Tuesday, July 26, 2011

ඉස්සර බලපු ටීවි සිරිස් සහ කාටූන්



යාලුවනේ ඔයාලට මතකද ඉස්සර බලපු ටීවි සිරිස් සහ කාටූන්???ඔහොම අමතක වෙන්නද නේ??එවාගේ අපේ පොඩි කාලේ සුන්දර මතකයන් පිරිලා තියෙනවා.ඒ නිසා අපිට ඒවා කවදාකවත් අමතක වෙන්නෙ නෑ.මම බොහොම අමාරුවෙන් එකතු එකගත්තු ටිකක් තියෙනවා.මම කැමතියි ඔයාලත් එක්ක ඒවා බෙදා ගන්න.


මුලින්ම ටින්ටින්(Tin Tin)


රූපවාහිනි එකේ ඉස්සර මේක ගියා.සිරසෙත් කාලයක් ගියා වගේ මට මතකයි.මම මාස 3ක් කට්ටක් කාලා මේක බාගත්තා(6.5GB).දන්නවනේ මේ වගේ පරන ඒවට සීඩ්ස් අඩුයි කියලා.කතා ඔක්කොම තියෙනවා.කොලිටියත් සුපිරි.ඕන කෙනෙක් ඉන්නවනම් මට මේල් එකක් දාන්න.එහෙම කරන්න අමරුනම් මෙන්න Rapidshare ලින්ක් එක.
මෙන්න ටොරන්ට් ලින්ක් එක


ඊලගට රොබින් හුඩ්(Robin Hood)


අප්පා මේක නම් මම ගොඩක් ආදරය කරපු එකක්.රොබින්,මැරියන්,ගිස්බන්,ටක් මේ කට්ටිය තමා ඒ කාලේ අපේ වීරයෝ.මේකත් මම ගාව තියෙනවා.බාන්න කැමති අයට මෙන්න ලින්ක් එක.


මායා බන්ධන එහෙමත් නැත්තම්...Spell Binder




රියානා(හරිම ලස්සන කෙල්ල :D),පෝල්,දුශ්ට ආශ්කා.මේ කට්ටිය මතකද???තව ඒකේ 2වැනි සීරිස් එකේ ඉන්න සන්(කොන්ඩේ ඉස්සරහ තියලා ඉන්න චීන කොල්ලා).හික් හික්.මට මතක විදියට ඒක ගියේ සෙනසුරදා 6ට.ඒ කාලේ ඉතින් ඕක බලන්න මාර පිස්සුව.කොටින්ම කියනවනම් සමහර දවස් වලට අපේ පැත්තට ලයිට් යනවා.ඉතින් කොහොම හරි හන්දියට දුවලා හන්දියෙ ඉන්න යාලුවෙක්ගේ ගෙදරින් කොහොම හරි ඕක බලනවා(හන්දියට වෙනම ලයින් එකයි අපෙ ගෙවල් පැත්තට වෙනම ලයින් එකයි තිබ්බේ)ඔන්න ඕකේ සීරිස් දෙකම මම ගාව තියෙනවා.බාන කට්ටියට මෙන්න 

සීසන් 1
සීසන් 2


ඕශන් ගර්ල්(Ocean girl)




මේක නම් මේ ලගදිත් ගියා වගේ මතකයි ස්වර්නවාහිණි එකේ.මම ගාව මේකේ සීසන් 4ම තියෙනවා.තල්මහ එක්ක ඉන්න ලස්සන කෙල්ලයි,සබ්මැරීන් එකක් ඇතුලෙ ඉන්න කොල්ලෝ දෙන්නයි තමා මේකේ කතා නායකයන්.

