Thursday, September 29, 2011

පොඩි කාලේ කියවපු පොත් සෙට් එකක්.....

ඔන්න සාහිත්‍ය මාසයත් ඉවර වේගන යන නිසා පිස්සු පූසට හිතුනා ඉස්සර ඒ කියන්නේ අපි පුංචි කාලේ කියවපු පොත් සෙට් එකක් ගැන ලියන්න.මේකට අදහස ආවේ මුහුදු කොල්ලකාරයාගේ දිනපොතේ මෙන්න මේ ලිපිය දැකලා.පරණ මතකයන් එලියට ඇද්ද ඒ සහෝදරයාට මගේ ස්තූතිය.


මම මුලින්ම කියවන්න කතා පොතක් ගෙනත් දුන්නේ අපේ අම්මා.ඒ පොතේ නම නම් මතක නැහැ.තිබ්බේ අලි පොල්ගෙඩි සයිස් අකුරුවලින් ලියපු චිත්‍ර තියෙන ලස්සන පොතක්.මට මතක විදියට ඒ 3 වසරේද කොහෙද.


මම වැඩියෙන්ම පොත් කියවන්න ගත්තේ 4 වසරේ විතර.ඒ කියවපු පොත් ඔක්කොම වගේ මට මතක නැහැ.ඒත් සමහර ඒවා මතකයි.
මම ඉස්සර ටී.බී.ඉලංගරත්න ගතුවරයාගේ අඹ යාලුවෝ පොතට මාර ආසයි.මම හිතන්නේ නැහැ මේ පොත කියවපු නැති කෙනෙක් ඇති කියලා.ඒක මම කී සැරයක් පට්ට ගැහුවද කියලා මතකයක් නැහැ.ඒක ඒතරමටම පට්ට ගැහුවා.සුදු අප්පෝ(සුනිල්) නිමල්ට අඹයක් බෙදා ගන්න ගිහින් ගහගෙන පස්සේ යාලුවෝ වෙන හැටි මට දැනුත් මැවිලා පේනවා.තිලක,තිලක හා තිලකා පොතුත් මම පොඩි කාලේ ආසාවෙන් කියෙව්වා.


ඒ වගේම මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ මඩොල්දූව.මට මේකේ හිටපු චරිත වලින් මතක උපාලි,ජින්නා විතරයි.මම මේකේ ආසම කෑල්ල අර මේ යාලුවෝ සෙට් එක කජු කඩන්න ගිහින් වත්තේ අයිති කාරයට මාට්‍ටු වෙන එක.
ඒ වගේම අපේ ගම පොතත් මම පට්ට ගැහුවා.ඒ පොතේ ගැමි ජීවිතය ගැන නියමෙට විස්තර කෙරෙනවා.ඒ පොත කියවන කොට අපිත් මාර්ටින් වික්‍රමසිංහසූරීන්ගේ ගමේ ඉන්නවා වගේ. ගම්පෙරලිය ඔයාලා කාටත් මතක ඇති.මේ පොතත් මම පට්ට ගැහුවා.තව මාටින් වික්‍රමසිංහයන්ගේ බද්දෙගම,පව්කාරයාට ගල් ගැසීම,උපන්දා සිට පොතුත් මම පොඩි කාලේ ආසාවෙන් කියෙව්වා.
මට අද වගේ මතකයි හත්පන කතා පොත.මේ කුමාරතුංග මුනිදාසයන්ගේ අතින් ලියවුනු ලස්සන පොතක්.කිරිහාමි තමා මේකේ ප්‍රධාන චරිතය.ඒ වගේම එම ශූරීන්ගේ හීන් සැරය.මේකේ කතාව නම් මතක නැහැ.
අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා බස්තියන්ගේ සොහොන.මේ කතාවේ මට මතක විදියට බස්තියන්ව මරලා සොහොනක කෙලින් අතට හිටවලා සොහොන් කොතක් හදලා තියෙන්නේ.ඒක මෙයාලා හොයා ගන්නේ ඒ සොහොන ඉස්කුරුප්පු නියනකින් හිල් කරලා එන කුනු ගදෙන්.(වැරදි නම් හරි ගස්සන්න යාලුවනේ)
තව මං ආසාවෙන් කියවපු පොතක් තමයි පාලු දූපත.ලමයි පැහැරගෙන කරවල වාඩි වලට ගෙනත් ඒ දූපතක් පොලීසියෙන් වටලද්දී ලමයි දෙන්නෙක් විතරක් ඉතුරු වෙනවා.මෙයාලා ඒ දූපතෙන් බේරිලා යනකන් වෙන දේවල් තමා කතාවේ තියෙන්නේ.
දොන් පීටර් පියතුමාගේ වනගත ලමෝ මම ආසාවෙන් කියවපු පොතක්.තව සෝමපුර වීරයෝ,කලන්දූවේ මුතු කොල්ලය,තුන් යහලු වික්‍රමය,නෙල්ලිකැලේ වීරයෝ,ගැට කපන ලමයා....ඊ.ටී.සී.මේවා ඔක්කොම මම කියවලා තියෙනවා.මේවගෙන් සමහරක් මම ගාව තිබ්බා ඒත් ඒවා දැන් කොහෙද කියලා මතකයක් නැහැ.


