Thursday, November 10, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries බර්මියුඩා ත්‍රිකෝණය(Bermuda Triangle) 2කොටස

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."

පලවෙනි ලිපියේ අපි ලෝකයේ අත්භූත සතෙක් වන හිම මිනිසා ගැන කතා කරා.බැලුවේ නැති කෙනක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලලා එන්න.ඊට පස්සේ අපි බර්මියුඩා ත්‍රිකෝණය ගැන කතා කරා.ඒ ලිපිය දිග වැඩි උන නිසා මට ඒක කොටස් දෙකකට කඩන්න උනා.බර්මියුඩා ත්‍රිකෝණය ගැන පලමු ලිපිය බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනට ගිහින් බලලා එන්න.

අද ලිපියේ මේ බර්මියුඩා ත්‍රිකොණය මෙතරම් අසාමාන්‍ය වීමට හේතු,විවිධ මත ගැන කතා කරමු.

අධික චුම්භක බලය

බර්මියුඩා ත්‍රිකෝණය අසල මාලිමාවල හැසිරිම ඉතා අසාමා්‍ය වෙනවා කියලා හොයාගෙන තියෙනවා.සාමාන්්‍යෙන් මාලිමා කටුව දක්වන්නේ සැබෑ උතුර නොව චුම්බක උතුරය.එහෙත් පුදුමය වන්නේ බර්මියුඩා ත්‍රිකෝණය අසලදී මාලිමාව පෘතුවියේ සැබෑ උතුර පෙන්වන බව කල පරීක්ෂන වලින් හෙලි වෙලා තියෙනවා.පෘතුවියේ සැබෑ උතුර, චුම්බක උතුරින් අංශක20ක් අපවර්තනය වී ඇති අතර මේ දිශා වෙනස මාලිමා මගින් පෙන්වීම සැබවින්ම අපැහැදිලි තත්වයකි.මේ අයුරින් මාලිමා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන බවට හදුනගෙන ඇති ගොඩ පිහිටි එකම ස්ථානය වනුයේ ජපානයේ Devil Sea වේ.

මෙලෙස මාලිමා යන්ත්‍රය වෙනස් වෙන්නේ මෙම ස්ථාන වල ඇති අධික චුම්භක බලය නිසා කියලා සමහරු මත ඉදිරිපත් කරලා තියෙනවා.මාලිමාවේ වෙනස ගැන වැඩි විස්තර මෙතනට ගිහින් බලන්න.


අධික මීතේන් වායුව(Methane)

බර්මියුඩා ත්‍රිකෝණයේ දී නාවික යාතා අතුරුදහන් වෙන්නේ එම කලාපයේ ඇතිවන ස්වාහාවික උපද්‍රව නිසා කියලා එක්තරා ඇමරිකානු ආයතනයක් හේතු ඉදිරිපත් කරලා තියෙනවා.පෘතුවිය  නිර්මාණය වීමේ දී ඇති වු සිදු වීම් කිහිපයක් නිසා මෙම කලාපයේ මීතේන් අධික ලෙස විදාරණය වනවා කියලා තමයි ඒ ආයතනය කියන්නේ.මෙලෙස මීතේන් විදාරණය වීම නිසා ජලයේ ඝනත්වය වෙනස් වෙනවාලු.ජලයේ ඝනත්වය වෙනස් වීම නිසා නාවික යාත්‍රවක් ජලය මත පාවී යාමට හැකි වන සැහැල්ලු බව නැති වෙලා යනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ.එවිට සමස්ත යාතාවම ගිලෙනවා.සුන්බුන් හම්බවෙන්නේ නැත්තේ නැව කැඩී බිදී යන්නේ නැති නිසා කියලා තමයි ඒ කට්ටිය කියන්නේ.

ඕස්ටේලියාවේ මොනෑෂ් විශ්වවිද්්‍යාලය කෘතිමව ඒ වගේ පරිසරයක් නිර්මාණය කරලා නැවක ආකෘතියක් අතුරුදන් කිරීමට සමත් වෙලා තියෙනවා.මේ අනුව ඉහත සදහන් කරපු ඇමරිකානු ආයතනය පළ කළ පැහැදිලි කිරීම නිවැරදියි කියලා තමයි මොනෑෂ් විශ්වවිද්යලි සදහන් කරන්නේ.ඒවගේම වායුගෝලයට එකතු වන අධික මීතේන් සාන්ද්‍රණය නිසා පිස්ටන් මගින් කියා කරන යන්ත්‍රවල කියාකාරිත්වය සම්පුර්ණයෙන්ම නතර කිරීමට හැකියාව තියෙනවා කියලා දැනට හොයාගෙන තියෙනවා.මෙම මීතේන් ප්‍රවාහයට අසු වන ගුවන් යානා ක්‍රමයෙන් පාවී පහළට වැටෙනවාලු.එවායේ එන්ජිම කියා විරහිත වී පහළට ඇදෙන නිසා සුන්බුන් හොයාගන්න බැරි වෙනවාලු.

සුප්‍රකට භූ විද්යාඥයෙකු ලෙස  සැලකෙන ආචාර්ය රිචඩ් මැක් අයිවර් කියන විදියට මේ කලාපය තුළ  මුහුදු පතුලේ විශාල ගිනිකදු  පිපිරීම් මෙන්ම භූමිකම්පා වැඩිවශයෙන් සිද්ද වෙනවලු.නිරතුරුව සිදු වන මෙම ගිනිකදු පිපිරීම් හේතුවෙන් මෙම ත්‍රිකෝණාකාර ප්‍රදේශය තුල මීතෙන් වායුව බහුල ලෙස පවතින බව එම භූ විද්ඥාඥයා කියනවා.කලින් කලට ඒ වායුව ඉතා විශාල වායු බුබුළු ලෙස සාගර පත්ලෙන් උඩට එනවා කියලත්, ගමන් කරන නාවික යාත්‍රවල සිටින්නන්ට මෙම විෂ වායුව ආඝ්‍රහණය වීමෙන් සිහිසුන් වනවා කියලත්, එයට අමතරව කලාපය හරහා ගමන් කරන යාත්‍රා වලින් උත්පාදනය වන තාපය නිසා මීතේන් වායුව ගිනි ගෙන යාත්‍රාවේ කිසිම කොටසක් හෝ ඉතිරි නොකර දැවී යන බවත් ආචාර්ය රිචඩ් මැක් අයිවර් අනාවරණය කරලා තියෙනවා.ඒ වගේම එම කලාපයේ ඇති වන ගිනි පුළිගු අහස උසට පැන නගින බවත් එමගින් ඉහළ අහසේ ගමන් කරන ගුවන් යානා අකුණු සැරයක් ලෙසින් රත්වූ මීතේන් වායු ධාරා විසින් දවා විනාශ කරන බවත් එම භූ විද්ඥාඥයා විසින් කියලා තියෙනවා.



නිවැරදි ජ්්‍යාමිතික හැඩය

මෙම කලාපයේ අත්භූත සිද්දීන් වෙන්නේ මෙම සාගර කලාපයේ නිවැරදි ජ්්‍යාමිතික හැඩය නිසා කියලා තවත් මත ඉදිරිපත් වෙලා තියෙනවා.එසේ කීමට හේතුව වන්නේ මේ සිදුවීම් වලට බලපාන ප්‍රදේශය වටා නිවැරදි අයුරින් පාද තුනකින් සීමා කරලා පෙන්නන්න පුලුවන් වීමයි.මේ හැඩයේ සුවිෂේශී බව නිසා තමයි මේ කලාපයට බර්මියුඩා ත්‍රිකෝණය කියලා කියන්නේ.