මල්ගුඩි දවස්(Malgudi Days)


ආර් කේ නාරායන්ගේ අති විශිෂ්ට නිර්මානයක්.මේකත් රූපවහිනි එකේ ගියපු ලස්සන කතා ටිකක්.මේකත් මම බෑවා.අන්තිමට මම බැලුවේ දැනට අවුරුදු 2කකට කලින් උදේ පාන්දර 6ට නැගිටලා.හික් හික්.මගේ හිතට අල්ලපු දේවල් මම කොහොම හරි අමාරුවෙන් බලනවා ඒකයි.ලොල්

ද ලොස්ට් වර්ල්ඩ්(The Lost word)




හි හි කට්ටියට මම හිතන්නෙ මේක අමතක වෙලා කියලා.මේකේ සීරිස් 3ක් ආව.ඒ 3ම මම ගාව තියෙනවා.මහාචාර්ය චැලෙන්ජර්,රොක්ට්සන් සාමි,මැලෝන් ඇතුලු කට්ටිය ඩයිනෝසරයන් ගේ ලෝකයට ගිහින් වෙන දේවල් තමා තියෙන්නෙ.මේක ගියෙ රූපවාහිනි එකේ


කෝනෑන්(Conan)




මේක ස්වර්ණවාහිනී එකේ ගියේ මට මතක විදියට.මෙකත් තියෙනවා.ලින්ක් එකක් නම් හොයා ගන්න බැරි උනා.තඩි කඩුවක් ගත්ත බොඩි බිල්ඩර් කෙනෙක් ගේ කතාවක් මේක.සමහර අය මේක බලලා නැතුව ඇති මම හිතන්නේ


එක්ස් ෆයිල්ස්(X-files)




මේක නම් මම ගොඩාක් කාලයක් බලපු එකක්.මෝල්ඩර් කොලුවයි,ස්කලීයි සොයා ගන්නා අත්භූත පිටසක්වල දේවල්.හික් හික්.මම ගාව මේකේ සීරිස් 9 වෙනකම් තියෙනවා.මම හිතන්නේ දැනටත් මේක රූපවාහිනි චැනල් අයි එකේ මේක යනවා.


සීනා(Zena)



හික් හික් මේක නම් පොඩ්ඩක් හොරෙන් වගේ බලපු එකක් මම ඉස්සර.මොකද මේ සීනා කියන කෙල්ල හරියට අදුමක් වත් ඇදගෙන නැහැ නේ.හික් හික් ඒ මදිවට සමහර කෑලි වලට කො‍ටුත් දානවනේ.මේකේ සීසන් 6ම මම ගාව තියෙනවා


පන් පසිදු පන්(The Famous Five)




මට මතක විදියට මේක ගියේ මේ නමින් රූපවාහිනි එකේ.හරි නම තමා The Famous Five.මෙකේ කතා ඔක්කොම මම ගාව තියෙනවා.මේකේ පොත නම් හුග දෙනෙක් කියවලා ඇති.


ඔන්න ඕවා තමා මම ගාව තියෙන සීරිස් ටික.ඒ කිව්වේ පරන දේවල්.මේවා මම ගොඩක් ආදරෙන් තියාගෙන ඉන්නේ.පොඩි එකෙක් වෙන්න හදනවා නෙමේ ඕං හික් හික්.ඕනා කෙනෙක් මට මේල් එකක් දාන්න(sanchithadesilva@yahoo.com).අලුත් ඒවනම් ගොඩාරියක් තියෙනවා.නම් වශයෙන් කිව්වොත්.


The Simpson(1 to 20)
The Lost
prison break
Heroes
Jimmy Neutron
Sponge Bob
How I Met Your Mother
Spartacus

තව මට එකතු කරන්න තියෙන ලිස්ට් එකකුත් තියෙනවා.මෙවා ඔයාලා ගාව තියේනම් මට කියන්න.අහ් තව මට මග හැරුනු දේවලුත් තියේ නම් මට මතක් කරන්න


