Sunday, August 14, 2011

ජීවිතේ....




දිනෙන් දින
මොහොතින මොහොත
අරමුණු පසුපස
හබායෑමද ජීවිතේ....
මේ 
තරග පිටියෙන්
නික්මී
ජීවිතය දෙස
බලාසිටින්නට
හැකිනම්
දැනෙයි නුබටත්
ජීවිතේ....

5 ක් අදහස් දක්වන ලදී:

මධුරංග said...

ඒක හරි මල්ලි. අපි කවුරුත් කරන්නේ දුවන්නන් වාලේ හල්මේ දුවන එක.
ඒකෙන් ඈත් වෙල ඉන්නකොට තමයි ජීවිතේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ.

Anonymous said...

හැල්මේ දුවනා කල් සොදේ
දැනෙයි පහසක් මල් වගේ
හොයන කල ඒ ජීවිතේ
බෙරය නොව
පලුවකුත් අහිමි බව
තේරෙතේ දවසක අනේ...

ප්‍රසංග said...

හැබැයි ඔහොම තරඟයෙන් මිදිල ජීවිතය දකින්නෙ කීයෙන් කීදෙනාද...

හිස් අහස said...

ජ්‍යග්‍රහනයට වඩා තරඟයකට ඉදිරිපත් වීමයි වැදගත් ..

පිස්සු පුසා said...

@මධුරංග :ඔව් ඒක තමා අයියේ ඇත්ත..අපි ඔහේ ‍රැල්ලට යනවා...

@අසනි :හි හි ඔව් අපි ගහන බෙරත් නැහැ බෙරේ පලුත් නැහැ ලොවෙත් නැහැ..හි හි..ලස්සන කවි සංකල්පනාව..

@ප්‍රසංග :ඔව් ඒක නම් ඇත්ත.අපි මේවා දිහා වැඩි තැකීමක් කරන්නේ නැහැ නේ

@හිස් අහස :ඔව් ඒක තමා වැඩියෙන්ම වටින්නේ..තව උත්සහයත් වටිනවා...

Post a Comment