Tuesday, August 9, 2011

ජීවිතේ හරි ලස්සනයි..



හැපෙනවා..
වැටෙනවා..
අයෙම නැඟිටිනවා..
හිනා වෙනව..
අඬනවා..
ආදරෙත් කරනවා..
හමු වෙනව..
වෙන් වෙනව..
තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා..
ඒ මොන කරදර තිබුනත්
වෙලාවකට
ජීවිතේ හරි ලස්සනයි..

12 ක් අදහස් දක්වන ලදී:

Podi Kumarihami said...

සහතික ඇත්ත...:)

සිත් අහස said...

අපේ ජීවිතේ ගීතයක් වගේ,
වැරදුන පද වලට ලස්සන තනුවක් දැම්මොත්, ඒ වැරදුන පද වලටත් එන්නේ අමුතුම සුන්දරත්වයක්.,
ඒ වගේම හොඳට ගලපපු පද පේළි වලට තනුවක් දැම්මම, ඒ ගීතය සම්භාව්ය ඝනයේ ගීතයක් වෙනවා..

Anonymous said...

හ්ම්... ලස්සනයි...

.... වෙලාවකට .....

චතුර.... said...

ලස්සනයි ඒත් "වෙලාවකට" හැම වෙලාවෙම ඒ වෙලාව තියෙනවනම් තමයි හොඳ..

සංකල්ප said...

ජීවිතය ලස්සනයි !!!!
වැටීම් හැපීම් තිබුනේ නැත්නම් මෙලෝ රහක් නෑ ජීවිතේ. ඔහි ගෙවෙනවා විතරයි. ජීවිතය කියන්නේ ගලාගෙන යන ගඟක් වගේ වෙන්න ඕනා.

Anonymous said...

ජීවිතේ ගංඟාවක් වගේ
ගල් පරළු අස්සෙන්
ගලාගෙන යනවා
වෙලාවකට මිහිරියාව
කාන්සිය
චන්ඩ බව
මතු කරන ගමන්,
මොනවා වුනත්
ජීවිතේ සුන්දරයි..

පිස්සා පලාමල්ල said...

වෙලාවකට....

පිස්සු පුසා said...

@Podi Kumarihami :හ්ම්..ස්තූතියි මේ පැත්තේ ආවට

@ප්‍රාර්ථනා :ඔව්....අපේ මේ ජීවිතය හරියට ගීතයක් වගේ තමයි..ස්තූතියි යාලුවා මේ පැත්තේ ආවට

@prasanna86k :අනේ මාලූ යාලුවේ ඇයි ඒ වෙලාවකට කියලා කිව්වේ??? :(

පිස්සු පුසා said...

@චතුර :න්ම් ඒක තමා යාලුවා..

@මධුරංග :හි හි එතකොට ඒ ගගේ ඉන්න මාලුවෝ??? :D

@අසනි :ලස්සනයි කවි ගැලපුම...

@පිස්සා පලාමල්ල :අහා යාලුවා ස්තූතියි මේ පැත්තේ ආවට....ඇයි දන්නේ නැහැ නේ මේ හැමෝම වෙලාවකට කියන්නේ???? :D

ප්‍රසංග said...

ජීවිතේ විඳවන්නෙ නැතිව විඳින්න පුරුදු වුනොත් ජීවිතේ ලස්සනයි...

බට්ටි said...

ජීවිතේ මොකද්ද කියලා තවම කාටවත් හොයා ගන්න බැරි වුනා කියලයි මං හිතන්නේ.මොකද ඒක හැම තත්පරයෙදිම වෙනස් වන දෙයක් නිසා.

පිස්සු පුසා said...

@ප්‍රසංග :ඔව් යාලුවා ජිවිතය තියෙන්නේ විදින්න මිසක් විදවන්න නෙමෙයිනේ

@batti :ඒ කතාවෙට් ඇත්තක් තියෙනවා..හා හා පුරා කියලා මේ පැත්තට ආවට ගොඩක් ස්තූතියි

Post a Comment