"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."
විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන්,පුරාණ ඊජිප්තුව,ගීසාහි මහා පිරමීඩය,පිටසක්වල සමග පැවති අතීත සම්බන්ධතා ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.
යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
දිය කිදුරියන්
පුරාණ ඊජිප්තුව
ගීසාහි මහා පිරමීඩය 1 කොටස
ගීසාහි මහා පිරමීඩය 2 කොටස
පිටසක්වල ජීවීන් සහ අතීතය
අපි පසුගිය ලිපියේ පිටසක්වල ජීවීන් හා බැදුනු අතීතය ගැන කතා කලා.අතීතයේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන් ඒ රූප සටහන් සිතුවිල්ලකට අනුව නිර්මාණය කලා කියලා කියන්න බෑ.මොකද ඒ සිතුවම් එක් තැනකින් විතරක් නෙමේ ලෝකේ හැම තැනින්ම මේවා හම්බවෙලා තියෙන නිසා.
අපි අදහන ආගම් වලත් මේ පිටසක්වල හා සම්බන්ද දේවල් තියෙනවා.අපි මේ දේවල් එතරම් තැකීමකින් සොයා බලන්නේ නැති නිසා අපිට ඒ ආගම් වල සදහන් වන දේවල් මග හැරෙනවා.
ලෝකය මැව්වේ කවුද..??
බෞද්ධයන් හට නම් මෙම පිටසක්වල ගැන අලුත් දෙයක් නොවේ.එසේ වන්නේ බණ කතා වලදී බ්‍රහ්මලෝක,දිව්‍ය ලෝක ගැන හා දෙවියන්,බඹුන්,භූතයන් ගැනත් කියවෙන නිසාය.බෞද්ධ ඉගැන්වීම් වලට අනුව පෘතුවියට ජීවය ආවේ වෙනත් ග්රහලෝකයන ඉදන් කියලා අග්ගඤ්ඤ සූත්‍රයේ සදහන් වෙනවා.
එමෙන්ම අප ගෞතම බුදුරජානන් වහන්සේ විශ්වය පිලිබද වගේම විශ්වයේ තිබෙන ලෝක පිලිබදව දේශනා කර ඇත.එසේ බුදු දහමට අනුව කරුණු දක්වා තියෙන මූලාශ්‍ර කිහිපයක්
- අංගුත්තර නිකායේ තිකනිපාතයේ ආනන්දවග්ගයේ චූලනිකා සූත්‍රය
- දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය
- අංගුත්තර නිකාය සප්ත සූර්යෝද්ගමන සූත්‍රය...
- සංයුක්ත නිකායේ අරුණවතී සූත්‍රය
- වෙනත් ලෝකවල ජීවීන්(භූතයන්) සමග සන්නිවේදනයක් සිදුවූ රත්න සූත්‍රය,කරණීය මෙත්ත සූත්‍රය
බුදුදහමේ විතරක් නොව ක්‍රිස්තියානි ආගමේද පිටසක්වල ගැන විස්තර වෙනවා.ලෝකය හා මිනිසා මැවූ දෙවියන් පිලිබදවත් ස්වර්ගය හා සාතන් පිලිබදවත් දැක්වෙන තොරතුරු පිටසක්වල හා සම්බන්ධ වී පවතින අයුරු දැක්විය හැකිය.
එසේම හින්දු ආගමේද දැක්වෙන විවිධ වූ දේව කතා වල හා දෙවියන් ඇති වූ ආකාරය දැක්වෙන කතාවලත් පිටසක්වල හා සම්බන්ධවේ.මුස්ලිම් ආගමට අනුව විශ්වය හා මිනිසා මවා ඇත්තේ අල්ලාහ් දෙවියන් විසිනි.
මූලාශ්‍රය ජේ.ආර්. සමන් මංජුල මහතගේ පිටසක්වල ජීවය නැමැති පොත
(මෙම තොරතුරු මා දැක්වූයේ ආගම් වලට අගෞරව කිරීමට නොව,එම ආගම් වලත් මෙවැනි දෑ ඔබට පෙන්වා දැනුමට යමක් එකතු කිරීමටය.මෙම තොරතුරු වැරදි නම් සමාව අයැද සිටින අතර එය නිවැරදි කිරීමට උදව් වන ලෙසත් ඉල්ලා සිටිමි.)