පිටසක්වල ජීවීන්ගේ බලපෑම්



බර්මියුඩා තිකෝණයට අයත් ප්‍රදේශයේ පිටසක්වළ ජීවින් පර්යේෂණ සදභා භාවිත කරන බව කවුරුත් දන්නා ප්‍රසිද්ද මතයකි.එම ප්‍රදේශයට ඇතුඵ වන නාවික යාත්‍රා හා ගුවන් යානා පිටසක්වළ ජීවින් විසින් අල්ලා
ගන්නවා කියලා තවත් පිරිසක් කියනවා.


තවත් සමහරු කියන්නේ මෙම බර්මියුඩා ත්‍රිකෝණයේ අපේ ලෝකයට සමාන්තරව පවතින වෙනත් ලෝකයක හෝ කාල මානයක් හා සම්බන්ද වන දොරටුවක් තියෙනවා කියලා.තවත් මෙවැනි ස්ථානයක් ලෙස ඇමරිකාවේ Area 51 හදුන්වන්න පුලුවන්


මෙහි තියෙන ප්‍රධාන තර්කය වෙන්නේ රේඩාර් තරංග පද්ධතිය ඵක් වරම ඇනහිටින්නේ ඇයි කියලා.ගුරුත්වාකර්ෂණය නිසා නම් එම දෝෂය ක්‍රමයෙන් වර්ධනය වෙන්න ඕනෑ කියලා එම මතය ඉදිරිපත් කරන අය කියනවා.ඒත් අතුරැදන් වු බොහෝ යානායල රේඩාර් පද්ධතිය අකිය වි ඇත්තේ ක්ෂනිකවමය.ඒ වගේම අනතුරකට හසු වෙලා කියලා පාලක මැදිරියට දැන්විමට ඒ කිසිදු යානයකට ඉඩක් ලැබිලා නැහැ.මෙම මතය ප්‍රබල කරන්න මේ හේතු සමත් වෙලා තියෙනවා


බර්මියුඩා ත්‍රිකෝණය ගැන දිනමිණ සිතිජය අතිරේකයේ ලිපිය මෙතනින්.

මම හිතනවා ඔයාලා මේ ලිපියෙන් බර්මියුඩා ත්‍රිකෝණය ගැන පැහැදිලි උනා කියලා.අපැහැදිලි තැනක් තියෙනවනම් කොමෙන්‍ටුවක් විදියට දාන්න.අපි ඊලග ලිපියෙන් දියකිදුරියන් ගැන කතා කරමු.



පලි :පසුගිය ලිපි වලට ප්‍රතිචාර දක්වන්න බැරි උන එකට ඔයාලගෙන් මම සමාව ඉල්ලනවා.

Friday, November 4, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries බර්මියුඩා ත්‍රිකෝණය(Bermuda Triangle)

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."


පලවෙනි ලිපියේ අපි ලෝකයේ අත්භූත සතෙක් වන හිම මිනිසා ගැන කතා කරා.බැලුවේ නැති කෙනක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලලා එන්න.අද ඒ ලිපියේ දෙවැනි කොටස වන බර්මියුඩා ත්‍රිකෝණය ගැන අපි කතා කරමු.


බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය

බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය උතුරු ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රදේශය, බර්මියුඩා දුපත් සහ කැරිබියන් මුහුදේ පිහිටි පෝර්ටෝ දූපත් ප්‍රදේශ ඇතුලත්ව බටහිර අත්ලාන්තික් සාගර කලාපයේ ත්‍රිකෝනාකාර පෙදසක පිහිටලා තියෙනවා.

මේ ත්‍රිකෝණාකාර ප්‍රදේශයේ දී නෞකා හා ගුවන් යානා සිය ගණනක් අතුරුදහන් වෙලා තියෙන නිසා මුහුදු ගමන් හා ගුවන් ගමන් යෙදෙන පුද්ගලයන් විතරක් නොව මෙය ගැන දන්නා,අසා ඇති ඕනෑම පුද්ගලයෙක් තුල මේ ගැන චකිතයක් ඇති වෙනවාට කිසිම සැකයක් නෑ.මෙය තවමත් විසදී නැති අභිරහසක්.මෙය ලෝකයේ එක් අස්වාහාවික ස්ථානයක් විදියට හදුන්වන්න පුලුවන්.

මේ ප්‍රදේශයේ  කිසියම් අමුත්තක් තියෙන බව මුලින්ම හෙලි කරලා කරලා තියෙන්නේ ක්‍රිස්ටෝපර් කොලම්බස්.ක්ෂිතිජය අසල නැළවෙමින් පවතින එළියක් තියෙන බව ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය නිරික්ෂණය කරලා තියෙනවා.මෙම සිදු වීම කුමක් දැයි විස්තර කරදීමට කිසිවකුට පුලුවන් වෙලා නෑ.

බර්මියුඩා ත්‍රිරිකෝණයේදී සිදුවූ අබිරහස් අතුරුදන්වීමක් පිළිබඳ මුළින්ම වාර්තා කරලා තියෙන්නේ 1950 සැප්තැම්බර් 16 වැනිදා AP පුවත් සේවයේ මාධ්්‍යවේදී එඩ්වඩ් වැන් ජෝන්ස්.ඊට අවුරුදු දෙකකට පස්සේ Fate සඟරාවේ පලවෙලා තියෙන ලිපියකින් ජෝර්ජ් - X සෑන්ඩ් ද,නෞකා සහ ගුවන් යානා අතුරුදන් වීම් පිළිබඳ අනාවරණ කරලා තියෙනවා.Flight 19 නම් අමෙරිකානු ගුවන්යානයට අත් වූ ඉරණම ගැන ගැනත් එහි සදහන් වෙලා තියෙනවා.

Flight 19 යානය පිළිබඳ 1962 අප්‍රියෙල් American Legion සඟරාවේ ද විස්තරාත්මක ලිපියක් වෙලා තියෙනවා.ඒ එම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පළමුව තමන් සුදු පැහැ ජල තීරයකට ඇතුළු වෙමින් ඇතැයිද පසුව සුදු පැහැ නොව කොළ පැහැ ජල තීරයකට ඇතුළු වන බවද කළ දැනුම් දීමක් ගැන මේ ලිපියට ඇතුළත් වෙලා තියෙනවා.මේ අනාවරණ ඔස්සේ 1964 පෙබරවාරි මස Argosy සඟරාවට වින්සන්ට් ගැඩිස් ලිපියක් ලියමින් මාරාන්තික බර්මියුඩා ත්‍රිකෝණය ගැන විස්තර කරලා තියෙනවා.ගැඩිස්ගේ අදහස අනුව 1974දී රිචඩ් ඩයිනර් නම් ලේඛකයා යක්ෂයාගේ ත්‍රිකෝණය (The Devils Triangle)ලෙස එය පිළිබඳ විස්තරාත්මක අනාවරණයක් කරලා තියෙනවා.1974 දීම චාල්ස් බර්ලිට්ස් Sea Devil නමින් කෘතියක්ද ලියලා තියෙනවා. 




1945.12.05 ඇමරිකානු නාවික හමුදාවෙ 
බෝම්බ දාන ගුවන් යානා 5ක් මේ ප්‍රදේශය උඩින් ගමන් කරමින් ඉදලා තියෙනව.මේවා ගුවන් ගත වුනු වෙලාවෙ ඉදල සාමාන්්‍ය විදියට පාලක මැදිරියත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව.එත් එක පාරටම ඒව නැවතිල තියනව.රේඩියො උපාංගවල වරදක් කියල හිතාගෙන ඒ අය යානා කුවන් තොටුපලට එනකම් බලාගෙන ඉදල තියනව.ඒත් එම යානා ආපසු ඇවිත් නැහැ. එම ප්‍රදේශය අසල රේඩාර් සිග්නල් වැඩකරත් මේ යානා ගැන කිසිම හෝඩුවාවක් හම්බෙලා නැහැ.

