"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."
විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් ලිපි මාලාවේ දැනට හිමාලයේ හිම මිනිසා,බර්මියුඩා ත්‍රිකෝණය,දිය කිදුරියන්,පුරාණ ඊජිප්තුව,ගීසාහි මහා පිරමීඩය,පිටසක්වල සමග පැවති අතීත සම්බන්ධතා,පිටසක්වල,ආගම හා විශ්වය ගැන කතා කලා.ඒ ලිපි මග හැරුනු කෙනෙක් ඉන්නවනම් පහත සබැදි වලින් ගිහින් බලලා එන්න.
යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
බර්මියුඩා ත්‍රිකෝණය 1 කොටස
බර්මියුඩා ත්‍රිකෝණය 2 කොටස
දිය කිදුරියන්
පුරාණ ඊජිප්තුව
ගීසාහි මහා පිරමීඩය 1 කොටස
ගීසාහි මහා පිරමීඩය 2 කොටස
පිටසක්වල ජීවීන් සහ අතීතය
පිටසක්වල,ආගම හා විශ්වය
මෙම පිටසක්වල ජීවීන් යටතේ අවසාන වශයෙන් මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම පිටසක්වල ජීවීන් දුටු අවස්ථා,පිටසක්වල ජීවීන් පැමිනෙනවා යැයි කියැවෙන පියාබන පීරිසි දුටු අවස්ථා ගැනයි.
පියාබන පීරිසි හෙවත් හදුනා නොගත් පියාබන වස්තූන් (UFO)

![]() |
කෙනත් ආනෝල්ඩ් |
![]() |
කෙනත් ආනෝල්ඩ් තමා දුටු දෙය කොලයක සටහන් කර තිබූ අයුරු |
මෙම යානා කිසිම ශබ්දයක් හෝ දුමක් පිට නොකල බවට හෙතම පවසයි.ඒ වගේම සිතාගැනීමට නොහැකි වේගයෙන් ඒවා ගමන් කර ඇත.තම දැනීම අනුව එම යානා පැයට කිලෝමීටර 2500කට වඩා වේගයෙන් ගමන් කරන්නට ඇතැයි විශ්වාස කරයි.ඒවා ඉතා ඉක්මනින් අතුරුදහන් වී ඇත.ඔහු මෙම තමාගේ අමුතු අත්දැකීම පුවත් පත් වලට විස්තර කල පසු පියාබන පීරීසි ලෙස එම මාධ්‍යවේදීන් හදුන්වන ලදී.මෙලෙස පියාබන පීරීසි ලෙස ප්‍රසිද්ධ වූ මේ යානා පිලිබද බෝහෝ පරීක්ෂන මෙතැන් සිට ඇරබුනි.
එම වාර්තාව පිලිබද වැඩි විස්තර මෙතනින්.
ඇමරිකාවේ රෝස්වෙල්(Roswell)
1947 යනු පියාබන පීරීසි පිලිබද අභිරහස් රැසක් සිදු වූ වර්ශයයි.1947 දී කෙනත් පියාබන පීරිසි 9ක් දැකීමෙන් අනතුරුව ලෝකයා මවිත කල සිදු වීමක් මෙක්සිකෝවේ රෝස්වෙල් හී සිදුවිය.රොස්වෙල් නගරයේ අමුතුම ආකාරයේ දේශගුනයක් හා පරිසරයක් පවතී.බෝහෝ දැනා රොස්වෙල් හදුන්වන්නේ පිටසක්වල ජීවීන් තම නිවාඩුව ගතකිරීම සදහා පැමිනෙන ප්‍රදේශයක් නිසයි.
1947 ජූලි 8වෙනි දින විශාල පිපිරීමක් සමග ඉතා දීප්තිමත් යානයක් මෙම ප්‍රදේශයේ කාන්තාරයට කඩා වැටුනි.ගම්වාසීන් මෙය පරීක්ෂා කල පසු දක්නට ලැබුනේඑම කාන්තාර ප්‍රදේශය පුරාම විසිරී ගිය ලෝහ කැබලි හා සුන්බුන් රාශියකි.
මෙම ප්‍රදේශය බාර ශෙරිෆ් වරයා මෙම සිද්ධිය ගුවන් හමුදා කදවුරට දැනුම් දීමෙන් පසු එම කදවුරෙන් කණ්ඩායමක් මෙම ප්‍රදේශය වෙත පිටත් විය.මෙසේ එම ප්‍රදේශයට ගිය ගුවන් හමුදාවේ නිලධාරියෙකු විසින් මෙම ප්‍රදේශය පුරා විරිසී තුබූ ලෝහ කැබලි විශාල ප්‍රමානයක් සොයා ගන්නා ලදී.මෙම ලෝහ කැබලි ඊයම් කොලයක් මෙන් සියුම් වූ අතර ඉතා සැහැල්ලු හා ශක්තිමත් විය.එම ලෝහ කැබලි කැඩීමට පවා අපහසු වී ඇත.
