Wednesday, November 2, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries



හැමදාම වල් පල් ලිය ලිය ඉදලා හරියන්නේ නැහැනේ.වැදගත් යමක් ලියන්නත් ඕනානේ.ලෝකයේ අරුම පුදුම දේවල් සහ නොවිසදුනු අභිරහස් ගැන මම හොයා ගත්තු දැනුම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න හිතුවා.මම පුංචි කාලේ ඉදන්ම අභිරහස් දේවල් ගැන දැන ගන්න හරිම ආසයි.මම වගේම ඔයාලත් ආස ඇති කියලා මම හිතනවා.හරි වැල් වටාරම් නැතුව අපි වැඩේට බහිමු.


"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."


හරි අපි ඒවා මොනවද කියලා බලමු.



1.යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
2.බර්මියුඩා ත්‍රිකෝණය 
3.දියකිදුරියෝ 
4.නෙස් විලේ අද්භූත සත්ත්වයා
5.මිසරයේ පිරමිඩ
6.පියාබන පීරිසි
7.තරු දොර‍ටු
8)Easter Island
9)Stonehenge
10)නස්කා ලයින්ස්


තවත් ගොඩාක් දේවල් තියෙනවා.අපි ප්‍රධාන වශයෙන් එකින් එක මේ ටික ගැන බලමු.


මුලින්ම යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා



මෙයාව විවිධ රට වල විවිධ නම් වලින් හඳුන්වනවා.


හිමාලයේ - හිම මිනිසා(Abominable Snowman of the Himalayas)
චීනයේ - යෙටී(Yeti )
ඇමේසන් වනයේ - සැස්ක්වාච්(Sasquatch)
ඕස්ට්‍රේලියාවේ - යෝවී(Yowie)

මෙයාට බිග්ෆුට්(Bigfoot) කියලත් කියනවා.



මෙයා උස අඩි 7-10 විතර වානරයෙක් කියලා තමා දැනට අදුරගෙන තියෙන්නේ.බර කිලෝ 230ක් විතර වෙනවලු.එයාගේ එක අඩියක දිග අගල් 17 විතර වෙනවා කියලා තමා හොයාගෙන තියෙන්නේ.මේ බිග්ෆුට් එහෙමත් නැත්තම් හිම මිනිසා මුලින්ම කැමරාවට අසු කරගෙන තියෙන්නේ 1967දී.මෙයාව මුලින්ම වීඩියෝ කරලා තියෙන්නේ Patterson-Gimlin කියලා කෙනෙක් මෙන්න ඒ වීඩියෝව.



මෙයාගෙන් කාටවත් කරදරයක් වෙලා කියලානම් වාර්ථා වෙලා නැහැ.විද්ඥාඥයින් කියන්නේ මේ පරිණාමයේ එක අවස්ථාවක් කියලා.මෙයාලා වද වෙලා ගියා කියලා තමයි හැමෝම කියන්නේ.ඒත් තාම ඉන්නවා කියලා ඔප්පු කරන්න තරම් සාක්ෂි නැති නිසා අත්භූත සතෙක් කියලා තමා තාම හදුන්වන්නේ.ටිබෙටයේ හා චීනයේ මේ සතාව දේවත්වයෙන් සලකනවා.විවිධ චිත්‍රපටි, කථා ඕනෑ තරම් මෙයා ගැන තියෙනවා.මතකද කට්ටියට ටින්ටින් කා‍ටුන් එකේ යෙටී ගැන තියෙනවා.

මෙම සත්වයා ගැන දිනමිණ සිතිජය අතිරේකයේ තිබ්බ සටහනක් මම යටින් දාන්නම්.

අසූව දසකයේ අපේ රූපවාහිනිය තුළින් අමුතුම කතාවක් විකාශය විය. ලොකු කුඩා කා අතරත් එකසේ ජනප්‍රිය වූ ඒ කථාවට තේමාව වී තිබුණේ එතෙක් මිථ්‍යාවක් ලෙස ලෝකයා තුළ පිළිගැනීමට ලක්ව තිබූ අද්භූත සත්ත්වයකු ගැන ය.අර්ධ මිනිස් අර්ධ වානර ස්වභාව ගත් මේ අමුතුම සත්ත්වයා වටා ගෙතුණු කතාව නම් කර තිබුණේ  ‘ Bigfoot’ ලෙසිනි.

‘ Bigfoot’ කතාවේ එන මේ යෝධ චරිතය ‘යෙටී’ නමින් මිනිස් පරම්පරා ගණනාවක් පුරා ප්‍රවාදයක්ව පැවැති යෝධ හිම මිනිසා අනුව යමින් ගොඩනැඟුවකි.

