Monday, September 19, 2011

පුතාගේ වැඩ



මේ ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි උන නිසා මේ පැත්තේ එන්නත් බැරි උනා.අප්පේ මේකේ තියෙන මකුලු දැල් තොගේ.කඩලා දාන්න ඕනා.යාලුවන්ගේ පෝස්ට් වලටත් පුලුවන් තරමින් කොමෙන්ට් කරා.මට අද පොඩි කතාවක් මතක් උනා.ඒකත් දාලාම යනවා කියලා හිතුනා.


මේක අපේ අයියා කෙනෙක්ට වෙච්ච සීන් එකක්.දවසක් බුවාට අම්මා දවල්ට උයන්න කඩෙන් ගේන්න බඩු ලිස්ට් එකක් දීලා.බුවා ඉතින් කඩේට ගිහින් බඩු ගන්න අතරේ පොරගේ යාලුවෙක් හම්බ වෙලා.කොහොම හරි ඌත් එක්ක කතා කරන ගමන් කඩෙන් බඩු ටිකත් අරගෙන.ඒ ගමන් සිගරට් දෙකකුත් අරගෙන මීටර් නැතුව ඒක බඩු ගෙනාව බෑග් එකේ දාගෙන.


ඔන්න ඉතින් පොර යාලුවත් එක්ක කතා කර කර ගෙදරටම ආවලු.අම්මට බඩු ටික දීලා පොර ටීවි එක ඉස්සරහ වාඩි උනා විතරලු අම්ම කියනවා


"පුතේ මේ සිගරට් 2ක මට දවල්ට කාලා බොන්නද කියලා"


පොරට පොලව පලාගෙන යන්න හිතුනලු....


පලි :මේක කියවලා කිචි කවාගෙන වත් හිනා යන්නේ නැති වෙයි.

12 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

පේන්න පාර වදින්න අැති නේ! :D

Anonymous said...

අපොයි!

සංකල්ප said...

ඒකාට ගෙදෙට්ට චාටර් වෙන්න ඇති. හික්ස් :)
පවු නේද !!!

Anonymous said...

හොද වැඩේ.................ඔහොම වෙලා මදීඊඊඊඊ....

Unknown said...

හොදම වැඩේ , ඔහොම වෙලා මදි ඔව්ව බොන ඈයොන්ට...

සාතන් said...

උඹට කියන්න අපේ එකෙක් ගම්පහ ස්ටේෂන් එකෙන් ටිකට් වෙනුවට සිගරට් ඉල්ලුව....

හිස් අහස said...

වෙලාවට තමයි කනේ පාරක් නොවැදී ඔයින් බේරුනේ

Dinesh said...

අනේ එහෙමත් ලැජ්ජාවක්....

....ජනියා.... said...

චාටර්..... වහ කන්න හිතෙන්න ඇති.

පිස්සු පුසා said...

@තනි අලියා :ඔව් හැබැයි ඌට එදා ඉදන් ගෙදරිනුත් අව්ලක් නැති උනා...

@නදීර සඳරුවන් ලියනගේ :හි හි...;)

@මධුරංග :හි හි...

පිස්සු පුසා said...

@අසනි :හි හි ....

@ChammA :හි හි...

@සාතන් :සිරාවට...ලොල්...පට්ට සීන් එක හිනා කාලා මැරෙන්න ඇති නේ කස්ටියම

පිස්සු පුසා said...

@හිස් අහස :හි හි ඌව කනේ පාරක් ගහල හදන්න බැරි එකෙක් සදරුවෝ

@Dinesh :හි හි..

@රහස් පරික්ෂකයා :හිකිස් ලොල්..

Post a Comment