Saturday, July 30, 2011

දොස්තර හොද හිත


ඔන්න යාලුවනේ මම අදත් ඔයාලා පුංචි කාලේ ගොඩාක් ආස කරපු ආදරේ කරපු දෙයක් අරන් ආවා.බලන්න මතකද කියලා.මේකේ තේමා ගීතය බාගැනීමට සබැදියක් මම දීලා ඇති හොදේ..මේක මට ටොරන්ට් වල බාන්න ෆයිල් එකක් හම්බුනේ නැහැ.යූ ටියුබ් එකේ නම් සමහර කෑලි තියෙනවා.ඔන්න මම එකෙත් වීඩියෝ එකක් දාලා ඇති.මම මේකේ ආසම චව් චව් ට.මිනිහ නම් පුදුම ආතල් පොරක්.රකුස් එක්ක යන යන තැන නානවනේ මිනිහා.


මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.

සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු.
පිරිසක් පිරිහේවි ලූ...//

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.

අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ.
මෛත්‍රියෙන් ජය ලැබේ....//

මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි...///

ගී පද : ප්‍රේම කීර්ති ද අල්විස්
ගී තනු : සෝමපාල රත්නායක 


4 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

යාලූ.. පොරොන්දුව ඉෂ්ඨ කරා නේද...
මේ දවස් වල මට දැනෙන්නේ පුංච් කාලේ රවුමක් යනවා වගේ..ඉස්සර මේ කාටුන් බලන්න මන් කොහේ හිටියත් දුවන් එනවා..පන කඩාගෙන..

චතුර.... said...

ආසම කරන කාටුන් එකක්..

සංකල්ප said...

මමත් පොඩි කාලේ ආසම කරපු කාටුන් එකක්.
පොඩි කාලේ විතරක් නෙමෙයි තාමත් ආසයි මේ කාටූන් බලන්න. :)

මි හරක් පිඩියා said...

මේ කාටුන් අපේ හිත් වලට ගොඩාක් කා වැදිලා තියන්නේ.
පස්සට මේකට වඩා හොද එකක් ආවොත් මිසක්.කවදාවත් මේ කාටුන් අමතක නොවී තියෙයි.

Post a Comment