විශ්වයේ ග්‍රහලෝක
මේ අවකාශයේ කෙරවලක්,ප්‍රමාණයක් දැක්වීමට නවීන විද්‍යාවටත් නොහැකි වී තිබෙනවා.මෙම අනන්ත වූ අවකාශයේ පෘතුවිය ඇතුලු සෞරග්‍රහ මන්ඩලයත්,චන්ද්‍රයන්,සූර්යන්,මන්දාකිනි අනන්ත වූ ප්‍රමානයක් පිහිටා ඇත.
ග්‍රහලෝක හා තරු එකතු වීමෙන් ග්‍රහ මණ්ඩල තැනී තිබේ.එවැනි ග්‍රහ මණ්ඩල විශාල සංඛ්‍යාවක් එකතු වී මන්දාකිනි(Galaxy) තැනී ඇත.
පහත පින්තූරයෙන් ඔබට අප පෘතුවිය හා අප විශ්වයේ විශාලත්වය බැලිය හැක.(පැහැදිලි නැත්තම් පින්තූරය මත ක්ලික් කරන්න.)මේ ගැන වැඩි විස්තර මෙතනින්.
ඔයාලාට දැන් පැහැදිලි ඇති විශ්වය පිලිබද දල අදහසක්.මේ විශ්වයේ කුමන හෝ තැනක ජීවයක් පවතින්න හැකියාව ඇති බව ඔබට දැන් වැටහෙනවා ඇති.මෙසේ ජීවීන් සිටිනවා නම් ඔවුන් මෙලොවට එන්නේ නැත්තේ ඇයි යන ප්රශ්නය ඔබ මගෙන් ඇසිය හැක.එයට හේතු නම්
අප පෘතුවිය අසල බුද්ධිමත් ජීවීන් සිටිනා ග්‍රහලෝකයක් සොයාගෙන නොමැත.එහෙත් පෘතුවියට ආලෝක වර්ශ දහස් ගනනකට එපිට ජීවීන් සිටිනා ග්‍රහලෝකයක් තිබෙන්නට පුලුවන.ආලෝක වර්ශයක් යනු අවුරුද්දක් තුල ආලෝකය ගමන් ගන්නා දුරයි.ආලෝකය තත්පරයට කිලෝමීටර් ලක්ෂ 3ක වේගයෙන් ගමන් කරයි(තත්පරයකට සැතපුම් 186,000).මේ අනුව තත්පරයකට කිලෝමීටර් ලක්ෂ 3නක වේගයෙන් වසරක් පුරා ආලෝකය ගමන් ගන්නා දුර ආලෝක වර්ශයක් ලෙස හැදින්වෙනවා.
උදාහරණයක් ලෙස අපගේ සූර්්‍යා වැනි වූ අපට ආසන්නයේ ඇති තාරකාව වන්නේ ඇල්ෆා සෙන්ටොරි නම් තාරකාවයි.එය පෘතුවියට ආලෝක වර්ශ 4ක දුරින් පිහිටා ඇත.දැනට මිනිසුන් සතු රොකටයේ උපරිම වේගය පැයට සැතපුම් 25000කි.එම වේගයෙන් ගමන් කලහොත් ඇල්ෆා සෙන්ටොරි වෙත යාමට අපිට වසර 240,000ක් ගත වේ.ආලෝකයේ වේගයෙන් ගමන් කලහොත් වසර 8ක් ගතවේ.මෙසේ පැමිනීමෙදී අති විශාල ඉන්ධන ප්‍රමානයකුත්,ආහාරත් රැගෙන යා යුතු වේ.එසේ කලද ජීවියෙකුගේ ආයු කාලයද ප්‍රමානවත් නොවේ.
වෙනත් ග්‍රහලෝකවල ජීවයක් පැවතිය හැකිද..??
![]() |
යූරෝපා චන්ද්‍රයා |
![]() |
කැලිස්ටෝ චන්ද්‍රයා |
![]() |
අපගේ උප ග්‍රහයා වන චන්ද්‍රයා |
![]() |
ග්ලීස් 581සී |
![]() |
කෙප්ලර්22බී |
![]() |
අගහරු |
නමුත් මීට වසර 13000කට පෙර වල්ගා තරුවක සමග හැපුනු අගහරු ග්‍රහයාගේ පස් කුට්ටියක් අපගේ වායුගෝලයට ඇතුලුවී ගිනිගෙන දැවෙමින් ඇන්ටාටිකා මහද්වීපයට වැටුනු බව විද්‍යාඥයෝ විශ්වාස කරයි.එසේ වන්නේ ඒ පස් කැබැල්ල 1984දී ගවේශක කණ්ඩායමක් විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි.එය ALH 84001 ලෙස හැදින්වේ.
