Friday, July 29, 2011

උපදේශයට පන්සීයයි!



හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ.
"ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.." එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය.
"ඒ කොහොමද?"
"මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා."
"ඊට පස්‌සෙ මොකද වුණේ?"
"මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්

වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."
"ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"

"ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."
ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය.

5 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

හි හි...කොහොමද වැඩ..ගෙදෙට්ට පැන්න හොරාගෙනුත් ගාන කපාගෙනයි අතෑරියේ....

සංකල්ප said...

උපදෙස් වලට ගාන කඩලා. පුදුම මිනිස්සු තමයි. හික්ස් :)

Unknown said...

ඕකනේ කියන්නේ ලොය්ර්ස්ලගේ ගෙවල් වලට පනින්න එපා කියලා.. ;)

සාතන් said...

අපි නම් ලෝයර්ල නෙමෙයි... හැබැයි උපදේසෙට ගාන කපනව ;)

පිස්සු පුසා said...

@අසනි:ඔව් ඔව් මේවා ගිනස් පොතටත් යයි ලොල්.වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි යාලුවා

@මධුරංග:හිකිස්....වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි යාලූ

@ChammA:ඒකනේ කියන්නේ.වෙනදා වගේ මේ පැත්තේ ආවට ස්තූතියි යාලුවා

@සාතන්:මට පෙන්නේ ඔය ලෝයර් කෙනෙක් වගේ ලොල් ;). මේ පැත්තේ ආවට ස්තූතියි යාලුවා

Post a Comment