අපි ඊලගට පරිවර්තන වලට එමු.මම ආසාවෙන් කියවපු පොතක් තමා එච්.රයිඩර් හැගාර්ඩ් ගේ ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකා.මේකේ පොත් දෙකක් ආවා කියලා මට මතකයි.මම ඒ පොත් දෙකම කියෙව්වා.තව සොලමන් රජුගේ දියමන්ති ආකර කියන පොතත් මම පට්ට ගැහුවා.
ඊලගට මම ආසම කරන සර් ආතර් කොනල් ඩොයිල් මහත්මයාගේ ෂර්ලොක් හෝම්ස්.මේකේ සර් ආතර් කොනල් ඩොයිල් මහත්මයා ලියපු ෂර්ලොක් හෝම්ස් පරීක්ෂන කතා 60ම(කෙටි කතා 56,දිග කතා 4) මම අති විශිෂ්ට විදියට ලියලා තියෙනවා.දැන් චන්දන මෙන්ඩිස් ලියන ඒවත් ඒතරම්ම වරදක් නැහැ.මම මේවා අදටත් පිස්සුවෙන් වගේ කියවනවා.මේවයින් පොත් ටිකක් මම එකතු කරගෙන තියෙනවා.ඒ වගේම පරන ටීවි සීරිස් ටිකත්(ෂර්ලොක් හෝම්ස්) මම ගාව තියෙනවා.මේ මම ගාව තියෙන පොත් ටික.
අදටත් කියවන්න පොඩි වෙලාවක් හම්බුනත් කියවන්නේ ෂර්ලොක් හෝම්ස් පොත් තමා.තව පරිවර්තන වලින් මම කියවපු ලෝකය වටේ අසූ දවසකින්,සැගවුනු ලොවේ සවාරියක්,ජුරාසික් දඩයම,සුදු ගෝණා,සුදු වැද්දා,ටාර්සන්...ඊ.ටී.සී.ආදර නවකතා වලින් මම කියෙව්වේ චාතූර්යා 1 හා 2 විතරයි.මට ඒවා අල්ලලා ගියේ නැහැ.අනේ මන්දා ඒ මොකද කියලා.ඒවා මහ බොලදයි වගේ හිතුනු නිසාද දන්නේ නැහැ.තව රුසියානු සාහිත්‍ය පොඩ්ඩක් විතර අතගාලා තියෙනවා.ඒත් ඒ මොනවද කියලා නම් මතකෙට එන්නේ නැහැ.