යෙට් යනු තවදුරටත් මිත්‍යාවක් හෝ ප්‍රවාදයක් හෝ නොවේ. පසුගියදා රුසියානු විද්වතුන් ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල විද්වතුන් කණඩායමක් යෙටී ගේ හැටි සොබාව මෙන්ම ඔහු වාසය කරන ගුහාවක් ද සොයාගත් අතර යෙටී යනු සැබෑවක් බව විද්‍යාත්මකව තහවුරු කිරීමට අවශ්‍ය සාක්කි ද සොයා යනු ලැබූහ.

යෙටී හෙවත් යෝධ හිම මිනිසා පිළිබඳ ප්‍රවාදය මුලින්ම ආරම්භ වනුයේ ටිබෙටය ආශ්‍රිත හිමාලයානු කඳුමුදුන් අතරිනි. වෙනෙකක් තබා යෙටී (Yeti)  යන නම සැදී ඇත්තේ ද ටිබෙට් වචන දෙකක එකතුවෙනි. එයින් කියැවෙන්නේ ‘ගිරි කදු වාසි’ ‘වළස්රූපියා’ යන්නයි.

1889 දී මේ අර්ධ මිනිස් අර්ධ වානර යෝධයා ගැන මුල්ම සාක්ෂිය එළිදරව් වූයේය. ඒ හිමාලයානු කඳු මුදුන් ආශ්‍රිතව ය. කදුමුදුන් අතර සැරි සැරූ බ්‍රිතාන්‍ය ජාතික නිලධරයකු හට හිම මත තිබූ යෝධ පා සටහනක් දක්නට ලැබීමත් සමගම ටිබෙට් ගැමි ජනයා අතර පැතිර තිබූ යෙටී පිළිබඳ ජනප්‍රවාදයට පණ ලැබී එය ලොව පුරා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූයේය.

1925 දී ඡායාරූප ශිල්පියකු වූ එන්. ඒ. ටොච්බාජි, ෂේමු ග්ලැසියරය අසලදී දිගු රෝමයන් හෝ මුළු ඇඟම වැසී ගිය මිනිස් රූපි යෝධයකු දුටු බව වාර්තා කෙළේය. ඔහු නැෂනල් ජියොග්‍රැෆිකල් සංගමයේ සාමාජිකයෙකි.

1921 දී ලුතිනන් චාල්ස් හොමාර්ධි බරී එවරස්ට් කදුයායේ ලක්පා ලා ආශ්‍රිතව යෝධ මිනිස් පා සටහන් දුටු බවට ද වාර්තා කෙළේය.

යෙටී පිළිබඳ බටහිර රටවල ආන්දෝලනය ඇවිලී ගියේ 1950 ගණන්වලදී ය. ඒ 1951 දී එරික් ෂිප්ටන් විසින් එවරස්ට් ආශි‍්‍රතව ගත් යෝධ පා සටහනක ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ය. පිටර් බයිම් 1948 දී පේමු ග්ලැසියරය ආශ්‍රිතව යෝධ පා සටහන් දුටු බව වාර්තා කර තිබිණි. 1953 දී එවරස්ට් තරණය කළ සර් එඩ්මන්ඩ් හිලරි හා ටෙන්සින් නෝර්ගේ තමන් මේ සුවිශාල පා සටහන් දුටු බව වාර්තා කළහ.

ගින්න හොඳින්ම ඇවිලීගියේ 1954 දී ඩේලි මේල් හි පළමු වාර්තාවකිනි. ඒ යෙටීගේ හිසේ කෙස් ගස් සොයා ගත් බවට වූ සිද්ධියක් වාර්තාවීමත් සමග ය.


පැන්ග්බෝ චේ ආරාමය ආශ්‍රිතව තිබී සොයාගත් යෙටීගේ හිසේ කෙස් ගස් යැයි කියූ ද්‍රව්‍ය මහාචාර්ය පෙඩ්රික් වුඩ්ජොන්ස් වෙත ලබාදෙන ලද්දේ ඔහු මානව පඨක පිළිබඳ විශේෂඥයකු වූ හෙයිනි. ඔහුට ද මේ පිළිබඳ ව නිශ්චිත නිගමනයකට පැමිණීමට නොහැකි විය.

