Wednesday, July 13, 2011

ගැඩවිලෙක් කතා කරයි..





මම ගැඩවිලෙක්මි.මගේ නිවස "ගැඩ villa" නමින් හදුන්වයි.මට ගැඩවිලා කියා නම වැ‍ටුනේ කෙසේදැයි කියා හරි අයිඩියා එකක් නැති නමුත් මෙවැනි කතාවක් අපේ පරම්පරාවෙන් අසන්නට ලැබී ඇත.


දිනක් අපේ සීයාගේත් සීයා කෙනෙක් හොදින් ඇද පැලදගෙන ගමනක් යාමට සූදානම් වී එලියට බසින ලද අවස්තාවේමේ දු‍ටු හංගොල්ලෙක් මෙලෙස අසා තිබේ.


"ආ කොහෙ යන්නද මෙ හැඩවිලා?"


කතාවේ හැටියට මෙය අසා සිටි ගොලුබෙල්ලෝ එදාසිට අපේ සීයාට ගැඩවිලා කියන්නට පටන් ගෙන තිබේ.(සමහර විට උන් ගොලු විතරක් නොව බීරිබෙල්ලන්ද වන්නට ඇත)


කෙසේ වෙතත් එතැන් සිට අපිට කියන්නේ ගැඩවිලන් කියාය.


ගොවියා සිතාසිටින්නේ මා ගොවියාගේ මිතුරෙක් ලෙසටය.අනේ එහෙත් තැන තැන ගුල්හාරා ගොවියාගේ පස බුරුල් කර දීමට තරම් මගේ නට් බුරුල් වී නැත.මා කරන්නේ මගෙ ජොබ් එකය.මිනිසාට ඕනෑ උන් මිනිසාගෙ මිතුරෝය.මිනිසාට එපා උන් මිනිසාගේ සතුරෝය.මේවා නම් මාර වැඩය.


කෙසේ වෙතත් මාගෙ ගැඩ  will  එක හෙවත් එකායන ප්‍රාර්තනය වන්නේ ලබන ආත්මයදීවත් ගැඩවිලෙක් වී ඉපද නොවේවා යන්නයි.බැරිවෙලාවත් ගැඩවිලෙක් වී ඉපදෙනවා නම් මුලු ලෝකයම මැටි යායක් වෙවා.

1 ක් අදහස් දක්වන ලදී:

Post a Comment