පිස්සු පූසා(මගේ එකක් උනත් මේක මම ගාව නැහැ ලොල්)
දොස්තර හොද හිත
ගලිවර්
නයිට් රයිඩර්
ටාසන්
හා හා හරි හාවා
ටෙක්සාස් රේන්ජර්
වයිපර්
බේ වොච්(හික් හික් මේක නම් අපේ අය බලන්න ඇතිනේ ආසාවෙන්)

විශේෂයෙන් රොබින්සන් අන්දරය.මේක හොයා ගන්න මම දගලපු හැටි මමයි දන්නේ.ඒත් තාම හොයා ගන්න බැරි උනා.රූපවහිනී රූ එන්ටර්ටේට්මන්ට් එකටත් ගියා.ඒකේ ඒක විකුනන්නෙ නැහැලු.දන්න දන්න හැමෝටම කිව්වා.ඒ කා ගාවවත් නැහැ.අනෙ ඔයාලා ගාව තියේනම් මට දෙන්න සල්ලි වලට හරි කමක් නැහැ.

ඒකේ තේමා ගීතය මට නම් කවදාවත්ම අමතක වෙන එකක් නැහැ.සයුරේ ජීවිත නැව පෙරලී.....මුතු සොයනා අය කොහේදෝ......

හිතුවට වඩා පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා.මම මෙතනින් නවතින්නම්.කියවලා බලලා කොමෙන්‍ටුවක් දාලා යන්න අමතක කරන්න එප ඕං.හික් හික්

ප.ලි:-මේ ලිපිය මම ලියන්න හිතුවේ පිස්සාගෙ පලාමල්ලේ මේ ලිපිය නිසා.

36 ක් අදහස් දක්වන ලදී:

චතුර.... said...

ආසාවෙන් බැලුව එකක් තියෙනවා ඒකේ නම නම් මතක නෑ, ස්වර්ණවාහිනියේ තමයි ගියේ නම මෙන්න මේ වගේ නමක් Emily ..

පිස්සු පුසා said...

Emily....ම්ම්ම්ම් අහලා නම් නැහැ සහො.

Anonymous said...

පට්ටනේ.අර simpson ඒක නිවාඩු කාලේ බලන්න ඕන.පුලුවන් නම් නයිට් රයිඩර් හොයල දෙන්න.හැබැයි පරන සීරීස් එක.ඔයා ඉන්නෙ කොහේද?මට එන්න හිතෙනවා ඔය ටික ගෙනියන්න.රොබින්සන් අන්දරය මගේ යාලුවෙක් ලග තිබුනා වගේ මතකයි.බලමු මම අහල කියන්නම්.මේ දවස් ටිකේ Exam එකට රෙඩි වෙනවා.ඔය සමහර සීරීස් ටීවී එකේ යන කාලෙ අපේ ගෙදරට කරන්ට් එක තිබුනේ නෑ.මම කිලෝමීටර තුනක් විතර බයිසිකලේ යාලුවෙකුගේ ගෙදර ගිහින් තමයි බලන්නෙ.

Anonymous said...

@ චතුර
Early edition.

hare :-) said...

ආයෙ කියල වැඩක් නෑ ඔය මුල් සෙට් එක නම්. ඒව බලද්දි ආයෙත් ඒ කැලෙට යනවා. ටිං ටිං නම් මම මේ දවස්වල බාගෙන බලනවා. ඒකෙ නම් චිත්‍රපටියත් එන්න තියෙනවනේ.

කාංචනා අමිලානි said...

අයි.ටී.එන් එකේ ගියා ටි.වී සීරීස් එකක් 'ඇමසන්'කියලා.ප්ලේන් එකක් ගෝත්‍රිකයො ඉන්න කැලේකට කඩාගෙන වැටිලා ඒකෙ ඉතිරි වෙන ළමයෙකුටයි තව වැඩිහිටියො කිහිප දෙනෙකුටයි වෙන දේවල් තමයි තියෙන්නේ.මම ටොරන්ට් එකක් හොයනවා සෑහෙන කාලෙක ඉදලා.තාම නම් ලැබුනෙ නෑ.

