Friday, November 4, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries බර්මියුඩා ත්‍රිකෝණය(Bermuda Triangle)

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."


පලවෙනි ලිපියේ අපි ලෝකයේ අත්භූත සතෙක් වන හිම මිනිසා ගැන කතා කරා.බැලුවේ නැති කෙනක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලලා එන්න.අද ඒ ලිපියේ දෙවැනි කොටස වන බර්මියුඩා ත්‍රිකෝණය ගැන අපි කතා කරමු.


බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය

බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය උතුරු ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රදේශය, බර්මියුඩා දුපත් සහ කැරිබියන් මුහුදේ පිහිටි පෝර්ටෝ දූපත් ප්‍රදේශ ඇතුලත්ව බටහිර අත්ලාන්තික් සාගර කලාපයේ ත්‍රිකෝනාකාර පෙදසක පිහිටලා තියෙනවා.

මේ ත්‍රිකෝණාකාර ප්‍රදේශයේ දී නෞකා හා ගුවන් යානා සිය ගණනක් අතුරුදහන් වෙලා තියෙන නිසා මුහුදු ගමන් හා ගුවන් ගමන් යෙදෙන පුද්ගලයන් විතරක් නොව මෙය ගැන දන්නා,අසා ඇති ඕනෑම පුද්ගලයෙක් තුල මේ ගැන චකිතයක් ඇති වෙනවාට කිසිම සැකයක් නෑ.මෙය තවමත් විසදී නැති අභිරහසක්.මෙය ලෝකයේ එක් අස්වාහාවික ස්ථානයක් විදියට හදුන්වන්න පුලුවන්.

මේ ප්‍රදේශයේ  කිසියම් අමුත්තක් තියෙන බව මුලින්ම හෙලි කරලා කරලා තියෙන්නේ ක්‍රිස්ටෝපර් කොලම්බස්.ක්ෂිතිජය අසල නැළවෙමින් පවතින එළියක් තියෙන බව ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය නිරික්ෂණය කරලා තියෙනවා.මෙම සිදු වීම කුමක් දැයි විස්තර කරදීමට කිසිවකුට පුලුවන් වෙලා නෑ.

බර්මියුඩා ත්‍රිරිකෝණයේදී සිදුවූ අබිරහස් අතුරුදන්වීමක් පිළිබඳ මුළින්ම වාර්තා කරලා තියෙන්නේ 1950 සැප්තැම්බර් 16 වැනිදා AP පුවත් සේවයේ මාධ්්‍යවේදී එඩ්වඩ් වැන් ජෝන්ස්.ඊට අවුරුදු දෙකකට පස්සේ Fate සඟරාවේ පලවෙලා තියෙන ලිපියකින් ජෝර්ජ් - X සෑන්ඩ් ද,නෞකා සහ ගුවන් යානා අතුරුදන් වීම් පිළිබඳ අනාවරණ කරලා තියෙනවා.Flight 19 නම් අමෙරිකානු ගුවන්යානයට අත් වූ ඉරණම ගැන ගැනත් එහි සදහන් වෙලා තියෙනවා.

Flight 19 යානය පිළිබඳ 1962 අප්‍රියෙල් American Legion සඟරාවේ ද විස්තරාත්මක ලිපියක් වෙලා තියෙනවා.ඒ එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පළමුව තමන් සුදු පැහැ ජල තීරයකට ඇතුළු වෙමින් ඇතැයිද පසුව සුදු පැහැ නොව කොළ පැහැ ජල තීරයකට ඇතුළු වන බවද කළ දැනුම් දීමක් ගැන මේ ලිපියට ඇතුළත් වෙලා තියෙනවා.මේ අනාවරණ ඔස්සේ 1964 පෙබරවාරි මස Argosy සඟරාවට වින්සන්ට් ගැඩිස් ලිපියක් ලියමින් මාරාන්තික බර්මියුඩා ත්‍රිකෝණය ගැන විස්තර කරලා තියෙනවා.ගැඩිස්ගේ අදහස අනුව 1974දී රිචඩ් ඩයිනර් නම් ලේඛකයා යක්ෂයාගේ ත්‍රිකෝණය (The Devils Triangle)ලෙස එය පිළිබඳ විස්තරාත්මක අනාවරණයක් කරලා තියෙනවා.1974 දීම චාල්ස් බර්ලිට්ස් Sea Devil නමින් කෘතියක්ද ලියලා තියෙනවා. 