මේ අතුරුදහන් උන යානා හොයන්න තවත් ගුවන් යානයක් යවල තියනව.පුදුමයකට මෙන් මේ ගුවන් යානය පිටත්වෙලා විනාඩි කිහිපයකට පස්සෙ පාලක මැදිරියත් එක්ක තිබුනු රේඩියො සම්බන්දතා ටික ටික නැවතිල තියනව. හෙයන්න ගිය යානයේ ගුවන් නියමුව එකපාරටම පාලක මැදිරියට පනිවිඩක් එවල තියනව


“මගේ ගුවන් යානයට උඩින් අහසෙ අමුතු හැඩයේ විශාල යමක් මට පේනව.දැන් ගුවන් යානය මට පාලනය කරන්න බැහැ. ගුවන් යානය ඒ පැත්තට...”

මේක තමයි ගුවන් නියමුව අන්තිම පණිවිඩය විදියට සටහන් වෙලා තියෙන්නේ.පස්සෙ මේ ගැන විශාල පරීක්ෂන පවත්වල තියනව ඒත් ගුවන් යානාවල ගිය ගුවන් නියමුවන් ගැනවත් ගුවන් යානා ගැනවත් කිසිවක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා.

ගුවන් යානා මෙන්ම අඩි 400 විතර දිග විශාල භාණ්ඩ ප්‍රවාහනය කරපු නැවක් එකේ නැවියන් සහ සේවකයොත් එක්ක අතුරුදහන් වෙලා තියනව.මේ නැව අතුරුදහන් වීම ගැන පරීක්ෂන පවත්වත්වපු කට්ටිය අන්තිමට කියල තියෙන්නෙ ඒ නැව මුහුදුබත් වෙලා නැහැ කියල.එය තාමත් අභිරහසක්.ඒ කාලෙම ටොන් 19000ක් බර මගී ප්‍රවාහන නැවක් අතුරුදහන් වෙලා තියනව.

ඒ නැවේ මගීන්309 විතර ඉදලා තියෙනවා.මේ නැව ඊට කි.මී 72ක් දුරින් යමින් තිබුනු නැවක් එක්ක රේඩියො පනිවිඩ හුවමාරු කරලත් තියෙනවා.ඒත් එක පාරටම ඒව නැවතිල තියනව. ඒ ගැන හොයා බැලුවත් කිසිම හෝඩුවාවක් හොයගන්න බැරි වෙලා තියෙනවා.1982 අගොස්තු 13දා බර්මියුඩා ත්‍රිකෝණයේදී බෝට්ටුවකින් මිනිස්සු 6 දෙනෙකුයි බල්ලෙකුයි ගිහින් තියනව.ඒ කට්ටිය අතුරු දහන්වෙලා තියනව.ඒත් ඒ කට්ටිය එක්ක හිටිය ගිරවෙක් මැරිල ඉදල අහුවෙලා තියනව. ඌ ගැන පරීක්ෂන  කරපු දොස්තරල කියල තියනව ඌ මැරිල තියෙන්නෙ අධික කම්පනයකින් කියල.ඒ බෝට්ටුව කිට්ටුව තිබුනු නාවික හමුදා කදවුරක රේඩාර් තිරයෙ සටහන් වුනු වෙලාවෙ බෝට්ටුව විතරයි පෙනෙන්න තිබිල තියෙන්නෙ එකේ ගියපු මිනිස්සු ගැන කිසිම දෙයක් හොයා ගන්න බැරි වෙලා තියෙනවා.

බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුනු දේවල් අතර 1967දී අධිවේගී රේස් බොට්ටුවක් ‍කිට්ටුව වෙරලෙ හිටිය අය බලාගෙන ඉදිද්දිම අතුරුදහන් වෙලා තියනව.තව 1973 මාර්තුවල ටොන් 20,000ක් බර භාණ්ඩ ප්‍රවාහන නැවක්,1924 දි ජපාන නැවක් අතුරුදහන් වෙලා තියෙනවා.1932දී නැවු දෙකක් අතුරුදහන් වෙලා පස්සෙ හොයාගෙන තියනව.ඒත් ඒවයෙ සේවය කරපු කෙනෙක්වත් ගියපු මගියෙක්වත් හොයාගන්න බැරිවෙලා තියනව. 

බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුන් නැව්, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකම්ම ගොඩබිමත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව.මෙසේ ඒ ගුවන් නියමුවන් එවපු පනිවිඩ වලින් 35%ක්  තම ගුවන් යානා කිට්ටුව අහසෙ තිබුනු යම් දෙයක් ගැන කියල තියනව. 25%ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා තියනව‍.අනික් ඒව එකපාරටම අතුරුදහන් වෙලා.

1945 ඉදල බර්මියුඩා ත්‍රිකොණය තියන ප්‍රදේශයේ දී අතුරුදහන් වුනු දේවල් අතරට ගුවන් යානා,නෟකාවන්  සහ මිනිස්සු දහස් ගනනක් බව සදහන් වෙනවා.පුදුමය වෙන්නේ මේ අතුරුදහන් වුනු කිසිම දෙයක එක කෑල්ලක් වත් හොයා ගන්න බැරි වෙලා තියෙනවා.හොයා ගත්තේ නැව් බෝට්‍ටු ස්වල්පයක් කියලා තමයි සදහන් වෙන්නේ.මේ ගැන විවිධ පුද්ගලයන් විවිධ ආයතන එකිනකට වෙනස් ආකාරයෙන් තමන්ගේ මත ඉදිරිපත් කරලා තියෙනවා.


හිතුවට වඩා ලිපිය දිග වැඩි උනා.මේක තනි ලිපියකට ලිව්වොත් කියවන අයට මේක නීරස වෙන්න පුලුවන්.ඒක නිසා මම මේ ලිපිය කොටස් දෙකකට දෙන්න හිතුවා.අපි ඊලග ලිපියේ මේ බර්මියුඩා ත්‍රිකොණය මෙතරම් අසාමාන්‍ය වීමට හේතු,විවිධ මත ගැන කතා කරමු.


පලි :මේ ලිපි පෙල අවසානයේ අතිරේඛ ලිපි විදියට පාඨක ඉල්ලිම් පල කරන්න අදහස් කරගෙන ඉන්නවා.ඔයාලත් දන්න දේවල් මේකට කොමෙන්‍ටුවක් විදියට දාන්න කියලා මම ඉල්ලනවා.

Wednesday, November 2, 2011

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries



හැමදාම වල් පල් ලිය ලිය ඉදලා හරියන්නේ නැහැනේ.වැදගත් යමක් ලියන්නත් ඕනානේ.ලෝකයේ අරුම පුදුම දේවල් සහ නොවිසදුනු අභිරහස් ගැන මම හොයා ගත්තු දැනුම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න හිතුවා.මම පුංචි කාලේ ඉදන්ම අභිරහස් දේවල් ගැන දැන ගන්න හරිම ආසයි.මම වගේම ඔයාලත් ආස ඇති කියලා මම හිතනවා.හරි වැල් වටාරම් නැතුව අපි වැඩේට බහිමු.


"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් දියුණු උනත්,විද්‍යාවෙන් හැම දෙයක්ම විසඳන්න පුවන් කියලා හිතාගෙන හිටියත් ලෝකයේ සමහර දේවල් තියෙනවා අගක් මුලක් හොයාගන්න බැරි ගැටලු.අපි කොච්චර තාක්ෂණයෙන් දියුණු උනත් ලෙහාගන්න බැරි පැටලිලි සහිත ගැටලු අපි දන්නේ නැති උනාට ඕනෑ තරම් තියෙනවා."


