"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."
විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන්,පුරාණ ඊජිප්තුව,ගීසාහි මහා පිරමීඩය ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.
යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
දිය කිදුරියන්
පුරාණ ඊජිප්තුව
ගීසාහි මහා පිරමීඩය 1 කොටස
පසුගිය ලිපියේ අපි ගිසා හී මහා පිරමීඩය එහෙමත් නැත්තම් The Great Pyramid in Giza ගැන කතා කරා.අද අපි මෙම පිරමීඩයේ සොයා ගත් නවතම කරුණු,ඉදිරි පත් වී ඇති මත ගැන කතා කරමු.
මෙම පිරමීඩ තනා ඇත්තේ වසර 4700කට පෙර වුවත් අපිට අද තාක්ෂනයෙන් මේවාට පිලිතුරු සොයා ගන්නට ඉතා අසීරු බව ඔබට කියන්නට ඕනා.
ජ්‍යාමිතික සම්බන්ධය



මේ අනුව අපිට පැහැදිලි වන්නේ පිරමීඩ සෑදූවන් මෙම ගනිත මිනුම් ගැන දැන සිටියා යන්නයි.තවද මෙම ගීසාහී මහා පිරමීඩය පිහිටලා තියෙන ස්ථානයෙන් මුලු ඊජිතුවම සමාන කොටස් 2කට බෙදෙනවා.
මහා පිරමීඩයේ උස වෙන්නේ අඩි 481කි.ඒ වගේම පෘතුවියේ සිට සූර්්‍යාට ඇතිදුර ආසන්න වශයෙන් බිලියන 480 පමන වෙනවා.මෙයින් සැකයක් ඇතිවෙනවා මෙම පිරමීඩ සෑදූවන් තාරකා විද්්‍යාව ගැන කොතරම් දුරට දෙන සිටියාද යන්න.
තවත් විශේෂ කරුනක් වෙන්නේ මෙම ගීසාහී මහා පිරමීඩයත් මන්කවුරි නම් ඊට එහා ඉන් ඇති පිරමීඩයත් අතර මධ්‍ය ලක්ෂයේ හිරු බැස යාමයි.වෙනත් විදියකට කිව්වොත් මෙම පිරමීඩ දෙක ස්ථාන ගත කරලා තියෙන්නේ හිරු බැස යන ක්ෂිතිජය දෙපැත්තට වන්නටය.

අතලොස්සක් පමන දෙනා මෙම සිදුවීම් අත්වැරදීම් වලින් සිදු වූ දෙයක් ලෙස සලකනවා.නමුත් බොහොමයක් දෙනා පවසන්නේ මෙය අතීතයේ පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා ඇති බවයි.මෙයට හොදම උදාහරණය නම් ඊජිප්තුවේ Abydos දේවස්ථානයේ පිහිටා ඇති මෙම රූප පෙලයි

