Thursday, September 22, 2011

අහිංසක දර කපන්නා



මේක ඔයාල සමහර විට අහලත් ඇති.මේක මට මේල් එකකින් ආපු එකක්.අතීත කතාව රීමික්ස් කරලා ගත්තු එකක් මේක.


අතීත කතාව


දර කපන්නෙක් කැලයට යන අතරතුර පාලමක් හම්බ උනාලු.ඉතින් මේ දර කපන්නා මේ පාලම පහුකරනකොට තමන්ගේ පොරව ගගට වැ‍ටුනා.දර කපන්නා ගග අයිනට වී අඩ අඩ ඉන්නකොට ඒ අසලින් මතු උන රුක් දෙවියෙක් මේ දර කපන්නගේ දුක දැක පොරව සොයා දෙන්නම් යැයි පවසා මුලින්ම රන් පොරවක් පෙන්නවා මෙය  ඔබේ දැයි අව්සූ විට එය තම පොරව නොවේ යැයි කියූ පසු දෙවියන් තවත් රිදී පොරවක් පෙන්නවීය.එයද නොවේ යැයි දර කපන්නා පැවසූ විට දෙවියන් යකඩ පොරවක් දර කපන්නා වෙත පෙන්වන ලදී.මෙවිට එය තමාගේ යැයි කියා ලබා ගත් දර කපන්නා ගැන පැහැදුන දෙවියන් දර කපන්නාට පොරෝ තුනම තෑගි කොට යන්නට ගියේය.



නූතන කතාව


කාලෙකට පසුව දර කපන්නා නැවතත් තම බිරිද සමග පෙර කී ගංගාවම තරනය කරනකොට සිය බිරිද ගගට වැ‍ටුනේය.පෙර පරිදිම ගග අයිනට වූ දර කපන්නා තම බිරිද සොයා දෙන ලෙස කියමින් අඩන්නට විය.පෙර ලෙසම රුක් දෙවියා මතු වී දර කපන්නා හට තම බිරිද සොයා දෙන්නට ඉදිරිපත් විය.මෙවරද පලවෙනි පාරට ලෝකයේ ලස්සනම කාන්තාව ‍රැගෙන පැමිනි රුක් දෙවියා දර කපන්නගෙන් මෙසේ ඇසුවේය.


"මෙයාද වයිෆ්..??"


මෙවර වහා ඉදිරියට පැමිනි දර කපන්නා "ඔව් ඔව්" කියා පිලිතුරු දෙමින් ලස්සන කාන්තාව ලබා ගැනීමට ඉදිරිපත් විය.දර කපන්නනේ මෙම ක්‍රියාවෙන් මහත් කලකිරුනු රුක් දෙවියා මහත් සේ පසු තැවෙමින් මෙසේ ඇසීය


"දැන් ඔයත් හැමෝම වගේ බොරු කියන්න පටන් අරන්..ඇයි එහෙම බොරුවක් කිව්වේ..??"


"අනේ රුක් දෙවියනි මට සමාවන්න..මම අහිතක් හිතලා එහෙම කිව්වා නෙමෙයි...ඔබ වහන්සේ ගිය පාර මම ඇත්ත කියපු නිසා පොරෝ 3නක්ම දුන්න මතකද..??මම බය උනේ ගිය පාර පොරෝ වගේ මේ පාර ගෑනු 3න් දෙනෙක්ම කර ගහ ගන්න වෙයි කියලා..අනේ දෙයියනේ මේ එක ගෑනිව මැනේජ් කර ගන්න බැරිව ඉන්න මම එහෙම සාධාරණ බොරුවක් කියන එක වැරදිද..??"


පලි :මේක අපි පොඩි කාලේ ආදර්ශමත් කතාවක් විදියට අහලා තිබුනේ.මම මේක දැම්මේ එයට අගෞරව කිරීමට නොව හිනා වෙන්න විතරයි.(අපහාසයට නොව උපහාසයට පමනි)

5 ක් අදහස් දක්වන ලදී:

Dinesh said...

ඒක ඇත්ත පොරෝ තුනම දුන්න වගේ ගෑනු තුන් දෙනෙක් දුන්නනම් අර මිනිහා ඉදලා හමාරයිනේ.....

සංකල්ප said...

කතාව සහතික ඇත්ත. පොරවට කතාව ඇත්ත උනාට වයිෆ්ලාට ඒ කතාව අදාල නෑ.

Anonymous said...

සහතික අැත්ත! :)

Anonymous said...

හික්ස්....උපහාසයට කිව්ව නිසා ඉවසනවා....නැත්තන් නැගි සිටිනවා...

පිස්සු පුසා said...

@Dinesh :හික් හික්..ඒකනේ..ඌට එහෙනම් ලොස්ම තමා...

@මධුරංග :හි හි.....

@තනි අලියා :හ්ම්..

@අසනි :හි හි ඒ මොකටද හ නැගී සිටින්නේ ඔයා..???අපි නම් බයවෙයි...පුහ්..ලොල් ;)

Post a Comment