හරි අපි ඒවා මොනවද කියලා බලමු.



1.යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා
2.බර්මියුඩා ත්‍රිකෝණය 
3.දියකිදුරියෝ 
4.නෙස් විලේ අද්භූත සත්ත්වයා
5.මිසරයේ පිරමිඩ
6.පියාබන පීරිසි
7.තරු දොර‍ටු
8)Easter Island
9)Stonehenge
10)නස්කා ලයින්ස්


තවත් ගොඩාක් දේවල් තියෙනවා.අපි ප්‍රධාන වශයෙන් එකින් එක මේ ටික ගැන බලමු.


මුලින්ම යෙටි එහෙමත් නැත්තම් හිමාලයේ හිම මිනිසා



මෙයාව විවිධ රට වල විවිධ නම් වලින් හඳුන්වනවා.


හිමාලයේ - හිම මිනිසා(Abominable Snowman of the Himalayas)
චීනයේ - යෙටී(Yeti )
ඇමේසන් වනයේ - සැස්ක්වාච්(Sasquatch)
ඕස්ට්‍රේලියාවේ - යෝවී(Yowie)

මෙයාට බිග්ෆුට්(Bigfoot) කියලත් කියනවා.



මෙයා උස අඩි 7-10 විතර වානරයෙක් කියලා තමා දැනට අදුරගෙන තියෙන්නේ.බර කිලෝ 230ක් විතර වෙනවලු.එයාගේ එක අඩියක දිග අගල් 17 විතර වෙනවා කියලා තමා හොයාගෙන තියෙන්නේ.මේ බිග්ෆුට් එහෙමත් නැත්තම් හිම මිනිසා මුලින්ම කැමරාවට අසු කරගෙන තියෙන්නේ 1967දී.මෙයාව මුලින්ම වීඩියෝ කරලා තියෙන්නේ Patterson-Gimlin කියලා කෙනෙක් මෙන්න ඒ වීඩියෝව.



මෙයාගෙන් කාටවත් කරදරයක් වෙලා කියලානම් වාර්ථා වෙලා නැහැ.විද්ඥාඥයින් කියන්නේ මේ පරිණාමයේ එක අවස්ථාවක් කියලා.මෙයාලා වද වෙලා ගියා කියලා තමයි හැමෝම කියන්නේ.ඒත් තාම ඉන්නවා කියලා ඔප්පු කරන්න තරම් සාක්ෂි නැති නිසා අත්භූත සතෙක් කියලා තමා තාම හදුන්වන්නේ.ටිබෙටයේ හා චීනයේ මේ සතාව දේවත්වයෙන් සලකනවා.විවිධ චිත්‍රපටි, කථා ඕනෑ තරම් මෙයා ගැන තියෙනවා.මතකද කට්ටියට ටින්ටින් කා‍ටුන් එකේ යෙටී ගැන තියෙනවා.

මෙම සත්වයා ගැන දිනමිණ සිතිජය අතිරේකයේ තිබ්බ සටහනක් මම යටින් දාන්නම්.

අසූව දසකයේ අපේ රූපවාහිනිය තුළින් අමුතුම කතාවක් විකාශය විය. ලොකු කුඩා කා අතරත් එකසේ ජනප්‍රිය වූ ඒ කථාවට තේමාව වී තිබුණේ එතෙක් මිථ්‍යාවක් ලෙස ලෝකයා තුළ පිළිගැනීමට ලක්ව තිබූ අද්භූත සත්ත්වයකු ගැන ය.අර්ධ මිනිස් අර්ධ වානර ස්වභාව ගත් මේ අමුතුම සත්ත්වයා වටා ගෙතුණු කතාව නම් කර තිබුණේ  ‘ Bigfoot’ ලෙසිනි.

‘ Bigfoot’ කතාවේ එන මේ යෝධ චරිතය ‘යෙටී’ නමින් මිනිස් පරම්පරා ගණනාවක් පුරා ප්‍රවාදයක්ව පැවැති යෝධ හිම මිනිසා අනුව යමින් ගොඩනැඟුවකි.

යෙට් යනු තවදුරටත් මිත්‍යාවක් හෝ ප්‍රවාදයක් හෝ නොවේ. පසුගියදා රුසියානු විද්වතුන් ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල විද්වතුන් කණඩායමක් යෙටී ගේ හැටි සොබාව මෙන්ම ඔහු වාසය කරන ගුහාවක් ද සොයාගත් අතර යෙටී යනු සැබෑවක් බව විද්‍යාත්මකව තහවුරු කිරීමට අවශ්‍ය සාක්කි ද සොයා යනු ලැබූහ.

යෙටී හෙවත් යෝධ හිම මිනිසා පිළිබඳ ප්‍රවාදය මුලින්ම ආරම්භ වනුයේ ටිබෙටය ආශ්‍රිත හිමාලයානු කඳුමුදුන් අතරිනි. වෙනෙකක් තබා යෙටී (Yeti)  යන නම සැදී ඇත්තේ ද ටිබෙට් වචන දෙකක එකතුවෙනි. එයින් කියැවෙන්නේ ‘ගිරි කදු වාසි’ ‘වළස්රූපියා’ යන්නයි.

1889 දී මේ අර්ධ මිනිස් අර්ධ වානර යෝධයා ගැන මුල්ම සාක්ෂිය එළිදරව් වූයේය. ඒ හිමාලයානු කඳු මුදුන් ආශ්‍රිතව ය. කදුමුදුන් අතර සැරි සැරූ බ්‍රිතාන්‍ය ජාතික නිලධරයකු හට හිම මත තිබූ යෝධ පා සටහනක් දක්නට ලැබීමත් සමගම ටිබෙට් ගැමි ජනයා අතර පැතිර තිබූ යෙටී පිළිබඳ ජනප්‍රවාදයට පණ ලැබී එය ලොව පුරා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූයේය.

1925 දී ඡායාරූප ශිල්පියකු වූ එන්. ඒ. ටොච්බාජි, ෂේමු ග්ලැසියරය අසලදී දිගු රෝමයන් හෝ මුළු ඇඟම වැසී ගිය මිනිස් රූපි යෝධයකු දුටු බව වාර්තා කෙළේය. ඔහු නැෂනල් ජියොග්‍රැෆිකල් සංගමයේ සාමාජිකයෙකි.

1921 දී ලුතිනන් චාල්ස් හොමාර්ධි බරී එවරස්ට් කදුයායේ ලක්පා ලා ආශ්‍රිතව යෝධ මිනිස් පා සටහන් දුටු බවට ද වාර්තා කෙළේය.

යෙටී පිළිබඳ බටහිර රටවල ආන්දෝලනය ඇවිලී ගියේ 1950 ගණන්වලදී ය. ඒ 1951 දී එරික් ෂිප්ටන් විසින් එවරස්ට් ආශි‍්‍රතව ගත් යෝධ පා සටහනක ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ය. පිටර් බයිම් 1948 දී පේමු ග්ලැසියරය ආශ්‍රිතව යෝධ පා සටහන් දුටු බව වාර්තා කර තිබිණි. 1953 දී එවරස්ට් තරණය කළ සර් එඩ්මන්ඩ් හිලරි හා ටෙන්සින් නෝර්ගේ තමන් මේ සුවිශාල පා සටහන් දුටු බව වාර්තා කළහ.