එම නිලධාරීන් තවත් විශ්මය දනවන දෙයක් සොයා ගන්න ලදී.ඒ කාන්තාරයේ නිම්නයක ගිලී තිබූ පිරිසියක හැඩය ගත් යානාවක් හා මෙතෙක් පෘතුවියේ දක්නට නොලැබූ අමුතුම ආකාරයේ ජීවීන් 4දෙනෙකුගේ මල සිරුරුය.
![]() |
රොස්වෙල් සිදුවීම පුවත්පත් වාර්ථා කර තිබූ අයුරු |
![]() |
මාරු කරන ලදයි කියන බැලූනයේ කොටස් පරීක්ෂා කරන අයුරු |
එමෙන්ම එම සිරුරු රොස්වෙල් හී රහසිගත ඉතා නවීන පරීක්ෂනාගාරයක් තුල පරීක්ෂනයට ලක්වී ඇති බව බොහෝ ඇමෙරිකානුවෝ විශ්වාස කරති.මෙම හදුනා නොගත් පියාබන වස්තූන් පිලිබද ප්‍රසිද්ධ කෞතුකාගාරයක් ද රොස්වෙල් හී පිහිටා ඇත.
රොස්වෙල් සිදුවීම පිලිබද සම්පූර්ණ විස්තරය මෙතනින්.

මෙම රූපගත කල වීඩියෝ පටය ඔහු වොශින්ටනයේ හමුදා මූලස්ථානයට යැවූ අතර ඒ වීඩියෝවේ පිටපතක් ඔහු ලග තිබුනි.හමුදා සේවයේ සිටි ඔහු එම පිටපත ඉතා රහසිගතව තබා ගන්න ලදී.කාලය ගතවී ඔහුට එප අමතක විය.

මෙම වීඩියෝවේ දක්නට ලැබුනේ කුමක්ද..??
අත්වැසුම් හා හිස් ආවරණ දමාගත් ශරීරය ආවරණය කර ගත් වෛද්‍යවරුන් 3දෙනෙක් මලසිරුරක් පරීක්ෂාකරමින් සිටි අතර මලසිරුර අමුතුම ජීවියෙකුගේ එකක් විය.
මලසිරුරේ හිස විශාල වූ අතර ශරීරයේ රෝම කිසිවක් දක්නට නොලැබිනි.අඩි හතරක් පමන උස මෙම ජීවියාගේ ඇස් ඉතා විශාල වූ අතර නාසය ඉතා කුඩා එකක් විය.මිනිසෙකුගේ මෙන් ඇස් කන් නාසය ඒ තැන්වලම පිහිටා තිබිනි.පාදයේ හා අතෙහි ඇගිලි 6 බැගින් විය.අතෙහි වැලමිටින් ඉහල කොටසට වඩා පහල කොටස දික් විය.
මලසිරුරේ විශාල ඇස් හා කටද විවෘතව තිබූ අතර කලවයේ විශාල ගැඹුරු තුවාලයක්ද විය.මෙය වෛද්‍ය වරුන් ඉතා පරිසමින් කොටසින් කොටස පරීක්ෂා කරන අයුරු වීඩියෝවේ දිස් විය.
සමහරෙකු මෙය ව්‍යාජ වීඩියෝවක් ලෙස තර්ක කර ඇති අතර ඔප්පු කිරීමට සාධක නොමැති විය.ඒ
- මේ විඩියෝව සත්්ය ලෙසම 1947 වීඩියෝ ගත කල එකක් බවට ඔප්පු වීම.
- මෙම පරීක්ෂන කුටියේ ඇති සියලුම උපකරණ(ඔරලෝසුව පවා) 1947දී තුබූ ඒවා වීම
- සුප්‍රසිද්ධ ජුරාසික් පාක් හී ඩයිනෝසරයන් සෑදූ ස්ටෑන් වින්සන් මහතාද මෙම ජීවියාගේ සිරුර නිර්මාණය කල එකක් බවට පිලි නොගැනීම.
මෙම ජීවියා ජාන විකෘති වූවෙකුගේ සිරුරක් යැයු තව සමහරු පවසයි.නමුත් මෙහි සිදුවූ දෙය දන්නේ කලින් පැවසූ කැමරා ශිල්පියා හා මලසිරුර කපා පරීක්ෂනයට ලක් කල වෛද්‍ය වරුන් පමනි.
