Sunday, October 30, 2011

වීරයානෙනි ඔබට නිවන් සුව...


මේ ගැන මම බ්ලොගයේ දැම්මේ නැත්තම් ඒක විශාල අඩුවක් වගේ.ඔබ අපි කවුරුත් හදුනන ටයි මාමා නොහොත් ටයිටස් තොටවත්ත මහතා මේ මාසේ 15 වෙනිදා සදහටම අපෙන් සමුගෙන යන්න ගියා.ඒ බව ඔයලා කවුරුත් දන්නවා ඇති.

දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවර්ගේ සුවිසැරිය, රොබින් හුඩ්, කුංෆු, ඔෂින්, පුංචි ඉත්තෑවා, සුරඟන කතා කරළිය(පිනෝකියෝ, හිම කුමරිය, ජැක් සහ මායා බෝංචි වැල, සුරූපී විරූපී, ඇලඩින් සහ පුදුම පහන.... ), හසරැළි රසාර, පුංචි ඇත් පැටියා, ලන්ඩනයේ අතරමංව, මනුතාපය, මොන්තක්‍රිස්තෝ සිටුවරයා, යවෙස්ලූ මිනිසා වගේ විශිෂ්ට නිර්මාණ එතුමා අපිට දායාද කලා.


මේ දේවල් අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ ටයි මාමේ ඒ වගේම ඔබත් අපිට කවදාකවත් අමතක වෙන්නේ නැහැ.ඔබ සදා අමරණීයයි මාමේ.අපේ පුංචි කලේ සුන්දර කෙරූ ඔබ අද අපි අතරින් සමු අරගෙන ගිහින්.නැවත එන්න ටයි මාමේ ඒ ඔබ කල සේවයට සමාන සේවයක් කිරීමට වර්තමානයේ කවුරුත් බිහිවේ යැයි යන්න සැක සහිත නිසා.


ළමා කාලයක් අපිට දුන්නාට...
අපේ හිතේ කලාවට ඇල්මක් ඇති කලාට...
දූපතක හිටපු ළමයින්ට ලෝකයක් දෝත පුරා
ආලින්දයට ගෙනාවට...
හිනාවෙන්න,අඩන්න,සංවේදී වෙන්න කියා දුන්නාට...
අපේ පරිකල්පනය දියුණු කරලා අපිට හෙටක්
ගැන ලස්සනට හිතන්න ඉගැන්නුවාට....
ගොඩක් ස්තූතියි ටයි මාමේ...!!!
ටයි මාමා නැවත එනතුරු අපි අපේ අනාගත
පරපුර එක්කම බලා හිදිනවා.....
අපේ වීරයෝ කවදාකවත් මැරෙන්නේ නැති නිසා
ඉක්මනටම නැවත එනවා නේද ටයි මාමේ...!!!



"හරියන්නෑ., හරියන්නෑ., ඕක නම් හරියන්නෑ.. කියල හිතෙනකොට මේ ලෝකේ කිසිම දෙයක් බෑයි කියල බෑ කිව්වේ ඔබයි.........!! 
පුංචි අපිව දියරකුස්ගෙන් බේරාගෙන හා හා හරි හාවත් එක්ක කැලේ මැදින් අතරමං නොවී එන්න අපිට පාර පෙන්නපු ගලිවර් ඔබයි........!!
සුට් බුට් එක ...කලිසම් ඇඳලා රෝල්රොයිස් එකේ ගමන් ගියාට නරක වැඩ කරලා සාජන්ට් මහත්තාගෙන් බේරෙන්න බැහැයි කියල අපිට කියල දුන්නේ ඔබයි.........!!
එදා පුංචියට හිටිය ගම්මිරිස් ඇට අද ලොක්කෝ කළේ ඔබයි ටයි මාමේ............!!
ෂෙරිෆ්ලා ගිස්බන්ලා එකතුවෙලා රොබින්හුඩ් මැරුව වෙලාවේ අපි හොඳටම ඇඩුවා......අද වාගේම..................!!
ඔබට තවත් ආයුෂ දෙන්න දොස්තර හොඳහිතටත් බැරිවෙන්න ඇති ටයි මාමේ.....!!
ඒත් ඔෂීන් වගේ ජීවිතය දිනන්න...,
එදා මැප් එක කැප්ටන් ලීච්ගේ අතට නොදී වයිටාත් එක්ක එකතුවෙලා ඔබ අපට බේරලා දුන් නිධානය තාම අපිගාව තියෙනවා ටයි මාමේ...."


