Monday, August 15, 2011

විභාග අස්සේ ජරමර



අප්පා මේ දවස් ටිකේ මේ පැත්තේ එන්න බැරි උනේ මේ සමෙස්ටර් එකේ තියෙන ප්‍රොජෙක්ට් එකේ ප්‍රොපෝසල් එක ඊයේ දෙන්න තිබ්බ නිසා.අලි මදිවට කොටි කියපි.සමෙස්ටර් මැද විභාගේත් 16 ඒ කියන්නේ හෙට පටන් ගන්නවා.ප්‍රොජෙක්ට් එකට මහන්සි උනා ඇරෙන්න පාඩම් කරපු දේකුත් නැහැ ඇත්තටම බැලුවොත්.


අපේ සෙට් එක කුප්පි දාන්නේ අපේ යාලුවෙක්ගේ බෝඩිමක.මම පෙරේදා මෙහෙ ආවේ නැවතිලා පාඩම් කරන්න.මෙන්න මුන් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක හදලා නැහැ කියපි.හරි ශෝයි..අපේ උන්ට මොකක් හරි දෙයක් හරියටම කරන්න පුලුවන් ඊට කලින් දවසේ තමා.මුන් එක දවසින් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක හැදුවා.අම්මපා මේක මම මාසෙක ඉදන් හැදුවේ.මුන්ට ගියේ එක දවසයි.කාට කියන්නද ඉතින්.


අනික අපි මුලු සමෙස්ටර් එකේම සිලබස් කවර් කරන්නේ එක දවසින්.පහුවදා විබාගේට ලෙසටම ලියනවා.කුප්පි දාපු ඔක්කොම කොහොම හරි විභාගේ ගොඩ දාගන්නවා.හැබැයි ඊට පස්සේ අපිට පාඩම් කරපුවා මතක නැහැ.මොකද අපි පාඩම් කරනවා කියලා මොලේට දා ගන්නේ නැහැනේ.එවෙලට මතක තියා ගන්න එකනේ කරන්නේ.ඒක හරියට ප්ලාස්ටර් අලව ගන්නවා වගේ වැඩක්.ලෙක්චර් එකේ ඉදලා එදාට තේරුනත් පස්සේ අපි ගෙදර ගිහින් නිකමටවත් පොතක් පෙරලලා බලන්නේ නැත්තේ තියෙන කම්මැලි කමට.අනේ මන්දා මේවා කවදා හැදෙයිද කියලා.


මේකට ආවත් හරි හරියට හුස්මක් කටක් ගන්න හම්බුනේ නැහැ.එහෙම නැතුවත් නෙමේ ඕං.හි හි.මුලින්ම සමෙස්ටර් එක පටන් ගන්නවා.ඊට පස්සේ මාස එක හමාරකින් මිඩ් එක්සෑම් කියනවා.ඒක ලියලා තව මාස දෙකකින් ෆයිනල් කියනවා.ඔය දෙක විතරක් නම් කමක් නැහැ.ඔන්ලයින් එක්සෑම්,ප්‍රොජෙක්ට්,ප්‍රසන්ටේෂන්,එසයින්මන්ට් කිසි අඩුවක් නැතුව සමෙස්ටර් එක පුරාම තියෙනවා.


මේ අපේ එකෙක් කියපු කතාවක් "හැත්තෑ පන් දාහයි,මාස හයයි,එක දවසයි,පැය තුනයි"


පාඩම් කරන්න තියෙනවා.ඕං මම ගියා.


පලි :-මේකේ කිසි තේරුමක් නැති දේවල් ටිකක් මම ලිව්වේ කට්ටියට කියවද්දී එපා වෙයි.ඒකට සමා වෙන්න.

9 ක් අදහස් දක්වන ලදී:

සංකල්ප said...

අපටත් අගෝස්තු 29 වෙනිදා විභාගේ.
මල්ලි අර ඔන්ලයින් විභාග කියලා කියන්නේ C ප්‍රොග්‍රැමින් එකද ?
මල්ලිලාට වගේම 09 බැච් එකටත් විභාගේ තියෙනවලු නේ අගොස්තු 16 වෙනිද.

එහෙනම් මල්ලි හොදට විභාගේ ගොඩ දාගන්න !!!!
මගෙන් සුබ පැතුම් !!!

ප.ලි. - මල්ලි 08 දිගා ද

Anonymous said...

අපිටත් එසේමය.මේ දවස් ටිකේම පණ දාගෙන පාඩම් කරමි.අපිට මේ මාසේ 23 පටන් ගන්න Exam ඉවර වෙන්නෙ ලබන මාසේ 26.

Unknown said...

එල එල හොදට විභාගේ කරහන් මලයා...උබට 3 වෙනි අවුරුද්ද කරනකොට තේරෙයි ඕවා මොනාද කියලා... ;)

ප්‍රසංග said...

අපිත් ඔහොමයි බන්... ස්ටඩි ලීව් එකේ තමා සියල්ල ගොඩ දාන්නෙ...
මූ එග්සෑම් අස්සෙත් පෝස්ට් ලියනවා නෙව... හික්..හික්..
පාඩම් කොරපන් කොල්ලො... හොඳට ලියහන් ඈ..ජයෙන් ජය...

Anonymous said...

පාඩන් කරන්නයි කිව්වේ...පිස්සුවට..පෝස්ටු කොට කොට ඉන්නේ නැතුන්..
ජයෙන් ජය..කිව්වා!!!!

චතුර.... said...

පළවෙනි අවුරුද්දම අපිත් ඔහොම තමයි ඉන් පස්සේ තමයි ටිකක හරි හැදුනේ
ඔය පුරුද්ද ඉක්මනටම අතරින්න උත්සාහ ගනින් ඇත්තටම ඕක අත අරින්න අමාරුයි තමයි ඒත් උත්සහ කරලා බලපන් පාඩමක් ඉවර වෙච්චි කිට්ටුවම පාඩම් කරලා බලපන් එතකොට අර අන්තිම මොහොතට පාඩම් කරද්දි වගේ මතක හිටින්නේ නැතුව පිච්චි මර බයේ පාඩම් කරන්න ඕනේ නෑ

පිස්සු පුසා said...
This comment has been removed by the author.
පිස්සු පුසා said...

@මධුරංග :අහ් එහෙනම් අයියාටත් මගෙන් සුබ පැතුම් හොදට කරන්න..

ඔව් 9 බැච් එකටත් තිබ්බා.ඒත් එයාලට සබ්ජෙක්ස් 2කයි.අපෝ නෑ.ප්‍රෝගැමින් නම් අව්ලක් නැහැ මට.ඒත් ඩේටා බේස් තමා අවුල.පලිය මට තේරුනේ නැහැනේ

@නදීර සඳරුවන් ලියනගේ :අහ් යාලුත් හොදට කරන්න එහෙනම්..මගෙන් සුබ පැතුම්.

@ChammA :හි හි ඒක තමා මට තේරෙනවා.කොහොමද මේ පාර එක්සෑම්??

පිස්සු පුසා said...

@ප්‍රසංග :හි හි එල එල

@අසනි :හික් හික් බොහොම ස්තූතියි යාලුවා

@චතුර :හි හි ඔව් ඒක නම් ඇත්ත.මේ පුරුද්ද අතාරින්න හරිම අමාරුයි.ඒත් ඒකේ පොඩි ආතල් එකකුත් තියෙනවා ;)

Post a Comment