තවද පියාබන පිරිසි දුටු බවට ගගනගාමින්ද පවසා ඇත.
![]() |
ගෝඩන් කූපර් |
මෙම අභිරහස් යානා දුටු අය ගැන කෙටි සටහනක් මෙතනින්.
පියාබන පීරිසි දුටු බව සැලකෙන වාර්ථා....
මෙක්සිකෝව
මෙක්සිකෝව ලෝකයේ වැඩිම පියාබන පීරිසි දුටු බවට වාර්තා වී ඇති ප්රදේශයයි.විශේෂයෙන් මෙම ප්‍රදේශය වැදගත් වන්නේ ඓතිහාසික වටිනාකම නිසාය.එපැරනි මායා ශිෂ්ථාචාරයද පැවති භූමිය වන්නේ මෙක්සිකෝවයි.මෙම ශිෂ්ථාචාර හා අභයවකාශය අතර ඉතා පුදුමාකාර සම්බන්ධයක් පැවතුනි.සූර්යා හා සද වෙනුවෙන් ඔවුන් විශාල පිරමීඩ තැනූ අතර ඉහල අහස නිරික්ෂනය කිරීමට ගොඩනැගිලි සෑදූහ.

තවද මෙවැනිම සිදුවීම් රුසියාවේන්,ඕස්ට්‍රේලියාවෙන් හා ශ්‍රී ලංකාවෙන්ද වාර්ථා වීඇත.ශ්‍රී ලංකාවේ පොලොන්නරුව, පූනෑව,කහටගස්දිගිලිය, බණ්ඩාරවෙල, දියතලාව, අවිස්සාවේල්ල, යන ප්‍රදේශ වලින් වාර්ථා වී ඇත.
මෙසේ ඡායාරූප ගත කරන ලද පියාබන පීරීසි පිලිබද ඡායා රූප විශාල ප්‍රමාණයක් මේ වනකොට ඇත.මෙවා විස්වාස කිරීමට ඇතෙමෙක් පෙලඹී සිටින අතර අනෙක් අය සදහන් කරන්නේ මේවා ව්‍යාජ ඒවා යන්නයි.

ඒරියා 51 ප්‍රදේශයේ සිදුවන්නේ කුමක්ද...??


මෙම ප්‍රදේශයේ සිදුවන දේ වසන් කිරීමට හැකි වුවද එහි සේවය කල විද්්යාඥයෙකු වන Bob Lazar විසින් මාධ්‍යට හෙලිකිරීම මගින් මෙම ඒරියා 51 ගැන කතා බහ උනුසුම් විය.
ඔහු 1988 විශේෂ කොන්ත්‍රාත්තුවක් අනුව මෙම ප්‍රදේශයේ පර්යේෂණාගාරයක් තුල වැඩ කිරීමට සිදු විය.මෙම පර්යේෂණාගාරය නොවාඩා කාන්තාරය මැද තිබූ විශාල විල වන Groom Lake අසල පිහිටා තිබූ අති සූක්ෂම අයුරින් ගොඩනැගූ වක් විය.මෙම පරීක්ෂණාගරය කන්දක් හාරා ඉහලට නොපෙනෙන පරිදි ගොඩනගා තිබූ බවට ඔහු සදහන් කරයි.
ලසාර් සේවය කලේ එම පරීක්ෂණාගරයේ පොලව යට තනා තිබූ කොටසකයි.ඔහු එම පරීක්ෂනාගරයට ගිය පලමුවරට දුටුවේ එහි අති නවීන යන්ත්‍රෝපකරණ වලින් සමන්විත වී තිබූ බවයි.ඒවා ඔහු මෙතෙක් දැක නොතිබූ ඒවා විය.
කෙසේවෙතත් එක් දිනක ඔහුට විශේෂිත යානාවක් පරීක්ශා කිරීමට සිදුවිය.එය දුටු ඔහු පුදුමයට පත් වූ අතර එය පීරිසියක හැඩය ගත් විශේෂ යානාවක් විය.එය ඉතා සිනිදු ශක්තිමත් ලෝහයකින් තනා තිබූ අතර එය තනි නිපදවීමක් විය.කොටස් බද්ධ කිරීමක් හෝ ඇන ගැසීමක් දක්නට නොවීය.
