"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."
විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන්,පුරාණ ඊජිප්තුව,ගීසාහි මහා පිරමීඩය ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.
යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
දිය කිදුරියන්
පුරාණ ඊජිප්තුව
ගීසාහි මහා පිරමීඩය 1 කොටස
ගීසාහි මහා පිරමීඩය 2 කොටස
අපි අද කතා කරන්න යන්නේ ඔයාලා කවුරුත් කැමතිම මාතෘකාවක් වන පිටසක්වල ජීවීන් හා පිටසක්වල යානා ගැනයි.
මොනවද මේ පිටසක්වල,පිටසක්වල ජීවීන්,පිටසක්වල යානා...අපි කවුරුත් අහන්න උනන්දු වෙන කවුරුත් කතා කරන්න කැමති කුතුහලය දන්වන මාතෘකාවක්.ඔයාලා වගේම මාත් කැමතිම මාතෘකාවක්.මේ පිටසක්වල ගැන අපිට අදහස ආවේ අද ඊයේ නෙවේ.ඉතා ඈත අතීතයේ ඉදලා පැවත එන්නක්.මෙසේ වෙනත් ලෝකවලින් පෘතුවියට ජීවීන් ආපු කතාන්දර පුරානයේ තිබෙන බව අප කවුරුත් දන්නා කරුනකි.මෙම පිටසක්වල ජීවීන් මෙලොවට පැමින මිනිසුන්ගේ වෙස් වලා ගෙන සිටීමක් ගැනද කතාන්දර වල පවතී.කෙසේ නමුත් මේ පිටසක්වල එහෙමත් නැත්තම් පිටසක්වල ජීවීන්,යානා පිලිබද විශාල ලෙස පරීක්ෂණ කල මුත් තොරතුරු වල ඇති අපැහැදිලි තාව නිසා තවමත් මෙය අභිරහසකි.
මේ පිටසක්වල ජීවීන් කියන්නේ කවුද..??
ජීවය පවතින්නේ පෘතුවියේ පමනක් නම් මෙසේ පිටසක්වල ජීවීන් මනකල්පිතයක් ලෙස හැදින්විය හැක.නමුත් එය එසේ නොවේ නම් නිමක් නොවන විශ්වයේ කුමන හෝ තැනක ඉන්නා ජීවීන් අපිට පිටසක්වල ජීවීන් ලෙස හදුන්වන්න පුලුවන්.නමුත් මෙය මනකල්පිතයක් ලෙස හැදින්වීමට නොහැකි වන්නේ මෙම ජීවීන් පිලිබද සාක්ෂි තවමත් ඉතිරිව තිබෙන නිසාවෙනි.මිනිසා කවර කලකදී ඇතිවූවක්ද යන්නට පිලිතුරක් සොයා යාමේදී ඊට කලින් මෙලොව ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බවට සාධක හමුවීමෙන් එම ප්‍රශ්නයට පිලිතුරු සැපයීම ඉතාමත් අපහසු වී තිබෙනවා.
හමුවී ඇති පුරාණ සාධක..
ලෝකයේ තිබූ ඉපැරණි ශිෂ්ටාචාර ගතහොත් ඒ කාලයේ තිබිය හැකියැයි පවා විශ්වාස කල නොහැකි සාධක හමූ වීඇත.මේවා අදටත් විශාල අභිරහසක් වී තිබේ.