ආදරණීය  ටයි මාමේ ඔබට නිවන් සුව....!!!!



"ඇපල් අයිෆෝන්, අයිපෑඩ්, අයිපොඩ් ආදිය දෑහටවත් දැක නැති, ඒවා ගැනීමට සිතීමටවත් නොහැකි උදවිය ස්ටීව් ජොබ්ස්ගේ පින්තූර තම ෆේස්බුක් ප්‍රොෆයිල් වලට දාගෙන ඉකි ගසමින් හඬමින් සිටි අයුරු අපි පසුගිය කාලයේ දුටිමු. ඒත් කුඩා කාලයේ අපිව කුල්මත් කළ නිර්මාණ බිහි කළ ටයිටස් තොටවත්තයන් අන්ත්‍රා වුන එක ගැන ඒ උදවියගෙන්ම සමහරුන් දන්නේවත් නොමැති වීමෙන් පෙනෙන්නේ අප ජාතිය කොතරම් බටහිර ගැති වී තිබේද යන්නයි. බෞද්ධයෙක් වී තම දිවියට බුදු දහම එකතුකරගත් ස්ටීව් ජොබ්ස්ගෙන්, අපිට වුනේ මෙරට ජාතික ධනය තම රටට අද්දවාගැනීම පමණි. එනිසාම, දෙනෝදාහක් ජනතාවගේ රසාස්වාදය වෙනුවෙන් තම ජීවිතයම ගත කළ ටයි මාමා වෙනුවෙන් සුපුරුදු පරිදි මූනුපොත් පි‍ටුවේ සටහනක් තබා ශෝකය පළ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේයැයි සිතුණි.


තම හෙළ වදනින් පිට‍රැටියන්ගේ සැකිළි රූ අපේම කළ, පොඩි දරුවා ප්‍රමෝදයට පත් වෙද්දී වැඩිහිටියා එමගින් ලෝකය ගැන අවබෝධයක් ඇති කරගන්නා නිර්මාණ බිහි කරමින් සිංහල කලා ලොව පුබුදුවාලූ මහා නිර්මාණකරුවාණෙනි, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා…! ජාතියේ සුවහසක් දරුවන්ගේ සිත් සතන් සතු‍ටු කළ පිනෙන්ම ඔබ නිර්වාණය අවබෝධ කරගන්නා තුරු සුගතගාමී වේවා…!"



උපුටා ගැනීම:-සිංහල බෞද්ධයා  Sinhala Buddhist 

8 ක් අදහස් දක්වන ලදී:

Dinesh said...

අපි පොඩි කාලේ මේ කාටුන් එකක්වත් මග අරින්නේ නෑ.. එතකොට "හදයා". ඒක නොබලපු කෙනෙක් ලංකාවේ ඉන්න බෑ..

සංකල්ප said...

මත් ඉස්සර මේ කාටුන් එකක්වත් මග ඇරලා නෑ. ලස්සන කාටුන් ටිකක්. ඒ වගේම නියම මනුස්සයෙක්. පුංචි ළමා ලෝකයේ වීරවරයෙක් !!!

ටයිටස් තොටවත්ත නොහොත් ළමා ලොවේඉ වීරවරයාණනි ඔබට නිවන් සුව !!!!

Anonymous said...