1945.12.05 ඇමරිකානු නාවික හමුදාවෙ 
බෝම්බ දාන ගුවන් යානා 5ක් මේ ප්‍රදේශය උඩින් ගමන් කරමින් ඉදලා තියෙනව.මේවා ගුවන් ගත වුනු වෙලාවෙ ඉදල සාමාන්්‍ය විදියට පාලක මැදිරියත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව.එත් එක පාරටම ඒව නැවතිල තියනව.රේඩියො උපාංගවල වරදක් කියල හිතාගෙන ඒ අය යානා කුවන් තොටුපලට එනකම් බලාගෙන ඉදල තියනව.ඒත් එම යානා ආපසු ඇවිත් නැහැ. එම ප්‍රදේශය අසල රේඩාර් සිග්නල් වැඩකරත් මේ යානා ගැන කිසිම හෝඩුවාවක් හම්බෙලා නැහැ.

මේ අතුරුදහන් උන යානා හොයන්න තවත් ගුවන් යානයක් යවල තියනව.පුදුමයකට මෙන් මේ ගුවන් යානය පිටත්වෙලා විනාඩි කිහිපයකට පස්සෙ පාලක මැදිරියත් එක්ක තිබුනු රේඩියො සම්බන්දතා ටික ටික නැවතිල තියනව. හෙයන්න ගිය යානයේ ගුවන් නියමුව එකපාරටම පාලක මැදිරියට පනිවිඩක් එවල තියනව


“මගේ ගුවන් යානයට උඩින් අහසෙ අමුතු හැඩයේ විශාල යමක් මට පේනව.දැන් ගුවන් යානය මට පාලනය කරන්න බැහැ. ගුවන් යානය ඒ පැත්තට...”

මේක තමයි ගුවන් නියමුව අන්තිම පණිවිඩය විදියට සටහන් වෙලා තියෙන්නේ.පස්සෙ මේ ගැන විශාල පරීක්ෂන පවත්වල තියනව ඒත් ගුවන් යානාවල ගිය ගුවන් නියමුවන් ගැනවත් ගුවන් යානා ගැනවත් කිසිවක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා.

ගුවන් යානා මෙන්ම අඩි 400 විතර දිග විශාල භාණ්ඩ ප්‍රවාහනය කරපු නැවක් එකේ නැවියන් සහ සේවකයොත් එක්ක අතුරුදහන් වෙලා තියනව.මේ නැව අතුරුදහන් වීම ගැන පරීක්ෂන පවත්වත්වපු කට්ටිය අන්තිමට කියල තියෙන්නෙ ඒ නැව මුහුදුබත් වෙලා නැහැ කියල.එය තාමත් අභිරහසක්.ඒ කාලෙම ටොන් 19000ක් බර මගී ප්‍රවාහන නැවක් අතුරුදහන් වෙලා තියනව.

ඒ නැවේ මගීන්309 විතර ඉදලා තියෙනවා.මේ නැව ඊට කි.මී 72ක් දුරින් යමින් තිබුනු නැවක් එක්ක රේඩියො පනිවිඩ හුවමාරු කරලත් තියෙනවා.ඒත් එක පාරටම ඒව නැවතිල තියනව. ඒ ගැන හොයා බැලුවත් කිසිම හෝඩුවාවක් හොයගන්න බැරි වෙලා තියෙනවා.1982 අගොස්තු 13දා බර්මියුඩා ත්‍රිකෝණයේදී බෝට්ටුවකින් මිනිස්සු 6 දෙනෙකුයි බල්ලෙකුයි ගිහින් තියනව.ඒ කට්ටිය අතුරු දහන්වෙලා තියනව.ඒත් ඒ කට්ටිය එක්ක හිටිය ගිරවෙක් මැරිල ඉදල අහුවෙලා තියනව. ඌ ගැන පරීක්ෂන  කරපු දොස්තරල කියල තියනව ඌ මැරිල තියෙන්නෙ අධික කම්පනයකින් කියල.ඒ බෝට්ටුව කිට්ටුව තිබුනු නාවික හමුදා කදවුරක රේඩාර් තිරයෙ සටහන් වුනු වෙලාවෙ බෝට්ටුව විතරයි පෙනෙන්න තිබිල තියෙන්නෙ එකේ ගියපු මිනිස්සු ගැන කිසිම දෙයක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා.

බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුනු දේවල් අතර 1967දී අධිවේගී රේස් බොට්ටුවක් ‍කිට්ටුව වෙරලෙ හිටිය අය බලාගෙන ඉදිද්දිම අතුරුදහන් වෙලා තියනව.තව 1973 මාර්තුවල ටොන් 20,000ක් බර භාණ්ඩ ප්‍රවාහන නැවක්,1924 දි ජපාන නැවක් අතුරුදහන් වෙලා තියෙනවා.1932දී නැවු දෙකක් අතුරුදහන් වෙලා පස්සෙ හොයාගෙන තියනව.ඒත් ඒවයෙ සේවය කරපු කෙනෙක්වත් ගියපු මගියෙක්වත් හොයාගන්න බැරිවෙලා තියනව. 

බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුන් නැව්, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකම්ම ගොඩබිමත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව.මෙසේ ඒ ගුවන් නියමුවන් එවපු පනිවිඩ වලින් 35%ක්  තම ගුවන් යානා කිට්ටුව අහසෙ තිබුනු යම් දෙයක් ගැන කියල තියනව. 25%ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා තියනව‍.අනික් ඒව එකපාරටම අතුරුදහන් වෙලා.

1945 ඉදල බර්මියුඩා ත්‍රිකොණය තියන ප්‍රදේශයේ දී අතුරුදහන් වුනු දේවල් අතරට ගුවන් යානා,නෟකාවන්  සහ මිනිස්සු දහස් ගනනක් බව සදහන් වෙනවා.පුදුමය වෙන්නේ මේ අතුරුදහන් වුනු කිසිම දෙයක එක කෑල්ලක් වත් හොයා ගන්න බැරි වෙලා තියෙනවා.හොයා ගත්තේ නැව් බෝට්‍ටු ස්වල්පයක් කියලා තමයි සදහන් වෙන්නේ.මේ ගැන විවිධ පුද්ගලයන් විවිධ ආයතන එකිනකට වෙනස් ආකාරයෙන් තමන්ගේ මත ඉදිරිපත් කරලා තියෙනවා.


හිතුවට වඩා ලිපිය දිග වැඩි උනා.මේක තනි ලිපියකට ලිව්වොත් කියවන අයට මේක නීරස වෙන්න පුලුවන්.ඒක නිසා මම මේ ලිපිය කොටස් දෙකකට දෙන්න හිතුවා.අපි ඊලග ලිපියේ මේ බර්මියුඩා ත්‍රිකොණය මෙතරම් අසාමාන්‍ය වීමට හේතු,විවිධ මත ගැන කතා කරමු.


පලි :මේ ලිපි පෙල අවසානයේ අතිරේඛ ලිපි විදියට පාඨක ඉල්ලිම් පල කරන්න අදහස් කරගෙන ඉන්නවා.ඔයාලත් දන්න දේවල් මේකට කොමෙන්‍ටුවක් විදියට දාන්න කියලා මම ඉල්ලනවා.

11 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

වටිනා ලිපියක් , බෙදා හදාගත්තට ස්තූතියි

මං මේ මොකද්ද ඩිස්කවරි කතාවක දැකල මට මතක විදියට කියන්නෙ, එහි කියන විදියට ඔය කියන තැන චුම්භක ක්‍ෂේත්‍ර වලද කොහෙද විනසක් නිසාලු ඔය වැඩ වෙන්නෙ! නමුත් ඔය අතුරුදන් උනා කියන කාලයේ නොතිබුණු, දැනට පවතින ,ස්ථානය හඳුනාගන්නා තාක්ෂණික ක්‍රම තිබුනානම් ඔය අතුරුදන්වීම් වන ඉඩ නති බවයි!

උදාර said...

තෑන්ක්ස් මචං...

Dinesh said...

මේ ලිපිය කොටස් දෙකකට කඩපු එක හොදයි.. එහෙනම් ඒ ගැනත් ඉක්මනට දාන්නකෝ..
මගේ ඉල්ලීම අමතක කරන්න එපා...

හිස් අහස said...

බැලුවා මචං

Unknown said...

මේකනම් යකාගේ ත්‍රිකෝණයම තමා :/

සංකල්ප said...

මාර ත්‍රිකෝණයක් නේ !!
ගොඩක් වටිනවා මේ විස්තර ටික !!

elephas said...

මේ වගේ ලිපියක් ලිව්වට නම් පින් දෙන්න වටිනවා. ගොඩක් අය කැමති මාතෘකාවක්..........

ABV said...

මම නම් හිතන්ෙන් ෙමතන ෙකලින්ම පිටසක්වල ජීවීන්ෙග් බලපෑමක් තියනවා කියලයි. එෙහම තැන්නම් ෙම් පූෙද්ශෙය්දී නැති ෙවන නැව්, ගුවන් යානා එ් මුහුෙද් පතුෙල්වත් තියන්න ඔ්නැෙන්. සමහර විට ෙම් ෙකාටස පිටසක්වල ජීව්න් පෘතුවිය එක්ක සම්බන්ධතා පවත්වන ස්ථානයක් ෙවන්නත් පුලුවන්.

Anonymous said...

....... ඉහත කමෙන්ට් එක සම්පූඍ්ණ කර නැත, සමාවන්න
"........ බවයි ඩිස්කවරි කණ්ඩායම පවසන්නේ"

පිස්සා පලාමල්ල said...

ලිපි පෙල එක්ක දිගටම රැදී සිටිමි....

Gossip Lanka said...

වටින ලිපියක් වගේම​.. කියවන්න ආස හිතෙන කතාවක් :)

Post a Comment