මෙය 1993දී වයිකින් යානය අගහරුගෙන් ගෙන ආ පස් සමග සමාන විය.මෙම පස් කුට්ටිය තුල තිබූ මිය ගිය කුඩා බැක්ටීරියා රැසක් සොයා ගැනීමෙන් විද්‍යාඥයෝ අගහරු ග්‍රහයා පිලිබද වැඩි වශයෙන් පර්යේශන කරන්නට විය.
පිටසක්වළ ජීවීන් සෙවූ විවිධ ව්‍යාපෘති

සෙටී ව්‍යාපෘතිය
![]() |
විද්‍යාඥ ෆ්රෑන්ක් ඩ්‍රේක් |
N =විශ්වයේ තිබෙන බුද්ධිමත් ජීවීන් සිටින ශිෂ්ටාචාර ගනණ (The Number of Civilizations in our Galaxy With Which Communication Might be Possible)
R =ජිවයක් ඇතිවීමට සුදුසු තාරකා ගනන(The Average Rate of Star Formation Per Year in Our Galaxy)
Fp = එම තාරකාවන්හි ග්‍රහලෝක පිහිටා ඇති ප්‍රමාණය (The Fraction of Thous Stars That have Planets)
Ne = එම ග්‍රහලෝකයන්හි ජීවයට සුදුසු පරිසරයක් සහිත ග්‍රහලෝක ප්‍රමාණය (The Average Number of Planets That can Protentially Support Life per Star That has Plants)
Fl = ජීවය නියත වශයෙන්ම තිබෙන ග්‍රහලෝක ප්‍රමාණය (The Fraction on the above that Actually go on to Develop Life at Some Point)
Fi = එම ජීවයන් සහිත ග්රහලෝකයන් අතරින් බුද්ධිමත් ජීවීන් ජීවත් වන ග්‍රහලෝක ප්‍රමාණය (The Fraction of the Above that Actually go on to Develop Intelligent Life)
Fc = එම බුද්ධිමත් ජීවීන් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ග්‍රහලෝක ගනන (The Fraction of civilizations that Develop &
Technology that Releases Detectable signs of their exist tence in to Space)
L =එ වැනි ජීවීන්ගේ ආයු කාලය(The Lengh of time such civilizations Release Detectable signals in to space)
මෙය විසදීමට බොහොදෙනෙකු උත්සහ දරා ඇත.ලැබූ පිලිතුර වන්නේ10,000ය.එනම් විශ්වයේ බුද්ධිමත් ශිෂ්ටාචාර 10,000කට වඩා වැඩි විය යුතුය.නමුත් මෙය 0 වීමටද හැකිය.කොසේ වෙතත් මෙහි ඇති අඩු පාඩු පෙන්වා දීමට තවමත් කිසිවෙකුත් ඉදිරිපත් වී නැත.

බෙටා -BETA
මෙටා -META
ෆීනික්ස් -PHEONIX
සෙරන්ඩිප් -SERENDIP වේ.
මෙම ව්‍යාපෘති ගැන වැඩි විස්තර මෙතනින්.
සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවය වැඩි දුර කරුණු මෙතනින්.
පිටසක්වල ජීවීන්ට අපෙන් පණිවිඩයක්
මිනිසා විසින් නිපදවන ලද සෞරග්‍රහ මණ්ඩලය හරහා මෙතෙක් වැඩිම දුරක් ගමන් කල යානාව වන්නේ පයිනියර් 10 නම් යානාවයි.මෙය 1972 මාර්තු මස 3 වන දින ගමන් ආරම්භ කරන ලදී.බ්‍රහස්පති වෙත ගොස් එහි ඡායා රුපයක් පලමුව එවූ යානාවද වන්නේ මෙයයි.
