Saturday, September 24, 2011

මම වෙනස් කෙනෙක්.....




මම වෙනස් කෙනෙක්.....
අඳින විදියෙන්.....
කන බොන විදියෙන්.....
ඉන්න විදියෙන්....
ඔව්...මම වෙනස් උබට වඩා....
ඒත්...
ඇත්තටම අපි වෙනස්ද...?
මොනව කෑවත්....
දිරවන්නෙ එකම විදියට නම්...
මොනව ඇන්ඳත්....
වහගන්නෙ එකම දෙය නම්...
මොන විදියට හිටියත්....
වෙලාව ආවම හැම දේම අතෑරල යන්න වෙනවනම්.....
කල හොඳ නරක විතරක් අරගෙන...
අපි වෙනස් වෙන්නෙ මොනවයින්ද...?
හිතන විදියෙන් නේද...?

7 ක් අදහස් දක්වන ලදී:

Anonymous said...

හ්ම්ම්ම්ම්ම්ම්ම් හිතන්න වෙනවා සෑහෙන්න....ඔයාටත් හිතෙන එව්වා...

Anonymous said...

එක වගේ දේවල් හැමෝටම තියෙන්න බැරි නෑ! එහෙමයි කියල හැමෝම එකවගේ කියන්න පුලුවන්ද????/

Unknown said...

හිතන පතන දේ වලින් අපි වෙනස් වෙනවා..

සෝරෝ said...

මම නම් වෙනස්... යන්නේ අස්සයා පිටේ... උඹලා යන්නේ නෑ නේ ඒ වගේ.... :D

Dinesh said...

අපි හැමෝම එක වගේ නෑ.. එක පවුලේ අය උනත්....

පිස්සු පුසා said...

@අසනි :හි හි මොනවද යාලු හිතන්න තියෙන්නේ..

@තනි අලියා :හ්ම්..ඒ කතාවත් ඇත්ත.ඒ උනත් සමහර අය ඉන්නවනේ යාලූ ඔලුව ඉදිමිච්ච අය....

@ChammA :ඔව් ඒකනම් ඇත්ත අයියේ...

පිස්සු පුසා said...

@සෝරෝ :හි හි කොහෙන්ද අශ්වයෙක් හොයා ගත්තේ..

@Dinesh :ඒක නම් ඇත්ත කතාව...

Post a Comment