ඔයා තමයි බ්ලොග් අවකාශයේ..කාටුන් ගැන කතා කරපු යාලුවා...ඔයගෙන් ගෙන් ටයි මාමාට උපහාරයක් එන තුරා බලන් හිටි මම..එතුමා වෙනුවෙන් උපහාර පල කරා..මෙතරම් කාටුන් වලට ආදරේ කරපු අපේ "පිස්සුව" ටයි මාමා ගැන කතා නොකරපු එක අඩුවක් විදියට මන් දැක්කා..ඔන්න දැන් ඒක සම්පුර්නයි...

ඔයයි මායි වගේම සුවහසක් දූ පුතුන් ඔහුට ණය ගැති..
ටයි මාමේ ඔබට නිවන් සුව..!!!

Anonymous said...

මටනං ඉහත නිෂ්පාදන පෙලේ තදිංම අැඟට වැදුනෙ, රොබින් ඔෆ් ෂර්වුඩ් එකයි, හා හා හරි හාව එකයි, අනිත් එ්ව අප්සට් කියලනම් කියන්නෙ නෑ, නමුත් මොකක්ද නිසා එ් දෙක හිතට වැදුන,

ජොබ්ස් ගැනත් පොරටෝක් එකක් දීල තිබ්බනෙ,
අපි ඉතිං ලාංකිකයො විදියට කැමති අැති කාටුන් ලෝක වල ජීවත් වෙන්න, මම දන්නෙ නෑ එ්ක වැරදිද නැද්ද කියල,
හැබැයි ඉතිං කාටුන් වල ජීවත් වෙන ගමම්ම පොඩ්ඩක් මතක තියාගන්න ඔ්න,... අමාරුවෙං ඉගෙනගන්න, ඉගෙනගන්න සල්ලි නැති, කෑම කන්න හැතැම්ම ගනං අැවිදිය යුතු අයත් ජීවත් වෙන බව, එ් අයට ඉතිං රොබින් ට වගේ රිදී ඊතල, මැජික් කඩු නෑනෙ! අනිත් එක, මූනුපොතේ මම නං දැක්ක, ටයි මහත්තයටත් ජොබ්ස් ටත් සමාන ප්‍රතිචාර දක්වපු අයුරු, ටයි මාමාට ලොකු අසාධාරණයක් උනා කියල කියන්න බෑ!

සිංහල උනත් ඉන්ටනෙට් බවුද්දයනං මොකද, එයාලගෙ කාරිය ලෝකෙ තියන දේවල් වලට ගරහන එකනෙ!

Loku John said...

මෙකේ හඳයා නැති අඩුව කුත් තියනවා නෙද ?

පිස්සා පලාමල්ල said...

අපිට ලස්සන මතක තියෙන ළමා කාලයක් දුන්නට බොහොම ස්තුතියි ටයි මාමේ

පිස්සු පුසා said...

@Dinesh :අනිවා යාලුවා.මේ ඒක ජංජාලේ කොහේ හරි හොයා ගන්න තියෙනවද..??හම්බුනොත් මට කියන්න.

@මධුරංග :ඔව් අයියේ.අපේ පුංචි ලෝකයේ වීරයා ඔහුයි.

@අසනි :එහෙම අඩුවක් මම කවදාකවත් වෙන්න දෙන්නේ නැහැ අසනියෝ....

පිස්සු පුසා said...

@තනි අලියා :හ්ම් ඒ කතාවේ ඇත්තක් නැත්තෙත් නැහැ...

@ලොකු ඡෝන් :අහ් ඔව් යාලුවා කමෙන්ට් වලින් වැටිලා තියෙන නිසා මම වෙනස් කරන්න ගියේ නැහැ.ස්තූතියි

@පිස්සා පලාමල්ල :මේ ඔශීන් මට මේ පාර නම් ඕනා පිස්සා අයියා හොදෙයි...ලොල්

Post a Comment