Tuesday, July 12, 2011

හරි ලස්සන අරක්කු...





ඔල්ඩ් රිසව් පුරවලා අයිස් කැටෙයි සෝඩයි දාලා
සැරට හදපු රසට හැපෙන මස් කෑල්ලක් එක්ක
ඒ කාලේ කරපු රස කතාවක් රස කර කර
අපි බොන්නේ දුකට නෙමේ පොඩි සොමියක් ගන්න


ශොට් එක දෙක යද්දී බ්‍රේක් නැතුව කියවන්නේ
වාචාල කමට නෙමේ අරක්කු වල තියෙන ෆන් ගතියට
හිතේ තියෙන හැගීම් හරි ලස්සන විදියට
ගලපන්නේ නැතුවම වචන වලින් පිට කරන හින්දා


වෙරි වෙලා හරි ලස්සන සංගීත රාවයක් ඇහෙද්දී
හරි ලස්සන පාද එහෙ මෙහෙ තියලා නටන්නේ
කප් ගහපු නැට්‍ටුක් කරයෙක් හින්දා නෙමෙයි
අරක්කු වලින් හිත සුන්දර විදියට සහැල්ලු වෙන හින්දා


ඉතින් මේ හරි ලස්සන අරක්කු හරි ලස්සන විදියට බීලා
හරි ලස්සන විදියට තමන්ගේ හැගීම් ප්‍රකාශ කරලා
කාටවත් කරදරයක් නොවන හරි ලස්සන විදියට ඉන්න එක
හරි ලස්සන අරක්කු වලට කරන හරි ලස්සන ප්‍රනාමයක්

2 ක් අදහස් දක්වන ලදී:

Unknown said...

මේ ඕවා බිව්වට පස්සේ වෙන දේවලුත් කිව්වා නම් ;)

මලයා මේ Word Verification අයින් කරානම් තමයි හොද..නැතිනම් කමෙන්ට් කරන්න එහෙම අමාරුයි

පිස්සු පුසා said...

හික් හික් සමහර උන් නම් පාඩුවෙ ඉන්නවා,එත් තව සමහර උන් චොර වෙනවා.ඒවා ගැන පස්සෙ පෝස්ට් එකක් දාන්නම්.

සොරි වෙන්ට ඕනා මම ගිය මාසේ දැම්මෙ අයින් කරන්ට අමතක උනා.තැන්කිව් වෙවා

Post a Comment