Monday, August 1, 2011

තවත් පරන කාටූන් සෙට් එකක්


මම ලියපු ඉස්සර බලපු ටීවි සිරිස් සහ කාටූන්,දොස්තර හොද හිත,පිස්සු පූසා පෝස්ට් වලට හොද ප්‍රතිචාරයක් හම්බුන නිසා මම මේ ටිකත් දාන්න හිතුනා.කමෙන්ට් දාපු පෝස්ට් එක බලපු හැමෝටම මම ගොඩාක් ස්තූති කරන්න ඕනා.මොකද ඒ අය නිසා තමයි මට ලියන්න ශක්තියක් වෙන්නේ.ස්තූතියි යාලුවනේ ඔයාලට.මම ගාව තියෙන ටීවි සිරිස් හා කාටූන් ඉල්ලලා මට ගොඩක් මේල් ලැබුනා.ඒ අයට ඒ ටික මම ලබා දෙන්නත් කටයුතු කරමින් ඉන්නවා.


මම ඉතින් කොහොමත් කාටූන් පිස්සෙක් නේ.මේවා ඔක්කොම වගේ මම බලලා තියෙනවා.ඉතින් කවදාවක් වත් මට මේවා අමතක වෙන්නේ නැහැ.දැන් ඉන්න ලමයිට මේ වගේ කාටූන් රසවිදින්න වාසනාවක් නැහැයි කියලයි මට හිතෙන්නේ.අනික මේවා පෙන්නුවත් අද කාලේ අයට මේවා බලන්න වෙලාවකුත් නැහැ නේ.ඒ කලේ අද තරම් තාක්ෂණය අතින් දියුණු නැති උනත් ටයිටස් තොටවත්ත මහත්මයා කරපු දේවල් අදටත් අපේ හිතේ තියෙනවා.කොටින්ම කිව්වොත් අද ඉන්න උන් ටයිටස් තොටවත්ත කියන්නේ කව්ද දන්නේ නැතුව ඇති.අද කාලේ තාක්ෂණය කොච්චර දියුණු උනත් ඒ වගේ දේවල් කරෙන්නේ නැහැ.ඒකයි අද ලමයින්ට පෙන්නන දේවල් ජනප්‍රිය වෙන්නේ නැත්තේ.


එදාට වඩා රූපවාහිනී නාලිකා කොච්චර අද තියෙනවද?? හරි නම් වෙන්න ඕන ඉතා හොද වැඩසටහන් වැඩියෙන් නිෂපාදනයනේ. ඒත් දැන් වෙන්නෙම පුළුවන් තරම් මෙලෝ රහක් නැති  කාටූන්,ටෙලි නාට්‍යය නිෂ්පාදනය වීම.ඉස්සරහට බලන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි මේක උදව් වේවි බලා ගන්න මොනවද ඉස්සර තිබ්බ කාටූන්,ඒවා කොච්චර ලස්සනද  කියලා.මොකද අද කාලේ ඉන්න ලමයි මේ වගේ කාටූන් තිබ්බ කියලවත් දන්නේ නැති නිසා.හරි හරි කියෙව්වා වැඩිද කොහෙද..වැල් වටාරම් නැතුව කෙලින්ම කතාවට බහිමු.


මුලින්ම හා හා හරි හාවා නොහොත් bugs bunny



හා හා හරි හාවා...කැලේ මැදින් ආවා....හිටගෙන ගග ගාවා...වටපිට ඇහැලෑවා.මේකේ වීඩියෝ එකක් මම අමාරුවෙන් හොයා ගත්තා මෙන්න ඒක....


කැස්පර් නොහොත් Casper The Friendly Ghost


සැපට දුකට එකට ඉන්නවා.වැරදි තැනදි දඩුවම් දෙනවා...හ හ හා කැස්පර්.මෙයාලු අපේ යාලුවා.




ගලිවරයන් ගේ සුවිසැරිය නොහොත් Gulliver's Travels Glum





වලස් මාමා නොහොත් The Beary's Family


මාමා වලස් මාමා...නැන්දා වලස් නැන්දා....කවුරුද කවුරුද රංඩු කරන්නේ..නැන්දයි මාමායි රංඩු කරන්නේ....මට මේකේ සිංහල එක නම් හොයාගන්න බැරි උනා.ඉංග්‍රිසි එක නම් හම්බුනා.මෙන්න ඒක.


සැපදුක හාරන මීයෝ


මේක ගියේ රූපවාහිනියේ.ඔයලට මේක අමතක වෙන්න ඇති නේ..ඔන්න මට නම් අමතක නැහැ හොදේ..හික් හික්


ඊලගට දගර වලිග ලප වානර නොහොත් Marsupilami




මේක රූපවහිනියෙන් මිලදීගන්න පුලුවන් රූ එන්ටටේට්මන්ට් වලින්.මම හොයගත්තා වීඩියෝ එකක්.නමුත් මේක ඔරිජිනල් එක නම් නෙමේ



සෝරෝ....


අසි අසි අසි..අසිපත අත ගත් අසරුව සෝරෝ සෝරෝ..



