ආචාර්ය රිචඩ් මැක් අයිවර් අනාවරණය කරලා තියෙනවා.ඒ වගේම එම කලාපයේ ඇති වන ගිනි පුළිගු අහස උසට පැන නගින බවත් එමගින් ඉහළ අහසේ ගමන් කරන ගුවන් යානා අකුණු සැරයක් ලෙසින් රත්වූ මීතේන් වායු ධාරා විසින් දවා විනාශ කරන බවත් එම භූ විද්ඥාඥයා විසින් කියලා තියෙනවා.
නිවැරදි ජ්්යාමිතික හැඩය
මෙම කලාපයේ අත්භූත සිද්දීන් වෙන්නේ මෙම සාගර කලාපයේ නිවැරදි ජ්්යාමිතික හැඩය නිසා කියලා තවත් මත ඉදිරිපත් වෙලා තියෙනවා.එසේ කීමට හේතුව වන්නේ මේ සිදුවීම් වලට බලපාන ප්‍රදේශය වටා නිවැරදි අයුරින් පාද තුනකින් සීමා කරලා පෙන්නන්න පුලුවන් වීමයි.මේ හැඩයේ සුවිෂේශී බව නිසා තමයි මේ කලාපයට බර්මියුඩා ත්‍රිකෝණය කියලා කියන්නේ.
පිටසක්වල ජීවීන්ගේ බලපෑම්
බර්මියුඩා තිකෝණයට අයත් ප්‍රදේශයේ පිටසක්වළ ජීවින් පර්යේෂණ සදභා භාවිත කරන බව කවුරුත් දන්නා ප්‍රසිද්ද මතයකි.එම ප්‍රදේශයට ඇතුඵ වන නාවික යාත්‍රා හා ගුවන් යානා පිටසක්වළ ජීවින් විසින් අල්ලා
ගන්නවා කියලා තවත් පිරිසක් කියනවා.
තවත් සමහරු කියන්නේ මෙම බර්මියුඩා ත්‍රිකෝණයේ අපේ ලෝකයට සමාන්තරව පවතින වෙනත් ලෝකයක හෝ කාල මානයක් හා සම්බන්ද වන දොරටුවක් තියෙනවා කියලා.තවත් මෙවැනි ස්ථානයක් ලෙස ඇමරිකාවේ Area 51 හදුන්වන්න පුලුවන්
මෙහි තියෙන ප්‍රධාන තර්කය වෙන්නේ රේඩාර් තරංග පද්ධතිය ඵක් වරම ඇනහිටින්නේ ඇයි කියලා.ගුරුත්වාකර්ෂණය නිසා නම් එම දෝෂය ක්‍රමයෙන් වර්ධනය වෙන්න ඕනෑ කියලා එම මතය ඉදිරිපත් කරන අය කියනවා.ඒත් අතුරැදන් වු බොහෝ යානායල රේඩාර් පද්ධතිය අකිය වි ඇත්තේ ක්ෂනිකවමය.ඒ වගේම අනතුරකට හසු වෙලා කියලා පාලක මැදිරියට දැන්විමට ඒ කිසිදු යානයකට ඉඩක් ලැබිලා නැහැ.මෙම මතය ප්‍රබල කරන්න මේ හේතු සමත් වෙලා තියෙනවා
බර්මියුඩා ත්‍රිකෝණය ගැන දිනමිණ සිතිජය අතිරේකයේ ලිපිය මෙතනින්.
මම හිතනවා ඔයාලා මේ ලිපියෙන් බර්මියුඩා ත්‍රිකෝණය ගැන පැහැදිලි උනා කියලා.අපැහැදිලි තැනක් තියෙනවනම් කොමෙන්ටුවක් විදියට දාන්න.අපි ඊලග ලිපියෙන් දියකිදුරියන් ගැන කතා කරමු.
පලි :පසුගිය ලිපි වලට ප්‍රතිචාර දක්වන්න බැරි උන එකට ඔයාලගෙන් මම සමාව ඉල්ලනවා.
9 ක් අදහස් දක්වන ලදී:
අර.. කලිනුත් කිව්ව මතකයි ඔය ඩිස්කවරි එකේ දක්වපු අදහසකට අනුව, දැනට පවතින ස්ථානය හඳුනාගන්න උපක්‍රම අතුරුදන් උනා කියන එ්වයෙ තිබ්බනං එ් කියන අතුරුදන් වීම් වෙන්නෙ නෑ කියලත්! :)
වැදගත් ලිපියක්! ස්තූතියි! :)
නියම වැඩක් දිගටම කරගෙන යන්න. සුබපැතුම්! ඔයාගේ ලේඛණ ශෛලිය රසවත් - ධාරණ කෝරළේ ආරච්චි
මට මේ ලිපිය කියවද්දි මතක් උනේ ඔය ඒරියා 51 ගැනත් තියෙන්නේ අභිරහසක්නේ.. පුළුවන්නම් ඒ ගැනත් ලියන්න... දැන් පූසා මට බනියි දන්නේ නෑ.. මු කලිනුත් එකක් ලියන්න කිවුව අදත් එකක් කියනවා කියලා...
අපොයි මම බොහොම ආසාවෙන් කියවනවා මේ ලිපි මාලාව ..
නියම ලිපි සෙට් එකක් !!!
මම් මාරම ලයික් මේ සෙට් එකට.
godak rasawath .... jaya wewa...
good post!
මාර දෙයක් නෙද..ඔයගෙ වැදගත් ලිපිය නිසා මට තවත් දේ හොයන්න හිතෙනවා..බොහොම ස්තුතියි
පට්ට ලිපි සෙට් එකක් මට අදනේ සෙට් උනේ කියවන්න නියම වැඩක් දිගටම කරගෙන යන්න. සුබපැතුම්!
Post a Comment