තව පට්ට ගහපු පොත් නම් ගොඩක් ඇති මම.ඒත් ඒවා මතකෙට එන්නේ නැහැ.මම 8 වසරේ දී අපේ ඉස්කෝලේ පුස්තකාලේ වසරේ පාඨකයා සම්මානය දිනා ගත්තා.ඒ මම ඒ අවුරුද්දේ පොත් 380කට වඩා කියවලා තිබුනු නිසා.ඒ කාලේ නම් පුදුම පිස්සුවක් තිබ්බේ පොත් කියවන්න.යාලුවොත් එක්ක බෙදා හදා ගෙන තමා ගොඩක් පොත් කියෙව්වේ.ඒ කාලේ පොත් ගන්න වත්කමක් නැහැනේ.උපන්දිනේට අම්ම පොතක් අනිවාර්යෙන් ගෙනත් දෙනවා.හිතුවට වඩා පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා.මම මෙතනින් නවතින්නම්.ඔයාලා කියවලා තියෙන පොත් තියෙනවනම් කියන්න.

14 ක් අදහස් දක්වන ලදී:

සංකල්ප said...

සිංහල පොත් වලින් පාළු දූපත ඇරෙන්න අනිත් පොත් ටික සේරම කියවලා තියෙනවා. අර බස්තියන්ගේ සොහොන කියන පොත නම් පට්ට. ඒක තනිකරම වට්ටාරන්තැන්නේ සිද්දවෙන රහස් පරීක්ෂක කතාවක්.

Anonymous said...

හත්පණ නම් කියෙව්ව, ශර්ලොක් හෝම්ස් කතාත් කියවනව! කියන්න ලැජ්ජයි ඔක්කො කියවල ඉවර කරන නෑ! මම පොඩිකාලෙ පට්ට පොතක් කියෙව්ව....... $#$!රන් පුහුල් නිධානය$#@ කියල..... එහෙම්පිටිම්ම තියෙන්නෙ ලංකාවෙ ජනකතා!

කතන්දර Kathandara said...

නිකං ළමා පොත් නේ පොඩි කාලේ කියවල තියෙන්නේ
මං නං මුලින්ම කියෙව්ව නවකතාව පෙම් කතාවක!

Dinesh said...

ශර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම මගේ ලගත් තියෙනවා... මාරම ආසාවෙන් ඒ ටික කියෙව්වේ.....

Unknown said...

අඩේ මේ ෂර්ලොක් හෝම්ස් ටි.වී සීරිස් එක තිබේද..එසේනම් මට එය ගන්නට හැකිද :D

MUHUDU said...

හප්පා, පිස්සු පුසා මටත් අමතක වෙලා තිබ්බ පොත් ගොඩක් මතක් කරල දුන්න. පොඩි නිවැරදි කිරීමක්. තිලක, තිලක හා තිලකා ලිව්වේ ටි.බි. ඉලංගරත්නයන් නේද ? 'විලම්බීත' ඔය සෙට් එකේ මුල් පොත. ගුණදාස ලියනගේ ලියපු මල්ලිගෙ විත්ති කියවල තියෙනවද?
පොත් වල පිට කවර ටික නං මරු.

Anonymous said...

මමනම් මතකේ හැටියට කියෙව්ව මුල්ම පොතේ හිට්යේ..පූසෙක්...හික්ස්...නමත් ඒ වගේ එකක්..බළල් හාමි සිල් ගත්තු හැටි වගේ...ඊට සමාන නමක් හරි වෙන්න ඕනා..

පොතට පතට ආදරේ කරන්න හැමෝටම බෑ යාලු...

Anonymous said...