ගින්න හොඳින්ම ඇවිලීගියේ 1954 දී ඩේලි මේල් හි පළමු වාර්තාවකිනි. ඒ යෙටීගේ හිසේ කෙස් ගස් සොයා ගත් බවට වූ සිද්ධියක් වාර්තාවීමත් සමග ය.


පැන්ග්බෝ චේ ආරාමය ආශ්‍රිතව තිබී සොයාගත් යෙටීගේ හිසේ කෙස් ගස් යැයි කියූ ද්‍රව්‍ය මහාචාර්ය පෙඩ්රික් වුඩ්ජොන්ස් වෙත ලබාදෙන ලද්දේ ඔහු මානව පඨක පිළිබඳ විශේෂඥයකු වූ හෙයිනි. ඔහුට ද මේ පිළිබඳ ව නිශ්චිත නිගමනයකට පැමිණීමට නොහැකි විය.

රන් දුඹුරු පැහැගත් දිගු කෙස් වර්ගයක් වූ මෙය සාමාන්‍ය තත්ත්ව යටතේ දී තඹ රත් පැහැයක් ගත් ද්‍රව්‍යයකි. මහාචාර්යවරයා කීවේ මෙය කිසිසේත්ම මානව කල්ප වානරයකුගේ හෝ මානව වර්ගයාට නෑකම් ඇති ද්‍රව්‍යයක් නොවන බවයි. එතැන් සිට යෙටී පිළිබඳ පැවැති උණුසුම් කතාබහ නැවත යටපත් වී ගියේය.

1970 දී කඳු නගින්නෙකු බ්‍රිතාන්‍ය ජාතික ඩොන් විලියමිස් තම කඳුකර කඳවුරු අසලදී මේ සත්ත්වයකු දුටු බව වාර්තා කර තිබේ.

2008 ඔක්තෝබරයේදී ජපාන ජාතික යොෂිමෙරු තකහෂි තමන් යෝධ පා සටහන් දුටු බවත් දැන් මේ සත්ත්වයා රූගත කිරීමට උත්සාහ දරන බවත් ප්‍රකාශ කර තිබිණි. ඉන්පසු ආසන්නතම වාර්තාව පළවූයේ 2010 දීය. චීන ජාතික විද්වතුන් පිරිසක් ෂෙනොන්ජියා ප්‍රදේශයේ පරීක්ෂණයක යෙදීමට කටයුතු කළ ද ඔවුනගේ නිරීක්ෂණයට යෙටී හසුවී තිබුණේ නැත.

දැන් ශතවර්ෂ ගණනාවක් පුරා පැවැති මේ ආන්දෝලනාත්මක අද්භූත සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳ මුල් වරට පිළිගත හැකි තොරතුරු වාර්තා වී තිබේ.

රුසියානු විද්‍යාත්මක සම්මේලනයේ ඇලෙක් සැන්ඩර් ඔවෙඩ්කින් සහ නිකොලායි වැලේයේව් මෙන්ම අමෙරිකාව කැනඩාව ස්වීඩනය සහ එස්තෝනියාවේ විද්වතුන් පිරිසකගේ ගවේෂණයක් මගින් මේ තොරතුරු පසුගිය සතියේ අනාවරණය කෙරිණි.

ඒ අනුව සයිබීරියානු හිම බිමට අයත් කැවේරාවේ ප්‍රදේශයේ තෂ්මා ගොල්ස්කි පළාතේ අෂාස්කි ලෙන්ගුහා තුළින් යෙටීගේ පැවැත්ම පිළිබඳ සාධක ඔවුහු හෙළිදරව් කරගත්හ.

රුසියානු විද්‍යාඥ ඇනමොලි නෝකින් යෝධ පා සටහනක් සමඟ තිබූ රෝම ගණනාවක් සොයා ගනුලැබූ අතර යෙටී සිය වාසස්ථාන මායිම සලකුනු කිරීමට ගොඩගසා තිබු අතුරිකිලි ඇටැවුම් ද ඔවුන්ට හමුව තිබේ. එසේම ඉහත ලෙන්ගුහාව යෙටීගේ වාසස්ථානයක් බවට අවශ්‍ය බොහෝ සාධක ඔවුන් විසින් සොයා මතු කරගනු ලැබ තිබේ.

“කැමේරොමෝ ප්‍රදේශයේ යෙටී දිවි ගෙවන බවට බොහෝ සාධක හමුවුණා. දැන් අපට 95 % ක්ම යෙටී සැබෑ ලෙස දිවිගෙවන සත්ත්වයෙක් බව තහවුරු කළ හැකියි.” විද්‍යා සම්මේලනයේ වාර්තාව නිල වශයෙන් පෙන්වා දෙයි.

මේ කඳු ගැටය ආශ්‍රිතව තිස් දෙනකුගේ පමණ යෙටී කණ්ඩායමක් වෙසෙන බව අපට බොහෝ දුරට විශ්වාසයි. ගවේෂක කණ්ඩායමේ විද්‍යාඥ ආචාර්ය ඉහෝර් බර්ට්සෙව් කළ ප්‍රකාශයත් සමග මෙතෙක් මිත්‍යාවක් සහ ප්‍රවාදයක් බවට පැවැති යෙටී පිළිබඳ සැබෑව හෙළි දරව් වී තිබේ.

ඔවුන් ඇත්ත වශයෙන්ම නූතන නියැන්ඩර්තාල් වර්ගයක් විය හැකි බව විද්‍යාඥ ඉහෝර් පවසයි. දේශගුණික හා පාරිසරික බාධක මගින් ඔවුහු සිය නෑදෑයන් වන නූතන මානවයාගෙන් වෙන් කර තැබූ නිසා ඉතා සුළු සංඛ්‍යාවක සාමාජික පිරිසක් ලෙස ඔවුන් වෙනමම පරිණාමය වන්නට ඇතැයි යනු ඔහුගේ මතයයි.

පූර්ව බෞද්ධ යුගයට අයත් හිමාලයානුවාසින්ගේ විශ්වාසයක් ලෙස පණ ගැසී තිබූ යෙටී පිළිබඳ ප්‍රවාදය අපූරු වූවකි. එයට අනුව ටිබැටයේ ලෙප්චා මිනිස්සු මේ යෝධ හිම සත්ත්වයා දෙවියකු ලෙස ගෙන වැදුම් පිදුම් කරයි.

එසේම එම සත්ත්වයාගේ රුධිරය මහා බලැති ඖෂධයක් ලෙසද සලකයි. දැන් පූර්ව බෞද්ධ යුගයේ සිට පැවැති මේ සංකල්පය සත්‍ය වන දිනය ළඟාවී තිබේ.

යෙටි ගේ යැයි සැලකෙන රුසියානු විද්‍යාත්මක කණ්ඩායම සොයාගත් රෝම ඉදිරියේදී DNA පරීක්ෂාවට යොමු කිරීමට අදහස් කර තිබේ. ඒ මේ මිථ්‍යාව සත්‍යයක් බවට විද්‍යාත්මකව ඔප්පු කර ලීමට ය.


හරි එහෙනම් මෙයා ගැන දැන ගත්තානේ.අපි ඊලග ලිපියෙන් බර්මියුඩා ත්‍රිකෝණය ගැන කතා කරමු.

පලි:පටන් ගත්තු වැඩේ අව්ලක් නැහැ කියලා හිතනවා.

දඩ කොල..මෙලෝ රහක් නැති පොලිස් කතා


ලංකාවේ පොලීසිය ගැන අපේ රටේ අයට අමුතුවෙන් කියන්න ඕනා නැහැ නේ.සමහරක් කරන ජරා වැඩ නිසා හොද නාමයක් දිනාගෙන සමාජය යහපත් කරන්න අවංක උත්සහයක් දරන අවංක නිලධාරීනුත් මේ නිසා මිනිස්සුන්ට එපා වෙනවා.හරියට අර කිරි කලයට ගොම බිංදුවක් වැ‍ටුනා වගේ අර අවංක නිලධාරීන් කරන වැඩ වලින් වැඩක් නැතුව යනවා.


