Tuesday, August 2, 2011

යකඩ කල්ලිය


ඔන්න පිස්සු පූසට ඉස්කොලේ මතක් උනා.ඒ මේ ෆොටෝ එක අද අහම්බෙන් දකින්න හම්බුන නිසා.මම හිතුවේ මේක මගේ පිච්චුන හාඩ් එකේ කියලා.දෙවියන්ට ස්තූති වෙන්න ඒක මම සීඩී එකක ගහලා තිබිලා.යකඩ කල්ලිය කියන්නේ අපේ ඉස්කෝලේ අපි සෙට් එකට කියපු නම.මේක හැදුන හැටි නම් මම වත් දන්නේ නැහැ.ඒ කාලේ ඇත්තටම හරිම සුන්දරයි.වලියක් කොතනද ඒකට අපේ එකෙක් හරි සම්බන්දයි.නැත්තම් ඉස්කෝලේ වලි අපේ එකවුන්ට් එකට කොහොම හරි වැටෙනවා.අනිවා.මේ සෙට් එක හැදුනේ ඒ ලෙවල් කරපු කාලේ.මෙතන ගොඩාක් අය අපේ ඉස්කෝලෙට ඒ ලෙවල් කරන්න අලුතින් ආපු අය.මුලදී පොඩ්ඩක් සීන් තිබ්බත් පස්සේ අපි හොදටම ‍ෆිට් උනා.කොටින්ම කිව්වොත් එකම සෙට් එකක් උනා.

මෙකේ පරණ අයට ඉන්නේ මායි,සුප්පා(සුපුන්),නාමා(නාමල්),ටීපී(තුසිත),කොටා(බුද්දි),රංදික.අලුත් අය,දනුෂ්ක,කුසල්,නලීන්,ජනිත්,ඩිලාන්,උදාර,නිසල්...ඉතින් මේ අයගෙන් සමහරක් දැනට මිසින් වෙලා තියෙනවා.අනිත් අයනම් මට ඉදලා හිටලා සෙට් වෙනවා.යාලුවනේ අපිට හැමදාම ඉස්කොලේ යන්න තියෙනවනම් නේ??කොච්චර එකක්ද???


සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසැල් කාලේ...
ආයෙත් එනවානම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ....

පාසැල් මව් තුරුලට වීලා...අයන්න ආයනු ගලපාලා...
නොදැනිම අවුරුදු දොලහක් ගෙවිලා..නිමා වෙලා පාසැල් කාලේ...

සමනල රෑනක් සේ ඉගිලී....

දුව පැන නට තරග කරාලා...ජය ගෙන හිනැහුනු ඒ කාලේ...
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්..විදු මව් තුරුලේ උන් කාලේ..
සුලගට හසු වූ පහන් සිලක් මෙන්...සැගව ගියාදෝ අපේ බාලේ..

සමනල රෑනක් සේ ඉගිලී....


මේ වීඩියෝ එකත් බලලම යන්න.මේක ඇත්තටම හිතට වදිනවා.හරිම ලස්සනයි.


13 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

ම්ම්..මෙයැයි පිස්සු පූසෙක් වුනාට..යකඩ යකෙක්නේ බලන් යද්දි..දැන් ඔයැයි සංචිතද..?හික්ස්..

පිස්සු පුසා said...

හික් හික්..ලොල්.කොහෙද මේ ටිකේ අතුරුදහන් උනේ??ඔව් එක තම යාලූ මගේ නම ;).මීටර් උනා නේ?? ;)ස්තූතියි යාලූ මේ පැත්තේ ආවට

Anonymous said...

ඇයි දෙයියනේ..මේ ටිකේ ටිකේ කියන්නේ උදේ විතරනේ..හිටියේ නැත්තේ මේ පැත්තේ..අපි නැති අඩුවත් දැනෙනවා එහෙනන් ඈ...හික් හික්..සන්තොසේ බෑ..

අසනිලට දැන් ආයේ විස්සවිද්‍යාලේ පැත්තේ යන්න වෙලානේ යාලු..හවස් යාමෙට තමයි අයේ මේ පැත්තේ ගාටන්න වෙන්නේ..දුකේ බෑ අප්පා..

චතුර.... said...

අපි නම් වලි දා ගන්න ගියේ නෑ ඒත් එල සෙට් එකක් හිටියා..

Sabith said...

සිරාවට මචං!ගොඩක් දේවල් හිතේ මැවෙන සිංදුවක්!

සංකල්ප said...

මේකා සිරාම යක්ඩ පූසෙක් නේ !!!!
ඒ කාලේ කරපු කියපු දේවල් මතක් වෙනකොට වෙලාවක හිනාත් යනවා. ඔහොම දේවල් ඒ කාලේ කරන්නේ නැතුව කවදා කරන්නෙයි.

Nishan de siva said...

ඒ කාලේ(ඒ කිව්වෙ මගෙ නම් O/L කාලේ) මතක් වෙද්දි මාර දුකක් හිතට එනවා ආයේ ඒ වගෙ කාලයක් එන්නේ නෑ නේද කියලා

සත්සමුදුර said...

පාසල් කාලය වගේ සැහැල්ලු කාලයක් ආයෙමත් නම් අපිට ලැබෙන්නේ නැහැ...

පිස්සු පුසා said...

@අසනි :අහ් එහෙමද එල එල.හවසටවත් මේ පැත්තේ එන්න ;)

@චතුර :අපි නම් වලිම තමා.හැබැයි මරා ගත්තේ නැහැ.ගහ ගත්තා විතරෛ ඕං... ;)

@Sabith :ඔව් මචන්.මේක ඉදිරිපත් කරන විදිය ඔරිජිනල් එකට වඩා සිරා

@මධුරංග : හිකිස්...අප්පා ඒ දේවල් ආයෙත් කරන්න තියෙනවනම්.කොහෙද ඕවා කරන්න බෑලුනේ.අපි වයසට ගිහින්ලු.මට ඇහිලා තියෙනවා

@නිකමා :ඒක තමා

@දිනේශ් දීපාල් :අනිවා.අපිට ගෙදරින් කෑම බීම ඇදුම් පැලදුම් ඔක්කෝම හම්බුනානේ.ඒ කාලේ කොච්චර සැහැල්ලුද...ඒත් දැන්???? :(

පිස්සා පලාමල්ල said...

ස්කොලෙ කාලෙ වගේ කාලයක් නම්.. හපොයි

පිස්සු පුසා said...

@පිස්සා පලාමල්ල :ආයෙත් යන්න තිබ්බනම් අනිව යනවා නේ??????

මාධව විදුරංග said...

aththa bn! school time 1 mathak weddi godak dukai sathutui! :)

....ජනියා.... said...

අතිතයේ මිහිරි මතක ඔහොමතමයි...
මරෙ මරු යකඩයො ටික

Post a Comment