Thursday, August 4, 2011

පාටියේ ප්‍රශ්න




ඔන්න පිස්සු පූසා දවස් දෙකක්ම එලියේ හිටියේ.එලියේ කිව්වේ පිට හොදේ.ඒ අගහරුවාදා රෑ අපේ අයියා කෙනෙක් ගේ බර්ත් ඩේ පාටියකුයි බදාදා ඒ කියන්නේ ඊයේ ට්‍රිප් එකකුයි ගිය නිසා.ට්‍රිප් එක ගියේ රූමස්සල,හික්කඩුව.ඉහේ කෙස් ගානට ගිහින් තියෙනවා උනත් සෙට් එකත් එක්ක යන නිසා ගියා.පට්ටම පට්ට ට්‍රිප් එක.බස් එකක ගියේ.60ක් විතර ගියා.මම ඒක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.අනික පාටි එකේ සීන් කියන්න ගියොත් මේක පොතක් වෙන නිසා මම ඒ සෙට් උන වෙලාවේ අහපු දේවල් ටිකක් කියන්නම්.අහපු දේවල් කියන්නේ පොඩි ප්‍රශ්න දෙක තුනක්.මේක ටිකක් ගොන් පාට් එකක් වගේ තිබ්බට ඇත්තටම පොඩ්ඩක් හරි හිනා යනවා.


පාටි එකට ඇවිත් හිටිය බුවෙක් ප්‍රශ්න වැලක් අහුවා.සිරා ඩයල් එක.පස්සෙ උත්තරත් කිව්වා.ඒ උත්තර ටික මම පස්සෙ දාන්නම්.මෙන්න ප්‍රශ්න ටික..


1)පොල් ගෙඩියේ වතුර හෙලවෙන්නේ ඇයි??
2)කොකා තනි කකුලෙන් හිටන් ඉන්නේ ඇයි??
3)ඔවර් එකකට බෝල කීයද??
4)ජිරාෆ් ගේ බෙල්ල දිග ඇයි??
5)නිදිමත උනාම අපි ඇද ලගට යන්නේ ඇයි??


ඔන්න ප්‍රශ්න ඇසීමේ වටය ඉවරයි.කට්ටිය උත්තර දෙන්න බලන්න පුලුවන් නම් ඕං..



පලි :දිගට පෝස්ට් එකක් දාන්න තිබ්බත් ඇගට අමාරු නිසා ලියන්න කම්මැලියි.පස්සේ ලියන්නම්.මේවා ගොන් ප්‍රශ්න වෙන්න ඇති.ඒත් පොඩි ආතල් එකක් තියෙන නිසා දැම්මේ.
පලි2 :ඔන්න පිස්සු පූසට බොනවා කියලා ලේබල් අලවන්න එප ඕං.මංම කියන්නම් පස්සේ.


7 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

උත්තර මන් දන්නවා..කියන් නෑ..
එක්කෝ ඕන් ඔහේ දෙන්නකෝ උත්තර ටිකක්
1)හෙලවෙන්නේ වතුර හින්දා
2)එක කකුලක් උස්සන් ඉන්න හින්දා
3)ඕර් එකක් බෝල 6කින් සමන්විතයි..හැබැයි තියෙන්නේ එක බෝලයයි..
4)ඌ ජිරාෆ් හින්දා
5)නිදිය ගන්න
මේ උත්තර ටික බලලා හිනා වෙන්නකෝ...හික්ස්..(ටිකිරි මොලෙන් කිව්වේ)මේවට උත්තර දෙන්නේ පිස්සෝ කියලා එහෙම නෙමේ නේද කියන්න යන්නේ...පිස්සුව..

Anonymous said...

2-කකුල් දෙකම උස්සගෙන ඉන්න බැරි නිසා.
5-ඇඳ අපි ලගට එන්නෙ නැති නිසා.

Unknown said...

1) ඇතුලේ වතුර තියෙනවනේ බන්
2) ඉතින් බන් එක කකුලක් උස්සගෙන නේ ඉන්නේ ( නැතුව මාළු කන්න එහෙම නෙවයි..ලොල් )
3) එකායි
4) ගස්වල කොළ කන්න..හිකිස්‌ , ඌ ජිරාෆ් නේ බන් ඒකයි බෙල්ල දිග , ඔන්න පිටේ ඉරි තිබ්බ නම් ඌ සීබ්‍රා වෙනවා ;)
5) නිදා ගන්න


ට්‍රිප් ඒක කොහොමද එලද?

නාකියා said...

2) දෙකෙන්ම හිටියොත් මාළුවෝ __ කපන නිසා.:D
4) ඔළුව උඩින් තියෙන නිසා.

අනිත් ඒවා හරි මගෙ හිතේ..

චතුර.... said...

මගේ උත්තරේද උඩින්ම ලබා දී ඇති උත්තරයට සමාන නිසා නැවත පල නොකරමි..

සංකල්ප said...

ඔන්න මගේ උත්තර ටික.

(1) හෙලවෙන්නේ හොලවන හන්දා.
(2) කකුල් දෙකෙන් ඉන්න බැරි හන්දා.
(3) එකයි
(4) උස අතුවල කොල කන හන්දා.
(5) නිදියන්න

Anonymous said...

puso mama chanuka - mama nam dannawa uthhtara tika dan kiwwoth wadak naa anith ayata athal nanee eka nisa api imu nee ban..:D

Post a Comment