Wednesday, September 21, 2011

පුංචි ආදර කතාවක්


ඉස්කෝලේ යන කාලේ අපේ හිත් හරිම අහිංසකයි.ඒ කාලේදී ආදරේ කරන එක වැ‍රැද්දක්ද??මට නම් ඒක තේරෙන්නේ නැහැ.මම දන්නේ එකම දෙයයි.ජීවිත කාලේ පුරාවටම හිත කුළුදුලේම පෙම් කරපු පාසැල් ජීවිතේ ආදරේ,කිසිදාක අමතක කරන්න බෑ.ඒ ඒ ලෝකේ ඒතරම්ම සුන්දරයි,අහිංසකයි,බොලදයි..,රත්තරං හීනයක් වගේ හැමදාමත් හිත ඇතුලේ හැංගිලා සුවද දෙනවා.අපේ හිත් වල කුහක කම් නෑ.හිත පිරෙන්නේ ආදරෙන් විතරයි.ඒ මුල්ම ආදරේ හින්දා.ඒ කුළුදුල් ආදරේ අමතක කරගන්න බැරිව,මුලු ජීවිත කාලේ පුරාම තනිවන,දුක් විදින,හිතේ කදුලු පුරවාගත්තු කී දෙනෙක් නම් ඉන්නවද???මට මෙන්න මෙහෙම පුංචි කතාවක් හම්බුනා.මේක ඇත්තද බොරුද දන්නේ නැහැ.ඒත් මේකෙන් ගන්න දෙයක් තියෙන නිසා ඔයාලට දෙන්න මම හිතුවා.හරි එහෙනම් මෙන්න ඒ කතාව.


කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක් දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....


සංජය :"කුසුම් මම ඔයට මේක ගොඩක් කාලෙක ඉදන් කියන්න හිටියේ.මම ඔයට ආදරෙයි කුසුම්....."


කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
කොල්ලගෙ යාලුවෙක් අහනවා


"මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද...?උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද..?" කියලා.


කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."


"ඒ ඇයි මචන්...?"


කොල්ලා කියනවා"මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
"ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා...."


පලි :මෙන්න මෙහෙමයි අපි ඉන්න ඕනා.මොකද ලැබෙන්නේ නැති ආදරයක් වෙනුවෙන් හඩා වැලපෙන එක බොරු දෙයක් කියලයි මට හිතෙන්නේ.මුහුදෙ ඉන්නෙ එක මාලුව උනාට,මුහුදු යන්නේ මම විතරක් නෙමේ උනාට ඉස්සරහ ගැන හිතලා අපි හොදට අපේ වැඩ කර ගත්තොත් අනාගතයේ අපේ ජීවිතේ සාර්තක වේවි.....

8 ක් අදහස් දක්වන ලදී:

සාතන් said...

ඉලව් ලව් :)

සංකල්ප said...

අම්මෝ. දුකක් නැති ආදරයක් කොහෙද තියෙන්නේ.

Anonymous said...

සත්තමයි..මාත් හිතන්නේ ඔහොම්මමයි...ආදරේදි හෝ වේවා..යලුවෙක් වේවා ඈත් උනොත් මන් හිතන්නේ එයාට මාව නැති වුනා කියලා..මොකද මන් ඒ අයට ඒ තරම්ම ආදරේ බව මන් දන්න නිසාත්..මන් ඒ අය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානමින් නිසාත්..

Anonymous said...

ඔය අාදරේ කියන්නෙ මහ කෙප්පයක්!

Dinesh said...

ඒ කතාවටනම් මාත් එකගයි.. ඒත් එහෙම හිතන්න බැරි එකනේ දුක...

Gayan Rupasinghe said...

ඔන්න කොල්ලො. අපි නෙ අඩාගෙන මැරෙන්න යන්නේ..

ජය..

Anonymous said...

එළ කොල්ලෙක්නෙ.එහෙම තමයි ඉන්න ඕන.

හිස් අහස said...

සිරා කතාවක් මචං සිරාම කතාවක්

Post a Comment