Wednesday, June 22, 2011

ෆෝන් ලව් 1 කොටස


ඔන්න මම මගේ පලමු ලව් ස්ටෝරිය පටන් ගත්තෙ ෆෝන් එකෙන්.හික් හික් ලොල්.ඒ 8 වසරේදී.


ඒ කාලේ ඉතින් පිස්සුනෙ.කෙල්ලෙක්ගෙ නම්බරයක් අහුවෙන්න බෑ.මිස් කෝල් මැසේජස් එක විකාරයයි.ඔන්න ඔහොම යද්දි මට ඉස්කොලේ යාලුවෙක් නම්බර් එකක් දුන්න ඕකට කෝල් කරල බලපන් කෙල්ලෙක් ඉන්නෙ කියල.අම්මෝ දෙන දෙයියො ගෙදරටම ගෙනත් දෙනවලු.හික් හික්.මම පැනි හරකා වගේ ගෙදර ගිහින් ඒකට මිස් එකක් දුන්නා.ටික වෙලාවක් බලන් හිටියත් මෙලෝ ප්‍රතිචාරයක් නෑ.මම ඉතින් තව එකක් දුන්නා.ඒත් රිප්ලයි එකක් නෑ.මම ඉතින් පොඩ්ඩක් දොයිය ගත්තා.4.30ට විතර ඇහැරුනා ෆොන් එක රින්ග් වෙන සද්දෙට.හෙන හැපි එකේ 4න් එක බැලුවා.අපෝ මගෙ යලුවෙක්.මම ඉස්සුවා.


ටික්කා:අඩෝ තෝ අද සෙල්ලම් කරන්න එන්නෙ නැද්ද.....????


මට ඉතින් &^%$#*&^^%


මම:හිටපන් බන් මම එන්නම්....යකෝ බොල පොඩ්ඩක් නිදා ගන්න දීපන්කෝ.


ඉතින් මම 4.45ට විතර පිට්ටනිය පැත්තෙ ගියා..මන් යනකොට මුන් විකට් පොලු ටිකවත් හිටවල නැ.මට ඉතින් ************.


ඊට පස්සෙ අපි සෙල්ලම් කරා.සෙල්ලම් කරලා ඉවර උනෙ  
6ට.අපි ඉතින් පිට්ටනියට වෙල පොඩි වලක් එහෙම බැහල තම ගෙදර යන්නෙ.ඔහොම ඉන්නකොට අර නම්බරෙන් කෝල් එකක් ආවා.
මම සෙට් එකට කියල තිබ්බෙ සීන් එක.මම ඉතින් ඔක්කෝම ඉස්සරහ ලවුඩ්ස්පීකර් දාලා හෙලෝ කිව්වා.


(නම ප්‍රසිද්දියේ කියන එක කෙල්ලට හරි නැති නිසා අපි ඒ කෙල්ලට නිලූ කියමු)


නිලූ:හූ ඉස් දිස්???
මල කෙලියි මේකි උදේ පාන්දරම කඩු පාරක් දුන්නනෙ..සෙට් එකම මගේ මූන දිහ බලන් ඉන්නවා.
මම:ඉ..ඉස් දිස්.......නිලූ....???
නිලූ:යස් හු ආර් යූ??
මම:අ.....අයි ඈ.......ම් ....සංචිත..
නිලූ:සංචිත..ම්ම්ම්ම්...අයි කාන්ට් රිමෙම්බර් යූ..
මම:යූ ඩෝ.....න්ට් නෝ මී..බට් අයි නෝ යූ..
නිලූ:වට් ද හෙල් මෙන්..හූ ගේව් මයි නම්බර්???
මම:අයි කා.....න්ට් ටෙල් දැට්....


නිලූ:මේ සිංහල තේරෙනවනෙ....කරුනාකරලා මට අයෙත් මිස් කෝල් දෙන්න එපා...තේරුනාද???


4න් එක කට් විය.හුටා පට්ට නෝන්ඩිය.අම්මෝ ඒකිගෙ සැරත් වැඩියි.මම බොහොම අමාරුවෙන් තමා කඩ්ඩෙන් කෙටුවෙ.මේකි අන්තිමට මට සිංහලෙන්ම කිව්වා.අපෙ උන්ට ඉතින් ඕක ඇති මාසයක් මාව බයිට් කරන්න


නලියා:මොකක්ද බන්කෙල්ලොන්ගෙන් නෝන්ඩි වෙන්නේ..චාටර් නෙ සීන් එක...හික් හික්
මම:ඉදපන්කො මම ඕක අල්ලලා පෙන්නන්න...
අමිල:පල පල ඩෝ උබ අල්ලන කෑලි...උබට පුලුවන්ද ඩෝ එකිත් එක්ක කඩු පාරවල් ගහන්න...????
මම:ඉදපන්කෝ මම අල්ලලා පෙන්නන්නම් කෝ....


මම එහෙම කිව්වේ නොන්ඩියෙන් බේරෙන්න...නැත්තම් මම තමයි මාසයක් විතර යනකන් බයිට් වෙන්නෙ...පුහ් එහෙම බයිට් වෙයි මම......
ඊට පස්සෙ මම ගෙදර ගියා......


මතු සම්බන්දයි..........