Friday, July 29, 2011

පොල් පැලේ .....


සුභ පැතුම් මැද
ඉත සිතින් මම
වත්තෙ පහලම
සිටුවා පැල කල
මමත් එක්කම
ලොකු වෙතැයි සිතුවට
මට කලින් නුඹ
උස වෙනා හැටි දැක
හේතු කිම දැයි
විමසු කල

" බට් කරලාලු
ඉක්මනට හැදෙන්න"



මේ අද මම මේ දාන 3 වෙනි පෝස්ට් එක.අද උදේ වරුවම මම නිකන් නේ ගෙදරට වෙලා හිටියේ.හවස නම් ලැබ් එකක් තිබ්බා.හෙට ලෙක්චර්ස්.අප්පා ඒ ගැන හිතුවම සසර කල කිරෙනවා .ඇයි උදේ 8.30ට පටන් ගත්තම රෑ 8ට නේ ඉවර වෙන්නේ.ෆුල් හින්දුස්තාන් තමා.උදෙන්ම ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ඩේටබේස් මැනේජ්මන්ට් සිස්ටම්.ඊ ලගට ඩේටා ස්ටක්ච්‍රස් ඇන්ඩ් ඇල්ගොරිදම්.අපෝ........මතක් කරාමත් ඔලුව රිදෙනවා.ලොල්.මිඩ් එකත් ලග එනවාලු.මෙලෝ දෙයක් පාඩම් කරලාත් නෑලු.ලියන්නේ මොනවද දන්නේත් නෑලු.කම්මැලි වෙලා බෑ.කොහොම හරි කර ගන්න එපැයි.නැත්තම් ලොස්ම තමා.ලොල්.හෙට පෝස්ට් එකක් දාන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ.මොකද ගෙදර එනකොට එන්නේ නිදියන්න බලාගෙනනේ.ඇද දැක්කම ඒ වෙලේට නිවන් දැක්කා වගේ

5 ක් අදහස් දක්වන ලදී:

චතුර.... said...

කිව්ව නම් බලන්න මටත් ඔය පොල්පැල බද්ධ කරන ක්‍රමේ..

සංකල්ප said...

බද්ධ පොල් පැළ ඉකමනට ලොකු වෙනවා නේහ් !!!
පුලුව වෙලාවකට ලියමු මල්ලි !!!

Anonymous said...

පොල් නම් දැන්
ගෙදර කුස්සියට
මසුරන් හත අටක්
වටිනා සේය..

ප්‍රිති අපිට ප්‍රිති
පුරු පුරුවෙක්
පොල් ගහ ගැන
හදිස්සියෙම පැවසීම..

Unknown said...

හි හි..ඔහොම තමා අපිටත් ඔහොම කාලයක් තිබ්බනේ ;)
Data Structures & Algorithm නම් පට්ට සබ්ජෙක්ට් එක..
ලැබ්ස් එහෙමත් පට්ට :)
ORDBMS නම් ඉතින් නිදාගෙන තමයි ඉන්න වෙන්න zzZzzz

පිස්සු පුසා said...

@චතුර :හික් හික් ..මම නෙමේ සහෝ බට් කරලා තියෙන්නේ.අපේ පැත්තේ යනවා ඩීමෝ බට්ටෙක් පැල අරන්.අන්න ඒකෙන් ගත්තේ..ලොල්

@මධුරංග :ඒකනේ...අනිවා මම ලියන්නම් තැන්කිව් වේවා

@අසනි :හික් හික් ලස්සනයි.....ඒපාර තවත් නමක් ද???ලොල් :D :) ;)

@ChammA :DS&A නම් ගේමක් නැහැ එක පට්ට.එ උනට ORDBMS.

Post a Comment