දැනට හදුනාගෙන ඇති පෘතුවියේ තිබූ ශිෂ්ටාචාර කිහිපයක්
1)මිසර ශිෂ්ටාචාරය
2)අත්ලාන්තික් ශිෂ්ටාචාරය
3)මොහොන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරය
4)ජෙරිකෝ ශිෂ්ටාචාරය
5)හෙලදිව ශිෂ්ටාචාරය
6)මායා නවාජෝ ශිෂ්ටාචාරය
7)ඉන්කා ශිෂ්ටාචාරය
8)නස්කා ශිෂ්ටාචාරය
9)මායාන් ශිෂ්ටාචාරය
10)ඇස්ටෙක් ශිෂ්ටාචාරය
11)ග්‍රීක ශිෂ්ටාචාරය
12)රෝම ශිෂ්ටාචාරය
13)ලංකාවේ අනුරාධපුර පොලොන්නරුවේ පැවති ශිෂ්ටාචාර
මේවාට වඩා පැරණි ශිෂ්ටාචාර තිබූ බවට පුරාවිද්්‍යා කැනීම් වලදී සොයාගෙන ඇති බවට දැනගන්නට ලැබේ.මෙම පැරණි ශිෂ්ටාචාර වලින් හමුවූ නොයෙකුත් නිර්මාණ,බිතු සිතුවම් වලින් අතීතයේ එම ශිෂ්ටාචාර වල දියුනුව කියා පායි.තවද එම කාලයේ තිබුනා දැයි සිතීමට නොහැකි පුදුම දෑද හමු වී ඇත.බිතුසිතුවම් වල අභිරහස් යානා වල හා ජීවීන්ගේ ඇති රූප වලින් ඇතිවන සැකය වන්නේ අතීතයේ අප පිටසක්වල ජීවීන් සමග කිසියම් සම්බන්ධතාවයක් පැවතුනාද යන්නයි.
මුලින්ම අපි පුරාණ කොලොම්බියාවෙන් සොයාගන්නා ලද රනින් නිම වූ අහස් යානාවක් යැයි සැලකෙන ආකෘතිය ගමු.මේ පින්තූර වලින් ඔබට පෙනෙන්නේ එම සොයා ගත් ආකෘතියන්ය.

හොදින් බැලූවිට එය වර්තමාන ජෙට් යානාවකට සමාන අංග එහි ඇති බව පෙනේ.මෙය ක්‍රිස්තු වර්ශ 800දී සෑදූවක් බව පිලි ගැනේ.එම කාලයේ මෙසේ ජෙට් යානාවකට සමාන ආකෘතියක් සෑදීමට මිනිසුන් පෙලබුනේ කෙසේද යන්න තවමත් සොයාගත් නොහැකී වී තිබෙන කරණකි.
මෙය සුප්‍රසිද්ධ මායා ශිෂ්ටාචාරයට අයත් ගල් කැටයමක්.1952 වර්ශයේ සොයාගත් මෙම ගල් කැටයම "K'inich Janaab' Pakal" නමින් හැදින්වේ.මෙයින් නිරූපණය වෙන්නේ අභ්‍යවකාශ යානාවක් හා එය පදවන ගගනගාමියෙක් ලෙසයි සැලකෙන්නේ.නූතන අභයකාශ යානයක කොටස් මෙහි නිරූපනය වෙනවා.පහත රූපය බලන්න..
මෙහි ඉන්නා මිනිසාගේ නාසයට අසලින් හුස්මගැනීමට ඔක්සිජන් ලබා ගන්නා ආකාරයත්,ඔහුගේ පාදයෙන් පැඩලයක් වැනි යමක් පාගන බවත්,ඔහුට පිටු පසින් එම යානාවේ එන්ජිමත්,යානයෙන් පිටවන දුමත්,ඔහුගේ අතින් යම් යම් උපකරණ පාලනය කරන බවත් මෙහි දක්වා ඇති බව ඔබට පෙනෙනවා.(රවුම් සලකුනු කර ඇති තැන් බලන්න)පහතින් දක්වා ඇත්තේ එම ගල්කැටයමේ සැබෑ රූපයයි.
තවද ගගනගාමීන්ගේ අනුරූද අතීතයේ නිමවා ඇත.මෙසේ නූතන ගගනගාමීන් පලදින ඇදුමට හා හිස්වැස්මට සමාන ලෙස නිරූපණය කිරීමට පෙලබුනේ කෙසේද යන්න තවත් අභිරහසකි.පහත රූප වලින් එසේ සොයා ගත් ගගනගාමීන්ගේ අනුරූ ඔබට දැකිය හැක.

