Saturday, September 24, 2011

ඔහේ ඉන්නවා...



කාලෙකින් පරණ යාලුවෙක්...
මචං ඉතින් කොහොමද ජීවිතේ..??
ඔහේ ඉන්නවා..මගේ උත්තරේ..


කල්පනා කරා...කල්පනා කරා
මට මොකද වෙලා තියෙන්නේ..??
ජීවිතේ ගැන වගකීමක් නැතුවද??
ඉලක්කයක් නැතුවද..??
ඇහුවා මගෙන්ම..
හිතේ නම් තියෙනවා..ඒත්...
අනේ මන්දා..හිතත් හරි අපැහැදිලියි...
හෙටත් කවුරු හරි....අහවි මගෙන්....


ඉතින් කොහොමද ජිවිතේ..??
ඔහේ ඉන්නවා ඒකමද උත්තරේ....

8 ක් අදහස් දක්වන ලදී:

සංකල්ප said...

ඔහේ ඉන්නේ නැතුව ජීවිතේ වෙනසක් කරගන්න හිතුවොත් නරක නැද්ද

වජිරදේවි said...

ඔහේ නැතුව ඉතින් මෙහේ ඉන්නයැ! ;)
අලුතෙන් හිතන්නට කාලයයි මේ..

පිස්සා පලාමල්ල said...

කොහොම හිටියත් ඕක තුන් කාලෙටම ගැලපෙන උත්තරයක්.... ඇත්තටම ඉන්නෙ එහෙමනම් පොඩ්ඩක් හිතල බලපන් වෙනසක් ගැන හිමින් සීරුවෙ

Anonymous said...

දවසක් මන් එහෙම කිව්වම මට යාලුවෙක් කිව්වා: ඔහේ ඉන්නේ ඇයි **** ..... අනේ මෙහේ එන්න කියලා"

ඔයැයිට ඕක කියල මට ගුටි කන්න බැරි නිසා...මන් ඔයාට කියනවා"ඔහේ ඉන්නේ නැතුව,මෙහෙ එන්නෙත් නැතුව, කොහේ හරි යන්න කියලා" හික්ස්...

සිතුවිල්ල අගෙයි යාලු..

Anonymous said...

අැත්ත කතාවක්! ටත් හෙණ අදාලයි! :(

Dinesh said...

ඇත්ත ජීවිතේ වෙනස් වෙන්න මේ හොදම කාලයයි.....

පිස්සු පුසා said...

@මධුරංග :ඔව් අයියේ ඒක තමා මාත් බැලුවේ...

@වජිරදේවි :ඒක තමා...ලොල්..හ්ම් අලුතින් හිතන්න පටන් ගන්න ඕනා..

@පිස්සා පලාමල්ල :සිරාවට..ස්තූතියි අයියේ..

පිස්සු පුසා said...

@අසනි :හික් හික් ලොල්..ඒත් කොහේ කියලා යන්නද යාලූ..

@තනි අලියා :හි හි එහෙමද??

@Dinesh :හ්ම්...

Post a Comment