Saturday, July 16, 2011

රස කතා

අන්දරේ, රජතුමා සහ වම්බටු

අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි.

වම්බොටු කොහොමද? රජතුමා ඇසීය.

රජ කෑමක් රජතුමනි, යැයි අන්දරේ කීය.

දෙසතියකට පසු අන්දරේ යළිත් වතාවක් රජතුමා සමඟ එම වම්බොටු වගාව පසුකර යමින් සිටියේ ය.

තුඃ නොදකින් ජරා කෑම, රජතුමා කීය.

අන්දරේ එකපැහැර කීයේ ඇත්ත, බලූ කෑමක් රජතුමනි කියා ය.

ඇයි යෝදයෝ දෙසතියකට කලින් කිව්වේ රජ කෑමක් කියා නේද යැයි රජතුමා වික්ෂිප්තව විමසීය.

සිනාසුනු අන්දරේ මෙහෙම කිව්වලු.

“මම සේවය කරන්නේ වම්බොටුවලට නොවෙයි, රජජතුමාට නේ”

.......................................................................

සිංහකූඩුව

දවසක්, හීනියට සෙට් වී පසුව තරමක් වැඩි කරගත් සත්තු වත්තේ මුරකරු බමන මතින් ගෙදර යාමට මැලිකමක් දැක්වූයේ තම බිරිද සිහි වීමෙනි.

ටිකක් නිදාගෙන වෙරි මත අඩු වූ පසු ගෙදර යන්නට සිතු මුරකරුවා නිදාගන්නට සුදුසු ස්ථානයක් සොයාගත නොහැකි වූ තැන “මොනවා වුණත් කමක් නෑ” යයි සිතා හෙමින් සීරුවේ සිංහයාගේ කූඩුවට රිංගා නිදාගන්නට විය. 


මඳ වේලාවක් ඉවසා වදාරා බැරිම තැන සැමියා සොයා සත්තු වත්තට පැමිණි මුරකරුවාගේ බිරිඳ සිංහ කූඩුවට වී සැපට නිදා සිටින තම සැමියා දැක මෙසේ කියා යන්නට ගියාය. 


‘නෙදකින් බයගුල්ලා. . බීලා ගෙදර එන්ඩ බයේ. . . සිංහ කූඩුවට වෙලා නිදි’

1 ක් අදහස් දක්වන ලදී:

සාතන් said...

‘නෙදකින් බයගුල්ලා. . බීලා ගෙදර එන්ඩ බයේ. . . සිංහ කූඩුවට වෙලා නිදි’

පට්ටයි හොදේ...

Post a Comment