Unknown said...

කියලා වැඩක් නැහැ ඔය පරණ TV සීරිස් වලට ලංවෙන්න නම් ඉතින් ඔය අලුත් ඒවාට බැහැ..
X-Files - ඕක තමයි ඒ කාලේ පිස්සුවෙන් වගේ බැලුවේ..හිකිස්‌..මැක්සා...
මේ කාලේ නම මම බලන්නේ Vampire Diaries තමයි..ඒකත් සුපිරියි..කතාව නියමයි..
Cartoon ගත්තම Road Runner එක එහෙම තාමත් බලන්න පුලුවනේ..තාම හවසට හවසට දෙරණේ පේන්නට කාටුන් සෙට් එකේ ඒක පෙන්නනවා..
Legend of the Seeker සීරිස් එකත් පට්ට..

දුමී said...

ස්තූතියි මල්ලි, මේ අතරින් රොබින් හුඩ් කියන්නේ සිරාම සීරීස් එකක්. ඒ දවස්වල පිස්සුවෙන් වගේ තමයි බැළුවෙ. ඔන්න මමත් ඩව්න්ලෝඩ් පාරක් දාන්න පටාන් ගත්තා...!

සේලරු සින්බාද් said...

ස්තුතියි යාලුවා ඔයා මගේ ජිවිත් ලස්සනම කාලය මතක් කළා.
ඔයා ගාව තියෙන ටිකක් මට ඕනේ. මම මේල් එකක් දැන්නම් ඔයාට.
ජාතික එකේ ගියා ලස්සන කතාවක් මතක හැටියට විස්මිත දිවයින කියල.
ඉංග්‍රීසි නම mysterious island. රොබින්සන් අන්දරයට දෙවැනි නෑ.

Anonymous said...

යාලුවේ,මමත් ඔයා වගේම, ඔය හැම කාටුන් එකකම .ටි.වි සීරීස් එකකම පිස්සියක්..කිව්වත් හරි.. ඒ තරන් මන් ආසයි..x-files නම් බෑලුවේ නෑ....එකක් දෙකක් ඇරෙන්න ඔක්කොම බලලා තියෙනවා..

වැඩි පුරම ආසා රොබින්සන් අන්දරයට..ඕක යද්දි අපි පොඩිනේ.. කොච්චර අසාද කිව්වොත් පොඩි කාලෙ දින පොතේ ..අන්ස්ට් ගැන ලියලා තිබිලා..තාමත් ඒක මතක් කරනවා..අපේ ගෙදර අය

මතකද එමලි,බෙන්,ජුවනා,බිලි..ඔයාට කොපි එකක් හම්බුනොත් අනිවාර්යෙන් අපිත් එක්ක බෙදා ගන්නවා නේද?..

ඇති...සතුට වැඩි කමට ගොඩක් කියෙව්වා වගේ.. ඒ තරන් මන් ආසයි..පුන්චි කාලේ රවුමකුත් ගියා මේ ටිකට.

ඔයාට ගොඩක් ස්තූති..

මි හරක් පිඩියා said...

අද තමයි පලවෙනි පාරට මේ පැත්තේ ආවේ..
මෙතනින් මම බලපු,මම ආසම Spell Binder එකට..ඒක කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ....

සාතන් said...

අඩේ උඹ ගාව මාර කලේක්ෂන් එකක්නෙ තියෙන්නෙ... ඒ වුනාට මම කැමතිම එක නෑ... :(

මතකද සිල්වර් සන් කියල එකක් ගියා මෑතකදි... ඕක තමයි මගේ ෆේවරිට්.... නෙට් එකේ හෙව්ව හෙව්ව හම්බුවුනේ නෑනෙ...

පිස්සු පුසා said...