මෙය ග්වාතමාලවෙන් සොයා ගන්න ලද අභ්‍යවකාශ ගගනගාමියෙකුගේ අනුරුවකි.ඔලුව වටා ගගනගාමීන් භාවිතා කරන හිස්වැසුමකුත් හුස්ම ගැනීම සදහා නාසයට සමීපව යම් උපකරනයකුත් මෙහි දක්නට ඇත.මෙය ගල් කැටයමක් වන අතර මෙය නිර්මාණය කිරීමට හේතුව තවමත් නොවිසදී ඇති අභිරහසකි.
Antikythera machine නමින් හදුන්වන මෙම වසර 2000ක් පමන පැරණි පරිඝනකයක් ලෙස හදුන්වනවා.මෙය තාරකාවිද්‍යත්මක ස්ථාන සොයාගැනීම සදහා නිපදවූ දෙයක් ලෙස පිලිගනී.මෙය ක්‍රියා කර තිබෙන්නේ නූතන ඔරලෝසුවක් මෙනි.මෙම තාක්ශණය කවරෙකුගෙන් ලැබුනාදැයි කිසිවෙකුටත් පිලිතුරු දීමට නොහැකි ප්‍රශ්නයකි.

මෙය The Istambul Rocket ලෙස හදුන්වයි.මෙය හමූවී තිබෙන්නේ තුර්කියේ ඇති පුරාවිද්්‍යා කෞතුකාගරයෙනි.මෙහි ඇති ආකෘතියට සමාන අයුරින් පහල චිත්‍රයකින් ඔබට දක්වා ඇත.ඒන් ඔබට මෙය වර්තමාන රොකට්‍ටුවක් යන සිතුවිල්ල ඇතිවනවා නිසැකය.නූතන රොකටයට සමාන මෙය හිතට ආ අදහසකින් නිර්මානය කල දෙයක් නොව බව විශ්වාසයෙන් කිවයුතුය.
මෙය ඔස්ට්‍රේලියාවේ ගුහාවක තිබී හමූ වූ සිතුවමකි.මෙම සිතුවමේ ඉන්නේ අමුතුම ආකාරයේ ජීවීන් වැයි ඔබට පෙනේ.මොවුන්ගේ ඇස් හා නාසයන් අමුතුම ආකාරයෙන් පිහිටා ඇත.
තවද හොදින් බැලූ විට මෙම ජීවීන්ගේ ඔලුව වටා යම් ආවරනයක් ඇති බව පෙනේ.මේවා අදින ලද පුද්ගලයන් සිතා මතා මෙය ඇන්දාද එසේත් නැත්තම හැබැහින් දුටුදේ සිතුවමට නැගුවාද යන්න පිලිතුරක් නැති ප්‍රශ්නයකි.
ඉතාලියේ Val Camonica නම් නගරයේ ගලක තිබී සොයා ගන්නා ලද මෙම සිතුවමේද ඔලුව වටා හිස්වැස්මක් පැලදගෙන සිටින ජීවීන් දෙදෙනෙක් සිටී.මොවුන් කවුද..??මෙසේ සිතුවමට නැගුවේ ඇයි..??යන ප්‍රශ්න වලට පිලිතුරු සෙවීමට නොහැකිව ඇත.
14 වන ශතවර්ශයේ අදින ලද ක්‍රිස්තූන් වහන්සේ කුරුසයේ සිටිනා දැක්වෙන බිතු සිතුවමේ අහසින් යානාවක නැග ගමන් කරන මිනිසෙකු සිතුවමට නගා ඇත.රූපයට යටින් දක්වා ඇත්තේ එම රූපයේ දකුනු පසින් හා වම් පසින් දැක්වෙන යානා දෙකයි.මේ කාලයේ අහස්යානා ගැන අදහස මොවුන්ට ඇති වූයේ කෙසේද..??
