Thursday, August 25, 2011

කුප්පි දාද්දී යාලුවන්ට එලි කිරීම...


ඔන්න මම මේ කියන්න හදන්නේ අපිට පාඩම් කරන කොට එහෙමත් නැත්තම් කුප්පි දානකොට පොඩි චේන්ජ් එකටත් එක්ක ටික වෙලාවකට හිනා වෙන්න පුලුවන් වැඩක්.මේකෙන් රෑට නිදි මරනකොට නිදිමතත් නැති වෙනවා.


මේක අපි දැන් 3න් දෙනෙක්ටම අත්හදා බලලා තියෙන්නේ.ඒකෙන් 2න්නෙක්ම ලනුව කෑවා.අපි ඒ කියන්නේ අපේ සෙට් එක මිඩ් එකටයි ෆයිනල් එකටයි කුප්පි දාන්නේ අපේ යාලුවෙක්ගේ බෝඩිමක.අපි ඉතින් අඩුම තරමින් 10ක් 12ක් වත් සෙට් වෙනවා.බෝඩිමේ අයියාගෙනුත් කිසි අව්ලක් නැහැ කෑ ගහන එකට මොකද බොඩිම තියෙන්නේ උඩම තට්‍ටුවේ.ඒක නිසා අපේ කට හඩවල් වල සද්දේ යටට ඇහෙන්නේ නෑ.දන්නවනේ කොල්ලො 10ක් 12ක් සෙට් උනාම කොහොමද කියලා.

ඉතින් අපි ඔහොම පාඩම් කරනකොට එකෙක් දෙන්නෙක් බුදියනවා හොරෙන්.ඉතින් ඒ වගේ උන්ට තමා මේක හරියන්නේ.හරි හරි අ‍ටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බහිමු.

මේක අපි මුලින්ම අත්හදා බැලුවේ ෆයිනල් එක්සෑම් දවස් වල.ඒ කියන්නේ එක්සෑම් පටන් ගන්නේ උදේ 9ට.එදා කොහොම හරි අපිට තව බලන්න පාඩම් 4ක් විතර ඉතුරු වෙලා තිබ්බා.එක බුවෙක් වාඩි වෙලා හිටපු ඇදේම ඇල වෙලා නිදි.

ඉතින් අපි සෙට් එකම උගේ ෆෝන් එකෙයි ඔන් කරලා තියෙන කොම්පියුටරෙයි තව ෆෝන් 2ක 3නක වෙලාව 5.30ට දාලා සෙට් එකම කිසි සද්දයක් නැතුව නිදා ගත්තා.ඒත් එකෙක් එක ෆොන් එකක විනාඩි 2කකට ඒ කියනේ 5.32ට එලාම් එක තියනවා.ඉතින් අපි නිදි වගේ බොරුවට රගපානවා.

එලාම් එක වැදුනට පස්සෙ එකෙක් නැගිටලා ලයිට් දාලා කට්ටියට ගගහා නැගිට්ටනවා.අඩෝ නැගිටපන් වෙලාව 5.30යි බන් කිය කිය.අර නින්ද ගිය බුවාටත් ඕක කියලා අපි ඇහැරවනවා.කොහොම හරි සැක නොහිතන විදියට වැඩේ කරන්න ඕනා.ඌ නැගිටිනකන් අපි බොරුවට නිදි වගේ රගපානවා.ඔයාලට කියන්න අපි මේක මූට කරනකොට ඇත්ත වෙලාව 10ට විතර ඇති.

බුවා නැගිටලා මුලින් උගේ ෆෝන් එකේ වෙලාව බලනවා.ඊට පස්සේ තමා පොරට තරු විසික් වෙන්නේ..ඊට පස්සේ ඌත් අනිත් උන්ව ඇහැරවනවා.ලොල් තමා ඉතින්.බොහොම අමාරුවෙන් හිනාව තද කරන් අපි ඉන්නේ ඒ වෙලාවට.ඉතින් මූ බයවෙලා.


"අඩෝ තව පැය කීයද බන් තියෙන්නේ.පාඩම් කරපුවත් ආයෙ බලන්න විදියක් නැහැ.තව ලෙක්චර්ස් 4ක් එහෙම් පිටින්ම ඉතුරු වෙලා තියෙනවනේ.බලපන් තොපි නිදාගත්තනේ පාඩම් කරන්නේ නැතුව."ඔන්න ඔහොම තමා බුවාගේ ප්‍රතිචාරය.


හිකිස් අපි බුවාට කිව්වා හරි හරි දැන් මූන හෝදගෙන ලෑස්ති වෙලා වරෙන් කියලා.මූ දත් මැදලා වොශ් එකක් එහෙම දාගෙන එනකොට අපි ගානට ටයිම් සෙට් කරලා ඉන්නවා.


මු ආවම අපි ඇත්ත සීන් එක කිව්වම &^%$#*&^^%*******.


පලි:මේක මෝඩ ආතල් එකක් වෙන්න පුලුවන්.ඒත් කුප්පි දානකොට කරලා බලන්න බඩ පැලෙනකන් හිනා වෙන්න පුලුවන්.

5 ක් අදහස් දක්වන ලදී:

Unknown said...

අපිත් ඕක වෙන විදියකට කරලා තියෙනවා..පට්ට ආතල් වැඩේ..
අපේ නම් කුප්පි වලට සෙට් වෙන්නේ ලෙක්චර් හෝල් එකටමනේ..ඒක නිසා "වැඩිය" පිස්සු කෙලින්නේ නැහැ ;)

පිස්සු පුසා said...

අපෝ මට නම් කොමන් රූම් එකේ කුප්පි දාන එක එච්චර අල්ලන්නේ නැහැ.සද්දේ නිසා.හිකිස් ඔව් ඔව් "වැඩිය" නේ ;)

Anonymous said...

අපේ නම් කුප්පි දැමිල්ල මරු...කන බොන එකයි..වල් පල් දොඩවන එකටයි කාලේ ගියාම කුප්පි දාන්න වෙන්නේ හෙට තමා..කරුමෙට වගේ හෙට එන් නෑ අනේ...

සංකල්ප said...

ඔහොම දාන කුප්පි නම් මරු.
අපිත් කම්පස් එකේ ගොඩ යන්නේ කුප්පියෙන් තමයි.නත්නම් ලෙක්චර් එක තේරෙන එකක් යෑ.

Naveen said...

ela ela sanchiya meka aniwa ape beba asokayata karapu wadak wenna onee :D

Post a Comment