අපේ රටේ බහුතරයක් ඉන්නේ ජරාව පෙන්නන්න බැරි අය.කොටින්ම කිව්වොත් කටින්මයි ඉල්ලන්නේ.මේක අපේ ආරෙන් එන පුරුද්දක් වෙන්න ඇති.මොකද අපේ මිනිස්සු කොච්චර හදන්න හැදුවත් හදන්න බෑ.බලු වලිගය උනපුරුකේ දාලා වත් ඇද අරින්න බෑ කියනවනේ.කහ ඉරවල් පාරේ දාලා තියෙනකොට පනින්නේම කහ ඉර පෙනි පෙනී.මග හැම තැන කුනු බාස්කට් තියෙනකොට එක හිස් වෙලා තියෙද්දී ඒක වටේ කුනු පිරිලා.බාස්කට් එකට දාන්න කම්මැලි කම නිසා පාරේ හැම තැනම දාලා යනවා.ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ.මොකද අපේ අයට ඕක සතියෙන් එක හමාරෙන් අමතක වෙලා යනවා.


හරි මෙන්න මේකයි මම කියන්න ගිය කතාව.පෙරේදා මම අපේ ප්‍රොජෙක්ට් එකේ වැඩකට UK ගියා මගේ යාලුවෙක්ගේ ගෙදර.හි හි UK කිව්වේ United Kingdom  නෙමේ අපේ ලංකාවේ ලෝකල් UK උස්වැටකෙයියාව.බස් එකේ ගියොත් රෑට එන්න බස් නැති නිසා මම වාහනේ ගියේ.නුගේගොඩ අනුලා එක ඉස්සරහ තනි සුදු ඉර ලාවට කපා ගෙන මම බස් එකකට ඉස්සර කලා.හුටා බාප්පලා දෙන්නෙක් මාව නැවැත්තුවේ නැතැයි එතන හෝල්ට් එක ගාව.එක්කෙනෙක් මගේ ගාවට ඇවිත් 



??? :මහත්තයා කරපු වැඩේ වැරදියි නේ.සුදු ඉර කපන්න බැනේ.කොහේටද යන්නේ??
මම :කොලබට සර්.
??? :බලපත්‍රය තියෙනවද??
මම :ඔව් මෙන්න සර්.
??? :මේකට මම දඩයක් ලියලා දෙන්නම්.සාමාන්‍යෙන් මේක උසාවි දාන්නේ.
මම :හා කමක් නැහැ සර්.
??? :ඔයාට රස්තියාදු වෙන්න වෙනවා එතකොට??
මම :අව්ලක් නැහැ.
??? :හරි මෙන්න.


බුවා දඩ කොලේ පිරෙව්වේ යට ඉදන් උඩට.බැලුවේ ජරාවක් කියලා මට තේරුනා.බුවාලා ඉන්නේ අපි "අනේ සර් එහෙම කරන්න එපා මොකක් හරි කරන්නම්" කියන වචනේ එනකම් තමා.එතකන් ලියන්නේ නැහැ.මුගේ තියෙන ජරා කම කියන්නේ මාත් එක්ක තියෙන මලට කොලේ විතරයි දුන්නේ අනිත් දිග කොලේ(දඩේ ගාන තියෙන කොලේ) දුන්නේ නැහැ.හවස 3න් පස්සේ ***** පොලිසියට එන්න කිව්වා.දිග කොලේ දෙන්න පොත ගෙනාවේ නැහැ කියලා.මොනවා කරන්නද ගමන යන්න පරක්කු වෙන නිසා මම එකත් අරන් ගියා.


මම යාලුවගේ ගෙදර ගිහින් ප්‍රොජෙක්ට් එකේ වැඩේ ඉවර කරගෙන ආපහු කොලබට එනකොට 7.30 විතර උනා.කොල්ලුපිටිය හරියෙදී මම බඩගිනි නිසා මොනවාහරි කන්න වාහනේ කඩයක් අයිනට දාලා නතර කරා.මම බහිනවත් එක්ක ට්‍රැ‍ෆික් බයික් එකක් ඇව්ත් මම ගාවින් නතර කරා.


"සර් මෙතන නවත්තන්න බැහැ."පිටිපස්සේ හිටපු බුවා කිව්වා.
මම :අහ් සොරි සර් ඉන්න මම වෙන තැනකට දාන්නම්.
පිටිපස්සේ හිටපු බුවා:එහෙම බැහැනේ.ලයිෂන් තියෙනවද??
මම :ඔව් සර් අද උදේ මම ඉර කපලා දඩ කොලයක් ලිව්වා.මෙන්න ඒක.
පිටිපස්සේ හිටපු බුවා:ආ ඒකනේ කියන්නේ.මේකට 500ක විතර දඩයක් මම දාලා දෙන්නම්.
මම :අයියෝ සර් එහෙම කරන්න එපා සර්.
ඉස්සරහ හිටපු බුවා :මේකට අපි දඩ කොලයක් දුන්නම ඔයා මේක ගෙවලා ***** පොලිසියට ඇවිත් මේ කොලේ අරගෙන තමා ***** පොලිසියට යන්න වෙන්නේ.ටිකක් කරදරයි නේ.
මම :අනේ ඔව් සර් සහනයක් කරන්න බැරිද?
ඉස්සරහ හිටපු බුවා :ආ එහෙනම් අපිට සිගරට් 12 පැකට් එකක් ගෙනත් දෙනවා ඔය කඩෙන්.සිගරට් එකක් දැන් 20 නෙමේ 22 හරිද.
මම :හරි සර් මම දන්නවා.ඉන්න මම ගෙනත් දෙන්නම්.


මම ඉතින් ගෙනත් දුන්නා.මොනවා කරන්නද ඕකට දඩයක් ලිව්වොත් මටමනේ කරදරේ.අනික මුන් එක්ක කට ගහගෙන ගියොත් වැඩ වරදින නිසා මම මුකුත් කිව්වේ නැහැ.



තව ගිය මාසේම දවසක්.මම ගමෙන් ආපු යාලුවෝ 3න් දැනෙක් එක්ක යුනිටි එකට ගියා ලැප් එකක් ගන්න.ගමෙන් ඉදන් ආපු යාලුවෙක්ගේ ‍ටුක් ‍ටුක් එකක තමා අපි ගියේ.ඉතින් අපි කොල්ලුපිටියේ සෙලාන් එකට ගිහින් සල්ලිත් අරගෙන ඩුප්ලිකේෂන් එකේ එනකොට බගතලේ පාර හරියෙදී පෙට්‍රල් නැතුව නැවතුනා.පොඩි හිරිකඩ වැස්සකුත් තිබ්බා ඒ වෙලාවේ.ඔන්න ඉතින් ත්‍රීවීල් එක දකුනු පැත්තේ අයිනට කරලා.මායි තව යාලුවෙකුයි හිස් බෝතලයක් අරගෙන ප්‍රෙට්‍රල් ෂෙඩ් එකක් හොයාගෙන ගිහින් අරන් එනකොට අපේ වීල් එක ගාව ට්‍රැ‍ෆික් බයික් එකක් නතර කරලා.