මෙම රූපයෙන් දැක්වෙන්නේ නස්කා කාන්තාරයේ ඇති රූපයකි.මෙහි ඇති රූපයේ සිටින්නේ අමුතුම ආඅකාරයේ ජීවියෙකි.ඉදිරියේදී මෙම නස්කා ලයින්ස් ගැන මම ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටිනවා.නමුත් මම දක්වා ඇති රූපය මෙන්ම විවිධ රූප විශාල ප්‍රමානයක් මෙම නස්කා ප්‍රදේශයේ සලකුනු කර තිබෙනවා.මෙම සලකුනු දැකිය හැකි වන්නේ ඉහල අහසේ ගමන් ගන්නා විටයි.එකල මේවා ඇන්දේ කවුරුන් සදහාද..?
ඇල්ජීරියාවෙන් ගල්ගුහාවක මීටර 6ක් පමණ උස ජීවියෙක් සිතුවමට නගා තිබී හමුවිය.මෙහි සිටින ජීවියාගේ හිස විශාල වන අතර එය කිසියම් සැරසිල්ලකින් සිතුවම් කර ඇත.තවද ශරීරයද විශාල වේ.බෙල්ල අසල කිසියම් රැලි වැටුනු ස්භාවයක් ඇත.මෙයින් ගගනගාමියෙකු නිරූපණය වන බව පැවසෙයි.
නේපාලයෙන් හමු වූ මෙම පීරිසි තැටියේ පුරාන නේපාල වැසියන් මෙම අභිරහස් පිටසක්වල ජීවීන් සිතුවමට නගා ඇති බව පෙනේ.පීරිසියක සිතුවමට නැගුවේ මොවුන් පියාබන පීරිසි වල නැගී මෙලොවට පැමින සිටි නිසාද..??එසේත් නැත්තම් එම ජීවීන් දැක තිබෙන නිසාද..එසේත් නැත්තම් හිතට ආ සිතුවිල්ලක් නිසාද..??මෙය අවුරුදු 29000ක් පමන වන Tanzania වේ ගුහාවකින් හමු වූ සිතුවමකි.මෙහි කිසියම් පැතලි යානාවක් මෙන් වස්තුවක් සිතුවමට නගා ඇත.(කොටු කර ඇති තැන් බලන්න)
තවද මෙසේ සිතුවම් රාශියක් ඇත.මේවා ගැන කෙටි විස්තරයක් මම රූපය යටින් දක්වන්නම්.
ඉහත ඇති රූපයේ රූපයේ කොටු කල පෙදෙස පහත රූපය ලෙස විශාල කර බැලූවිට පියාබන පීරීසි මෙන් වස්තූන් දැකිය හැක.
ඉහත පින්තූර පිලිබද වැඩි විස්තර මෙතනින්.
ඉහත සිතුවම් වලින් අපිට කිසියම් දෙයක් තේරුම් ගත හැකිය.ඒ ආදී මිනිසා මෙම පිටසක්වල ජීවීන් හා යානා පිලිබද දැන ගෙන සිටි බවයි.මෙම සිතුවම් හිතට ආ සිතුවිල්ලකින් අදින ලද ඒවා යැයි කිව නොහැක.අතීතයේ පිටසක්වල සමග සම්බන්ධයක් තිබුනාද..??යන ප්‍රශ්නය ඔබට දැන් ඇති වන්නට ඇති.මෙය අපිට මනකල්පිතයක් ලෙස බැහැර කිරීමට නොහැක.
මේ ලිපිය තවත් දීර්ඝ උවහොත් ඔබට නීරස වන නිසා කොටස් කිහිපයකට දෙන්න බලාපොරොත්තු වෙනවා.මීලග ලිපියේ අපි තවත් මෙම පිටසක්වල ජීවීන් ගැන කතා කරමු.