@නදීර : ඕකේ මචන් මම නයිට් රයිඩර් හම්බුනොත් උබට කියන්නම්.මචන් මම ඉන්නේ කොට්ටාවේ.මේ පැත්තේ එන්න.මම මෙ ටික දෙන්නම් ඔයාට.එක්සෑම් හොදට කරන්න.සුබපතමි

@hare : හික් හික් ඔව් සහෝ.ඔව් ඔව් මාත් මේ ඒක එනකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ

@කාංචනා : අහ් ඔව් ඔව් මටත් මතකයි.හැබැයි එච්චරටම මතකයක් නැහැ .බැලුව කියල නම් මතකයි.තැන්කිව් වේවා මතක් කරාට.

@ChammA :ඔව් පරන ඒවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.මාත් Vampire Diaries බලනවා.හික්ස් Road Runner වීඩියෝ මම ලගදි දවසක බෑවා.ඔක්කොම නෙමේ.තාම බලන්න හම්බුනේ නැහැ

පිස්සු පුසා said...

@දුමී :ස්තූතියි අයියා මේ පැත්තේ ආවට

@සේලරු :එලකිරි මාත් කැමතියි ඕනම වෙලාවක.එල මට මේල් එකක් දාන්න.විස්මිත දිවයින ඇඩ් එකක් නම් ඉස්සර දැක්ක වගේ ලාවට මතකයි.

@අසනි : අප්පා කොහොම අමතක වෙන්නද අන්ස්ට්,එමලි,බෙන්,ජුවනා,බිලි....ඔව් අනිවා ඔයාලත් එක්ක බෙදා ගන්නවා.ස්තූතියි මේ පැත්තේ ආවට

@මී හරක් පිඩියා : ඔව් ඒවගේ ඒවා අද නැති තරම්.ස්තූතියි සහෝ ආයෙත් එන්න

@සාතන් : අඩේ ඔව් ඔව් මතකයි මතකයි.ශික් මට ඒක අමතක උනානේ.ඔයාට ජංජාලේ හොයලා මොකක් හරි බාන්න පුලුවන් එකක් හම්බුනොත් මටත් කියන්න හොදේ

සංකල්ප said...

අඩේ මම් ආසාවෙන් බලපු සීරීස් ටිකක් නේ. මම නම් වැඩියෙන්ම ආස කරන්නේ අර සීනා කතාවයි මෙතන නැති උනත් ලොස්ට් වර්ල්ඩ් කතාවටයි. අනිත් ඒවටත් කැමතියි. ඔක්කොම පට්ට කතා.

සාතන් said...

උඹ මඟුලක් කතා කරනව... ඒකෙ හිටපු පැන්ච කෙල්ලට පිස්සු වැටිල හෙව්ව යකෝ හෝ ගාල මාස ගානක්ම... මට හම්බුවුනේ නෑ.. බොට හම්බු වුනොත් කියපන්...

චතුර.... said...

@ නදීර සඳරුවන් ලියනගේ

Early edition නෙවෙයි ,මේක ලොකු අම්මා ගාව ඉන්න පුන්චි ගෑනු ළමෙක් ගැන කතාවක්.ස්වර්ණවාහිණියේ මෝග්ලි විකාශය වුන කාල වකවානුවේම තමයි මේක විකාශය වුනෙත්..

චතුර.... said...

හම්බ වුනා ඒකේ නම Emily of new moon මතකද බලන්න මේ කතාව. කවුරුවත් මේ ගැන කියලා තිබුනේ නෑ..

සොඳුරු ආගන්තුකයා said...
This comment has been removed by the author.
සොඳුරු ආගන්තුකයා said...

මාර කලෙක්ෂන් එකක් නෙ එකතු කරන් තියෙන්නෙ!! අනේ ඉතිං මේ පොඩි ඩොංගල් කට්ටෙන් කොහේ ඩවුන්ලෝඩ් කරන්නද? (දුක මුහුණ )
ඔතන තියන ඒවයින් spellbinder තමා මම ආසම එක. කිව්වත් වගේ ඒ වෙලාවට ලයිට් ගියොතින් නම් අපේ පැත්තෙ විදුලි බල මණ්ඩලේ කස්ටියගෙ හත්මුතු පරම්පරාවටම නන්ස්ටොප් කිඹුහුන් යන්න ඇති.......

