Sunday, April 3, 2011

ෆොටො ගැහිල්ල ගිය දුර...!!!


ඔන්න මම දැන් කියන්න යන්නෙ අපි කරපු වීර ක්‍රියාවක් ගැන..අපි කිව්වෙ කැම්පස් එකේ අපේ සෙට් එක.අපි තමා ඉතින් තිතට මත තිබ්බ කට්ටිය හික් හික් ලොල්.


මේ කතාවටත් මතට සම්බන්දයි තමා..


ඔන්න ගිය අවුරුද්දෙ දෙවැනි සමෙස්ටර් එකේ ෆ්යිනල් ඉවර උන දවසෙ අපෙ සෙට් එකට සෙට් වෙන්න ඔනා උනා.අපි දවස් ගානක් මැරීගෙන පාඩම් කරල එපා වෙලා හිටියෙ.ඕකට මුල් වෙලා සන්විදානය කලේ බඩයි අසෝක අයියයි පොඩ්ඩයි.මමත් පැත්තකින් හිටියා ඕන්.කට්ටිය ගැන පස්සෙ පොස්ට් එකක් දාන්නම්.


ඔන්න ෆ්යිනල් එකෙ අන්තිම දවසෙ සෙට් වෙන්න තිරනය උනේ අසොක අයියයි පොඩ්ඩයි කලින් සෙට් උන දෙහිවල පොට් එකක්.එතන කලින් උන සීන් එක මම පස්සෙ කියන්නම්.කට්ටියගෙන් 500 ගනෙ එකතු කරන් බොතල් ගන්න ගියා ෆුඩ් සිටි එකට බොන්න 12ක් හිටියා අපෙ.බොතල් 5ක් අරගත්තා.ඔක්කොම කරේ බඩා තමා.ඌ තම අපෙ සෙට් එකේ ෆන් ම පොර.


අපි දෙහිවල පොට් එකට ගියපු ගමන් බ්යිට් වලට 4000ක් ඉල්ලපි.අම්මට හුඩු ****ගනන් නෙ මුන්ගෙ.වැඩේ හරියන්නෙ නැහැ කියල කට්ටියට තේරුන නිසා අපි එතනින් මාරු උනා.වෙලාව රෑ 7 විතර ඇති.ඒ මදිවට චුරු චුරු වස්සකුත් වැහැපි.සෙට් එකට එපා වෙලා.අපේ උන් පාරේ පිස්සු කෙලිනව.ලොලේ ලොල්.ඊට පස්සෙ මහරගම පොට් එකක් තියෙනව කියල බඩා කියපු ගමන් අපෙ සෙට් එක නැවතත් ෆුල් ෆෝම් එකට ආවා.


119 බස් එකක නැගල මහරගමට යන්න ප්ලෑන් කරන් දෙහිවල හන්දියට ඇවිටත් බස් එකේ නැග්ගා.ඔන්න වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ බස් එකේ හිටපු අක්ක කෙනෙක් අසෝක අයියට කතා කරා.අපි දෙන්න හිටියෙ ඉස්සරහ.මම හිතුවෙ අපේ සෙට් එක මොකක් හරි ජරමරයක් දානගෙන තමා කියල.එ අක්ක ගාව වාඩි වෙලා හිටපු අවුරුදු 35ක විතර චාටර් පෙනුමක් තිබ්බ පොරක් ඉස්සරහට අවිත් වාඩි උනා.අසෝක අයියා එක්ක ගාවට ගිහින් ආයෙත් අර පොර ගාවට ගිහින්


"තමුසෙ අර ගෑනු කෙනාගෙ ෆොටො ගහුවද"  කියලා ඇහුව.
මූ ගත් කටටම "නෑ" කියලා කිව්වා.


මම ඌ නෑ කියපු විදිය වැඩිය ඇල්ලුවෙ නැහැ.


මම අසෝක අයියගෙ ලගට ගියා සීන් එක අහ ගන්න.අර අක්කා අසෝක අයියගෙ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක්.මූ ඒ අක්කාගෙ ෆොටො ගහලා.හරි නැහැ නේ සීන් එක එ අක්කට.අපි ආයෙත් ගිහින් උගෙන් ඇහුවා.ඌ නෑම කිව්වා.අපේ සෙට් එකේ ඉන්නවා බොක්කා කියලා ඩයල් එකක්.ඩබල් ගේම්  ආතල් පොරක්.


බොක්කා ඇවිත් ඌගේ ෆොන් එක අරන් බැලුවා.මෙන්න ගහපු ෆොටෝ තියෙනවා.සෙට් එකම අරුට වට කරන් ගහුවා.බස් එක ඇතුලෙ ෆුල් හොල්මන්.නරක වචන එහෙම අපි කිව්වෙ නැහැ ඕන්.හික් හික්.මුව කොහොම හරි අපි බස් එකෙන් බැස්සුවා.ඊට පස්සෙටත් ගුටි කෙලිය.මම හිතන්නෙ ඌ අම්බානෙක කැවා.


මූ ගුටි කන ගමන් පොලිසියට යමු කිව්වා.හික් හික් අපි මුව පොලිසියට අරන් ගියා.අපෙ උන්ට මීටර් නැහැ බොතල් බෑග් වල කියලා.කෙලින්ම පොලිසියෙ අතුලෙ.මාට්ටු උනා නම් අපි ටම පොලිසියෙ.OIC ට සීන් එක කිව්වා.
දැන් තම මරුම සීන් එක.OIC මුගෙන් ඇහුවා ෆොටො ගහුවද කියල.මූ මෙතනත් නෑ කියපි.OIC ටත් දැඩි මල.


"තෝ දැන් ෆොටෝ ගැහුවෙ නැත්තම් මේ මොනවද තියෙන්නේ???"


"ස...සර් මගේ අතින් වැරදිලා වැදුනා...ම.....මම ෆොටෝ ගහන්න දන්නෙ නැහැ" බුවා කිව්වා.


"හරි තෝ දැන් ෆොටො ගහන්න දන්නෙ නැහැ කිව්වනෙ.ෆොටො වැදුන වෙලාවෙ තෝ ෆොන් එක කොහොමද තියාගෙන හිටියෙ???"


මූ උගෙ පැත්තට කැමරාව හරවගෙන  "මෙහෙම ස...සර්"කිව්වා.


හික් හික්.OIC කිව්වා"හරි දැන් ගහපිය ෆෝටො එකක්".


මූ ෆෝටො එකක් ගහුවා.


"මට කියපිය ඔය ෆොටො එකෙ කව්ද ඉන්නෙ කියල?"

මූ අහින්සක පාට් එකෙන් "මම සර්" කිව්වා.

OIC මූට කනේ පාරක් ගහල කූඩුවට දැම්මා.




4 ක් අදහස් දක්වන ලදී:

සිංහලයා said...

elakiri ah :)
issarahat thawa athal katha dhanna.
api balan innawa

පිස්සු පුසා said...

බෝහොමත්ම ස්තුතියි සහෝ

Anonymous said...

සිරා කතාව.බෝතල් ටිකට මොකද උනේ?

පිස්සු පුසා said...

හික් හික් මොනවා වෙන්නද මහරගම රෙස්ටෝරන්ට් එකකදි හිස් කලා මිසක්.නැත්තම් ඒවා පරණ කිරීම ජාතික අපරදයක් නේ

බොහොම ස්තූතියි සහෝදරයා

Post a Comment