රන් දුඹුරු පැහැගත් දිගු කෙස් වර්ගයක් වූ මෙය සාමාන්‍ය තත්ත්ව යටතේ දී තඹ රත් පැහැයක් ගත් ද්‍රව්‍යයකි. මහාචාර්යවරයා කීවේ මෙය කිසිසේත්ම මානව කල්ප වානරයකුගේ හෝ මානව වර්ගයාට නෑකම් ඇති ද්‍රව්‍යයක් නොවන බවයි. එතැන් සිට යෙටී පිළිබඳ පැවැති උණුසුම් කතාබහ නැවත යටපත් වී ගියේය.

1970 දී කඳු නගින්නෙකු බ්‍රිතාන්‍ය ජාතික ඩොන් විලියමිස් තම කඳුකර කඳවුරු අසලදී මේ සත්ත්වයකු දුටු බව වාර්තා කර තිබේ.

2008 ඔක්තෝබරයේදී ජපාන ජාතික යොෂිමෙරු තකහෂි තමන් යෝධ පා සටහන් දුටු බවත් දැන් මේ සත්ත්වයා රූගත කිරීමට උත්සාහ දරන බවත් ප්‍රකාශ කර තිබිණි. ඉන්පසු ආසන්නතම වාර්තාව පළවූයේ 2010 දීය. චීන ජාතික විද්වතුන් පිරිසක් ෂෙනොන්ජියා ප්‍රදේශයේ පරීක්ෂණයක යෙදීමට කටයුතු කළ ද ඔවුනගේ නිරීක්ෂණයට යෙටී හසුවී තිබුණේ නැත.

දැන් ශතවර්ෂ ගණනාවක් පුරා පැවැති මේ ආන්දෝලනාත්මක අද්භූත සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳ මුල් වරට පිළිගත හැකි තොරතුරු වාර්තා වී තිබේ.

රුසියානු විද්‍යාත්මක සම්මේලනයේ ඇලෙක් සැන්ඩර් ඔවෙඩ්කින් සහ නිකොලායි වැලේයේව් මෙන්ම අමෙරිකාව කැනඩාව ස්වීඩනය සහ එස්තෝනියාවේ විද්වතුන් පිරිසකගේ ගවේෂණයක් මගින් මේ තොරතුරු පසුගිය සතියේ අනාවරණය කෙරිණි.

ඒ අනුව සයිබීරියානු හිම බිමට අයත් කැවේරාවේ ප්‍රදේශයේ තෂ්මා ගොල්ස්කි පළාතේ අෂාස්කි ලෙන්ගුහා තුළින් යෙටීගේ පැවැත්ම පිළිබඳ සාධක ඔවුහු හෙළිදරව් කරගත්හ.

රුසියානු විද්‍යාඥ ඇනමොලි නෝකින් යෝධ පා සටහනක් සමඟ තිබූ රෝම ගණනාවක් සොයා ගනුලැබූ අතර යෙටී සිය වාසස්ථාන මායිම සලකුනු කිරීමට ගොඩගසා තිබු අතුරිකිලි ඇටැවුම් ද ඔවුන්ට හමුව තිබේ. එසේම ඉහත ලෙන්ගුහාව යෙටීගේ වාසස්ථානයක් බවට අවශ්‍ය බොහෝ සාධක ඔවුන් විසින් සොයා මතු කරගනු ලැබ තිබේ.

“කැමේරොමෝ ප්‍රදේශයේ යෙටී දිවි ගෙවන බවට බොහෝ සාධක හමුවුණා. දැන් අපට 95 % ක්ම යෙටී සැබෑ ලෙස දිවිගෙවන සත්ත්වයෙක් බව තහවුරු කළ හැකියි.” විද්‍යා සම්මේලනයේ වාර්තාව නිල වශයෙන් පෙන්වා දෙයි.

මේ කඳු ගැටය ආශ්‍රිතව තිස් දෙනකුගේ පමණ යෙටී කණ්ඩායමක් වෙසෙන බව අපට බොහෝ දුරට විශ්වාසයි. ගවේෂක කණ්ඩායමේ විද්‍යාඥ ආචාර්ය ඉහෝර් බර්ට්සෙව් කළ ප්‍රකාශයත් සමග මෙතෙක් මිත්‍යාවක් සහ ප්‍රවාදයක් බවට පැවැති යෙටී පිළිබඳ සැබෑව හෙළි දරව් වී තිබේ.