??? :ඕයි දන්නේ නැද්ද මෙතන නවත්තන්න බෑ කියලා.
යාලුවා :අනේ සර් ප්‍රෙට්‍රල් නැතුව නැවතුනේ ඒකයි.
??? :මේක උසාවි දාන්න වෙනවා.අලුත්කඩේ උසාවිය.හරිද.
යාලුවා :අනේ සර් එහෙම කරන්න එපා සර්.අපි මේ අහුංගල්ලේ ඉදන් එන්නේ.
??? :තමුසෙලා ගාව මාරු සල්ලි තියෙනවද??
යාලුවා :ඔව් සර්.
??? :ආදායම් බලපත්‍රය ඇතුලේ දාලා ගෙනත් දෙනවා.
යාලුවා :ආ සර්.මෙතන 150ක් තියෙනවා සර්.කමක් නැද්ද??
??? :තොපි හිතුවද අපි හිගන්නො කියලා??කමක් නැහැ.කෝ??හරි එහෙනම් පරිස්සමින් පලයල්ලා.
බුවාලා දෙන්නා ඒක අතට අරගෙන බයික් එකත් ස්ටාට් කරගෙන යන්න ගියා.


ඔන්න ඔහොමයි ගිය මාසේ අප්පිරියම පොලිස් සීන් ටික උනේ.මේ වැඩේ කරපු මාත් වැරදියි තමා.ඒත් මොනවා කරන්නද??


ලෝකෙන් උතුම් රට ලංකාවයි.සිරි ලංකාවයි.


මේක ලිව්වේ අවංක සේවයක් ඉ‍ටු කරන පොලිස් නිලධාරීන්ට නෙමේ.ජරා වැඩ කරන ජරා බුවාලාටය.


පලි:මේවා ලියලා මාව අල්ලස් හා දූෂන එකෙන් ඇවිත් අල්ලන් යයිද දන්නේ නැහැ.

Sunday, October 30, 2011

වීරයානෙනි ඔබට නිවන් සුව...


මේ ගැන මම බ්ලොගයේ දැම්මේ නැත්තම් ඒක විශාල අඩුවක් වගේ.ඔබ අපි කවුරුත් හදුනන ටයි මාමා නොහොත් ටයිටස් තොටවත්ත මහතා මේ මාසේ 15 වෙනිදා සදහටම අපෙන් සමුගෙන යන්න ගියා.ඒ බව ඔයලා කවුරුත් දන්නවා ඇති.

දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය, රොබින් හුඩ්, කුංෆු, ඔෂින්, පුංචි ඉත්තෑවා, සුරඟන කතා කරළිය(පිනෝකියෝ, හිම කුමරිය, ජැක් සහ මායා බෝංචි වැල, සුරූපී විරූපී, ඇලඩින් සහ පුදුම පහන.... ), හසරැළි රසාර, පුංචි ඇත් පැටියා, ලන්ඩනයේ අතරමංව, මනුතාපය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා, යවෙස්ලූ මිනිසා වගේ විශිෂ්ට නිර්මාණ එතුමා අපිට දායාද කලා.


මේ දේවල් අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ ටයි මාමේ ඒ වගේම ඔබත් අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ.ඔබ සදා අමරණීයයි මාමේ.අපේ පුංචි කලේ සුන්දර කෙරූ ඔබ අද අපි අතරින් සමු අරගෙන ගිහින්.නැවත එන්න ටයි මාමේ ඒ ඔබ කල සේවයට සමාන සේවයක් කිරීමට වර්තමානයේ කවුරුත් බිහිවේ යැයි යන්න සැක සහිත නිසා.


ළමා කාලයක් අපිට දුන්නාට...
අපේ හිතේ කලාවට ඇල්මක් ඇති කලාට...
දූපතක හිටපු ළමයින්ට ලෝකයක් දෝත පුරා
ආලින්දයට ගෙනාවට...
හිනාවෙන්න,අඩන්න,සංවේදී වෙන්න කියා දුන්නාට...
අපේ පරිකල්පනය දියුණු කරලා අපිට හෙටක්
ගැන ලස්සනට හිතන්න ඉගැන්නුවාට....
ගොඩක් ස්තූතියි ටයි මාමේ...!!!
ටයි මාමා නැවත එනතුරු අපි අපේ අනාගත
පරපුර එක්කම බලා හිදිනවා.....
අපේ වීරයෝ කවදාකවත් මැරෙන්නේ නැති නිසා
ඉක්මනටම නැවත එනවා නේද ටයි මාමේ...!!!



"හරියන්නෑ., හරියන්නෑ., ඕක නම් හරියන්නෑ.. කියල හිතෙනකොට මේ ලෝකේ කිසිම දෙයක් බෑයි කියල බෑ කිව්වේ ඔබයි.........!! 
පුංචි අපිව දියරකුස්ගෙන් බේරාගෙන හා හා හරි හාවත් එක්ක කැලේ මැදින් අතරමං නොවී එන්න අපිට පාර පෙන්නපු ගලිවර් ඔබයි........!!
සුට් බුට් එක ...කලිසම් ඇඳලා රෝල්රොයිස් එකේ ගමන් ගියාට නරක වැඩ කරලා සාජන්ට් මහත්තාගෙන් බේරෙන්න බැහැයි කියල අපිට කියල දුන්නේ ඔබයි.........!!
එදා පුංචියට හිටිය ගම්මිරිස් ඇට අද ලොක්කෝ කළේ ඔබයි ටයි මාමේ............!!
ෂෙරිෆ්ලා ගිස්බන්ලා එකතුවෙලා රොබින්හුඩ් මැරුව වෙලාවේ අපි හොඳටම ඇඩුවා......අද වාගේම..................!!
ඔබට තවත් ආයුෂ දෙන්න දොස්තර හොඳහිතටත් බැරිවෙන්න ඇති ටයි මාමේ.....!!
ඒත් ඔෂීන් වගේ ජීවිතය දිනන්න...,
එදා මැප් එක කැප්ටන් ලීච්ගේ අතට නොදී වයිටාත් එක්ක එකතුවෙලා ඔබ අපට බේරලා දුන් නිධානය තාම අපිගාව තියෙනවා ටයි මාමේ...."


ආදරණීය  ටයි මාමේ ඔබට නිවන් සුව....!!!!



"ඇපල් අයිෆෝන්, අයිපෑඩ්, අයිපොඩ් ආදිය දෑහටවත් දැක නැති, ඒවා ගැනීමට සිතීමටවත් නොහැකි උදවිය ස්ටීව් ජොබ්ස්ගේ පින්තූර තම ෆේස්බුක් ප්‍රොෆයිල් වලට දාගෙන ඉකි ගසමින් හඬමින් සිටි අයුරු අපි පසුගිය කාලයේ දුටිමු. ඒත් කුඩා කාලයේ අපිව කුල්මත් කළ නිර්මාණ බිහි කළ ටයිටස් තොටවත්තයන් අන්ත්‍රා වුන එක ගැන ඒ උදවියගෙන්ම සමහරුන් දන්නේවත් නොමැති වීමෙන් පෙනෙන්නේ අප ජාතිය කොතරම් බටහිර ගැති වී තිබේද යන්නයි. බෞද්ධයෙක් වී තම දිවියට බුදු දහම එකතුකරගත් ස්ටීව් ජොබ්ස්ගෙන්, අපිට වුනේ මෙරට ජාතික ධනය තම රටට අද්දවාගැනීම පමණි. එනිසාම, දෙනෝදාහක් ජනතාවගේ රසාස්වාදය වෙනුවෙන් තම ජීවිතයම ගත කළ ටයි මාමා වෙනුවෙන් සුපුරුදු පරිදි මූනුපොත් පි‍ටුවේ සටහනක් තබා ශෝකය පළ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේයැයි සිතුණි.