අපි අද කතා කරන්න යන්නේ ඔයාලා කවුරුත් කැමතිම මාතෘකාවක් වන පිටසක්වල ජීවීන් හා පිටසක්වල යානා ගැනයි.
මොනවද මේ පිටසක්වල,පිටසක්වල ජීවීන්,පිටසක්වල යානා...අපි කවුරුත් අහන්න උනන්දු වෙන කවුරුත් කතා කරන්න කැමති කුතුහලය දන්වන මාතෘකාවක්.ඔයාලා වගේම මාත් කැමතිම මාතෘකාවක්.මේ පිටසක්වල ගැන අපිට අදහස ආවේ අද ඊයේ නෙවේ.ඉතා ඈත අතීතයේ ඉදලා පැවත එන්නක්.මෙසේ වෙනත් ලෝකවලින් පෘතුවියට ජීවීන් ආපු කතාන්දර පුරානයේ තිබෙන බව අප කවුරුත් දන්නා කරුනකි.මෙම පිටසක්වල ජීවීන් මෙලොවට පැමින මිනිසුන්ගේ වෙස් වලා ගෙන සිටීමක් ගැනද කතාන්දර වල පවතී.කෙසේ නමුත් මේ පිටසක්වල එහෙමත් නැත්තම් පිටසක්වල ජීවීන්,යානා පිලිබද විශාල ලෙස පරීක්ෂණ කල මුත් තොරතුරු වල ඇති අපැහැදිලි තාව නිසා තවමත් මෙය අභිරහසකි.
මේ පිටසක්වල ජීවීන් කියන්නේ කවුද..??

හමුවී ඇති පුරාණ සාධක..
ලෝකයේ තිබූ ඉපැරණි ශිෂ්ටාචාර ගතහොත් ඒ කාලයේ තිබිය හැකියැයි පවා විශ්වාස කල නොහැකි සාධක හමූ වීඇත.මේවා අදටත් විශාල අභිරහසක් වී තිබේ.
දැනට හදුනාගෙන ඇති පෘතුවියේ තිබූ ශිෂ්ටාචාර කිහිපයක්
1)මිසර ශිෂ්ටාචාරය
2)අත්ලාන්තික් ශිෂ්ටාචාරය
3)මොහොන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරය
4)ජෙරිකෝ ශිෂ්ටාචාරය
5)හෙලදිව ශිෂ්ටාචාරය
6)මායා නවාජෝ ශිෂ්ටාචාරය
7)ඉන්කා ශිෂ්ටාචාරය
8)නස්කා ශිෂ්ටාචාරය
9)මායාන් ශිෂ්ටාචාරය
10)ඇස්ටෙක් ශිෂ්ටාචාරය
11)ග්‍රීක ශිෂ්ටාචාරය
12)රෝම ශිෂ්ටාචාරය
13)ලංකාවේ අනුරාධපුර පොලොන්නරුවේ පැවති ශිෂ්ටාචාර
මේවාට වඩා පැරණි ශිෂ්ටාචාර තිබූ බවට පුරාවිද්්‍යා කැනීම් වලදී සොයාගෙන ඇති බවට දැනගන්නට ලැබේ.මෙම පැරණි ශිෂ්ටාචාර වලින් හමුවූ නොයෙකුත් නිර්මාණ,බිතු සිතුවම් වලින් අතීතයේ එම ශිෂ්ටාචාර වල දියුනුව කියා පායි.තවද එම කාලයේ තිබුනා දැයි සිතීමට නොහැකි පුදුම දෑද හමු වී ඇත.බිතුසිතුවම් වල අභිරහස් යානා වල හා ජීවීන්ගේ ඇති රූප වලින් ඇතිවන සැකය වන්නේ අතීතයේ අප පිටසක්වල ජීවීන් සමග කිසියම් සම්බන්ධතාවයක් පැවතුනාද යන්නයි.