හයිලෑන්ඩර්






පැංචා


කව්ද බෝයි


මේක දැන් පෙන්නන්නේ නැත්තේ මේකේ වැඩිපුර දුම් පානය දර්ශන ඇතුලත් නිසා



බබාලන්තය නොහොත් තොත්ත බබාලා


ණාන කතා මල්ලියා


තව මට හොයා ගන්න බැරිඋන ටිකක් තියෙනවා

ඉගුරු පාන් මල්ලියා
නයිල් නදී කුමරී


මම මෙතනදී සූර පප්පා,දගයා ගැන කිව්වේ නැත්තේ ඒක තාමත් ටීවි වල යන නිසා.


මෙතනදී මම තව දෙයක් මතක් නොකලොත් මම අසාදාරනයක් කලා වෙනවා ඒ ටයිටස් තොටවත්ත නොහොත් ටයි මාමාට.ඔබ අපිට ලබා දුන්නු දේවල් වලට අපි සදා ණයගැතියි ටයි මාමේ.


ටයි මාමා සමග සිලුමිණ සාකච්චාව මෙතනින්

තව අතුල රංසිරිලාල් මාමාටත් ස්තූති වෙන්න ඕනා

12 ක් අදහස් දක්වන ලදී:

සංකල්ප said...

දගර වලිග ලප වානරයි සොරෝයි ඇරෙන්න අනිත් සේරම ටික නම් මම් බලලා තියෙනවා. ඒ කාටුන් දෙක නම් මිස් උනා. ඒ දවස්වල පන්ති වැටෙන්න ඇති මයේ හිතේ.

මොකෝ කාටූන් ගැනම ලියන්නේ ???

Anonymous said...

මමනන් මේ ටිකම බලලා තියෙනවා..වලස් මාමා නම් නියමයි..නගරාධිපති බබා..පොලිස් බබා..හි හී ඉස්සර අපේ යාලුවොන්ට තිබ්බෙත් බබා නම්..මරු මරු..දගර වලිග ලප වානර..නියමයි..දැන් ඒකම වෙන නාලිකාවක දැක්කා..ඒක හොද නෑ...

මන් වගේම කාටුන් පිස්සෙක් හමු වීමම සතුටක්..

මි හරක් පිඩියා said...

අඩේ උබට මාර කාටුන් පිස්සුවක් නේ තියෙන්නෙ.
මටත් තියනවා අවුලක් නෑ.අපි තාම චූටි එවුන් නේ.

@අසනි..මම මගේ නෙමෙයි අපි වගේම කියන්න...

චතුර.... said...

වෙනස් ආකාරයකට වුනාව දඟර වලිග හඬ කවලා තියෙන ආකාරය මට නම් අල්ලනේ නෑ, පහු ගිය කාලේ පිස්සු හැදිලාවගේ Avatar , The last air bender බැළුවා , 20GB ටොරන්ට් එකක් තිබ්බා මගේ හිතේ..

Anonymous said...

කාටූන් ගැන ලියන එක එළ.පොඩි කාලෙට ගියා වගේ."අතුල රංසිරිලාල්" ලෙස නිවැරදි විය යුතුයි.

Unknown said...

දහර වලිගෙ ලප වානර නම් මාත් බලලා නැහැ..ඉතුරු ටික ඔක්කොම බලල තිබේ...පුංචි කාලේ මතක උනා මේවා ටික දැක්කම

පිස්සු පුසා said...

@මධුරංග :හි හි ඒ දෙකත් බලන්න.සිරා..
"මොකෝ කාටූන් ගැනම ලියන්නේ ???" :- නිකන් ලියන්න
හිතුනා.පුංචි කාලේ මතක් වෙලා.... :D

@අසනි :හි හි එසේම වේවා.. ;)

@මි හරක් පිඩියා :හික් හික් ඔව් ඔව් අපි තාම චූටීනේ. ලොල් ;)

@චතුර :ඔව් මාත් ඒක මේ දවස් වල බාන ගමන් ඉන්නේ.

@නදීර සඳරුවන් ලියනගේ :අහ් සමාවෙන්න ඕනා..මම ඒක නිවැරදි කලා.බොහොමත්ම ස්තූතියි යාලුවා :)

@ChammA :ඒකත් බලන්න සිරා

මහිම මදුරංග said...

කව්ද බෝයි baganna vidiyak hoyala dennako

පිස්සු පුසා said...

@mahima :ම්ම්ම්ම් මම හොයලා හම්බුනොත් මම කියන්නම්

Susantha said...

තොත්ත බබාලා කාටූන් එකේ ඇත්ත නම මොකක්ද?

Anonymous said...

මෙතන තියෙන කාටූන් ඔක්කොම බලලා තියෙනවා .. තව ජාතික රූපවාහිනියේ කාටුන් දෙකක් ගියා ඒ දෙකේම නම මට මතක නෑ එකක තියෙන්නේ ලමයෙකුයි කලු කොටියෙකුයි අප්‍රිකාව තමා කතාවට පාදක වෙලා තියෙන්නේ නිකන් ශීටා වගේ නමක් තියෙන්නේ අනික් කාටූන් එකට පාදක වෙලා තිබුනේ ආතර් කොනන් ඩොයිලිගේ ලොස්ට් වර්ල්ඩ් පොත

Unknown said...

තොත්ත බබාලා කාටූන් එකේ ඇත්ත නම මොකක්ද?

Post a Comment