තම හෙළ වදනින් පිට‍රැටියන්ගේ සැකිළි රූ අපේම කළ, පොඩි දරුවා ප්‍රමෝදයට පත් වෙද්දී වැඩිහිටියා එමගින් ලෝකය ගැන අවබෝධයක් ඇති කරගන්නා නිර්මාණ බිහි කරමින් සිංහල කලා ලොව පුබුදුවාලූ මහා නිර්මාණකරුවාණෙනි, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා…! ජාතියේ සුවහසක් දරුවන්ගේ සිත් සතන් සතු‍ටු කළ පිනෙන්ම ඔබ නිර්වාණය අවබෝධ කරගන්නා තුරු සුගතගාමී වේවා…!"



උපුටා ගැනීම:-සිංහල බෞද්ධයා  Sinhala Buddhist 

හුග කාලෙකින්...



අප්පේ මේකේ තියෙන මකුලු දැල් තොගේ...ඉතින් ඔන්න පිස්සු පූසා මේ මකුලුදැල් තොගේ කඩලා දාලා ආයෙමත් කොටන්නයි සූජානම.ඔහොම ඉන්ට මේකේ මකුලු දැල් තොගේ කඩනකන්.පොඩි උදව්වකුත් ඕනා මේවා කඩන්න.මොකද මට තනියෙන් මේක සුද්ද කරන්න බෑනේ.


හරි හැමෝම බලනවා ඇති මම කොහේද අතුරුදහන් උනේ කියලා.මේ සමෙස්ටර් එකේ ෆයිනල් එක්සෑම් තිබ්බ නිසා තමයි මට කොටන්න බැරි උනේ.ඔන්න ඒ ඔක්කොම ඉවර කරලා අද තමා වෙලාවක් හම්බුනේ කොටන්න.මගේ උපන් දිනයට සුබපතපු හැමෝටම ස්තූතියි.පරන පෝස්ට් වලටත් රිප්ලයි කමෙන්ට් දාන්න බැරිඋනා වැඩ වැඩි නිසා.සමාවෙන්ට ඕනා.


යාලුවන්ගේ පෝස්ට් එකක් වත් කියවන්න හම්බුනේ නෑ මේ මාසේ.හෙමිහිට එක එක කියවන්නම්.එක්සෑම්,ඔන්ලයින්,එසයින්මන්ට්,ප්‍රොජෙක්ට් අපෝ.......මට මේවා එපා වෙලා තියෙන්නේ.ගොඩක් දේවල් තියේනවා කොටන්න.

පලි:යාලුවන්ට මාව අමතක වෙලා නෑනේ..???

Sunday, October 2, 2011

කේක් ඕනා කට්ටිය මේහෙට එන්න

දිනය :1990.10.02
ස්ථානය :ගාල්ල මහමෝදර රජයේ රෝහල
වේලාව :හරියටම මතක නැහැ


දැනට අවුරුදු 21 කට කලින් අද වගේ දවසක බෙන්තර ගගෙන් එහා සුන්දර දකුණු බිමේ කවුරුවත් නොදන්නා එක්තරා සිදුවීමක්.ඒ දවස අපේ පවුලේ කාටවත් අමතක නොවෙන දිනයක් වෙන්න ඇති.පවුලේ වැඩිමහල් පුතාට හා බිරිදට පුත්‍රයෙක් උපත ලැබුවා."තවත් යගම පරම්පරාවට කොලු පැටියෙක්"හැමෝම සතු‍ටු උනා.

උපතින් කොච්චර කැත උනත් උණහපුලු අම්මාට තමන්ගේ පැටියා වටිනවා සේම එම දයාබර අම්මා තමන්ගේ පුතාට අසීමිත ආදරයක් දැක් වූවා.ඒ වගේම තමා ඒ පුතාගේ තාත්තාත්,තාත්තාගේ සහෝදර සහෝදරියනුත් ඒ කොලුවාට බොහෝසෙයින් ආදරය දැක් වූවා.ඒ කොලුවාගේ ලොකු නැන්දා කොලුවාට නමක් හිතුවා.ඒ නමට හැමෝම කැමති උනා.ඉතින් ඒ කොලුවා එදා ඉදන් ලොකු නැන්දා දාපු නමින් රෙජිස්ටර් උනා.



පස්සේ කොලුවා නගරේ පාසලකට දැම්මා.දකින දකින හැමෝම
"කොලුවෝ උබ හොදට ඉගෙනගනින්..."
"කොලුවෝ උබ ඉගෙනගෙන හොද ලොකු මහත්තයෙක් වෙලා හොද රස්සාවක් කරපන්.."
යැයි පැවසූ විට කොලුවාට වෙනදා මෙන් හිතට ප්‍රශ්න ගොඩක් ආවා.


"මොකද මේගොල්ලෝ මට ඉගෙනගන්නම කියන්නේ...??"තව තව ආපු ප්‍රශ්න ඒ කොලුවාට මතක නැත.


ඒ කොලුවාට තවත් මල්ලිලා දෙන්නෙක් හම්බුනා.ගෙදර සහෝදරත්වයෙන් පිරී ඉතිරී ගියා.තුන් දෙනාම එක කාමරේ දමා සහෝදර බැදීම ඒ දෙමපියන් ඒ කොලුවෝ තුන් දෙනාට කියලා දුන්නා.එක කාමරේ,ඇදවල් දෙකක් එකට තියලා නිදා ගනිද්දී,එක අල්මාරිය තුනට බෙදලා,එක පොත් මේසේ තුනට බෙදලා පාඩම් කරද්දී ඒ තුන් දෙනාගේ සහෝදර ප්‍රේමය තුන් දෙනාම අදුර ගත්තා.



ඉතින් කවුද මේ කොලුවා??


"කවුරු උනත් අපිට මොකෑ බං..??"


"නෑ බං පොඩ්ඩක් හොයලා බලන්න එපැයි මොකාගෙද උපන්දිනේ කියලා..!!"


උපන් දිනේ...කවුද කිව්වේ උපන්දිනේ කියලා..??


තව එකෙක් "ඔය උඩින් කියලා තියෙන්නේ කේක් ඕනා කට්ටිය මෙහෙට එන්න කියලා.උගෙන් කේක් කෑල්ලක් වත් ඉල්ල ගන්න ඇහැකිනේ..."



අහ් කේක් කිව්වමයි මතක් උනේ.අද මගේ උපන්දිනේ නේද බොලව්...


ඔයැයිලාට කේක් ඕනෙයි..???


නොදුන්නොත් මට මෙතන ඉන්න හම්බෙන්නේ නැහැනේ...හි හි...එහෙනම් මෙන්න කේක්.බෙදා හදාගෙන කන එකයි තියෙන්නේ.


ඈ බොල පිස්සු පූසට 21යි ද..??


"ඔය කියන්නේ..!!!"



"අපිට කේක් විතරක් මදී.."


"තව මොනවද බොල ඕනා..??"


"සැර ජාති එහෙම නැද්ද? ;)"


"තියෙනවා දෙන්නම් බොලාට මුල්ල පටස්...දේශීය නිෂ්පාදන.."


"එලකිරි..සිය රටදේ සිරි සැපදේ.."





පලි :මුල්ල පටස් සදරුගේ හිස් අහසින් උපුටා ගැනීමකි.මේ වි්‍යාපාරයට සදරුගේත් මගේත් කිසිදු සම්බන්දයක් නොමැත.


මෙය මුදල් ගෙවා ප්‍රචාරණය නොකල දැන්වීමකි!

පපලි :අනතුරු දායකයි.ප්‍රවේසමින් පරහරණය කරන්න.සිදුවන අතුරු ආබාධ ගැන වගකියනු නොලැබේ.