මහිම මදුරංග said...

anee ban oya tika ganna vidiyak nedda?
kohoma hari anee plz

෴ හසියා ෴ said...

මචං ම‍ගෙත් විනෝදාංශේ ඕක තමා.... බැරි වෙයිද හුවමාරුවක් දාගන්න....?
මම මේලක් දාන්නම්....

ashen malinda said...

අර අමුතු කතවක් තිබුනා මතකද අර හොල්මන් ගැනියෙක් උදව් කරනෙ මොකඩ්ඩ හොයන්න.. අර වලහෙක් වගෙ කොන්ඩෙ තියෙන්නෙ.. පුලුවන්නම් කියන්නකො...

ashen malinda said...

අර අමුතු කතවක් තිබුනා මතකද අර හොල්මන් ගැනියෙක් උදව් කරනෙ මොකඩ්ඩ හොයන්න.. අර වලහෙක් වගෙ කොන්ඩෙ තියෙන්න කොල්ලෙක් ඉන්නෙ.. පුලුවන්නම් කියන්නකො.

සිංහල කොල්ලෙක් said...

ela machan

Isira said...

නියමයි මේ හැම එකක්ක්ම මරූ ........එත් ටයිටස් මාමා අපි අතරෙන් සමු ගත්ත නේද .......:(
star gate, x files. spell binders.....වගේ series වලට ගහන්න ඒවා නෑ....
රොබින්සන් අන්දරය එකේ song එක නම් ලගදි blog එකක තිබිල හම්බුනා..
ඔයාලට මතකද Around the Twist (ට්විස්ට් පවුලේ වික්ක්‍රම) එකත් මර්රේ මරූ.... ඔය ගව තියන series ටික ගන්න අසයි බොහොම ස්තුත්යි අතීතයට රැගෙන ගියාට....

Susantha said...

නයිට් රයිඩර් පරණ එකේ ටිකක් නම් මන් ගාව තියෙනවා හැබැයි DVD වල තිබ්බේ හොයලා බලන්නම්. වීඩියෝ සෙන්ටර් එකකට ගියා නම් හොයාගන්න බැරි වෙන එකක් නෑ. හොයා ගන්න බැරි වුනොත් කියන්න මන් ගාව තියෙන ටික දෙන්න පුළුවන්

NalinW said...

do you have MR Bean series?

YashoK said...

ටිකක් පරක්කු වෙලා දැක්කා උනත් කොමෙන්ටුවක් දාන්නම හිතුනා:)මතකද
Relic Hunter??? Sydney & Nigel ඉන්නේ, තියනවනම් ලින්ක් 1ක් දාන්න

Anonymous said...

mamath tikak parakku wela thamai me blog 1 dakke eka nisa komentuwak danna ma hithuna ai yaluwane dosthara hodahitha man gawath keepayak thiyanawa habai kotas 2,3 macho man ubata mail 1 dannanko good luck

Anonymous said...

sorry macho uba dosthara hoda hitha eka ganath dala thiyanawa mama passe dakke

Nët Master said...

පිස්සු පුසා මමත් Tv කතා වලට ගොඩක් කැමතියි
http://freealltvshows.blogspot.com/

Upul said...

ඇයි යාළුවා mortal combat , SINBAD , AMOZON , INCREDIBLE HULK , පට්ටනේ මේ කතා ටික

Amila Karunathilaka said...

meke ayithikaraya meka balanawada danne ne eth mata owage link tika hoyala dennako plz

TechGeek said...

https://www.youtube.com/watch?v=D6Un5twl_Xw

TechGeek said...

Robinsan Andaraya https://www.youtube.com/watch?v=D6Un5twl_Xw

Post a Comment