යානය මැද කුඩා ආසන දෙකක් දක්නට ලැබුනු අතර එහි ඇති අනෙකුත් උපකරණ ඔහු මෙතෙක් දැක නොතිබූ ඒවා විය.මෙම යානා පිලිබද පරීක්ශණ කිරීමේදී මෙම තාක්ෂනය මෙලෝව බිහි වූ එකක් නොවන බව පැහැදිලිවිය.
තවත් දිනකදී ඔහුට අහම්බෙන් හමුවූ ලිපි ගොනුවක තිබූ දෑ කියවීමෙන් ඔහු පුදුමයට පත් විය.එහි තිබුනේ මෙම තාක්ෂනයට හිමි කරුවන් වන්නේ පිටසක්වල ජීවීන් යනුවෙනි.තවද එම ජීවීන්ගේ ඡායාරූපද එහි තිබිනි.එම ජීවීන් මෙලොවට පැමින ඇත්තේ 1979දී බවත් අපගේ සෞරග්‍රහ මන්ඩලයට ආලෝක වර්ශ දහස් ගනනකින් ඈත සිට මෙම ජීවීන් පැමිනි බවත් එහි සදහන් වූ බව ඔහු කියයි.
කෙසේ වෙතත් ඔහු සේවය නිමවී පැමිණ ජනමාධ්‍ය වෙත හෙලි කලේය.මුලදී මෙය පිලිබද ඇමෙරිකානු රජය කිසිවක් නොකී අතර මොහු සමග පැවැත්වූ මාධ්‍ය සාකඡ්ඡා වලට බධා කිරීම නිසා මහජන සැකය තවත් වැඩි විය.කෙසේ වෙතත්මොහුව අන්තිමේදී ඇමෙරිකානු රජය විසින් අත්තඩංගුවට ගන්නා ලදී
මේවා වල සත්්ය අසත්්ය තාව කුමක් වුවත් අතහැර දැමිය නොහැකි තරම් දෑ මේ අභිරහස් ජීවීන් පිලිබද කරුණු ඇති බව ඔබට දැන් වැටහෙනවා ඇත.
හදුනා නොගත් පියාබන වස්තුවක් ඔබ දුටුවහොත් හඳුනා නොගත් පියාසර වස්තු පරීක්ෂකයන්ගේ සංගමයෙන් හඳුන්වා දුන් පිරවීම් පත්‍රිකාවක් ඇත.එය මෙතනින් ලබා ගන්න..
එම අවස්ථාවේදී ඔබ
1)ඔබ දුටු දේ තහවුරු කර ගැනීමට තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සොයාගන්න.
2)හැකි නම් ඡායාරූපයක් ගැනීමට හෝ වීඩියෝ ගත කිරීමට උත්සාහ ගන්න.
3)ඔබ විසින් නිරීක්ෂණය කරන ලද වස්තුව හා අවට පරිසරය සංසංදනය කර එහි විශාලත්වය,වේගය ආදිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න.
4)හැකිනම් එම මොහොතේම දුටු දේ ලියා එහි ගමන් මාර්ගය ආදී දේ පිළිබඳව සිතියමක් අඳින්න.
5)හැකි ඉක්මනින් පොලීසියට,ගුවන් හමුදාවට හෝ හඳුනා නොගත් පියාසර වස්තු පරීක්ෂකයන්ට සිද්ධිය ගැන දැනුම් දෙන්න.
මම හිතනවා ඔබට මේ ලිපියෙන් යන් දැනුමක් එකතු වෙන්න ඇතියි කියා.මෙය පිලිබද උනන්දුවක් දක්වන්නන් හට ජේ.ආර්. සමන් මංජුල මහතාගේ 'පිටසක්වල ජීවය' නැමැති පොත උදව් වේයැයි මම සිතමි.
තවද හිස්ට්‍රි නාලිකාවේ පෙන්වන Ancient Aliens යනු මේ පිලිබද නිපදවෙන කතා මාලාවකි.(දැනට සීසන් 3 යමින් පවතී.සීසන් 1,2,3 Complete ටොරන්ට් ෆයිල් එකක් මෙතනින් (12GB))
ක්සැන්ඩර්ගේ කෝලමේද මේ පිලිබද අපූරු ලිපි ඇත.එම ලිපිපෙලට මෙතනින්.
මෙම පියාබන පීරිසි පිලිබද වැඩි විස්තර මෙතනින්.
පියාබන පීරිසි පිලිබද රූප එකතුවක් මෙතනින්.
පලි : මෙහි ඇති කරුනු ජේ.ආර්. සමන් මංජුල මහතාගේ 'පිටසක්වල ජීවය' නැමැති පොතෙනි.අපි ඊලග ලිපියේ ස්ටෝන්හෙන්ජ් ගැන කතා කරමු.