හොදින් බැලූවිට එය වර්තමාන ජෙට් යානාවකට සමාන අංග එහි ඇති බව පෙනේ.මෙය ක්‍රිස්තු වර්ශ 800දී සෑදූවක් බව පිලි ගැනේ.එම කාලයේ මෙසේ ජෙට් යානාවකට සමාන ආකෘතියක් සෑදීමට මිනිසුන් පෙලබුනේ කෙසේද යන්න තවමත් සොයාගත් නොහැකී වී තිබෙන කරණකි.

මෙහි ඉන්නා මිනිසාගේ නාසයට අසලින් හුස්මගැනීමට ඔක්සිජන් ලබා ගන්නා ආකාරයත්,ඔහුගේ පාදයෙන් පැඩලයක් වැනි යමක් පාගන බවත්,ඔහුට පිටු පසින් එම යානාවේ එන්ජිමත්,යානයෙන් පිටවන දුමත්,ඔහුගේ අතින් යම් යම් උපකරණ පාලනය කරන බවත් මෙහි දක්වා ඇති බව ඔබට පෙනෙනවා.(රවුම් සලකුනු කර ඇති තැන් බලන්න)පහතින් දක්වා ඇත්තේ එම ගල්කැටයමේ සැබෑ රූපයයි.
තවද ගගනගාමීන්ගේ අනුරූද අතීතයේ නිමවා ඇත.මෙසේ නූතන ගගනගාමීන් පලදින ඇදුමට හා හිස්වැස්මට සමාන ලෙස නිරූපණය කිරීමට පෙලබුනේ කෙසේද යන්න තවත් අභිරහසකි.පහත රූප වලින් එසේ සොයා ගත් ගගනගාමීන්ගේ අනුරූ ඔබට දැකිය හැක.




මෙය The Istambul Rocket ලෙස හදුන්වයි.මෙය හමූවී තිබෙන්නේ තුර්කියේ ඇති පුරාවිද්්‍යා කෞතුකාගරයෙනි.මෙහි ඇති ආකෘතියට සමාන අයුරින් පහල චිත්‍රයකින් ඔබට දක්වා ඇත.ඒන් ඔබට මෙය වර්තමාන රොකට්‍ටුවක් යන සිතුවිල්ල ඇතිවනවා නිසැකය.නූතන රොකටයට සමාන මෙය හිතට ආ අදහසකින් නිර්මානය කල දෙයක් නොව බව විශ්වාසයෙන් කිවයුතුය.
ඉහත දේවල් එකල මිනිසුන් සිතුවිල්ලකට නිර්මණය කලදේවල්ද එසේත් නැත්තම් මේවා එකල මිනිසුන් හැබැහින් දුටු බවට ඉතිරිව තිබෙන සාධකද..??එසේත් නැත්තම් පිටසක්වලින් අපිට ලැබුනු සාධකද..?මෙයට පිලිතුරක් සෙවීම අද තාක්ශණය සමග අභිරහසක් බවට පත් වී තිබේ.
මෙවැනිම ආකාරයෙන් විවිධ සිතුවම්ද ඇත.







තවද මෙසේ සිතුවම් රාශියක් ඇත.මේවා ගැන කෙටි විස්තරයක් මම රූපය යටින් දක්වන්නම්.
