Saturday, September 17, 2011

වැරදි බස් එක



ඔන්න පානදුර පිටකොටුව බස් එකක මගී ජනතාව සෙට් එකක් වාඩිවෙලා ඉන්නවලු….. කට්ටියක් පවන් ගහගන්නව. කට්ටියක් රටකජු කනව. තව සමහරු මල් කඩනව. මේ අතරෙ කොන්දොස්තර මහතා බසයට ගොඩවෙලා ටිකට් කැඩීම ඇරඹුවා. ඔන්න පලවෙනි එක්කෙනා ගාවට ගිහින්

“මල්ලි කොහෙද?”.

1 මගියා – කෙසෙල්වත්ත

කොන්ද – මේක කෙසෙල්වත්තේ යන්නේ නෑනේ

1 මගියා බැස ගියා

කොන්ද – ඔය නෝනා කොහෙටද?

2 මගියා – වලාන

කොන්ද – මේක කොහෙද වලානේ යන්නේ? බෝඩ් එක බලල නගින්නකො.

2 මගියා බැස යයි.

කොන්ද – ඔය මහත්තය සල්ලි ගන්න. කොහෙටද?

3 මගියා – කොටුව

කොන්ද – මේක කොටුවේ යන්නේ නෑනේ. බෝඩ් එක බලල නෙමෙයිද නැග්ගේ.

3 මගියා බැස යයි.

කොන්ද – ඔය මල්ලි කොහෙටද?

4 මගියා – කොටුව

කොන්ද – මේ අනිත් එක්කෙනා. මේක කොටුව යන්නේ නෑ හලෝ.

4 මගියා – එහෙනං කොහෙද යන්නේ?

කොන්දා වට පිට බලයි.

” හුටා මං වැරදි බස් එකට නැගල තියෙන්නේ”

කොන්දා ඔලුව නමාගෙන බසයෙන් බැස දුවයි

..........................................................................................

සතාගෙ හැටි!
තමන්ට ඔරං උටං යනුවෙන් අපහාස කිරීම නිසා කෝපයට පත් සුනිල් පියල්ට පහර දුන්නේය.
බරපතල ලෙස තුවාල ලැබූ පියල් සුනිල්ට එරෙහිව අධිකරණය හමුවට ගියේය.
"තමා පැමිණිලිකරුට පහර දුන්නේ ඇයි" විනිසුරුවරයා සුනිල්ගෙන් විමසුවේය.
ස්‌වාමීනි ඔහු මට ඔරං උටං කියා සමච්චල් කළා..
තමාට ඔහු එසේ පවසා සමච්චල් කළේ කවදාද?
දැනට අවුරුද්දකට විතර ඉස්සර
"ඉතින් අවුරුද්දකට පෙර කළ අපහාසයකට පෙරේදා ඔහුට පහර දුන්නේ ඇයි?"
"ස්‌වාමීනි මම සත්තු වත්තට ගියේ එදා... සතාගෙ හැටි දැක්‌කෙ එදා" සුනිල් කියාගෙන ගියේය.

11 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

ඉදලා ඉදලා මෙයැයිට මතක් වෙන කතා...!!!හිකිස්..

Unknown said...

පුසොන්ටත් හිතෙන දේවල් :P

Anonymous said...

සමහර වෙලාවට කොන්දව මග දාල බස් එක යනව! ප්‍රායෝගික අත්දැකීමකි! තවත් සර් කී කතාවක් මතක් වේ! හෙට රෑට දාන්න බලන්නං! :D

Dinesh said...

පව් අර කලින්ම නැගලා සිට් අල්ලන් හිටපු කට්ටිය....

....ජනියා.... said...

ඔරං ඔටන් ලා දන්නව නම් වුන් දෙන්නටම විරුද්ධව නඩු දානවා..

නියම කත ටික

සංකල්ප said...

කතා දෙකම මරි.
පලවෙනි කතාව
ඔය වගේ කොන්දෙක්ට වැරදුනා කියලා මම් ඇහුවමයි. හික්ස් :)
දෙවෙනි කතාව
සතාව දැනගෙන එපැයි චෝදනා කරන්න.

Gayan Rupasinghe said...

ඇත්ත නේන්නම්. මධුවා හරි.

ජය..

මාධව විදුරංග said...

maaaaara athal katha tika bn! kondos thara warunta nam ohoma anantha wenawa! mmm :) :)

පිස්සු පුසා said...

@අසනි :හිකිස් ;)

@ChammA :හි හි.... ;)

@තනි අලියා :හි හි මාත් දැකලා තියෙනවා කොන්දව මග දාලා යන සීන්.එල මචන් දාපන් අපිත් එන්නම් බලන්න..

පිස්සු පුසා said...

@Dinesh :හි හි ඒකනේ...

@රහස් පරික්ෂකයා :හි හි තැන්කිව් මචන්..

@මධුරංග :හිකිස් ;)

පිස්සු පුසා said...

@Gayan Rupasinghe :ස්තූතියි සහෝ...

@මාධව :හිකිස්... :) ලොල්

Post a Comment