ඔවුන් ඇත්ත වශයෙන්ම නූතන නියැන්ඩර්තාල් වර්ගයක් විය හැකි බව විද්‍යාඥ ඉහෝර් පවසයි. දේශගුණික හා පාරිසරික බාධක මගින් ඔවුහු සිය නෑදෑයන් වන නූතන මානවයාගෙන් වෙන් කර තැබූ නිසා ඉතා සුළු සංඛ්‍යාවක සාමාජික පිරිසක් ලෙස ඔවුන් වෙනමම පරිණාමය වන්නට ඇතැයි යනු ඔහුගේ මතයයි.

පූර්ව බෞද්ධ යුගයට අයත් හිමාලයානුවාසින්ගේ විශ්වාසයක් ලෙස පණ ගැසී තිබූ යෙටී පිළිබඳ ප්‍රවාදය අපූරු වූවකි. එයට අනුව ටිබැටයේ ලෙප්චා මිනිස්සු මේ යෝධ හිම සත්ත්වයා දෙවියකු ලෙස ගෙන වැදුම් පිදුම් කරයි.

එසේම එම සත්ත්වයාගේ රුධිරය මහා බලැති ඖෂධයක් ලෙසද සලකයි. දැන් පූර්ව බෞද්ධ යුගයේ සිට පැවැති මේ සංකල්පය සත්‍ය වන දිනය ළඟාවී තිබේ.

යෙටි ගේ යැයි සැලකෙන රුසියානු විද්‍යාත්මක කණ්ඩායම සොයාගත් රෝම ඉදිරියේදී DNA පරීක්ෂාවට යොමු කිරීමට අදහස් කර තිබේ. ඒ මේ මිථ්‍යාව සත්‍යයක් බවට විද්‍යාත්මකව ඔප්පු කර ලීමට ය.


හරි එහෙනම් මෙයා ගැන දැන ගත්තානේ.අපි ඊලග ලිපියෙන් බර්මියුඩා ත්‍රිකෝණය ගැන කතා කරමු.

පලි:පටන් ගත්තු වැඩේ අව්ලක් නැහැ කියලා හිතනවා.

12 ක් අදහස් දක්වන ලදී:

හිස් අහස said...

කිසි අවුලක් නෑ දිගටම ලියාගෙන යන්න . මම කැමතිම මාතෘකාවක් ගැන තමයි ඔයා මේ ලියන්න අරගෙන තියෙන්නේ . දිඅගටම ලියාගෙන්න යන්න මේ ගැන ලිපි පෙලක්ම ..

Dinesh said...

මේ ලිපි පෙලනම් මල් හතයි.. මමත් ගොඩක් ආස මාතෘකාවක් තමයි මේ නොවිසදුන රහස් ගැන කියවන එක.. දිගටම ලියන්න මම එනවා.. පුලුවන්නම් අර පේරු වල තියෙන නස්කා ලයින්ස් ගැනත් ලියන්න...

Asanka Udayanga said...

එකෙන්ම වටිනා ලිපියක්,දිගටම ලියන්න,මේ ගෑන ඩිකවරි චෑනල් එකේත් මම දෑක්කා ඩොකුමන්ට්‍රියක්,ඇත්තටම වටින ලිපියක්..

Anonymous said...

එළ එළ! හෙන වටිනව මේව! :)

ඊයෙ නොවිසඳුනු දෙයක් අද විසඳිලා තියන විදියට අද නොවිසඳුනු එකක් හෙට විසඳිලා තියෙයි! හැබැයි ඉතිං ලෝක විනාසයක් හරි මොකක් හරි උදැල්ලක් සෙට් නූනොත්!

Anonymous said...

බොහොම හොඳයි.මේ වගේ ලිපි තමයි වැඩිපුර බ්ලොග් අවකාශයේ තියෙන්න ඕනේ.සුභ පතමි

උදාර said...

දිගටම ලියපන් මචං.... අපි කියවනවා.

සංකල්ප said...

මාත් විජය පත්තරෙන් කියවලා තියෙනවා මේ දේවල් ටික. මතක් කරලා දුන්නට ගොඩක් ස්තුතියි මල්ලි.

පිස්සා පලාමල්ල said...

මගෙත් කැමතිම සබ්ජෙක්ට් එකක්... මේ දවස් වල නම් ස්ටර්ගෙට් ඉවරයක් නැතුව බලනවා... තරු දොරටු.

Sabith said...

සැහෙන්න මහන්සි වෙලා තියනවා!හොඳ ලිපියක්!

සිස්ටම් චේන්ජ් said...

yako ohoma ekek innawada bn??? ahuweth adai :O

D.K.O Study said...

marai fatta

Supun sandamal said...

වටිනවා සහෝදරයා

Post a Comment