![]() |
ප්‍රංශයෙන් සොයා ගන්න ලද වසර 17000 පමණ පැරනි සිතුවමක්. |
![]() |
ප්‍රංශයෙන් සොයා ගන්න ලද වසර 17000 පමණ පැරනි සිතුවමක්. |
![]() |
පේරු රාජයෙන් සොයා ගන්නා ලද වසර 14000ක් පමන වන ගල් කැටයමක් |
![]() |
පේරු රාජයෙන් සොයා ගන්නා ලද වසර 14000ක් පමන වන ගල් කැටයමක් |
![]() |
Kiev වලින් සොයා ගන්න ලද ගගනගාමී අනුරුවක් |
![]() |
මෙක්සිකෝවෙන් සොයා ගන්න ලද සිතුවමක්. මිනිසුන් 4 දෙනෙක් අහසේ තිබෙන වස්තුවක් දෙස දෑත් දුගු කරගෙන සිටින ලෙස සිතුවමන නගා ඇත. |
![]() |
ඉක්වදෝර්යෙන් සොයා ගන්න ලද නූතන ගගනගාමියෙක් ලෙස පිලිබිඹු වන ගලින් නෙලූ නිර්මාණයක් |
![]() |
ඉක්වදෝර්යෙන් සොයා ගන්න ලද ගලින් නෙලූ නූතන ගගනගාමීන්ට සමාන ගල් ප්‍රතිමා. |
![]() |
ඉක්වදෝර්යෙන් සොයා ගන්න ලද ගලින් නෙලූ නූතන ගගනගාමීන්ට සමාන ගල් ප්‍රතිමා. |
![]() |
බටහිර ඕස්ට්‍රේලියාවේ ගුහා සිතුවමක් |
![]() |
බටහිර ඕස්ට්‍රේලියාවේ ගුහා සිතුවමක් |
![]() |
බටහිර ඕස්ට්‍රේලියාවේ ගුහා සිතුවමක් |
![]() |
බටහිර ඕස්ට්‍රේලියාවේ ගුහා සිතුවමක් |
![]() |
බටහිර ඕස්ට්‍රේලියාවේ ගුහා සිතුවමක් |
![]() |
Sego Canyon, Utah ප්‍රදේශයෙන් හමුවූ සිතුවම් |
![]() |
ඉරාකයෙන් හමු වූ ප්‍රතිමා |
![]() |
ලන්දේසි නැව් දෙකක සිතුවමක්.මෙහි ඉහල අහසේ කිසියම් වස්තු දෙකක් ගමන් කරන බව අදහස් වේ. |
![]() |
Jacques Legrand ගේ සිතුවමක් |
![]() |
15 වන ශතවර්ශයේ අදින ලද මෙරිය තුමියගේ සිතුවමක්. දකුනු පස උඩින් පැතලි පියාබන පීරිසියක් වැනි වස්තුවක් ඇත |
![]() |
15 වන ශතවර්ශයේ අදින ලද මරිය තුමියගේ සිතුවමක්. වම් පස උඩින් පැතලි පියාබන පීරිසියක් වැනි වස්තුවක් ඇත |
![]() |
842දී ප්‍රංශයේ සිතුවමක්.මෙහි අහසේ කිසියම් වස්තූන් දිස්වේ. |
![]() |
"The Madonna with Saint Giovannino"නම් සිතුවම. මෙහි රවුම් කර ඇති පෙදෙස බලන්න |
![]() |
මෝසස් කිසියම් දෙයක් අහසින් ලබා ගන්න බව දැක්වෙන සිතුවමක් |
![]() |
රෝමයේ ඉතිහාස පොතක තිබූ සිතුවමක් |
![]() |
Samuel Coccius විසින් අදින ලද Basel, Switzerland in 1566. 'Large black Globes' නම් චිත්‍රය. කලු පාට වස්තූන් අහසේ දිස් වේ. |
![]() |
Carlo Crivelli (1430-1495) විසින් අදින ලද සිතුවමක්. මෙහි උඩ පැතලි පීරිසියක් මෙන් වස්තුවක් දක්නට ලැබේ. |
ඉහත පින්තූර පිලිබද වැඩි විස්තර මෙතනින්.
ඉහත සිතුවම් වලින් අපිට කිසියම් දෙයක් තේරුම් ගත හැකිය.ඒ ආදී මිනිසා මෙම පිටසක්වල ජීවීන් හා යානා පිලිබද දැන ගෙන සිටි බවයි.මෙම සිතුවම් හිතට ආ සිතුවිල්ලකින් අදින ලද ඒවා යැයි කිව නොහැක.අතීතයේ පිටසක්වල සමග සම්බන්ධයක් තිබුනාද..??යන ප්‍රශ්නය ඔබට දැන් ඇති වන්නට ඇති.මෙය අපිට මනකල්පිතයක් ලෙස බැහැර කිරීමට නොහැක.
