Thursday, September 15, 2011

හොඳ ටික...


මනාලියක්‌ බැලීමට යැමට සූදානම් වෙමින් සිටි තරුණයෙකු එම ගමන සඳහා සිය මිතුරෙකුද එකතු කර ගැනීමට සිතුවේය."මචං මම ලබන ඉරිදා මනමාලියක්‌ බලන්න යනවා. උඹත් මා එක්‌ක යන්න එන්න ඕනෑ. උඹ මට පොඩි උදව්වකුත් කරන්න ඕනෑ.... ඔහු සිය මිතුරාට කීවේය.මොකද්ද මගෙන් බලාපොරොත්තු වන උදව්ව මිතුරා විමසීය.


"මම මනමාලිගෙ ගෙදරට ගියහම එයාගෙ තාත්තා මගෙන් අසාවි" මනමාල මහත්තයට පොල් ඉඩම් එහෙමත් ඇති නේද කියල... එතකොට මම කියන්නම්."ඔය ටිකක්‌ තියෙනවා" කියල ඒ එක්‌කම උඹ මෙන්න මෙහෙම කියන්න ඕනෑ.
"හොඳ ටික පොල් අක්‌කර අසූවක්‌ තියෙනවා" කියල.


මිතුරා ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට පොරොන්දු විය.


නියමිත දින තරුණයා සිය දෙමාපියන් සහ මිතුරාද සමඟ මනාලියගේ නිවසට ගියහ.ඔවුන් සාදරයෙන් පිළිගත් මනාලියගේ දෙමාපියෝ ඔවුන් සමග සුහද පිළිසඳරක යෙදුනාහ.


මනමාල මහත්තයට කුඹුරු ඉඩම් එහෙම ඇති නේද? මනාලියගේ පියා තරුණයාගෙන් ඇසුවේය."ඔය ටිකක්‌ තියෙනවා" තරුණයා ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.


"හොඳ ටික කුඹුරු අක්‌කර විස්‌සක්‌ තියෙනවා" මිතුරා උස්‌ හඬින් පැවසීය.


"මනමාල මහත්තයට පොල් ඉඩම් එහෙමත් ඇති නේද? මනාලියගේ පියා යලිත් ඇසුවේය."ඔය ටිකක්‌ තියෙනවා"


"හොඳ ටික පොල් අක්‌කර අසූවක්‌ තියෙනවා" මිතුරා කියාගෙන ගියේය.


මේ අතර තරුණයාට කැස්‌සක්‌ ඇති විය.


"මනමාල මහත්තයට කැස්‌සත් ටිකක්‌ තියෙනවා වාගෙයි" මනාලියගේ පියා කීවේය.


එවිට වහා පිළිතුරු දෙමින් මිතුරා මෙසේ කීවේය."හොඳ ටික ක්‍ෂය රෝගෙත් තියෙනවා.මගුල එතෙකින්ම නිමාවට පත්විය.
....................................................................................................
බුවෙක් දවසක් දුම්රිය මුරකරු ‍රැකියාවට අයදුම් කර ඉන්ටෙව් එකකට ගියාලු 


ඉන්ටෙර්වීවෙර් : පළමු ප්‍රශ්නය ,කෝච්චිය එනවිට රේල් පීල්ලක් කැඩි ඇති අවස්ථාවක ඔබ මොකද කරන්නේ?
බුවා: එතකොට මම රතු පාට කොඩිය අරගෙන කෝච්චිය එන පැත්තට දු...වලා ගිහින් කෝච්චිය නතර කරගන්නවා. 


ඉන්ටෙර්වීවෙර් : දෙවනි ප්‍රශ්නය, කෝච්චිය එනවිට රේල් පාර මැද වාහනයක් කැඩුණවිට ඔබ මොකද කරන්නේ?
බුවා: එතකොට මම රතු පාට කොඩිය අරගෙන කෝච්චිය එන පැත්තට දු...වලා ගිහින් කෝච්චිය නතර කරගන්නවා. 


ඉන්ටෙර්වීවෙර් : එකම රේල් පාරේ කෝච්චි දෙකක් දෙපැත්තෙන් එනවිට ඔබ මොකද කරන්නේ ?
බුවා: එතකොටනම් මං දූ...වලා ගෙදර ගිහින් මගේ පොඩිවුන් දෙන්නා අරගෙන එනවා මොකද උන්දෙන්නා තාම කෝච්චි දෙකක් එකට හැප්පෙනවා දැකලා නෑ ......
...................................................................................................
මත්පැන් පානය කර වෙරි වූ පුද්ගලයෙක්‌ මත්පැන් බෝතලය සිය මිතුරන්ට පෙන්වමින් මෙසේ පැවැසුවේය.


"අපිත් මේ බෝතලය වගෙයි"


"ඒ කොහොමද? මිතුරෝ ඇසූහ.


"මේ බෝතලේට පුංචි බෙල්ලක්‌ තියෙනවා. ලොකු බඩක්‌ තියෙනවා. ඒත් ඔළුවක්‌ නැහැ.


පලි :මට මේක ඊයකින් ආවේ.පොඩියට විතර ෆන් එකක් තියෙන නිසා දැම්මේ.කට්ටියට කිචි කවාගෙනවත් හිනා වෙන්න වෙයි.හික් හික් ;)

9 ක් අදහස් දක්වන ලදී:

Dinesh said...

අර බුවාට රස්සාව හම්බුනාද දන්නෑ.. මිනිහග් හැකියාවට....

සංකල්ප said...

පළවෙනි කතාව
පවු අර මඟුලක් බලන්න ගිය එකා. යාළුවා වැඩේ වණ කරලා.

දෙවෙනි කතාව
අර කොල්ලට නම් අනිවාර්යෙන්ම රස්සාව ලැබෙන්න ඇති නේ !!!!

තුන්වෙනි කතාව
ඔලුවක් තියේ නම් බොනවා යෑ. හික්ස් :)

Anonymous said...

ඔය පලවෙනි කතාවෙ, තාත්ත "කොල්ල බොනවද " අහල කොල්ල "ටිකක් බොනව" කිව්වම යාලුව ඒක වර්ධනේ කරල කිව්ව version එකකුත් තියනව නේද?

Anonymous said...

වැගත්ම කතාව.."ඔළුවක් තියේනම් බොයිද"
මරු කතා ටික..

Unknown said...

පලවෙනි එක වගේ එකක් අ.ල එකේ ගියා වගේ මතකයි..
අන්තිම කතාව නම් පට්ට

....ජනියා.... said...

නියම කතා ටික.
අන්තිම කතාව නම් ගොඩක් හොදයි.

යකා මහත්තයා said...

එල එල මචං..........

පිස්සු පුසා said...

@Dinesh :හි හි අනිවා හම්බෙන්න ඇති..

@මධුරංග :හිකිස් ;)

@තනි අලියා :හි හි ඔව් ඔව්..ඒක ඒතරම් ගතියන් නෑ වගේ..

පිස්සු පුසා said...

@අසනි :ඇයි ඔයැයිට ඒක වැදගත් ලොල් ;) ස්තූතියි අසනියෝ

@ChammA :ඔව් ඒක අ.ල. එකේ ගියා.ඒක නම් පට්ටට කරලා තිබ්බා

@රහස් පරික්ෂකයා :ස්තුතියි මචන්.

@යකා මහත්තයා :එල මචන් තැන්කිව් වේවා

Post a Comment