හෙලිකොප්ටරයක්, සබ්මැරීනයක්,
යුධ ටැංකියක් ඇති බව ඔබට මෙම රූපයේ පෙනෙනවා ඇති.වසර 4700කට පෙර මෙම නවීන යුධ උපකරණ ගැන මිසර වැසියෝ දැන සිටියේ කෙසේද යන්න කාටත් පිලිතුරු දීගත නොහැකි ප්රශ්නයකි.
ඊජිප්තුවේ කයිරෝ කෞතුකාගරයේ තිබෙන මෙම සුප්‍රසිද්ධ "Tri-Lobed Disc" නැමැති තැටිය කාගේත් කතා බහට ලක් විය.මෙය කිසියම් යන්ත්‍රයක කොටසක් යැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.මෙම තැටිය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න.මෙම තැටිය එක් පිරමීඩයෙක ඇතුලත තිබී සොයාගෙන තිබෙනවා.
තවද Colonel Vyse නැමැති පුද්ගලයා 1836දී මෙම ගීසා පිරමීඩයේ රජුගේ කුටියේ දකුනු පසින් වාතය ගෙන එන කව්ලුවේ අගල් 12ක් දිග,අගල් 4 පලල තුනී තහඩු කැබැල්ලක් සොයා ගන්න ලදී.මෙය පසුව එක්කල කැබැල්ලක් නොව මෙම පිරමීඩය ගොඩ නැගීමේදී තිබූ දෙයක් බව විද්යඥාඥයින් පවසා සිටියා.මෙය පිලිබද පරීක්ශන කල Sir Flinders Petrie(1881) කියා සිටියේ මෙය උසස් තත්වයෙන් යුතු යකඩයක් බවයි.මෙය පිලිබද විස්තර මෙතනින්.
ඉහත දක්වා ඇති රූපද මෙම පුරාන මිසර වැසියන් විසින් ඇද තිබෙන බිතු සිතුවම්.මෙය තුල අමුතු ජීවීන් ඉන්නා බව ඔබට අමුතුවෙන් කිවයුතු නෑ.
මෙම පිරමීඩ හා බැදුනු රහස් කොතෙකුත් ඇතත් ඒවාට අද නවීන තාක්ශණයෙන් දැනුමෙන් පිලිතුරුදීමට නොහැකිවී තිබෙනවා.මේ ලිපිය අවසන් කරීමට පෙර ඔයාලාට මම මෙන්න මේක දෙන්න හිතුවා.
මේකෙ මේ අවුරුදේ ආපු එකක්.ඔයාලාට මේ පිරමීඩය හැදුවේ කොහොමද,ඒ ඇයි,මොකටද කියන ගොඩාක් ප්‍රශ්න වලට මේකෙන් උත්තර හොයා ගන්න පුලුවන්.ගොඩක් හොද Documentary එකක්.700MB විතර වෙන්නේ.කොටස් වලට ඩිරෙක්ට් තමා බාන්න වෙන්නේ පස්සේ ඒවා එකතු කර ගන්න.ඕනා කට්ටිය ඉන්නවනම්
සත් සමුදුර ලියන දිනේෂ් දීපාල් සහෝදරයා මේ ගැන හා මමි ගැන ලිපි පෙලක් ලියලා තියෙනවා.මෙන්න ඒ ලිපි.වටින ලිපි පෙලක්.
එම ලිපි වලින් ඔයාලට හොද දැනුමක් ලැබෙයි කියලා මම හිතනවා.මම හිතනවා ඔයාලා යමක් මෙයින් දැන ගත්තා කියලා.අපැහැදිලි දෙයක් තිබේ නම් ඒක කොමෙන්ටුවකින් දාන්න.අපි ඊලග ලිපියේ පිටසක්වල ජීවීන් හා පිටසක්වල යානා ගැන කතා කරමු.
10 ක් අදහස් දක්වන ලදී:
පිරමීඩ ගැන කොච්චර පර්යේශණ කලත් ඒවා තවම අභිරහස්.පිට සක්වල ජීවීන් ගැනත් ලියමුකෝ.ඒක මගේ ප්‍රියතම ටොපික් එක..
ඊළග පාර තමයි මගේ ආසම ටොපික් එක තියෙන්නේ..
පිරමීඩ තාක්ෂන ගැන මේ ලිපියෙන් ගොඩක් දේවල් දැනගත්තා
ඔය මහා පිරමිඩ තුන හදල තියෙන්නෙ මචං ඔරායන්ගෙ බඳපටියෙ තරු තුනට කෙලිංලු!
ස්තුතියි මේ විස්තර වලට...අදයි දැක්කේ මේ බ්ලොග් එක..හරිම වැදගත් මාතෘකා නේ මේකේ තියෙන්නේ...
ඔය ගීසා පිරමිඩයේ ජ්‍යාමිතික දුර ගණනය කිරීමක් කරලා නේද doom's day අනුමාන කරලා තියෙන්නේ? යූ ටියුබ් එකේ තිබුනා එහෙම වාර්තාවක්..
මේ දේවල් ගැන කොච්චර කතා කලත් ආයෙම ඇවිත් නතර වෙන්නේ පටන් ගත්ත තැනටමයි.. මේවට පිළිතුරක් දෙන්න ඉතින් ඔවුන්ම ආයෙම මරණයෙන් නැගිටලා එන්න ඕන..
පිරමීඩ ගැන කොච්චර කතා කරත් ඉවරකරන්න බැරි මාතෘකාවක්.
මේ ගැන කෙරිච්ච වාර්තා චිත්‍රපටයක් ගැන දැනුවත් කරපු එක හුඟක් වටිනවා.
සරල වගේම හොදට කරුණු ඇතුල් කරල සාමාන්‍යයෙන් පිරමීඩ ගැන තියෙන ලිපි වලට වඩා වෙනස් ආකාරයේ කරුණු තිබෙන ලිපියක්. ඒවගේම මා ලියූ පිරමීඩ ගැන ලිපි වලට සබැදියන් ලබාදීම ගැනත් තුති පුදනවා. ඔබට සුභ පැතුම්...
පිරමීඩ පිළිබඳ සොයන අයට ඉතා ප්‍රයොජනවත් ලිපි පෙලක්.බොහොම ස්තුතියි.
Post a Comment