මේ ලිපිය තවත් දීර්ඝ උවහොත් ඔබට නීරස වන නිසා කොටස් කිහිපයකට දෙන්න බලාපොරොත්තු වෙනවා.මීලග ලිපියේ අපි තවත් මෙම පිටසක්වල ජීවීන් ගැන කතා කරමු.
15 ක් අදහස් දක්වන ලදී:
ඔය පින්තූරවල විස්තරයක්නම් මමත් නැෂනල් ජියෝග්‍රැෆි වැනල් එකේ වැඩ සටහනක දැක්කා.. ඒ වැඩසටහනේ අන්තිමේ ප්‍රශ්ණයක් ඔවුන් නැගුවා.. ඒ ප්‍රශ්ණෙම මම මෙතනත් අහනවා..
" අතීතයේ ඔවුන් මිනිසාට මේ දැනුම ලබා දුන්නා නම් ඇයි ඔවුන් ආයෙම නොඑන්නම යන්න ගියේ?"
හරි පුදුමයි
නියම ලිපියක් !!!
ඉස්තුතියි ලිපියට!
@Dinesh
දැන් ඉන්න එවුන්ට දීල පිරිමහන්න බැරි නිසා ඔවුන් යන්නම ගියා.
වැදගත් රසවත් ලිපියක්..
හොද ලිපියක්.
@ Dinesh: දැන් ඉන්න එවුන් ඇගේ කෑලි බෑලි ගලවලා පරීක්ශණ කොරයි කියලයි එන්නේ නැතුව ඉන්නව ඇත්තේ. බරක් ඔබාමාට එහෙම අහුවුනොත් ලේසියෑ. :P
එක තිබුනේ HISTORY channel එකේ, http://www.history.com/shows/ancient-aliens
Fine Dear Go Ahead
Fine Dear Go Ahead, Pls Include to next your Presentation about " AREA 51"
මෙච්චර වැදගත් ඒවා කියන බ්ලොග් එහෙකට ඇයි වල් පල් කියලා දාල තියෙන්නෙ......
මම මාරම ආස දෙයක් ගැන ඔයා කත කරලා තියෙනේ...මරූ..
@අසේල
මේකයි කතාව...ඒ දවස් වල මෙයැයිට ටිකක් විතර පිස්සු....අපි මෙයාට කියන්නෙත් පිස්සුව කියලා...දැන් බලන් යද්දි තමා තේරෙන්නේ මෙයැයි දැන්න දේවල් කොයි තරම්ද කියලා...
මාත් දෙපාරක් සක්වළ යානා දැකලා තියෙනවා.
එකක් දැක්කේ උදේ 11ට විතර.අනික හවස 9 ට විතර.
මම එතකොට ඒ ගැන වැඩි ව්ස්තර දන්නේ නැ.පස්සේ ඉන්ටනෙට් එකන් හොයලා බලද්දී මට හිතෙන විදියට මම දැකලා තියෙන්නේ UFO Probe ලෙස හදුන්වන යානාවක් හා විශාල යානාවක්.
කවුරු මොනවා කිව්වත් මට ඒ හින්දා සක්වල ජිවින් ගැන 100% විශ්වාසයි.
මේක දැම්මා කියලා සමහරු හිතයි මම පිස්සෙක් කියලා.
ඒවා මට වැඩක් නැහැ.
-P-
බොහෝම අපූරු ලිපියක්... කිසිම කම්මැලි කමක් නැතුව කියෙවුවා...ස්තුති ඔබට
ලංකාවේ රන්මසු උයනත් ස්ටාගේට් එකක් කියල හිතනවා
patta torathuru tikak.
Post a Comment