Thursday, August 4, 2011

අසීමිත ආදරය


එක කෙල්ලෙක් හිටියා.ඒත් එයාට ඇස් පේන්නේ නැහැ.එයාට පෙම්වතෙක් හිටියා.ඒ කොල්ලව කවුරුවත් ගනන් ගන්නේ නැහැ.ඒත් ඒ කොල්ලා තමන්ගේ පෙම්වතියට අසීමිතව ආදරය කරා.


ඒ ගෑනු ලමයා හැම වෙලේම තමන්ගේ පෙම්වතාට කිව්වේ"මම ඔයාව දැක්කොත් අනිවාර්යෙන්ම ඔයාව බදිනවා....."කියලා.


එක දවසක් කව්ද ඒ ගෑනු ලමයට ඇස් දෙකක් පරිත්‍යාග කරලා තිබ්බා.ඊට පස්සේ ගෑනු ලමයගේ සැත්කම සාර්තක වෙලා ලෝකය දකින්න වාසනාව හම්බුනා.ඉන්පසු ඒ ගෑනු ලමයා එයාගේ පෙම්වතා හම්බුනා.


ඒ ගෑනු ලමයා පුදුම උනා.මොකද තමන්ගේ පෙම්වතාත් අන්ධ නිසා.ඊට පස්සේ පෙම්වතා ඇහුවා "මාව ඔයා බදිනවද කියලා...."


ඒ ගෑනු ලමයා පහත් විදියට ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරා.


පෙම්වතා හිනාවෙලා ගෑනු ලමයට මුකුත් නොකියා ලියුමක් දීලා ගියා
ඒකේ තිබ්බේ....


"සොදුරිය මගේ ඇස් දෙක හොදට පරිස්සම් කරන්න"


පලි:-උපුටා ගැනීමකි.මම හිතන්නේ හවුස් ෆුල් කතාව මේක...

කට්ටියට කලින් පෝස්ට් එකේ අහපු ප්‍රශ්නවලට මට උත්තර දෙන්න මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා.
අසනිගේ 2&3 උත්තර හරි.ලකුනු 40..හි හි..
නදීරගේ 5 විතරයි හරි ලකිනු 20...
ChammA ගේ 2&3 හරි..ලකුනු 40යි හිකිස්...
අනිත් උන්ට ලකුනු නැත.ලොල්..


මේ තරගයෙන් ජයක්ග්‍රහනය කරන්නේ ChammA සහ අසනී..දෙන්න අත්පොලසන් නාදයක් දෙන්නටම.
පොඩි ජෝක් එකක් කලේ හොදේ ගනන් ගන්න එපා.
මෙන්න උත්තර
1)පොල් ගෙඩියේ වතුර හෙලවෙන්නේ අපි හොලවන නිසා.නැතුව පොල්ගෙඩිය නිකන් හෙල වෙන්නේ නැහැ නේ..
2)කොකා තනි කකුලෙන් ඉන්නේ අනිත් කකුල උස්සන් ඉන්න නිසා..
3)ඔවර් එකකට තියෙන්නේ එක බෝලයයි.හැබැයි බෝලය මාරු කරන්න උනොත් මේ තියරිය වෙනස් වෙනවා..ලොල්...
4)ජිරාෆ් ගේ බෙල්ල දිග ඔලුවයි කදයි යා වෙන්න ඕනා නිසා.නැතුව කද වෙනමයි ඔලුව වෙනමයි තියෙන්නේ නැහැ නේ..
5)නිදි මත උනාම අපි ඇද ලගට යන්නේ අපි ලගට ඇද එන්නේ නැති නිසා..
උත්තර දුන් සැමට මාගේ ප්‍රනාමය.

7 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

ආදරේ කියන්නේ දීමක් මිසක් ඒකේ ලැබිමක් නෑ යාලු..ඒකයි මිනිස්සු මෙච්චර විදවන්නේ..

ජයග්‍රාහක නාම ලැයිස්තුවේ..මගේ නම දෙවනියට කීම ගැන මගේ අප්‍රසාදය... හීක්ස්.. ChammA යාලුවා නිසා ඉවසනවා..

Unknown said...

ammoo..mara gathi..onna follow parakut dunna ehenam..
digatama liyanna kiyala prarthana karanawa

පිස්සු පුසා said...

@අසනී :හ්ම්..කොයි තරම් මිනිස්සු දුක් විදිනවද..දෙයියෝ තමා දන්නේ.
අහ් මලලසේකර..එහෙම උනාම කොහොමද අනේ දාන්නේ..හිකිස් ChammA නිසා ඉවසන්න හොදේ..ලොල් ;)

@දිලීප :බොහොම ස්තූතියි සහෝ.ආයෙත් එන්න මේ පැත්තේ මම දිගටම ලියන්නම්

Anonymous said...

හ්ම්.. මාරයි බං...

සංකල්ප said...

ඇඬෙන කතාවක් නේ. මොකද්ද අර උත්තර සීන් එක ?
ප්‍රශ්න වගයක් ඇහුවද

Unknown said...

මේ දින්නට කෝ තෑගී ??
අසනිට සහ මට වහාම ක්‍රියාත්මකවන පරිදි තෑගි ලබා දුන්නොත් හොදා.. ;)

පිස්සු පුසා said...

@prasanna86k :හ්ම්....දුක හිතෙනවා නේද කතාව ඇහුවම??

@මධුරංග :අයියෝ ඔයා ඒ ටික දැක්කේ නැද්ද??කලින් පෝස්ට් එක බලන්න

@ChammA :මේ තෑගි ගැන මම තම හිතුවේ නැ නේ..හික් හික් ;)

Post a Comment