පොඩි කාලෙ මම කියවපු ආසම පොතක් තමයි 'රණ රාල'. මතක හැටියට ජී. බී. සේනානායක ශූරින්ගේ වගේ. එක මම හිතන්නේ දහපාරක් විතර කියෙව්වා හතරෙ පන්තියේදී.
ඊට පස්සේ 7,8,9,10 පන්තිවල ඉගෙනගන්න කාලේ වඩාත්ම ආසාවෙන් කියෙව්ව පරිවර්තන කීපයක්. මැක්සිම් ගොර්කිගෙ අම්මා, සැබෑ වීරයෙක්ගේ කතාවක්, පෙරැලූ නැවුම් පස වගේ රුසියාවේ මුද්‍රිත පොත් මගේ පොත් ලෝකයේ ඉහලින්ම හිටිය. ඒ කාලෙ රුසියානු පොත් ප්‍රදර්ශන වලින් හැම පොතක්ම වගේ එකතු කරගත්තත් පස්සෙ කාලේ රටේ තත්වෙත් එක්ක එව මගේ සන්තකයෙන් ඉවත් උනා. එත් එක පොතක් මගේ අතේ ඉතුරු උනා. ඒ 'ගුරු ගීතය'. එක විතර මම කැමති පොතක් වෙන නැ රුසියානු පරිවර්තන වල. එක එකහුස්මට කියලවල ඉවර කරන්නපුලුවන් හින්දා විසි වතාවක් විතර ඒක කියවල තියෙනව ඒ කාලේ.
උසස් පෙල කරන්න ඉන්නකොට මට හම්බවෙච්ච මගේ ජීවිතේ ආසම පොත සුගතපාල ද සිල්වා මහාත්මයාගේ 'ඇට මැස්සා'. දහ පාරක් විතර ඒක පට්ට ගැහුව. ඒකෙන් හදපු චිත්‍රපටය හොයාගන්න අන්තර්ජාලෙ මම තාමත් උත්සාහ කරනව. ඒ වගේම සුනිල් මාධව මහත්මයාගේ 'හඬනු මැන නිදහස' ටත් මම හරිම කැමතියි. ඒකෙ චිත්‍රපටය ඒ කාලෙම වීඩියෝ හලකින් හොයාගෙන බැලුව. හරිම සංවේදියි.
ඔය ටික අයිතිවෙන්නේ පොඩිකාලෙයි ලොකු කාලෙයි අතරට.

පිස්සු පුසා said...

@මධුරංග :හි හි අයියට ඒ ගමේ නමත් මතකයි එහෙනම්.හොද මතකයක්

@තනි අලියා :හි හි.කියවන්න අරන්.චන්දන මෙන්ඩිස්ගේ ඒවා කිය වන්න කලින් ඔරිජිනල් කතා 60 කියවන්න.ඒවා දැන් තියෙන ඒවට වඩා ගොඩක් රසවත්

@කතන්දර :හි හි.ඒ කාලේ පොඩි එකානේ..එකයි. ;) පිලිගනිමි ඔබව සාදරයෙන්

පිස්සු පුසා said...
This comment has been removed by the author.
පිස්සු පුසා said...

@Dinesh :හි හි මම ගාව නැත්තේ පොත් 4ක් විතරයි.ඒ ටික වෙලාවක ගන්න ඕනා.

@ChammA :අපොයි පුලුවන්.මම ගේන්නම්.

@මුහුදු කොල්ලකාරයා :අහ් බොහොම ස්තූතියි යාලුවා.නැහැ යාලුවා.මට ඒතරම් මතකයක් නැහැ කියෙව්වද කියලා

පිස්සු පුසා said...

@අසනි :හිකිස් සිරාවටම.....ලොල්

@readmyeye :හිහි මාත් කියෙව්වා රණ රාල,මැක්සිම් ගොර්කිගෙ අම්මා(මේ පොත තාමත් මම ගාව තියෙනවා),ඇට මැස්සා...පොත් ටික නැති උනේ කොහොමද..??

Unknown said...

පොත් කියවපු මල්ලියෙක්. හරි සතුටුයි. මමත් ළමා පොත් කීහිපයක් ලියලා තියෙනවා.

hela said...

හොද ලිපියක්, මාත් පොඩි කාලේ ආසාවෙන් කියවපුව. පොඩි වැරැද්දක් තියෙනව, මට මතක විදිහට බස්තියන්ගේ සොහොන කතාවේ මරන්නේ ප්‍රින්සිපල් සර්ව, බස්තියන්ගේ පුත්තු දෙන්න එකතු වෙලා, සර්ගේ රේස් ඔට්ටුවෙ සල්ලි ගන්න, ඊට පස්සෙ තාත්ත මතක් වෙන්න කියල සොහොන හදනව doby එක කෙලින් හිටවල, ගමේ මිනිස්සු මහ සොහෙනෙ කියලත් කියනව.

Post a Comment