Friday, September 23, 2011

අපි නොදන්න කුරුදු



මේ සිද්දිය උනේ මම ඕ ලෙවල් කරන කාලේ.මම ගනන් විද්‍යාවට ක්ලාස් ගිය ආයතනයෙන් ට්‍රිප් එකක් යන්න ලෑස්ති උනා.ට්‍රිප් එක ගියේ මඩොල් දූව,මාටින් විකමසිංහ කෞතුකාගරය,ගාලු කො‍ටුව,හික්කඩුව,මාදු ගග කියන තැන් බලන්න.


ඉතින් ට්‍රිප් එකේ මුලින්ම අපි ගියේ මඩොල් දූව බලන්න.මඩොල් දූව කියන්නේ පොඩි දූපතක්.ඉතින් ඔය දූපතට ගිහින් එකේ පොඩ්ඩක් ඇවිදලා ආපහු එන අතරේ මාත් එක්ක ඉන්න එකෙක් මටයි අපි සෙට් එකටයි කුරුදු ගහක් පෙන්නලා කියනවා


"අඩෝ උබලා දන්නවද මේ තියෙන්නේ කුරුදු ගහක්.මේවා තමයි කෑම රහ වෙන්න දාන්නේ."


බුවා කොහොමත් ලොකු පම්පෝරි කාරයෙක්.කට විතරයි වැඩ නැහැ.බුවා කරපු වැඩ ගැන නම් පොතක් උනත් ලියන්න පුලුවන්.ඉතින් අපේ සෙට් එකේ උන් මීට කලින් කුරුදු ගහක් දැකලා නැති නිසා
"අඩෝ ඇත්තද බන් ඉතින් කොහොමද බන් මේවා අර තැබිලි පාටට එන්න හදන්නේ..?"


මූ වැඩර් වගේ කියනවා"මේවගේ පොතු ඇරලා වේලලා තමා ගන්නේ.මේවගේ පොතුත් හරි රහයි.නිකන් උනත් කන්න පුලුවන්.තව ඉස්සර කාලේ මිනිස්සු බුරුසු වලින් නෙමේ දත් මැද්දේ මෙන්න මේ කුරුදු ඉති වලින් හදා ගත්තු බුරුසු වලින්.දත් වල කහට යවන්න මරු භාන්ඩේ"

මූ කුරුදු ගහේ ඉත්තක් කඩලා මගේ පැත්තට දික්කරලා "කාලා බලපන්කෝ කොහොමද රහ කියලා"කිව්වා.


මාත් ඉතින් කුරුදු ගැන දැන ගත්තත් මූත් එක්ක කතා කරලා වැඩක් නැති නිසා ඉත්ත අරන් කෑවා.මොකද මූ එතන කෙල්ලෝ ඉස්සරහ වීරයෙක් වගේ මාදු ගග ගැන එහෙම විස්තර කියනවා,කුරුදු ගැන කියනවා.එක විකාරයයි.


කොහොම හරි අපි ඔය ඔක්කෝම තැන් බලලා ආයේ කොලබ එන්න ගාල්ලෙන් පිටත් වෙනකොට වෙලාව 6.30ට විතර ඇති.මම ආයතනයේ ලොකු සර්ට කියලා තිබ්බේ යන ගමන් අපේ ගෙදරත් ගිහින් තේ බීලා එහෙම යමු කියලා.සරුත් හා කිව්වා.අපේ පැත්තට ඇවිත් තේ උගුරක් වත් බීලා සලකලා යැව්වේ නැත්තම් ඒක හරි නැහැ නේ.


හොදම සීන් එක කියන්නේ ඒ කාලේ අපේ වත්තේ කුරුදු තලන කාලේ.අපේ ගෙදර තමා වත්තෙන් කපලා ගේන කුරුදු ටික පොතු ඇරලා,වේලලා මිටි බදින්නේ.මම ඉතින් පොඩි කාලේ ඉදන් දන්න දෙයක් තමා කුරුදු තැලීම.පොඩි කාලේ තාත්තා අපේ කුරුදු වත්තට එක්කන් යනවා මට තාම මතකයි.මටයි මල්ලිටයි එක පුදුම අත්දැකීමක්.මොකද කුරුදු ඉඩමේ ඇවිදිනකොට නිකන් කැලයක ඇවිදිනවා වගේ.ඒ තරමට වත්ත ලොකුයි.


හරි ආයෙත් කතාවට.අපේ ගෙදරට බස් එක එනකොට වෙලාව 7.30ට ඇති.මම අර කලින් කිව්ව බුවා කෙල්ලෝ ඉන්න නිසා වීරයා වගේ මේ පැත්ත විස්තර කර කර ඉන්නවා.ඉතින් මාත් එක්ක අපේ යාලුවෝ අපේ ගෙදර වත්ත පල්ලෙහාට ආවා.එතකොට එක බුවෙක්


"අඩෝ අර කුරුදු නේද බන් මිටි ගහලා තියෙන්නේ..??"


අරුත් හෙමීට ඉස්සිලා බැලුවා.මම අරූ දිහා බලාගෙන"ඔව් බන් මේ කුරුදු තමා.මේවා කපලා ගෙනල්ලා පොතු ඇරලා වේලෙන්න දාන්නේ මෙහෙමයි"කියලා මම අපේ උන්ට පෙන්නුවා.


ඊට පස්සේ අරූ කොහේ අතුරුදහන් උනාද මන්දා.අපි කොලඹ එන අතරේ බුවා මට වැඩිය මූන දුන්නෙත් නැහැ..

5 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

කුරුඳුපොතු ඉතිං ගෝණියක් උනත් විනාඩියට කතෑකි! :D

සංකල්ප said...

හික්ස් :) ඕක තමා ඉතින් කයිවාරු පම්පෝරි ගහක කට්ටියට වෙන්නේ. අන්තීමට හොයාගන්නවත් නෑ.

Anonymous said...

දේශිය සුළු අපනයන බෝග නංවාලීමේ අදහසින්ම මේ ලිපිය ලියු පිස්සුවට...වසරේ "හොදම ගොවියා සම්මානය හිමි වු වගයි..." හික්ස්

හොද වැඩේ පන්පෝරි කාරයට.....

හිස් අහස said...

කුරුදු ගෙඩි නේද කෑමට ගන්නේ ?

පිස්සු පුසා said...

@තනි අලියා :හික් හික්..අපෝ කාලා සැරට කට පැලෙන්න ගත්තම තමා තරු පේන්නේ..

@මධුරංග :හික් හික්...අයියට තේරුනා නේ..??

@අසනි :හි හි තැන්කිව් වේවා..ඒත් කෝ මගේ සම්මානය..;)

@හිස් අහස :නෑ මම නම් අහලා නැහැනේ මචන් එහෙම සීන් එකක්

Post a Comment