![]() |
පයිනියර් 10 නම් යානාව |
![]() |
පයිනියර් 10 යානාවේ ඇති පණිවිඩය |

ආලෝක වර්ශ කෝටි ගනනක එපිට ග්‍රහලොවක සිටින ජීවීන් අප මෙන් දියුණු වූවත් මෙම අති විශාල දුර ඔවුනටද බලපෑ යුතුය.කෙසේ වෙතත් අප නොදන්නා විශ්වයේ විවිධ ආකාරයේ වූ දියුණු නොදියුණු ජීවීන් සිටිය හැක.ඔවුන් දැකීමට නම් මිනිසා විශ්වයේ දුර හා එහි තරනය කිරීම යන ප්‍රශ්න විසදා ගත යුතුය.
මෙම ලිපිය දීර්ඝ වන්නේ ඔබට මෙය පහදා දීමට තිබෙන කරුනු අති විශාල ප්‍රමාණයක් ඇති නිසාය.කෙසේ නමුත් ඊලග ලිපියෙන් මෙය අවසන් කිරීමට මම සිතාගෙන සිටිමි.කෙසේ වෙතත් දැන් ඔබට විශ්වයේ ජීවයක් පිලිබද පොඩි බලාපොරොත්තුවක් ඇති කර ගත හැක.මේ කරුණු එයට ප්‍රමානවත් වේ යැයි සිතන නිසා මෙය අවසන් කරමි.
ඊලග ලිපියේ පියාබන පීරීසි දැක තිබෙන අවස්ථා හා එම පිටසක්වල ජීවීන් පිලිබද දක්වන අදහස් ගැන කතා කරමු.
(මෙහි ඇති කරුණු වලට මුලාශ්‍ර වූයේ ජේ.ආර්. සමන් මංජුල මහතගේ පිටසක්වල ජීවය නැමැති පොතයි).
11 ක් අදහස් දක්වන ලදී:
බොහොම ආකර්ශණීය ලිපි පෙළක් අයියා......
ඩ්‍රේක් සමීකරණයට ලැබුන උත්තරේ 10000 කියල තියෙන්නෙ කොහෙද?????
දැන් අපි මෙච්චර උනන්දුවෙන් පිටසක්වල ජීවය හොයනවා.. එහෙම එකක් හම්බුනදාට මොකද වෙන්නේ??
igatama liyanna thanks
කිතු දහමේ මැවීම් වාදයක් ගැන කියලා තිබුනට විද්‍යාවෙන් ඒක බොරුවක් ය කියලා ඔප්පු වෙලා තියෙනවා.
මාත් හරිම ආසයි පිටසක්වලයෙක්ව බලන්න. හම්බ උනොත් නම් මරු.
"ancient aliens" kiyala tv series ekak tiyanawa, puluwan nam balanna.eke sahena wistarayak tiyanawa me hamade ganama.
වටිනා ලිපියක්... නිතර එන්න නොලැබෙනවා වුවත් මමත් කැමැත්තෙන් මේ ලිපි පෙල කියවනවා... දිගටම ලියන්න සහෝ... ජයවේවා !!!
නියමයි සහෝ!!! ජයවේවා.... මමත් ඉතින් ඔන්න අද ඉඳල මේ පැත්තේ එනවා. දන්නවනේ ඉතින් මටත් මේ උණමනේ තියෙන්නේ. අනික තමයි වොයෙජර් 2 යානයත් එකේ තියන 52 වැනි භාෂාව
සිංහල කියන එකත් අමතක කරන්න එපා. නාසා එක පිළිගත්තා සිංහල කියන්නේ ලෝකේ පරණම භාෂාවක් කියන එක.
ස්ත්‍රතියි සහෝ. ඔබගේ උත්සාහයට ගරැ කරනවා...
pitasakwala jeewaya kiyane thawamath lokaye nowisindunu prashna walin ekak neda ...........
athatama me lipiye thiyanawa angaharu grahayata yanna salasum karanawa kiyala thawamath ethakota pruthuwiyata godak athin thiyana handata giya ai ehenam pruthuwiyata handata wada asanayema thiyana angaharu grahayata yanna bari une thawamath ethana loku prashnayak ne ? ethakota me kaleta wada eda thakshane diyunuda ? nathnam handa matha jeewayak pawatheemata haki ayurin parisaika thathwa thibunada mata meka loku kuthuhalayak ethakota minissu handa matha pa thabuwa kathawa boruwakda?????
suba pathum watina post ekak thawath me vidiyatama idiriyatath post danna
Post a Comment